Tuesday, February 28, 2012

විමලේ පරිස්සමෙන් ඔන්න CIA එකෙන් පොටෝ ගත්තා....

මම ඊයේ ඇමරිකන් තානාපති කාරියාලෙ වටලනකොට සී.අයි.ඒ එකේ උන් ෆොටෝ ගත්තා. දැන් කොහොමද මම නිවාඩුවකට ළමයිනුයි නෝනයි එක්ක ඇමරිකාවට යන්නේ? මේවා මානව හිමකම් උල්ලංඝණය කිරීම්!
Photo & Caption - දිවයින 



Sunday, February 26, 2012

ජිනීවා බෙරිහන්දීම අස්සේ එලියට පැන්න රංජිත් සියඹළාපිටියගේ IMF ප්‍රේමය!!



ආණ්ඩුවේ කට්ටිය ජීනීවා! ජිනිවා! යයි මොරදෙමින් රටට මහා විපත්තියක් වෙන්නට යනවා යයි කෑගසන අස්සේ ආණ්ඩුවේ තවත් පාවාදීමේ වැඩපිලිවෙළක හෝඩුවාවක් මේ ඉරිදා (26) සිළුමිණ පත්තරයේ අපේ මුදල් නියොජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහත්තයා ලියා ඇති කොළමකින් එලියට පැන ඇත. එය නම් කර ඇත්තේ "අයි ඇම් ඇෆ් භීතිකාව" නමිනි.

උන්නැහේ ලියා ඇති පරිදි රනිල්ගේ ආණ්ඩුව අයි ඇම් ඇෆ් එකට රට පාවාදී එක් ණය වාරිකයක් පමණක් ගත් අතර එතුමන්ලා කිසිදු පාවාදීමක් නොකර දැන් වාරික එකක්, දෙකක්, තුනක් නොව හතක්ම අරගෙන ඇති බවය. එතුමා මේ ප්‍රීතිජනක ප්‍රවෘත්තිය හුදී ජන පහන් සංවේගය සඳහා මහත් ඇල්මෙන් දන්වා සිටින බව පෙනේ.

එතුමා කියා ඇති පරිදි රාජපක්ශ ආණ්ඩුව අයි.ඇම්.ඇෆ් එකෙන් ණය අරගෙන ඇත්තේ අයි.ඇම් ඇෆ් කොන්දේසි අනුව නොව එතුමන්ලාගේ කොන්දේසි අනුවය. ණය දෙන්නෝ, ණය ගන්නන්ගේ කොන්දේසි වලට යටත්වී ලෝකයේ සිදුවී ඇති එකම ණය ගණුදෙනුව සියඹලා මහත්තයාගේ දේසප්ප්‍රේමී ආණ්ඩුව අයි.ඇම්.ඇෆ් එකෙන් ගන්නා ණය වාරික ගණුදෙනුව වන්නට පුලුවන.

සියඹලා මහත්තයා මේවගේ රහස් එලිපිට කියන්නට හොඳ නැත මොකද අනෙක් රටවලුත් ඔය රහස දැනගෙන උන්ට ඕනෑ ඕනෑ කොන්දේසි වලට ණය ගන්න ගියෝත් ඇයි ඇම් ඇෆ් එක බංකොලොත් වෙලා වහන්න සිදුවෙනවාය.

සියඹළා මහත්තයා මේ අපරමුඛයෙන් දොඩවන්නේ පට්ට පල් බොරු හෑල්ලකි. ඊළඟ ණය වාරිකය ගන්නට පාත්තරේ අරගෙන අයි.ඇම්.එෆ් කාරයින්ගේ සපත්තු ඉඹින්නට යන්නට පෙර චිත්ත දහිරිය වඩවාගන්නට හා තමුනුත් අනුන්වත් රවටන්නට දොඩනා නිවට වහසිබස් පෙලකි.

ඇත්ත කතාවනම් අයි.ඇම්.ඇෆ් කාරයින් ආණ්ඩුවට දමා ඇති කොන්දේසි මුන් අකුරක් නෑර මේවන විටත් ක්‍රියාත්මක කොට ඇති බවය. කොන්දේසි ක්‍රියාත්මක නොකලහොත් කිසිසේත් මෙවර වාරිකය නිදහස් නොකරන බවට අයි.ඇම්.ඇෆ් නියෝජිතයින්ගෙන් ලැබුණු තර්ජන නිසා මේවන විට ණය ගත හැකි පරිද්දෙන් සියල්ල ඉටු කොට ඇත. දැන් ඇත්තේ සිඹලා ඇමති හා කබ්සියාට උන්ගේ දෙපතුල ලඟට ගොස් පස්චාත් භාගය සිඹ "මාස්ටර් සෑර් කිව්ව ඔක්කොම කොලා දැන්වත් ණය වාරිය දෙන්නකෝ..." යනුවෙන් හඬන්නට පමණය.

මොනවද මේ අයි.ඇම්.ඇෆ් කොන්දේසි?

1] රුපියළ ඉල්ලුම සැපයුම මත තීරණය වන්නට පාකර හැරිය යුතුය (ලඟදී ඔය වැඩේ කෙරුවානේ...දැන් ඩොලර් එකට රුපියල කීයද? ගිය මාසේ කීයද?)

2] සියළු සහනාධාර, විශේෂයෙන්ම ඉන්ධන සහනාධාර (ඩීසල් හා භූමිතෙල්) ඉවත් කල යුතුය. (පොහොර සහනාධාරෙත් පන අදින බවයි ඇසෙන්නේ....සමුර්ධි දෙනවද නැද්ද දැන්?)

3] උද්ධමනය පාලනය සඳහා පොලී අනුපාත ඉහල දැමිය යුතුය (රුපියල පා කරපු දවසෙම ඔය වැඩෙත් කරා )

4] පාඩු ලබන රජයේ ආයතනවල පාඩුව අවම කරගැනීමට පියවර ගත යුතුය (විදුලිබලේ වැඩිවුනේ ඔහොමයි - අනෙක්වා ජිනීවා නාඩගම අස්සේ හොරෙන්ම එලියට දායි)

5] රජයේ වියදම් අඩුකරගත යුතුය (අලුතින් දෙනවා කියූ සහනාධාර නොව ඉස්සර දුන්නු ඒවාවත් නොදෙන්නේ මේ නිසාය )

මේ සියලු කොන්දේසි මීක් නොකියා ඉටු කරපු සියඹලාතුමා හා රජපස ආණ්ඩුවේ ආර්ථික නඩය පුරුද්දට මිනිස්සු රවටන්න අයි.ඇම්.ඇෆ් භීතිකාවක් ගැන රචනා ලියනවා. 


මුන් වගේ මිනිස්සු!

ලංකාව නොදියුණු දිළිඳු රටක් ලෙස පවතිනවාට බටහිරයන් කැමතිද? ඔව්!

රජපසතුමාගේ රජයට බටහිර රටවල්වලින් එල්ලවන් විවිධ චෝදනා අවලාද වලට පිලිතුරක් ලෙස මහින්ද රජයේ වන්දිභට්ටයින් හා කේවට්ටයින් බොහෝවිට පවසන කතාවකි

1) "බටහිර ජාතීන් ලංකාව දුප්පත්, අනුන්ට ගැති හිඟන රටක් ලෙස පවතිනවාට කැමතියි...."

2) "ඔවුන් මහින්ද ජනපතිට විරුද්දව ඔහුව බොරු චෝදනා එල්ලකොට \\ දං ගෙඩියට \\ ගෙනියන්නට හදන්නේ මහින්ද ලංකාව සංවර්ධනය කරන නිසා..."

මේ වන්දිභට්ට/කේවට්ට/වෘශභ-වංශ තර්කයේ පලමු කොටස සත්‍යය යයි සිතමු. එනම් බටහිර ජාතීන් අපේ රට දුප්පත්, හිඟන, අසාර්ථක රාජ්‍යයක්ව පවතිනවා දකින්නට කැමති අතර ඒ සඳහා විවිධ කුමණ්ත්‍රණ දියත්කරයි.

එය එසේනම් ඔවුන් මහින්ද රාජපක්ශ ජනපතිගේ ආණ්ඩුව කඩාකප්පල්කොට ඔහුව දංගෙඩියට යවන්නට හදයිද?

රාජපක්ශගේ ආණ්ඩුව දැනටමත් මේ රටට ලඟාකරදී ඇති ආර්ථික, සමාජීය හා නීතිමය ප්‍රශ්ණ සමුදාය දෙස බලනවිට බටහිරයන්ගේ ඉහත අප එකඟවූ න්‍යාය පත්‍රය, එනම් ලංකාව විනාශකොට හිඟමනට ඇදදැමීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවන්නට මහින්ද රාජපක්ශ රජය තරම් සුදුසු රජයක් වෙනත් ඇත්දැයි කිව හැකිද?

ඇත්තටම මහින්ද් රාජපක්ශ ඇතුලු රජය මේ ක්‍රියාත්මක කරන්නේ නීතියක් නැති, ආර්ථිකය විහිලුවක් වුනු, මිනිසුන් හිඟමනට වැටෙන එහෙත් ලොකු ලොක්කන්ගේ බැංකු ගිණුම් විස්තාරණය වන පරිද්දෙන් සකස් කල ජනතාවට ප්‍රතිලාභ අඩු එහෙත් ලොක්කන්ට දැවැන්ත ප්‍රතිලාභ ඇති, ලෝකෙට ණයවන බොරු සංවර්ධන ව්‍යාපෘති නොවේද?

එසේනම් මේ රට විනාශකරන්නට න්‍යාය පත්‍ර හදාගෙන ඉන්නා සුද්දන්ට මහින්ද රාජපක්ශ හා ඔහුගේ රජය තරම් සම්පතක් වෙන තිබිය හැකිද? කරුණු එසේ වූ කලී ඔවුන් කිසිදාක මහින්ද රාජපක්ශ රජය අවසන් වනවා දකින්නට කැමති වෙයිද?

කිසිදා නැත.

ශ්‍රි ලංකාව විනාශකිරීම බටහිර ජාතීන්ගේ අරමුණ නම් මහින්ද රාජපක්ශ ඔවුන්ගේ හොඳම කීකරුම හිතවතා විය යුතුය. ඔහු කරන්නේ බටහිරයන් කරන්නට සිතාගෙන ඉන්නා දෙයමය.

Saturday, February 25, 2012

දේසප්‍රේමීනි!! එතුමා බේරාගනු පිණිස ජිනීවා යනු!!

බුදු සන්තෝ! කොහොම හරි මෙයා දංගෙඩියට යන එක නවත්තපියෝ!

විමල් වීරවංසා කියනා විධියට වැඩේ අති භයානකය. හෙට අනිද්දා වෙනකොට ඇමරිකන් පැසිෆික් නාවුක බලකායේ ගුවන්යානා ගෙනියන නෞකාව ඇතුලු පරිවාර නෞකා කොළඹ වරාය අසලට සේන්දු වනු ඇත.

උන්ගේ එකම අභිප්‍රාය වනුයේ අපේ මහරාජා තුමා කුදලාගෙන ගොස් දං ගෙඩියේ තැබීමයි. ඒ සඳහා ඔසාමා බින්ලාඩන් වර්ගයේ කොමාන්ඩෝ මෙහෙයුමක් දියත් වන්නට පුලුවන. ඇමරිකන් නේවි සීල් කොමාන්ඩෝලා අරලිය මන්දිරයේ වහලයට හෙලිගොබ්බරයෙන් බැස එතුමාව සරම පිටින්ම කුදලාගෙන යන්නට පුලුවන.

ඒනිසා සියලු දේස ප්‍රේමීන්ගේ වගකීම ප්ලේන් දෙක තුනක් බුක් කරගෙන දැයට කකුල බලන්ට ගියාවාගේ ජිනීවා නුවරට කඩා පාත්වී මේ කූට වියායාමය ලත් තැනම ලොප් කිරීමයි.

වීරවන්ස නඩේ පොලිටිකල් ගුරා ලෙසත් මැරවින් නඩේ මැර නියමුවා ලෙසත් පත්කොර ගත හැකිය.


Friday, February 24, 2012

ජීවන බර අමතක කරවන්න මෙන්න අලුත්ම සංදර්ශණය (හා අපේ ජනපතිතුමාගේ ආසාව)


අලුත්ම සංදර්ශණ...

දුප්පත් අහිංසකයින්ගේ කරමතට දරාගත නොහැකි ජීවන බරක් පටවා ඇති රජපස පා(ආ)ණ්ඩුව දැන් ඒ බර සතියකට දෙකකට හෝ අමතක කරවීම සඳහා සිය ඇම්බැට්ටයින් වන චම්-පක, විහිළු-වංශ හා අනෙකුත් විගඩමුන් හරහා අලුත්ම සංදර්ශණයක් අරඹා ඇත. 


එය නම්කොට ඇත්තේ  ජනපති දංගෙඩියට යවන මානව හිමිකම් කුමණ්ත්‍රණයෙන් බේරා ගැනීමේ දේශප්‍රේමී උද්ගෝශණ මාලාව යනුවෙනි.

මේ කියන්න යන්නේ අපේ ජනපති පොරමොලාව කුදලාගෙන ගොස් එල්ලන්නට විදෙස් කුමණ්ත්‍රණකරුවෝ මානව හිමිකම් කවුන්සල රැස්වීම හරහා අර අඳින බවත් ඊට සහයෝගය දක්වන දේසීය කුමණ්ත්‍රණ කරුවන් (ඒ කියන්නේ අඩුවට භූමිතෙල් ඉල්ලපු කට්ටිය) සිටින බවත්, ඒ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා රටපුරා කොන්ඩොම් උද්ගෝසන හා බිස්කට් උපවාස සඳුදා සිට ඇරඹෙන බවත්ය.

මේ උද්ගෝසන මාළාව හරහා ලයිට් බිල වැඩිවූ බව, භූමිතෙල් පැට්‍රෝල් බස්ගාස්තු අහස උසට වැඩිවනු බව ජනතාවට සතියකට හෝ අමතක වනු ඇතැයි එතුමන්ලා විස්වාස කරන බව පෙනේ. 

මේ කොණ්ඩොම් උද්ගෝසන හා බිස්කට් උපවාස වලට පොලෝසියේ, විසේස කාර්ය බලකායේ හා ත්‍රිවිද හමුදාවේම සහය ලැබෙනු ඇත. හමුදාව තුවක්කු වෙනුවට වතුර බෝතල් හා බිස්කට් පෙට්ටි උස්සාගෙන විරෝදතාකරුවන්ට පහසුකම් සලසනු ඇත.

අපේ ජනපතිතුමාගේ ආසාව

අපේ ජනපතිතුමා කට ඇරලා ලැජ්ජාවට නොකීවාට එතුමාට අතිවිශාලා ආසාව නොහොත් දොලදුකක් තිබේ. ඒ අතිවිසාල දොළදුක නම් අමෙරිකාව හෝ යුරෝපය ගඩාෆිලා, සදාම්ලා චාවේස්ලා වගේ එතුමාවත් සැබෑ ඉලක්කයක් ලෙස නම් කරනු දැකීමයි. එතුමාගේ සිහිනය සැබැවින්ම තමාව බලයෙන් පහකිරිමේ හෝ අත් අඩංගුවට ගැනීමේ යෝජනාවක් සම්මත වෙනු දැකීමයි.

ඇයි ඒ?

එතකොට දැන් බොරුවට දොඩවන "මාව දංගෙඩියට යවන්න හඩනවා.." කියන කතාව ඇත්තම වෙනවානේ. එතකොට එතුමාට පුලුවන් ඒක අල්ලාගෙන යුද්ධෙ විකුණපු ආකරයට සුද්දාගේ කුමණ්ත්‍රණය විකුණ විකුණා සදාකාලිකව බලයේ ඉන්න.

එතුමා හොඳටම දන්නවා යෝජනාවක් සම්මතවුනු ගමන්  එතුමාව අත් අඩංගුවට ගන්නට එල්ලන්න කවුරුවත් නො එන බව. ඒත් ඒක සම්මත වුනොත් එතුමාට සදාකාලික වීරයෙකු වීමේ අවස්ථාව ලැබෙනවා. ආණ්ඩුවේ හොරණෑ කොච්චර කයිවාරු ගැහුවත් ජනතාව නියම වීරයා ලෙස තාමත් සලකන්නේ ජෙනරාල් බව එතුමා දන්නවා. ජෙනරාල්ව රීප්ලේස් කරලා "ජනතා වීරයා" තැන ගන්න නම් මේ වගේ යෝජනාවක් සම්මත වෙන්නම ඕනෑ.





Thursday, February 23, 2012

දවසේ කියමන : අද රට කරවන්නේ චන්දකාලෙට පමණක් වැඩකරන ආණ්ඩුවක් නොවේ! (ඇමති විමල් )


විමල් ඇමතිතුමා කියන්නේ ඇත්තම ඇත්ත...


* අද රට කරවන්නේ චන්දකාලෙට විතරක් වැඩ කරන ආණ්ඩුවක් නොව චන්ද කාලෙටවත් වැඩ නොකර බොරු කිය කිය මඩ ගගහා ඉඳලා දින්නට පස්සෙත් ජනතාවෙගේ පොකැට්ටුවට විදිමින් මඩ ගගහා ඉන්න ආණ්ඩුවක්නේ...


* ආණ්ඩුව රට කරවනවා වෙනුවට වැඩිපුරම කරන්නේ "රටට කරන" එකනේ






Tuesday, February 21, 2012

සංවර්ධනයට වෙන්කරන මුදල් සතයක්වත් අඩුකරන්නේ නෑ!! [Tu mere hero Mr. President!]


තෙල් මිල ඉහළ ගියත්

සංවර්ධනයට වෙන්කරන මුදල් සතයක්වත් අඩුකරන්නේ නෑ

අධ්‍යාපනය වෙනුවෙන් රු. බිලියන 132ක්
රු. බිලියන 128ක් මාර්ග සංවර්ධනයට
සමෘද්ධි දීමනාව වෙනුවෙන් රු. බිලියන 12.5ක්
රු. බිලියන 33.8ක් පොහොර සහනාධාරයට
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල කොතරම් ඉහළ ගියත්, මේ වසරේ ජනතා සුබසෙතටත්, සංවර්ධනයටත් වෙන් කරන මුදල සතයකුදු අඩුකරන්නේ නැතැයි රජය අවධාරණය කරයි. රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, පොහොර සහනාධාරය, සමෘද්ධිය සහ ගම නැඟුම වැනි වැඩසටහන්වලට මේ වසරේදී රුපියල් කෝටි හාරලක්‍ෂ දහසය දහසක් වැය කිරීමට රජය සූදානම් වේ. එය වසර 2011 දී මේ සඳහා වැය කළ රුපියල් තුන්කෝටි හතළිස් අටදහසට වඩා රුපියල් කෝටි හැටහත්දහස් හයසියයකට වැඩි මුදලක් බවද රජය පෙන්වා දෙ

http://www.dinamina.lk/2012/02/21/_art.asp?fn=n1202211


උදේ පාන්දරම විශ්වවිද්‍යාලයට පැමිණ  සුපුරුදු පරිදි ලංකාවේ පුවත් කියවන මා දිණමිණ පත්තරේ දැකපු මේ හෙඩිම දුටු වහාම කොතරම් ප්‍රීති ප්‍රොමෝදයට පත්වුනාදැයි කිවහොත් උන් හිටි තැන් අමතකව එක්වරම "හුරේ!!" කියැවුනි. මාගේ කෑගැසිල්ල නිසා කළබලයට පත් මාගේ මේසය අසල මේසයේ සිටින සහෘදයා මා දෙස බලා "Kya Hua?? -මොකද වුනේ? " යයි අසන විට පියවි සිහියට එළබි මා දන්නා කැඩිච්ච හින්දියෙන් "Kuch nahi-නෑ මුකුත් නෑ" කිව්වේ ලැජ්ජාවෙනි.

අමෙරිකාවේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිලිබඳව ශාස්ත්‍රපති උපාධියක් ලබාසිටින ඔහුට ලංකාවේ අපේ ආණ්ඩුව කරන මේ විශ්වකර්ම ආර්ථික විජ්ජා (විද්‍යා නොව) ගැන විස්තර පැවසූවා නම් මට මගේ රටේ ගෞරවය කෙළසාගන්නට සිදුවන නිසා ඔහුට කිසිවක් නොකිව්වෙමි.

මේ ආර්ථික විද්‍යා ප්‍රබන්ධ දකිනාවිට අඬන්නද හිනාවෙන්නදැයි සිතාගත නොහැකිය. අඬන්න සිතෙන්නේ රටේ අනාගතය ගැන සිතනවිටය. සිනාසෙන්නට සිතෙන්නේ මේ පට්ටපල් බොරු කියමින් රවටා හිඟමනට ඇද දමන්නට යන්නේ එතුමන්ලාට පෝලිමේ ගොස් වරක් දෙවරක් නොව දහ දොළොස් වතාවක්ම දේසප්‍රේමී චන්දය ලකුණු කොට කළගුණ සැළකූ බහුතර ජනතාවට බැවිනි.

ආණ්ඩුවක් කොහොමද මේ විධියට පොරොන්දු දෙන්නේ? කොතරම් තෙල් මිළ ඉහල ගියත් සංවර්ධනයට හා සහනාධාර අඩු කරන්නේ නෑ.... එහෙමනම් ගැටලුව වන්නේ අඩුකරන්නේ මොනවාද යන්නයි.

රජයේ ආදායම සෑම වසරකම සීමා සහිතය. බොහෝවිට රජයට (ඕනෑම රජයකට) අයවැයේ ඇස්තමේන්තු කරනලද ආදායම පවා නොලැබෙන අතර වියදම් බොහෝවිට ඇස්තමේන්තුවට වඩා වැඩිවේ. මෙවිට පරිපූරක ඇස්තමේන්තු හරහා භාණ්ඩගාරයෙන් මුදල් ලබාගෙන (භාණ්ඩාගරය දේශීය හෝ විදේශීය ණය ගෙන) මේවා පියවා දමයි.

තෙල් මිල දැන් අනාවැකි පලවෙන අන්දමට (අමෙරිකාවේ හා යුරෝපයේ ගොන් බූරු ඉරාන ප්‍රතිපත්ති නිසා ) සීමාන්තිකව ඉහල යන ලකුණු තිබේ. එපමණක් නොව තෙල් සඳහා ඉරාණය මත පමණක් යැපෙමින් සිටීමේ ලක් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා දැන් වැඩි මිලට වෙන සැපයුම් කරුවන්ගෙන් තෙල් ගැනීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් අදට ඕනෑ තෙල් සඳහ ඇනවුම් ලබාදෙන්නේ මාස හය හතකට කලිනි. එකල ගණනය කරන මිල සූත්‍රයකට අනුව තෙල් වලට ගෙවිය යුතු මුදල් තීරණය කරයි. දැන් සිදුවී ඇත්තේ හදිස්සියේ තෙල් ගැනීමටය එවිට අනිවාර්‍යයෙන්ම පවතින මිලට වඩා බොහෝ වැඩියෙන් ගෙවන්නට සිදුවේ.

මේ අළකලංචි අස්සේ රජය දැන් කියන්නේ වියදම් කිසිසේත් අඩු නොකරන බවයි. මෙය කල හැක්කේ කෙසේද?

1] ගිණි පොලියට පරිදි ණය ගත යුතුය. ණය ගත්විට ගෙවන්නට සිදුවේ. ගෙවන්නේ කෙසේද? එක්කෝ තව ණය ගත යුතුය . නැතිනම් තව බදු වැඩි කල යුතුය. (ගිණි පොලියට ගතයුතුයයි කියන්නේ සහන පොලී මත රටකට ණය ලැබෙන්නේ නිශ්චිත සංවර්ධන ව්‍යාපෘති සඳහා මිස වියදම් පියවා ගැනීමට හෝ සහනාධාර ලබාදීමට නොවන බැවිනි)

2] නැතිනම් මුදල් නෝට්ටු අච්චු ගැසිය යුතුය.නෝට්ටු අච්චු ගසා ඕනෑම වියදමක් කල හැකිය. එහෙත් එවිට මුදලේ අගය අඩුවී උද්ධමනය වේගයෙන් ඉහලයයි. ගෙවිය යුතු දෙස්/විදෙස් ණය පොලියද එලෙසම ඉහල යයි. ඩොලරය සාපේක්ශව රුපියල තව තවත් බාල්දු වනු ඇත. එවිට පිටරටින් එන ඉඳිකට්ටේ සිට පැට්‍රෝල් ලීටරය හරහා සබ්බ සකලමනාවටම වැඩිපුර ගෙවන්නට සිදුවනු ඇත.

වැඩිවෙන වියදම් අස්සේ තව තවත් සහනාධාර ඉල්ලීම් වැඩිවෙන අතර එවිට රජය තව තවත් බඩු මිළ වැඩිකරමින් ඇපෙන් බේරෙන්නට සහනාධාරද වැඩි කරනු ඇත. එවිට සිදුවන්නේ ජනතාවගේ ජීවන තත්වය තව තවත් පල්ලේහාට වැටීමයි. එනම් ජනතාව කෙමෙන් කෙමෙන් සිඟමන කරා ලංවීමයි.

ඔබගේ වටිනා කාළය නාස්ති නොකර තවත් එක් උදාහරණයක් පමණක් ලබාදෙන්නම්. 

මාර්ග සංවර්ධනය

ගාල්ල කොළඹ අධිවේගී මාර්ගය සලකන්න. එයට බිලියන ගණනක් වැයවිය. වැඩය ඉතා හොඳය. දැන් ඉක්මණට යන්න පුලුවන. ඉන්ධන ඉතිරිය රටට වාසියකි. කාළය ඉතුරුව ව්‍යාපර වලට වාසියකි.

එහෙත් මේ ව්‍යාපෘතියෙන් රටට සැලකිය හැකි ආර්ථික වාසියක් ලැබෙන්නට නම් මේ අධිවේගය නිසා ආයෝජන ඉහල යායුතුය. එනම් වේගවත් භාණ්ඩ ප්‍රවාහනය වාසියක් ලෙස සලකන දෙස් විදෙස් ආයෝජකයින් මේ මාර්ගයෙන් සේවා ලාභී ප්‍රදේශවල ආයෝජන ඇතිකොට නිශ්පාදනය හා රැකියා වැඩි කල යුතුය. අධිවේගී මාර්ගයක් රටේ සංවර්ධනය දායක වන්නේ එලෙසිනි. එසේ නොමැතිව විනෝදයට ඔය පාරේ එහා මෙහා දුවන වාහන වලින් ලැබෙනා ආදායම (ලොකු ලොකු ඉලක්කම් පෙනුනාට) ඔය මාර්ගය හදන්නට ගිය සිමෙන්ති ටිකේ වියදම හෝ පියවන්නට නොහැකිය.

ණය ගෙවා ඉවර කරන්නට නොහැකිය. රටට ප්‍රතිලාභයක් නැත්තේ වාහන වලින් ලැබෙන ආදායම වැනි ආදයම් වලින් රටේ දල ජාතික නිශ්පාදනයේ ශුද්ධ ඉහල යාමක් නොලැබෙන බැවිනි. දල ජාතික නිශ්පාදිතය අධිවේගී මාර්ග නිසා වැඩිවන්නට නම් මාර්ගය නිසා අලුත් ආයෝජන ඇතිවී එමගින් නිශ්පාදන හා රැකියා උත්පාදනය විය යුතුමය නැතිනම් ඔය මාර්ග රට බරකි. ගෙවා ඉවරකල නොහැකි ණයකි.

එහෙත් මේ න්‍යායන් කිසිවක් ලංකාවට අදාල නොවේ!!

මේවා අදාල වන්නේ ආර්ථික විද්‍යාව අනුව සිය ප්‍රතිපත්ති හදාගන්නා ආර්ථික විශේෂඥයින් හා දේශපාලන නායකයින් ඉන්නා රටවලට පමණි. ලංකාවේ ඇත්තේ ආර්ථික විද්‍යාවක් නොව ආර්ථික විජ්ජාවකි. සංවර්ධනයක් නොව සංවර්ධන සංදර්ශණයකි. දියුණුවකට වඩා දියුණුව මවා පෑමකි. කෙළවරක් නැති බැලන්ස් කිරීමකි. ආණ්ඩුවේ සන්දර්ශණ බලන්නට අතින් වියදම් කරගෙන ගොස් ගෙදරවිත් කන්ඩ නැතත් මරු සංදර්ශණේ ඕයි කියලා හිතාගෙන නිදාගන්නා ජනතාවකි.

එනිසා අපට කරන්නට ඇත්තේ දිණමිනේ ප්‍රවෘත්ති ඇත්තම ඇත්ත කියා සද්භාවයෙන් සිතාගෙන "ජනපතිතුමනි, තු මෙරෙ හීරෝ - ඔබ මගේ වීරයායි" කියමින් හින්දියෙන් සිංදුවක් කියමින් නටන්නටය. (සිංහල සිංදුවක් ලියන්න ලඟදීම ලයිසොන් ගන්නට වෙන නිසා හිංදි ඒවා විතරයි ඉතුරුවෙන්නේ..)

හින්දි සින්දු ගැන කියපු නිසා ලඟදි ආපු "දේසී බෝයිස් - Desi  Boyz (දේශීය කොල්ලන් හෙවත් අපේ කොල්ලන්)" කියන බොලිවුඩ් කොමඩි ෆැන්ටසියේ තියෙන සිංදුවක පදමාලාක් මතක් වුනා. සින්දුවේ නම "ශුබ හොනෙ නදෙ..../තු මෙරේ හීරෝ.... - හෙට එලිවෙන්න එපා..../ඔබ මගේ වීරයා...."

සිංදුව පටන් ගන්නේ මෙහෙමයි.....

කොල්ලෝ දෙන්නා...
හුම්කෝ කෙහ්තේ සුපර්මෑන් (අපිව දන්නේ සුපර්මෑන්ලා කියලයි )
ඕන් කර්ලෝ හැන්ඩි කැම් (වීඩියෝ කැමරාව ඕන් කරගන්න )
ෆ්‍රොම් ඒ.ම්  ටු  පී.එම් (උදේ ඉඳන් රෑ වෙනකම් )
බන්දේ ඇට් යුවර් සර්විස් මෑම් (ඔබ වෙනුවෙන් "සේවයට" කැපවී සිටිමු මැතිණියනි)
..
කෙල්ල..
ශුබ් හොනෙ න දෙ (එළිවෙන්න නම් එපා)
සාත් ඛොනෙ න දෙ (අපි රෑ නොනිදා සිටිමු )
ඒක් දූස් රෙ කෝ සම් හොනෙ නදෙ  (අපි එකිනෙකාගෙන් වෙන් නොවී සිටිමු )
තු මෙර හීරෝ// (ඔබ මගේ වීරයායි)

බලන්න මේ සිංදුව අපේ මහ රජතුමාටයි අපිටයි කොච්චර ගැලපෙනවාද කියලා??

එතුමා හොඳ කළවම් නැති දේසීය කොල්ලෙකි (දේසී බෝයි)
එතුමා සුපිරි වීරයෙකි (එතුමාට කල හැකි හපන්කම් කරන්නට මේ ලෝකේ වෙන කාටද පුළුවන්?)
පැය විසිහතරේම එතුමා කැපවී සිටින්නේ සේවයටම නොවේද? (From AM to PM at our service)

ඉතින් එතුමා මේ කෑල්ල කියලා නටනකොට අපිට ජනතාව හැටියට තියෙන්නේ කෙල්ලගේ සිංදු කෑල්ල කියලා නටන එකයි...(එතුමා උඩ, ජනතාව යට නිසා කෙල්ලගේ පාට් එක කොහොමත් ජනතාවට ගැලපෙනවා )

අපි එතුමාගෙන් වෙන් නොවී සිටිමු.... (එතුමා නැතුව මේ රට ලෝක කුමණ්ත්‍රණකරුවන් ගෙන් බේරා ගන්නේ කවුද?)
එළිවෙන්න නම් එපා.....(එලිවුනොත් කපෝතියි...එතකොට හීනෙන් ඇහැරෙනවනෙ)
එතුමා අපේ එකම වීරයායි...

අපි ඔය සිංදුව කිය කිය නට නටා බඩගින්නේම සංදර්ශණ බලමින් ඉම්මු....

ඔරිජිනල් එකට ආසනම් මෙන්න එබුවා යූ ටූබ් ක්ලිප් එකත්...

Monday, February 20, 2012

ගීතයට සහ ටෙලිනා‍ට්‍යයට පාලනයක් - පනත ලගදීම [කළා පොලිස් කමින් සූන්]


1] ටෙලි නාට්‍යයක්‌ නම් මුල් පිටපත රැඟුම් පාලක මණ්‌ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු
2] අතර නාට්‍ය නිර්මාණය කිරීමෙන් පසුවද එය නැවත රැඟුම් පාලක මණ්‌ඩලයට ඉදිරිපත් කළ යුතුය.
3] ගී පද මාලා රැඟුම් පාලක මණ්‌ඩලයට ඉදිරිපත් කළ යුතු අතර 
4] සංගීතය සංයෝජනය කිරීමෙන් අනතුරුවද එහි උචිත අනුචිත බව සළකා බැලීම සඳහා රැඟුම් පාලක මණ්‌ඩලයට ඉදිරිපත් කළ යුතු බව සංස්‌කෘතික අමාත්‍යාංශය කියයි.
අප්පට බොල ඩෙඟ ඩෙඟ.....මෙන්න මරුම වැඩක්....! මේ කතාව ඇත්තනම් සිංදුවක් ලියලා, නාට්ටියක් කරලා ඉවරයි.
සිංදුවක් ලියනවානම් ඉස්සෙල්ලාම පදමාලාව ලියාගෙන ලංකාවේ කොහේ හිටියත් කළා කළා පොලෝසියට බඩගාලා ඒක දෙන්න ඕනෑ. එතනට රජතුමා පත්කරන දත් හැලුනු, ලොං හැලුනු, කළාව පමණක් නොදත් ලෙවකෑම පමණක් දන්නා බත් බැලයෝ ඒක මාසයක් දෙකක් කල් අරගෙන කියෝලා බලලා හොඳයි කියලා හිතෙනවානම් අනුමත කරයි.
ඉක්මණට අනුමත කරගන්න ඕනෑනම්.."ආයුබෝ වේවා මහරජාණෙනේ..." කියන කෑල්ල සෑම ගීපදමාලාවකටම ඇතුලත් කල යුතුය.
රැප් එකක් නම්, රැප් කරන කෑල්ලට "සුද්දට හෙණ ගහපිය...කොටියට හෙණ ගහපිය....මහරජ මහරජ මහරජ අප විරුවාය...." වගේ කෑල්ලක් දෙකක් රිංගෙව්වානම් ඔන්න ෆටාස් ගාලා ඇප්රූවල් ලැබෙයි. නැහ්නං ඉතින් හුටස් තමයි.
මියුසික් දැම්මට පස්සෙත් ආයෙත් ගිහිල්ලා පෙන්නන්න ඕනෑ...මොකද පදමාලාව විතරක් නෙමෙයිනෙ ආයුබොවං මියුසික් වුනත් දෙසද්‍රෝහී.....කොටි හිතවාදී....සිංහල බෞද්ධ විරෝධී වෙන්න පුලුවන්නේ ඉතින්....
නාටිටියකට ඇප්රූවල් ඉක්මණට ඕනෑනම් ප්‍රධාන චරිතය මැරවින්ට දෙන්න ඕනෑ. ඕකා ලීඩ් කරන නාටිටියක් පරක්කුවුනොත් මිනිහා කළා පොලීසියේ සරම් ගළවනවානේ....
සහෝදර සහෝදරියනි, මේවා ඇහෙනකොට මට එකක් හිතෙනවා...මුන්ට දැන් හොඳටෝම පිස්සු...

Saturday, February 18, 2012

අහෝ! මේ අපේ රණවිරු හමුදාවමද?

ලංකාවේ ජනතාව පක්ශ පාට බේධයකින්, ආගම් බේධයකින් තොරව යම් රාජ්‍ය යන්ත්‍රයකට සිය අවංක ගෞරවය පුද කලේනම් ඒ ත්‍රිවිධ හමුදාවට හා පොලීසිය තුලින් බිහිවුනු එකම ගෞරවනීය ආයතනය වූ විශේෂ කාර්‍ය බලකායටයි. 87-89 භීෂණ සමයේ යම් තාක් දුරට පලුදුවී තිබුනත් 1983 වර්ගවාදි යුද්ධය ඇරඹුණු සෙබලුන් 13දෙනාගේ මරණයත් සමගම රටේ සමස්ත ජනතාවම ආරක්ශක හමුදාවන් දෙස බැලුවේ තම ඉටු දෙවියන් ලෙසයි. ගමේගොඩේ නගයේ හැමතැනකම පන්සල්වල පල්ලිවල  රණවිරුවන් වෙනුවෙන් සෙත්පූජා, යාඥා පැවැත්වුනේ ඒ නිසායි. මේ නිසා ත්‍රිවිද හමුදාවත් විශේෂ කාර්‍ය බලකායත් සමස්ථ ජනතාවගේම මිතුරෙකු විශ්වාසවන්ත ආරක්ශකයෙකු විය. 

නන්දිකඩාල් කළපුවේදී මහකොටියා ඝාතනයකිරිමෙන් පසු මේ ගෞරවය හිනිපෙත්තටම නැගි අතර මේ අසීමිත ගෞරවය පාලකයින්හට යම් බියක් ගෙනදෙන්නට වූ බවත් සැබෑය. මහින්ද ෆොන්සේකා විරසකය මේ සැකය තුලින් බිහිවුනු අතර ඒ අනුව පාලකයින් විසින්ම ත්‍රිවිධ හමුදාව තුල ඇති ජනතා ගෞරවය බිඳ දැමීමේ සියුම් එහෙත් ස්ථිර වැඩ පිලිවෙලක් අරඹන ලදී.

ෆොන්සේකාගේ දූශණ චෝදනා ෆොන්සේකා විනාශ කිරීමට පමණක් නොවේ

බොහෝ දෙනා සිතාසිටින පරිදි රාජපක්ශ රජය ෆොන්සේකාට එරෙහි දූශණ චෝදනා වලට දැවැන්ත ප්‍රචාරයක් ලබාදී හමුදාවතුල සිටි ෆොන්සේකා විරෝධීන් ඉස්මතුකරමින් ක්‍රියාකලේ හුදෙක් ෆොන්සේකා නැතිකිරීමට පමණක් නොව හමුදාව තුලවුනු එක් අණකට ඇති අවනත භාවය (unity of command) විනාශ කොට එය දෙකට තුනට කැඩුනු කොඳුනාරටියක් නොමැති විනයක් නොමැති ආයතනයක් බවට පත්කිරීම සඳහාය.

මේ සඳහා හමුදාවතුල සිටින විනය පවත්වාගැනීමට හැකියාවක් නැති දුර්වලයින් නායකත්වයට පත්කොට ඒ අනුව හමුදාව බෝල්කනීකරණයට (balkanisation) බවට පත්කිරීමට පැහැදිලි ලෙසම ක්‍රියාත්මක වුනු බවට සාක්ශි එමට තිබේ. දැන් එය සාර්ථක වී ඇති අතර ත්‍රිවිධහමුදාවේ හමුදා ත්‍රිත්වය තුලම විවිධ තරාතිරමේ නායකයන් වටා විවිධ කල්ලි නිර්මාණය වී ඇති අතර ඔවුන් එකිනෙකා පරයමින් දේශපාලන නායකත්වයට කඩේ යමින් තම වෘත්තිය, නිළ ඇඳුම හා තමන් ආරක්ශාකලයුතු ජනතාවට ද්‍රෝහීවෙමින් සිටිනා බව පැහැදිලි වේ.

ෆොන්සේකා හමුදාපතිලෙස කලායයි ප්‍රචාරයකල මහාපරිමාණ දූශණ චෝදනා මගින් ජනයාගෙන් යම් කොටසකට ෆොන්සේකා හා ඔහු නියෝජනය කල හමුදාව පිලිබඳ යම් කළකිරීමක් ඇතිකල ඇතිකල අතර කලින් සඳහන් කලපරිදි "නොහැක්කන්" නායකත්වයට ගෙන ඒම තුලින් හමුදාවේ ප්‍රතිරූපය නැවත ගොඩනගාගත නොහැකිවන තත්වයට පත්කොට ඇත.

හමුදාව ලේබර් වැඩට යෙදීම හෙවත් හමුදාව නැති කිරීමේ දෙවැනි දේශපාලන මෙහෙයුම

ත්‍රිවිධ හමුදාවේම ප්‍රතිරූපය විනාශකොට ඔවුන් ගැන ජනතාව තුල තිබූ ගෞරවය සියුම් ලෙස විනාශකිරීමේ දෙවැනි වැඩපිලිවෙල වන්නේ ත්‍රිවිධ හමුදාවේ බොහෝ නිළයන් කානු කැපීම, බිං කෙටීම, වගාවන් ඇතිකිරීම, කෑම කඩවල් හා එළවලු පලතුරු කඩවල් වල  කම්කරු සේවයට යෙදවීමය.

මෙය හමුදාව සංවර්ධන කටයුතුවලට යොදවාගන්නවා යන විශ්වාසනීය පෙනුමක් ඇති සටකපට ව්‍යාපෘතිය යටතේ සිදුකරන අතර මෙයින් බලාපොරොත්තුවන්නේ හමුදාව  සංවර්ධන කටයුතුවලට යොදාගන්නවාට වඩා හමුදාව තුල ඇත ජන ගෞරවය කෙළෙසීමත් හමුදා සෙබලා හා නිළධාරියා තුල මෙතෙක් තිබූ ආත්ම අභිමානය බිඳ දැමීමත්ය. ඒ අනුව හමුදාවට (විශේෂයෙන්ම උසස් නිළයන් හට) සිය පැවැත්ම උදෙසා දේශපාලන බලධාරීන්ගේ සෘජු අතකොලු බවට පරිවර්තනය වන්නට සිදුවී ඇත්තේ එසේ නොමැතිනම් නිළ ඇඳුම පසෙකලා බිංකොටන්නට සිදුවන බැවිනි.

රණවිරු හමුදාව කුළී හමුදාව වීම හෙවත් පරිවර්තනය සම්පූර්ණවීම

යුධ හමුදාව ජනජීවිතයේ හැම අස්සකට රිංගවීම හමුදාව විනාශකිරීමේ තුන්වන පියවර වන්නේය.

ජනජීවිතය මිලිටරිකරණය ලෙස විචාරකයින් වරදවා විග්‍රහ කරන මේ වැඩපිලිවෙල සැබැවින්ම හමුදාව ජනජීවිතයට රිංගවීමට වඩා හමුදාව රජයේ කුලී කම්කරු හමුදාව, මැර හමුදාව බවට පරිවර්තනය කොට එය ජනතාව බිය ගන්වන හා පාලනය කරන තග් හමුදාවක් බවට පරිවර්තනය කිරීමකි.

අද දුප්පතුන්ගේ පැල්පත් කඩන්නටත්, පදික වෙළදුන් පන්නා දමන්නටත්, සාමකාමී උද්ගෝෂණ විසුරුවා හරින්නටත් පමණක් නොව සල්ලි කාරයන්ගේ වින්දනය සඳහා කාර් රේස් සංවිදානය කිරීම, හෝටල් තැනීම, හේන් කෙටීම, දඩ මස් සැපයිම කරන්නේත් හමුදාව විසිනි. දේශපාලකයින් හා උන්ගේ හෙන්චයියන්, හොර අඹුවන් ආරක්ශාකිරීම ප්‍රවාහනය කිරීමත් පැවරී ඇත්තේ හමුදාවටය.

කොටින්ම අද ත්‍රිවිධ හමුදාව පාලකයින්ගේ බැටාලා බෝයිලා බවට පත්වී ඇත. පාලකයින් කියන පරක්කුවෙන්  නිළ ඇඳුම් ඇඳගෙන නිළ අවි අත දරාගෙන ඕනෑම නිතිවිරෝධී වැඩක් කිරීමට ඔවුන් දැන් පසුබට නොවන්නේ එක අතකින් විනය පිරිහීමත්, පාලකයින් පිනවන්නට කැපවුනු නායකයින් ඔවුන් හට අණදීමත්, කරන ඕනෑම නීතිවිරෝධී ක්‍රියාවකදී තමන්ව ආරක්ශාකිරීමට පාලක පන්තිය, බත් බැල ජනමාධ්‍ය හා පොලීසිය මෙන්ම නිවට අධිකරනයද සැදී පැහැදී ඉන්නා බව ඔවුන් දන්නා නිසාය.

රාජපක්ශලාගේ පැවත්ම

තමන්ගේ පැවැත්ම සඳහා ඕනෑම දෙයක් යොදවා ගැනීම රාජපක්ශලාගේ සාමාන්‍ය ක්‍රියාපිලිවෙතයි. ඔවුනට ගෞරවනීය යනුවෙන් සැලැකිය හැකිදෙයක් නැත. භික්ශූන්, වෙනත් ආගමික නායකයින්, දෙවියන් හා ජනතාව සිය ඉටුදෙවියන් සේ කලක් සැළකූ ත්‍රිවිධ හමුදාවද රාජපක්ශලාගේ පැවැත්ම හා සුඛවිහරණය සඳහාවන ක්‍රියාදාමයට යටවී ඇත.

ඒ අනුව රාජපක්ශලා මේ රටට ලබාදෙන තවත් එක් කොඩිවිණයක් වන්නේ කිසිදු විනයක් නැති, නීතිය නොහඳුන, කොටි මැරූ ලෙසම අහිංසකයින් වුවද හිතක් පපුවක් නැතුව මරාදමන මිනීමරු කුලී හේවා නඩයකි.

අද එකෙකු මරාදමා නීතීයි රැහැනෙන් මිදෙන මේ හමුදාවෝ හෙට දිනයේ අණ ලැබුණු සැනින් මහා ජන සමූළ ඝාතනයක් කරන්නට වුවද පසුබට නොවනු ඇත. ගඩාෆි, ඉරානයේ අහ්මෙනිජාඩ්, සිරියාවේ අල් අසාද් හටත් මෙවැනිම හමුදා සිටින්නේය/සිටියේය. අද සිරියාවේ හමුදා සිවිල් ජනයා ඝාතනය කරනා ලෙසින්ම හෙට රාජපක්ශලාගේ හමුදාවද ලාංකේය ජනයා හිතක් පපුවක් නොමැතිව ඝාතනය කරනු ඇති අතර එය කූලී මාධ්‍ය හා කුලී අධිකරණ සාධාරණීකරනය කරනු ඇත.
මේ දුශ්ඨ ක්‍රියාදාමය අවසන් වනු ඇත්තේ ජනතාව ආදරය කළ ජනතාවගේ රණවිරුවන් පාලකයින්ගේ මැරයින් හා ජනයාගේ සතුරන් වීමෙනි. රණවිරු හමුදාව කුළී මැර හමුදාව වීමේ පර්වර්තනය සම්පූර්ණවී ඇති අතර සක්‍රීය ක්‍රියාන්විත ඇරඹුනා පමණකි.

අවසන් හිනාව කොටින් හටය (last laugh for the LTTE)

රාජපක්ශ රජයේ මේ නරුම වැඩපිලිවෙලින් අවසන ජය ලබන්නේ වෙන කවුරුවත්ම නොව ඔවුන් පරාජය කලා යයි සිංහ නාද කරන දෙමළ කොටින්මය. එයට හේතු මෙන්න...

1] ලංකාවේ හමුදාව අහිංසක දෙමළ වැසියන් සමූළඝාතනය කළ බව හමුදාව දැන් සිංහල වැසියන් හට එරෙහිව ගෙනයන මර්ධනයෙන් ඔප්පුකිරීමට මග පෑදීම.

2] ශ්‍රී ලංකා ආරක්ශක හමුදා විනයක් නැති අන්තර්ජාතික නීති රීති කඩකරන සිවිල් නීති වලට ගරු නොකරන නොහික්මුණු හමුදාවක් ලෙස හංවඩු ගැසීමට මග පෑදීම.

3] රාජපක්ශලා දෙමළ සිවිල් ජනතාවට එරෙහිව දැනටමත් ගෙනයන මර්ධනය හා දෙමළ ජනයා දේශපාලනිකව රැවටීමේ ක්‍රියාමාර්ග.

මේ අනුව දෙමළ කොටින් හට සිය වයාපාරය නැවත ශක්තිමත් කරගත හැකිවනු ඇත.

රාජපක්ශලාගේ අනාගත දායාද

රාජපක්ශ පාලනය කවදාහෝ අවසන්වන්නේ මේ රටට පහත දායාද උරුමකරදීමෙනි.

1] දුර්වල, විනය පිරිහුනු, දේශපාලකයින්ගේ පැවැත්ම වෙනුවෙන් කැපවුනු හමුදාවක්

2] විනාශවුනු ආර්ථිකයක්

3] නැවත ශක්තිමත් වුනු කොටි ත්‍රස්තවාදයක්











Friday, February 17, 2012

ආයුධ ඇතිව සිටි ත්‍රස්තවාදියාගේ දියණියට........

තාත්තා ආයුධ අරගෙනයි ඉදලා තියෙන්නේ දුවේ, අඬලා වැඩක් නැ. 


හරියට හොයලා බලල ත්‍රස්තවාදියාව හඳුනාගෙන තමයි වෙඩි තියලා තියෙන්නේ.....


තාත්තා ඔයාලට එලවලු රොටියි කිරියි දීලා පොලිස්කාරයොයි හමුදාවයි මරන්න සඟවපු ආයුධයක් අරගෙන සටනට ගිහින්.....


තාත්තාගේ වැරැද්ද...ඔයාගෙත් වැරැද්ද.....දුප්පත්කමට රට ගිය ඔයාගෙ අම්මාගෙත් වැරැද්ද......


වැරැද්ද ඔයගොල්ලන්ගෙමයි.....වෙනකවුරුත් මේ විනාසෙට වැරදි නැ






හරිම සාධාරණ වෙඩි තැබීමක්..... පොලිසියේ ජීවිත ආරක්සාකොර ගන්නනෙ වෙඩිතියලා තියෙන්නේ.

ධීවර ත්‍රස්තවාදියා මරාදමන්නට වෙඩි තියන ලෙස අණදුන් පොලිස් ලොක්කාට වහාම උසස්වීමක් දෙනු!

ගල්මුල් වලින් වැලිබෝතල් වලින් තමුන්ගේ ජීවිතවත් ආරක්සාකොර ගන්න නොදන්න පොන් හු*** රොත්තක් ස්‍රී ලන්කා පොලීසියේ ඉන්නේ.




Kala Ghoda street art festival - Mumbai

හැමදෑම පොලිටික්ස් කතාකරලා ඇතිවෙලා. ගිය සතිඅන්ත දෙකේ මම ගියා කළා උළෙලක් බලන්න. ඒකෙ විස්තර ටිකක් ලංකාවේ යාළුවන් වෙත ගෙන ඒමයි මේ උත්සාහය.

කාළ ඝෝදා වීදි කලා උළෙල මෙවරත් මුම්බායි නගරයේ දකුණු මුම්බායි ප්‍රදේශයේදී පැවැත්වුනා. සෑම වසරකම පෙබරවාරි මාසරයේ පැවැත්වෙන මෙම උත්සවය මෙවර පෙබරවාරි 04වැනිදා සිට පෙබරවාරි 12වැනිදා දක්වා පැවැත්වුනා.


මුලින්ම මේ උත්සවයට "කාළ ඝෝදා" උළෙල කියන්නේ ඇයිදැයි දැනගමු. කාළ යනු හින්දි භාශාවෙන් (පිරිසිදු සිංහල භාශාවේ මෙන්ම ) කළු පැහැය. ඝෝදා යනු අශ්වයාටයි. උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ නම කාළ ගෝධා හෙවත් කලු අශ්වයා ලෙස නම් කොට ඇති නිසා මෙම උළෙලත් කාළ ගෝධා වීදි කළා උළෙල ලෙස හඳුන්වනවා.

ප්‍රදේශයට මේ නම ලැබුනේ කොහොමද කියනවානම් බෝහෝ කලකට පෙර යටත් විජිත යුගයේදී අටවැනි එඩ්වර්ඩ් රජු කළු අශවයෙක් අරා සිටින විශාල ප්‍රතිමාවක් මේ ප්‍රදේශයේ තිබී ඇති බව පැවසෙනවා.



ඉන්දියාවේ විශාලතම පුවත්පත් සමාගම වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් සමාගම විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන කාළ ඝෝදා වීදි කළා උත්සවය මුම්බායි හී පැවැත්වෙන ප්‍රධානතම කළා උළෙල වනවා. කාළ ඝෝදා උත්සවයේ විශේෂත්වයක් වන්නේ එය බොහෝ සෙයින්ම ඉන්දියාවේ, විශේෂයෙන්ම මුම්බායිහි තරුණ කලාකරුවන්/කාරියන් විසින් සංවිධානය කරන මෙන්ම නිර්මාණ ඉදිරිපත් කරන උත්සවයක්  වීමයි.

මමත් මාගේ මිතුරන් දෙදෙනෙකු සමග උත්සවය ඇරඹුනු 4වැනිදාත් 11වැනිදාත් මෙහි සංචාරය කලා. එම සංචාරයේදී මාගේ කැමරා කාචයේ සටහන් කරගන්නට පුලුවන්වුනු කාළ ඝෝදා කලා කෘති කිහිපයක් මාගේ ශ්‍රී ලාංකික මිතුරන් වෙත ඉදිරිපත් කිරීම මගේ බලාපොරොත්තුවයි.

මෙවර කළා උළලේ තේමා වන්නේ "ප්‍රතිචක්‍රීය කරණය, නාස්තිය අවම කිරීම, ඉවතදමන දෑයින් ප්‍රයෝජන ගැනීම" යනාදියයි. මෙහි ඇති බොහෝ කලාකෘති ඉවතදමන ද්‍රව්‍යවලින් නිර්මාණය කල දෑ වනවා.

කාළ ඝෝදා උත්සව භූමියේ පිවිසුම් දොරටුව


උත්සව භූමියට පිවිසෙන්නට කලින් ඊට ඉදිරියෙන් ඇති ප්‍රදේශයේ සකසා තිබුණු විශාල ප්‍රමාණයේ කළා කෘති කිහිපයක් දැක ගනිමු.

1] වතුර වීදුරු පිරමීඩය



2] මුම්බායි කපුටන්ට මුම්බායි කළාකරුවන්ගෙන් උපහාර


මෙහි පහතින් ඇති කුඩා කපුටු රූපවල කපුටන් ස්වභාවික පරිසරයේදී පෙන්වන බොහෝ හැසිරීම් රටාවන් නිවැරදිව අඹා තිබෙනවා.

3] කහපාට "Think Blue" කාරය. මෙය තනිකරම ඉවත දමන් දෑවලින් නිර්මාණය කොට ඇත



4] ප්ලාස්ටික් බෝතල් වංකගිරිය - ඉවතදමන ප්ලාස්ටික් වතුරබෝතල් වලින් නිමකොට ඇත. ප්ලාස්ටික් භාවිතය නිසා මිනිස් සංහතිය ප්ලාස්ටික් වංකගිරියක අතරමන් වී ඇති බව කලා කරුවා අපට තේරුම් කරන්නට උත්සහ කරනවා.



4] කණ්නාඩි කාර් එක - පරණ ඇම්බසඩර් කාරයක් කණ්නාඩිවලින් ඔපවත්වී . මෙය ගිය වසරේ කාළ ඝෝදා උත්සවයේත් දැකගන්නට ලැබුනු නිර්මාණයක්.



5] මරණයේ කැදැළ්ල


6] ශබ්ද දූශණය


7] රාජස්තානී නැට්ටිච්චී

ප්‍රදර්ශණ භූමියේ ඇතුලත.....

8] අරලිය ගහේ එල්ලෙන ප්ලාස්ටික් මල් - ඉවතලන බෝතල් නිර්මාණයක්


9] කළු අශ්වයා - සෑම වසරකම යම් කිසි ඉවතලන ද්‍රව්‍යයකින් නිමාණය වෙන කළු අශ්වයෙකු මේ කළා උළලේ අනිවාර්‍ය අංගයක්. ගිය වසරේ අශ්වයා නිර්මාණය කොට තිබුනේ ඉවතලන යකඩ හා බයිසිකල් දම්වැල් වලින්. මෙවර එය ඉවතලන රබර් හා ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් නිමැවී තිබෙනවා.


~ // ~

10] බුද්ධ ශ්‍රී භගවාන් - තරුණ ඉන්දියානු ශිල්පියෙකු නිර්මාණය කල ගෞතම බුදුන්වහන්සේ. මෙය ඉවතලන කාඩ්බෝඩ් packing carton දියකර සාදාගත් පල්පයකින් නිර්මාණය කොට ඇත.

සටහන : ඉන්දියානු හින්දූන් ගෞතම බුදුන්වහන්සේට විරුද්ධ බව හා බුදුදහමට වෛරකරන බව බහුතර ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මතයයි (මා දන්නා පරිදි). එහෙත් එය සත්‍යයෙන් (වර්තමානයේ) තොරබව මට පැවසිය හැකියි. ඔවුන් බුදුන් වහන්සේ හදුන්වන්නේ "බුද්ධ ශ්‍රී භගවාන්" යන නමින්. භගවාන් යනු ගෞරවනීය දෙවියන් යන තේරුම දෙයි. හින්දු ආගම විවිධ නිකායන් දහස් ගණනක් ඇති ඇතර විවිධ දෙවිවරුන් අදහයි (ශිව දෙවි, ගණපති, හනුමාන්, දුර්ගා-කාළි දෙවඟන මෙයින් ප්‍රචලිතයි). ඔය විවිධ ඇදහිලි අතරින් ජෛන හින්දූන් (Jain) බුදුන්වහන්සේ ඔවුන්ගේ පිදිය යුතු උතුමන් ගෙන් කෙනෙකු ලෙස වැඳීම් පිදීම් කරයි. එපමණක් නොව මුම්බායි නගරයේ බොහෝ කෝවිල්වල බෝධි වෘක්ශය දකින්නට ලැබෙන අතර ඔවුන් එය අසල සිය දේව රූප තබා වැඳීම් පිදීම් කරයි. 

බුදුන්වහන්සේගේ තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය ඉන්දියාවේ හඳුන්වන්නේ "බුද්ධ පූර්ණිමා" යන නමින් වන අතර වෙසක් පුන් පොහෝදිනය ඉන්දියානු මධ්‍යම රජය මගින් ගැසට් කරන ලද නිවාඩු දිනයකි.



11] අතීතයේ මඩවගුරක්වූ ප්‍රදේශයක් සංවර්ධනය කොට මුම්බායි නගරය ගොඩනැගූ කම්කරුවන් හට උපහාරය. වීල් බැරෝව සිටුවා තිබෙන වීදුරුවේ ඇඳ ඇත්තේ මුම්බායි නගරයේ දල සිතියමයි


12] ජීවත්වීම යනු අනුන්ට උදව් උපකාර කිරිමයි




13] කුඩ බෝලය


14] කුණු මාළු - මේ මාළුන් පුරවා තිබෙන්නේ අපද්‍රව්‍ය වලිනි. කළාකරුවාගේ පණිවුඩය වන්නේ අපද්‍රව්‍ය සාගරයට විසිකිරීම නිසා ඇතිවන හානියයි.


15] නූතන තාරුණ්‍යය

16] සමුද්දීපනය (Radiance) 


17] වෑයම (Endeavor) - විස්තර පුවරුවට අනුව මෙම රුව නෙලා ඇත්තේ තනි  ලී කොටයකිනි




කාළ ඝෝදා කළා උළෙලෙහි මා වඩාත්ම ප්‍රිය කල නිර්මාණය - Under The Table  (මේසය යටින් ).

ඉන්දියානු රජයේ නිළධාරීන්ගේ දූෂණ හා අල්ලස් ගැනීම පිලිබිඹු කෙරෙන නිර්මාණය - ඡායාරූප හා විස්තර පුවරුව දක්වා ඇති බැවින් ඉන්දීය රජයේ සේවයේ යථාර්තය හා කළාකරුවාගේ පණිවුඩය ඔබටම තේරුම්ගත හැකිය.

මේ නිර්මාණය මම දකිනා ආකාරයට කළා උළලට ඉදිරිපත් කොට තිබුණු විශිෂ්ඨතම නිර්මාණයයි.








19] ශබ්ද දූශණය


20] සැනසිල්ල (Peace)




21] ගිලීයාම (Submerged) 




22] මන්දපෝශණයට එරෙහි සටන



ඉන්දියාගේ  මන්දපෝශණයට එරෙහි සටනේ ක්‍රියාකාරිකයෙක් දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදයි.

ලංකාවේ නම් මේ විධියට ලංකාවේ මන්දපෝශණය ගැන කතා කෙරුවානම් ඒ කළාකරයා ආණ්ඩු විරෝධී, NGO ඩොලර් කාක්කෙක් හා කොටි හිතවතෙක්. මොකද අපේ ආණ්ඩුවේ විධියට ලංකාවේ මන්දපෝශණය තියෙන්න විධියක් නෑ.. (සමාවෙන්න පොලිටික්ස් ඇදගත්තට - කිව යුතුයයි සිතුනා )



~~~~ \\\\\ ~~~~

කාළ ඝෝදා කළා උළෙලෙහි එළිමහන් රංග වේදිකාව. සෑම සවසකම 5 සිට රාත්‍රී 10 පමණ වනතෙක් ඉන්දියාවේ සිවු දිගින් පැමිණෙන කළාකරුවන් නාට්‍ය, ගීත, පාරම්පරික නැටුම් වැනි අභිවාහ්‍ය කලා (performing arts) නිර්මාණ ඉදිරිපත් කරනවා. මෙවැනි සංදර්ශණ ප්‍රදර්ශණය පැවති දින නවය පුරාවටම සෑම දිනකම පැවැත්වුනා.


දිනපතා රඟ දැක්වෙන ප්‍රසංග දැක්වෙන විස්තර පුවරුව


ප්‍රේක්ශකාගාරය


කළා උළෙල නැරඹීමට පැමිණ සිටි ජන ගඟෙන් කොටසක්



== // ==


23] Safe Sex





ලංකාවේ මේවගේ නිර්මාණයක් කරලා මහජන ප්‍රදර්ශණයට තැබුවොත්......? 

මට නිකමට හිතෙනවා......මොකෙක් හරි අමනයෙක්; අසභ්‍යයි, අපේ නිර්මළ සංස්කෘතියට විරුද්ධය්, පොඩි දරුවන්ට පෙන්නන්න බෑ- පොඩි ළමයි ප්‍රශ්ණ ඇහුවා අපිට හරියට ලැජ්ජා හිතුනා.... හාමුදුරුවරුත් වැඩලා හිටියා එතුමන්ලාටත් හරි ලැජ්ජයි.....වහ වහා ඈතට වැඩියා... වගේ කතා කියලා පැමිණිල්ලක් දාලා, පත්තරෙත් දාලා ඔය කළාකෘතිය පොලිසියෙන් උස්සගෙන යයි ..... 

[ කළාකාරයාට නඩු නොවැටී , ගුටි නොකා, හිරේ නොවැටී, ගේ ගිණි නොගෙන, දෙමව්පියන් බැනුම් නාහා බේරුනොත් ඇති...]

මම වැරදිද?





කාළ ඝෝදා කලා සල්පිල 












මුම්බායි හි දේශීය කෑම බීම....




උක්දඬු යුශ - ලොකු කෝප්පයක් ඉන්දියන් රුප්යල් 10යි. පොත්ත සූරපු උක්දඬු ඔය පේන මැශිමට දාලා අඹරලා එන යුශ පෙරලා කෙලින්ම වීදුරුව පුරවයි. ජලය මිශ්‍රකොට තනුක කිරීමක් නැත. අයිස් කැට හා දෙහි බිංදුවක් දමා දෙයි. දාහය ඇති විට අමෘත පානයකි. මුම්බායි නගරයේ සෑම ප්‍රධාන වීදියකමේ මේ උක්යුශ වෙළෙන්දන් දැක ගත හැකිය.






පානී පූරි හා සෙව් පූරි - Mumbai's most popular local "short eats"




කුරුම්බා - තැඹිලි නම් දකින්නවත් නෑ






දකුණු මුම්බායිවල පරණ ටැක්සි - මම Kala Ghoda ආවෙත් මේවගේ එකක, ඉස්සර නම් නගින්නත් බයයි, කඩාගෙන වැටෙයි කියලා හිතෙනවා. දැන් බය නෑ. පරණ වුනාට නියමයි, ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. ඩ්‍රයිවර්ලා ගොඩක් වෙලාවට ටැෆික් වලදී එන්ජිම නිවාගෙන ඉන්නේ, ස්ටාර්ට් වීම ඒ තරම් ශුවර්... 

දකුණු මුම්බායිවල ත්‍රී වීලර් (මෙහෙ භාශාවෙන් "රික්ශෝ" ) තහනම් වාහන තදබදය අඩුකර ගැනීමේ පියවරක් විධියට. ඒනිසා මේ වගේ ඇම්බැසඩර්, පද්මිණී වගේ හැට පැනපු ටැක්සි තමයි පාරවල් රජකරන්නේ.




ඒ අතට.... මේ අතට..... අඟර දඟර "මුම්බායි" සරුංගෝල්...


මේ වගේ සුන්දර මුම්බායි සරුංගෝල් ගොඩක් කළා ඝෝදාවලදී මගේ කැමරාවේ සටහන් වුනා. ලඟදී පෝස්ට් එකකින් ඒ අයව පෙන්වන්නම්.....