Monday, November 12, 2012

සිරකරුවෝද මනුශ්‍යයෝය....... මුන්?



සිරකරුවෝ මනුශ්‍යයෝය...ඒත් මුන් හැත්ත මිනිස්සුද?

සිරකරුවෝ මනුශ්‍යයෝ බවත්, එස්.ටී.එෆ් එක ගොස් මේ මනුශ්‍ය සිරකරුවන්ව පරික්ශාකරපු එක වැරදි බවත් , මහා මනුස්ස ඝාතනයක් බවත් විකල්ප ඉලෙක්ට්‍රොනික මාධ්‍ය කියයි. මේ අතර රජයේ මාධ්‍යද, ඇමතියාද හිරකාරයෝ රොහලේ මත්පෙති ගිලලා, සූර්වෙලා ඊටපස්සේ ආමරිය කඩා සන්නද්ධ වි වෙඩි තබමින් යකා නැටූ බව කියමින් තමන්ගේ ගොන්කම ප්‍රදර්ශණය කරමින් සිටී..


හිරේ ඉඳගෙන මිනීමැරුම්, කප්පම්, මකොල්ල ප්ලෑන් කරන, කුඩු ගහන, කුඩු බෙදන කුඩු විකුණන ව්‍යාපාර කරගෙන යන මේ පව්කාර හැත්ත මිනිස් සරීර කූඩු තිබුණාට මිනිස්සුම නොවේ. මුන් කර ඇති අපරාධ, ස්ත්‍රීදූශණ, මිනීමැරුම් දෙස බලන විට මුන් අමුම තිරිසන්නුන් බව පෙනී යනු ඇත.


අනේ සිරකරුවෝත් මනුස්සයෝ කියමින් බයිලා ගහන මාද්දිය බයියන්ගේ සල්ලි නැති පර්ස් එකක් හරි පික් පොකැට් ගැහුවොත් හෙම අපරාධකාරයින්ද මනුස්සයෝය කියලා මෛත්‍රි භාවනාව වඩනවාදැයි අසා බැලිය යුතුය.

මුන්ගේ සල්ලි නැති පර්ස් එකක් හරි ගෑනිගේ බාල රත්තරන් චේන් පොටක් හරි කඩාගත්තා නම් එදාට සියලු අපරාධකාරයින් පෝලිමට හිටුවා වෙඩි තැබිය යුතුයැයි හිරකරුවෝද මනුශ්‍යයෝයයි දැන් ලියන පෑනෙන්ම ලියනු ඇත.


ශිෂ්ඨ සම්පන්න සමාජයක් සිරකරුවන්, වරද කරුවන් යහමගට ගන්නට විවිධ ක්‍රියාමාර්ග ගතයුතු අතර ඔවුනට දෙන දඬුවම වරදට සමාන ලෙස දීමටත් වගබලාගත යුතුය. ඒත් ලංකාවේ සමාජය ශිෂ්ඨසම්පන්න යයි කියන්නේ සූරියප්පෙරුමලා වැනි පිස්සුපොරවල් පමණි. කඳපණුවන් ගැසු සමාජයකට මෙවැනි පිළිල වෙඩිකා හෝ වැනසී අඩුවී යාම සැපතකි.


අනෙක් අතට කලක් ත්‍රස්තවාදීන්ද මනුශ්‍යයෝය, උන් එක්ක යුද්ධ කරන ගමන් උන්ගේ මිනිස් අයිතිවාසිකම් සුරකින්නට උන්ට කන්ඩ බොන්ඩ ටිකත් බෙත් හේත් ටිකත් යවමින් උන්ව පෝශණය කල දෙගාත් බූරුවන් නිසා අවුරුදු 30ක් මේ රට කාළකන්නි වුනා මතක ඇති. 

මේ රට නිදහස් වුනේ ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා ලෙස සළකන්නට පටන්ගත්දා සිටය.

රටම වෙළාගෙන යන කුඩු හා සංවිධානාත්මක අපරාධ වලින් රට නිදස් වන්නේත් කුඩුකාරයා/පාතාලයාද ත්‍රස්තවාදියෙකි, දුටුතැන කෙසේ හෝ, කුමන මිලක් ගෙවා හෝ වැනසිය යුතු   පිළිකාවකි යන්න පාලකයින්ට මෙන්ම සමාජයටත්, වැදි බණ කියන මාධ්‍යකාරයින්ටත් අවබෝධවීමෙන් පසුවය.




Tuesday, June 19, 2012

ලන්ඩන් දුවඤ්ඤයි.............. බැන බැන ආපහු නොඑඤ්ඤයි

ශ්‍රී ලංකා ප්‍රජාචන්ත්‍රවාදී බනානා රිපබ්ලිකයේ මහ රජට මලපන්නවන්නේ නැතුව ලංඩොන් සංචාරයක් සංවිධානය කරන්නට සුද්දන්ට උපදෙස්.............


1) එතුමාගේ සංචාරය සිදුවන දින 14 (නැතහොත් දින 30) ලන්ඩොන් නුවර සියලු පාරවල් වසා නිවාඩුදින ලෙස ප්‍රසිද්ද කල යුතුය

2) ලන්ඩොන් වල හැම තරු 5හේ හෝටලයකම කාමර පනහ  ගානේ බදු ගෙවන බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ බදු මුදල් වලින් ගෙවා වෙන්කල යුතුය.

3) ලන්ඩොන් නුවර සියලුම පාසල් ලමෝ නිළ ඇඳුමෙන් පාරවල් දෙපස සිංහකොඩි හා කතිරකොඩි අතටදී උදේ සිට බඩගින්නේ පෙලගස්සවා තැබිය යුතුය

4) ලන්ඩන් බස් සේවයේ රතුපාට ඩබල් ඩෙකර් බස් සියල්ලම මුදල් නොගෙවා බලෙන් ගෙන එතුමාගේ සම්ප්‍රාප්ති උලෙල නැරඹීමට හා කොඩි වැනීමට සෙනග ඇද්දවිය යුතුය. 

5) බස්වලින් කොඩි වනන්නට එන සෙනගට නොමිලේ බත් පැකට් එක හා අරක්කු බාගයක් ......සොරි වැරදුනා......... ෆිශ් ඇන්ඩ් චිප්ස් පාර්සලයක් හා ස්කොච් විස්කි බාගයක් නොමිලේ දිය යුතුය. මේවා ඕගනයිස් කිරීම ලන්ඩන් මාෆියා බොස්ලාට පැවරිය යුතුය.

6) එතුමා ලන්ඩොන් ඉන්නා සතිදෙක හෝ මාසය තුල සියලුම් පොලිස්කාරයින්ගේ හා රජයේ නිළ්ධාරීන්ගේ නිවාඩු කැන්සල් කල යුතුය

7) එතුමාගේ ප්‍රයිවැට් ජෙට් එක නොහොත් රජයට පවරාගත් සිරි ලන්කන් ගුවන්සේවයේ අලුත්ම එයාර් බස් එක ගොඩ බස්සවන විට එන්ගලන්තේ රැජිනත්, එයාගේ හස්බන් ආදිපාදත්, ඔටුන්න හිමි කුරාත්, අගමැතිත්, ආරක්ශක ඇමතිත්, විදේශ ඇමතිත් එතුමා පිලිගන්නට පෝලිමේ සිටිය යුතුය.

8) එතුමා එනකොට කොටි කොඩි වනමින් විරෝදය දක්වන ටැමිල් ටයිගර් ඩයස්පෝරා බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් ලාගේ ඇටකටු කැඩීමට විසේස මැර හමුදාවක් ලෑස්තිකල යුතුය. මැරයෝ මදිනම් යුනිෆෝම් ගැලවූ ආමි කොල්ලෝ යෙදවිය හැකිය.

9) එතුමා සම්ප්‍රාප්තවන දින මුලු මහත් එක්සත් රාජධානියේම සියලුම රූපවාහිනී හා සැටලයිට් නාලිකා සාමාන්‍ය වැඩසටහන් කැන්සල් කොට එතුමාගේ සම්ප්‍රාප්තිය ලයිව් දිය යුතුය

10) බී.බී.සී ලෝක සේවය එතුමාගේ පැමිණීම ගැන විනාඩි 15න් 15ට මුලු ලෝකෙටම බ්‍රේකින් නිවුස් දිය යුතුය.

11) ලන්ඩන් වල හැම පන්සලකටම, පල්ලිකටම, කෞතුකාගාරයකටම හා ලන්ඩන් සත්තු වත්තට යන්නට එතුමාට සියලු පහසුකම් සැලැස්සවිය යුතුය.

12) එතුමාට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා පැය 2ක කථාවක කිරීමට අවස්ථාව සලසා දිය යුතුය.

13) එතුමා එක්ක එන සියලු බලු කපුටන්ට කෑම, බීම, ඉඳුම්හිටුම් හා ගෑනු නොමිලේ සපයා දිය යුතුය. උන් සුපර්මාකට් වලින් උස්සා සාක්කුවේ දාගන්න බඩු වලට ගෙවන්නට වෙනම කට්ටියක් රහසින් දමා සිටිය යුතුය. නැතිනම් උන් අසුවූවිට එතුමාට ලැජ්ජාවකි. මේ බලුකපුටන් නයිට් ක්ලබ් හා බඩු පොට් වලට යනවිට අතිරේක කලිසම් හා කමිස රැගත් කට්ටියක් එම ස්ථාන අසල රඳවා තැබිය යුතුය. උන් කලිසම් නැතිකරගත හොත් ලැජ්ජාවත් එතුමාටය

14) එන්ගලන්තේ රැජින එතුමා ඉන්න හෝටලේට පැමිණ එතුමාට "කමාන්ඩර් ඔෆ් බ්‍රිටිශ් එම්පයර් - CBE" නැමති නයිට් නාමය පිදිය යුතුය. එවිට එතුමා "සර් මහින්ද රාජපක්ශ වනු ඇත." එතුමා හරිම හැපී වනු ඇත.




Monday, June 18, 2012

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී බනානා රිපබ්ලික්.......

බනානා රිපබ්ලික් යන්න විකිපීඩියා විශ්වකෝෂය අර්ථදක්වන්නේ

"  ඉතා සීමිත සම්පත් හා අපනයන කිහිපයක් මත යැපෙන, දේශපාලනමය වශයෙන් ස්ථාවරත්වයක් නැති, දුගී දුප්පතුන් අති බහුතරයකුත්, ධනපතියන් ,මැරයන් හා හමුදාවේ සුලුතරයක් අත දෙශපාලන බලය රැඳී ඇති, දූෂණය ඉහවහා ගිය ඒකාධිපති පාලනයක් යටතේ පවතින කුඩා රටකි......"


මේ අර්ථදැක්වීම ලංකාව ඉලක්කර කරගත් කොටි ඩයස්පෝරා, සුදු අධිරාජ්‍යවාදී ඇන්ජීඕ කුමණ්ත්‍රණයක් ලෙස හැඳින්වීමට ලංකා පාණ්ඩුවේ කටු ලෙවකන ඕනෑම බුද්දිමතෙකුට, කලාකාරයෙකුට හෝ මාද්දියවේදියෙකුට පුලුවන.

කියවලා බලනකොට හරියට ලංකාව දිහා බලලාම ලිව්වා වගේ පෙනුනත් 1904දී මේ යෙදුම මුල්වරට භාවිතා කරපු ඇමරිකන්කාරයා අදහස් කරලා තියෙන්නේ ඇමරිකාව කෙසෙල් අපනයනයෙන් ජීවත්වන, දූශිත මධ්‍යම ඇමරිකානු රටවල් ගැන හිතලයි.

බනනා රිපබ්ලික් කතාව ඒකාලේ මධ්‍යම ඇමරිකාවට ගැළපුනාට දැන් ගැලපෙනේ ආසියාවේ ආසිචර්යය යයි ආණ්ඩුව හැරෙන්නට වෙන කවුරුවත්ම නොකියනා සිරි ලංකාවට බව දේසප්‍රේමී ජනතාවට (හෙවත් ආණ්ඩුවේ ලණු ගිලිමින් බඩගින්නේ හිනාවෙනගමන් සී නිවුස් එකේ දේසප්‍රේමී කුණුහරුප කොමෙන්ටු කොටන මෝඩ හැත්තට) වුවද දැන් දැන් වැටහෙතැයි නිකමට අපිට සිතෙන්නේ අපි සැබෑ දේසද්‍රෝහීන් නිසාම වන්නට ඇත...

රටම ඩෙංගු වසංගතයෙන් වැහීගෙන යද්දී, මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ වෙඩි කද්දී, වෙඩි තියපු එවුන්ට කොමාන්ඩෝ ආරක්සාව ලැබෙද්දේ, මැරුණු මිනිස්සුන්ගේ මළගමට කොඩියක්වත් අදින්න එපා කියලා පුකේ මහේස්ත්‍රාත්ලා නියෝග නිකුත් කරද්දී වසී බෝලෙත් මිරික මිරිකා අපලෙ කාලෙ ගෙවෙනකන් ලෝක වටේ දුව දුව  ඉන්නා නායකයෝ ඉන්නේ කෙහෙල්කං ජනරජවල නොවේද?

ඒ විතරක් නෙමෙයි,  කෙහෙල්කං රටේ අතිගරු  රජතුමා, සුද්දන්ට පස්පඩංගුවේ බැන බැන ඉන්න ගමන්, සුද්දන්ට නැමෙන්නේ නෑ කියන ගමන්, නාකි සුදු රැජිනිට අතට අත දුන්නේ දෙකට නැමිලා බව අපි හොඳටම දැක්කා. ඒවගේ බය පක්සපාතකමක් එන්ගලන්නේ එවුන්ගෙන්වත් රැජිණිට ලැබෙන්නේ නැතුව ඇති.

ඒ විතරක් නෙමෙයි, නාකි සුද්දිගේ උපන්දිනේට ප්ලේන් බුක්කරගෙන, නඩේ පටෝගෙන, ලන්ඩොන් ගිහිල්ලා ආයෙත් කිචවෙලා, කුණුහරුපෙන් ඕගනයිසර්ලාට බැන බැන කිව්බාව දිව්වට එහෙදි ලැබුනෙත් උප ඇමතිනීගේ පිලිගැනීමක් විතරලු. මේ වගේ එන්නන් වාගේ වැඩක් නැතුව අපල ගෙවන්නට දුවගෙන එන කිං බානට්ලා පිලිගන්න එයාර්පෝට් එකට එනවාට වඩා වැදගත් වැඩ රාවුල් කැස්ත්‍රෝට ඇති බව අපිට හොඳටම විශ්වාසයි.

කියුබාව වගේ විශාල රටක්, අවුරුදු 30-40ක ඇමරිකන් ආර්ථික සම්භාදක යටතේ ඔය විදිහට හරි තියාගෙන මිනිස්සුන්ට කන්ඩ අඳින්ඩ, බේත්හේත්ටික, අධ්‍යාපනය වගේ දේවල් අඩුපාඩු නැතුව දෙන්න පුලුවන් දක්ෂ පාලකයින්ට විතරයි.  කැස්ත්‍රෝලා මිරිකන්නේ අපේ තුමා වගේ රත්තරන් වසීබෝල නෙමෙයි, වැඩ නොකරන නිළධාරීන්ගේ, දූශිත නිළධාරීන්ගේ ඇටබෝල. ඒනිසා අපේ කිං බානට්තුමාට වැඩ නැති වුනාට රාවුල් කැස්තෝලාට අම්බානක වැඩ තියනව. ඒ මිනිස්සු වැඩකරන්නේ මන්තරකාරයින්, කට්ටඩින් කියන විදියට නෙමෙයි. රටේ ජනතාවගේ සුභසිද්දියට.

කියුබාවෙන් චුත වුනාට පස්සේ බනානා රිපබ්ලික් රජතුමා කොහාට යයිද කියලා තාම නිනව්වක් නෑ, ඒත් ද්වීපාර්සවික සබඳතා තරකොරගන්න කියලා මොකක් හරි රටකට දුවගෙන ගිහිල්ලා ඒ රටේ නායකයින්ගෙත් වැඩ පාලු කරයි. ඇයි ඉතින් රටක නායකයෙක් අවේලාවේ කඩාගෙන වැටුනත් වැදගත් විධියට සළකන ඕනෑ කියලා සම්මතයක් තියෙනවානෙ. නැතිනම් ලැජ්ජාව ඒ මිනිස්සුන්ටනේ. අපේ රජතුමාට නැත්තෙම ලැජ්ජාවනෙ. 

ආයෙත් මොකෙක් හරි පකඩ සුද්දෙක් වැදගැම්මකට නැති දේකට (උදාහරණයක් ලෙස ලන්ඩන් නුවර පොදු වැසිකිලියක් විවෘත කරන්ඩ හරි ) එන්ඩ කිව්වොත් අපේ  රජතුමා ප්ලේන් එකක් බුක්කරගෙන ආයෙත් දුවයි ලන්ඩොන්.... ගිහිල්ලා බැන බැන එයි.....

"  All hail the king of ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී බනානා රිපබ්ලික්....... "


Tuesday, June 12, 2012

දේසප්‍රේමීද? දේසද්‍රෝහීද? ජම්පරය නැති හිරකාරයා ෆොනී විතරද?


අපේ රටේ ඕනෑම කතාවක්, ක්‍රියාවක්, රඟපෑමක් හෝ වෙන මොනයම්ම දෙයක් උනත් කොටස් දෙකකට ලේසියෙම්ම වර්ග කරගත හැකිය.

1. ආණ්ඩුවේ, ජනපතිගේ, ජනපති දරුවන්ගේ හොඳකීම, අගය කිරීම, එසේ කරන කතා, ක්‍රියා, රඟපෑම් හා වෙනත් අංගචලන (උදා: කඩේයාම, කුලියට කැහීම, සීනි කිරීම) වැනිදෑ දේසප්‍රේමී ගොඩට දමාගත හැකිය

2. ආණ්ඩු විරෝදී, පවුල විරෝධී කතා, ක්‍රියා, රඟපෑම්, සුද්දන්ට පෙත්සම් ලිවීම්, පෙලපාලි යාම්, අයිතිවාසිකම් ඉල්ලිම්, රටේ ධනය වියදම්කරන්නේ මොනවාටදැයි ඇසීම වැනි දේවල් දේසද්‍රෝහී ගොඩට දමාගත හැකිය

අපේ රට ආසියාවේ ආස්චර්යය වන්නේ ඒ නිසාය. හැමදේම සිම්පල්ය, එක්කෝ ප්‍රේමීය නැතහොත් ද්‍රෝහීය. අතරමැද කචල් කේස් නැත.

කචල් නැත කියා හිතන්නට ආසා වුනාට කචල් නැත්තටම නැත්තේද නැත....

ඇමරිකාවට සහය වියයුතු යයි කීම,  ඇමරිකාව කියනදේ ඇසීම, ඇසිය යුතුයයි කීම අංක එකේ දෙසද්‍රෝහී වැඩකි. එහි සැකයක් නැත. උදාහරණයක් ලෙස ෆොනී හෝ රනී ඇමරිකාවට හෝ එන්ගලංතයට පොඩි බකප් එකක් දුන්නොත් ඒක මාසයක් කකා ඉන්නට පුලුවන් ලොකුම ලොකු දේසද්‍රෝහී කටුවක් බවට පත්වේ. සියලු දේසප්‍රේමී බලුකුක්කෝ හා දඩෝරියෝ මේ මහා කට්ට තමන්ට දැනුම් තේරුම් ඇති ආකාරයට විකමින්, ලෙවකමින්, හූරමින් ලකුණුදාගන්නට ප්‍රොකාස නිකුත් කොරති, කෑ කෝ ගසති, උඩුබුරති.

හැබැයි කචල් එක එන්නේ ආණ්ඩුව ඇමරිකාව කියනදේ කොරන්නට පටන් ගත්විටය.

ඇමරිකාව කියනදේ කිරීම දේසද්‍රෝහීය.....ඒත් ආණ්ඩුව ඇමරිකාව කියනදේ කොරනකොට? ආණ්ඩුව කරනදේවල් දේසද්‍රෝහී වන්ට පුලුහන්ද? මේ කපේදී බැරිය!

මාර කේස් එකය....හරියට හිරෙන් නිදහස් වුනු ෆොනී ටිරාන් ගේ හිරකාරයා වුනා වගේය, වෙනස ජම්පරය නැති ටික විතරය. ආණ්ඩුවට හා ආණ්ඩුව කොරවන මහතැනට වී ඇත්තේද ෆොන්සේකා ජම්පරේ නැතුව ආයෙත් හිරේ ගියා වගේ දෙයක්ය. ආණ්ඩුප්‍රේමී බළමුළු ගල්ටික් වී ඇත, ගලේ පැහැරූ බළලුන් මෙන් මීක් නැත.

ආණ්ඩුව ඇමරිකාව කීදේ අසා, කීකරු ළමයෙකු ලෙස හොඳ කල්කිරියාවෙන් පසුවෙමින්, තම අතිජාත මිත්‍ර ඉරානයට පුකට පයින් ගසා (එනම් කොන්ඩොම් තියරියට හසුකොට) ඉරාන විරෝධී සෞදි අරාබියෙන් හා තවත් ඇමරිකන් ගැති මැද පෙරදිග රටකින් තෙල් ගන්නට ගිවිසුම් ගසා ඇත.

අපි කියනදේ කරන, කීකරු ළමයි ඉන්නා ආණ්ඩුවක් නිසා දඬුවම් කරන්නේ නැතැයි කිලින්ටන් ප්‍රින්සිපල් නෝනාද කියා ඇත.

දැන් ප්‍රේමියා මොකාද ද්‍රෝහියා මොකාද? ජම්පරය නැති හිරකාරයා ෆොනී විතරද? රජතුමා එහෙම නැද්ද?

කබරයා මොකාද? තලගොයා මොකාද? (කන්ට ඕනෑවූ විට ඕවත් ප්‍රස්නද?)














Thursday, June 7, 2012

හම්බන්තොට වරායට පැමිණි කාර් නැව......


වෙබ් මාධ්‍ය වාර්තාවකට අනුව කාර් නැව ලංකාවට එවා ඇත්තේ කාර් 15ක් පමණකි. ඉතුරුවා ඇල්ජීරියාවට ප්‍රති-අපනයනය සඳහාය. ඒ අනුව මෙය පුහු මාධ්‍ය සංදර්ශණයකි.

මාගේ අදහස අනුව නම් : මෙය හොඳ ආරම්භයකි. ප්‍රති අපනයනය යනු ලාභදායි ව්‍යාපාරික අවස්ථාවකි. මේ අවස්ථාව අපි කෙසේ හෝ රඳවාගෙන වර්දනය කල යුතුය.

ඉන්දියාවේ ජීවත්වන මා හොඳින්ම දන්නා කරුණක් නම් තමිල්නාඩුවේ චෙන්නායි යනු ඉන්දියාවේ වාහන කර්මාන්තයේ හදවත බවයි. ලොව බොහෝ බහුජාතික වාහන සමාගම් (BMW සමාගමද ඇතුලුව) චෙන්නායි නුවර සිය කර්මාන්තශාලා පිහිටුවා ඇත.

ඉන්දියානු ව්‍යාපාරික සඟරාවක පලවුනු පහත සටහන බලන්න. (Business Today, October 2011)


සටහනට අනුව චෙන්නායි නුවර වාහන නිශ්පාදනය පහත පරිදිවේ....

කාර් - මිලියන 1.4
වානිජ වාහන - 361,000
ට්‍රැක්ටර් - 61,000
මෝටර් සයිකල් - මිලියන 1.8

චෙන්නායි වාහන කර්මාන්තයේ විශාලත්වය සිතාගත හැකියි නේද?

මේ වාහන නිශපාදනයෙන් විශාල ප්‍රමාණයක් ආසියාවට හා අප්‍රිකානු රටවලට අපනයනය සඳහා වේ. මේ අපනයන වලින් අඩුම ගණනේ 10%-15% ප්‍රති-අපනයන ලෙස හම්බන්තොට වරායට අද්දවා ගන්නට පුලුවන්නම් රටටම ජයකි.

අපේ පැතුම එයයි. නැව පැමීනිම හොඳ ආරම්භයක් ලෙස අප පවසන්නේ එබැවිනි. 

හම්බන්තොට වරාය ගැන අපට විවේචන තිබුණේය. ඒවා අප නොපැකිලව ඉදිරිපත් කලෙමු. එහෙත් අසාර්තක යයි සිතූ ව්‍යාපෘතියක ලා දල්ලක් එනවිට එයට සතුටුවීම රටට සැබැවින්ම ආදරේ මිනිසුන්ගේ ගතියකි. එය රාජපක්ශලාගේ ව්‍යාපෘතියක් නිසාම එයට විරුද්ධ වීම මහත්වූ කුහකකමකි. රජපක්ශලා රට දියුණු කරනවානම් අපට එයට වඩා සතුටක් නැත. මේ රට දියුණු කරන්නට රනිල් හෝ ෆොනී එනකම් ඉන්නට ඕනෑ නැත. රාජපක්ශලාට එය කල හැකිය. අපේ විවේචනය එය නොකිරීම පමණකි.

කොළඹ නැව් හරවා එවීම

කොළඹ වරායේ නැව් හරවා හම්බතොටට එවීම මගින් කොළඹට පාඩු බව කියැවේ. කෙටිකාලීනව එය සැබෑවක් වන්නට පුලුවන, එහෙත් කොළඹ තදබදය අධික වරායකි. එයින් කොටසක් ඉන්දියාවේ වරායකට යවනවාට වඩා අප රටේම තව වරායකට යවන එක නරකක් වන්නට බැරිය. රාජපක්ශලා එක්ක තරහට ඉන්දියාවේ වරායවල් පෝසත් වෙනතෙක් අහකබලාගෙන ඉන්නේ රටට වඩා දේශපාලනේ කරට ගත්විටය.




අනෙක් අතට හම්බන්තොට වරායේ මෙහෙයුම් සාර්ථකව කලහැකි බව ලොවට පෙන්වා නැව් සමාගම්වල සැක දුරුකිරීමටද මෙය අවස්ථාවකි. හම්බන්තොට වරාය කෝඩුකාර වරායක් බැවින් නැව් සමාගම් එහි නැව් ගෙන එන්නට මැලිවනවා වන්නට පුලුවන. මේ මගින් සෙමින් සෙමින් එම සැක දුරැලීමට හැකියාව ලැබේ.

එමෙන්ම වරායේ මෙහෙයුම් පාලනය කරන නිළධාරින් හා සේවකයින්ටද මෙමගින් වරයේ මෙහෙයුම් කිරීම සඳහා යම් උරගා බැලීමේ අවස්තාවක් (trial run) ලැබේ.

අවසාන වශයෙන් කිවයුත්තේ මෙම වරාය දියුණුවී හම්බන්තොට රැකියාවිරහිත තරුණ කැලට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු තබාගත හැකි අවස්ථාවක් ඉක්මණින් උදාවේවා යන්න අපේ පැතුම බවයි.


ගම්වල තරුණියන් ජීන්ස් අඳිනවා, දැන් ආර්ථිකය හොඳයි!!


ජීන්ස් වැනි නිමි ඇඳුම් පැලඳ සිටින ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ තරුණියන් දැකීමෙන් 
මෙරට ආර්ථිකයේ සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස හඳුනාගත හැකි බව 
ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

එවැනිම තත්වයක් සිංගප්පූරුව දියුණුවෙමින් පවතින කාලයේදී 
තමා සියසින් දුටු බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට පෙර විපක්‍ෂ නායක තුමාද තරුණියන් ජීන්ස් අඳින යුගයක් 
ගැන කතා කල බවද අමාත්‍යවරයා මෙසේ සඳහන් කලේය.


‘එදා ඒ කතාව ගැලපෙන්නෙ නෑ. 
එදා මිනිස්සුන්ට සල්ලි තිබුනෙ නෑ. 


දැන් සල්ලි තියෙනවා. 
දැන් ඒ කතාව ගැලපෙනවා.’

 - කටින්ද දන්නේනෑ ඇ-මැටි-තුමා මේ කතාව කිව්වේ.


Tuesday, June 5, 2012

උපයන සෑම රුපියලකින්ම ශත 81ක් ණය ගෙවනවා [ කුවේණිගේ ජංගිය වගේ තවත් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක්! ]


උපයන සෑම රුපියලකින්ම ශත 81ක් ණය ගෙවනවා
June 5, 2012 at 12:26 pm | Lanka C News.


මහ බැංකු වාර්තාව අනුව 2011 වසර අවසානයේදී ශ‍්‍රී ලංකාවේ නොපියවූ රාජ්‍ය ණය ප‍්‍රමණය රුපියල් කෝටි 513.33ක් බවත් ගතවූ මාස 05ක කාලය තුල මේ මුදල තවත් වැඩි වී ඇති බවත් අධිරාජ්‍ය විරෝදී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පවසති.


මේ හේතුවෙන් උපයන සෑම් රුපියලකින්ම ශත 81ක ණය මුදලක් ගෙවන බවත් මෙවැනි තත්වයක් රට තුල නිර්මාණය වෙමින් තිබියදී 2009 වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කරගත් ඩොලර් බිලියන 2.6ක මුදල් ප‍්‍රමාණයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද උන් වහන්සේ කියා සිටිති.

මේ කතාව කිව්වයි කියන්නේ දඹර අමිල හිමියෝ මහ බැංකු වාර්තාවක් උපුටා දක්වමින්ලු.

එක්කෝ අමිල හිමියන් මහ බැංකු වාර්තා කියවන්න දන්නේ  නෑ, නැතිනම් මහ බැංකුව බොරු කියනවා.

අපි මේවගේ පාටි දාන්න පුලුවන් රටක් වෙන්නෙ හොඳ සල්ලි තියෙනවා නම් විතරයි. කොහෙද ණය තියෙන්නේ? ඉන්දියාවෙන් ඉස්තරම්ම ජංගිලා ගෙනල්ලා නටවවන්ඩ පුලුවන්ද උපයන රුපියලට ශත 80ක් ණය ගෙවන රටකට?

ඉන්දියාවේ සල්ලි සාගරේ වගේ උතුරන අයි.පී ඇල් after-party වල නටන්නෙත් කබ්බ බඩු. ඒ වගේද අපි?

ඕවා ඔක්කෝම අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ, හරියටම කුවේණිගේ ජංගිය වගේ.



Friday, June 1, 2012

කුවේණිගේ රෝසපාට ජංගිය ජාතියන්තර කුමණ්ත්‍රණයක්ද?



බලන්ඩ අනේ අපේ නිර්මොල සන්ස්කෘතිය, සබ්බියත්වය හා ගැමි ලඳුන්ගේ සුන්දරත්වය විනාස කොරන්ට මුන් දැන් මහාවංසෙ ගැන රූගතවෙන චිත්තරපටිත් යොදාගෙන.

අපේ ජාතියේ ලොකු ඇන්ටී හා වැද්දන්ගේ ග්‍රේට්-ග්‍රෑන්ඩ් මදර් වන කුවේණිට මුන් රෝසපාට ජංගිත් අන්දලානේ. ඒකාලේ කොහෙද ජංගි තිබුනේ? කපු කැට්ටේ ජංගි මහන්නද? මොකෑ ඒකාලේ සුද්දියන්ට ජංගි මහන පැක්ටරි තිබුනායෑ මේ රටේ? එහෙම තිබුනානම් කුවේනි ඇන්ටිත් රටපටවන්න බැරි කොලිටි අඩු ජංගියක් ෆැසන් බග් එකෙන් හරි ෆැසන් හවුසියෙන්  හරි  ලාබෙට අරගෙන ඇන්දා කියන්න පුලුවන්නේ.

මේක තනිකරම ජාතියන්තර කුමන්ත්‍රණයක්.

1. එක්කෝ මේක ජාතියන්තරේ ලොකුම ජංගිය වෙන හිලරි ක්ලිටොන් මැඩම්ගේ වැඩක්. අනුන්ට ජංගි අන්දන එකම තමයි ඒ ගෑනිගේ වැඩේ.

2. නැත්නම් ගෑනු ජංගි විකුණීම වියාපාරෙ කරගත් වික්ටෝරියාස් සීක්‍රට් වගේ ඇමරිකන් බහුජාතික බූවල්ලෙක් උන්ගේ ජංගි ලංකාවේ විකුණගන්න අටවපු මාර්කැටින් කුමණ්ත්‍රණයක්. සන්නාම තානාපති විදියට මුන් අරගෙන තියෙන්නේ කුවේණි! කොහොමද කුමන්ට්‍රණේ?

3. එහෙමත් නැතිනම් ලංකාවේ ඉන්නේ මහ අසීලාචාර මිනිසුන්ය, ගෑනු ජංගි පෙන්නමින් උඩ පනිනවාය කියලා ලංකාව ජාතියන්තරව අපකීර්තියට පත් කිරීමේ ඇන්ජීඕ කොටි ඩයස්පෝරා කුමණ්ත්‍රණයක් වන්නටත් බැරිය.

කෙසේ හෝ මේ කුමණ්ත්‍රණය පරාජය කල යුතුමය!

 ජනපතිතුමනි, මේ අසීලාචාර ජංගි පෙන්වීම ඔබේ අවධානයට.... පපර පපර පාං....! (ඔබතුමා මේවගේ ප්‍රස්ණ විසදන්න හරි දස්ස බව අපි දන්නවනේ!)


ප.ලි. 

හොඳ වෙලාවට මේකි ජංගියක් ඇඳගෙන හිටියේ. බැරිවෙලාවත් කුවේණිගේ චරිතයට හොඳටම සමීපවෙන්න හිතලා ජංගිය නැතුව පැන්නානම් කොහොමද? අන්න කුමණ්ත්‍රණ!!

ප.ප.ලි.

අනේ බොලල්ලා වෙන වැඩ නැද්ද මේවත් පොලිටිකල් නිවුස් වෙබ්සයිට්වල දාගෙන ලොකුවට දඟලන්නේ?

දැන් ඉතින් ඕකෙ රඟපාපු ගෑනියි, කැමරාව අල්ලපු එකයි, ඩිරෙක්ටර් දුලානි අනුරාදා ගෑනියි, ඔය තත්පර ගාන කපලා අයින්කරන්න මොලේ නොතුබුනු (නැත්නම් කුපාඩිකම වැඩිවු) එඩිටර් ගොනයි, ප්‍රඩියුසරයයි ඔක්කෝම අමාරුවෙනේ.

මේවගේ දේවල් ලොකුවට පුප්පන අමන සුචරිත කාරයෝ ඉන්න  රටක වැඩක් කරනකොට පරෙස්සමට කරන්න මුන් දන්නෙම නැද්ද??

Thursday, May 31, 2012

මර්වින් නිදහස්!

ආණ්ඩුපක්සයේ ප්‍රොජාචන්ද්‍රවාතය සොමියේ බැබලේ!

ශ්‍රිලනිපයේ පමන අකුන්ට හා පුලා රිකාලාට ජයවේවා! 

ප්‍රොජාචන්ද්‍රවාතය දිනේවා! 

මෝඩ ශ්‍රිලනිප සාමාජිකයින්ගේ පු*යි අමුඩෙයි දෙකම නැතිවේවා!

බුදුන් වැඩි කැළණිය සම්බුධත්ව ජයන්තියේදී කම්ලොලින් හා මත්ලොලින් බැබලේවා! 



ඇත්ත වසයෙන්ම කියනවානම් මැර්වින්ස් ද සිල්වා මහතා නිදහස්වීම ජාතිය ලැබූ මහත්වූ ජයග්‍රහනයක්. ඒ මොකොද කියනවානම් ආංඩුවේ සිටිනා මිනිස්සුන්ගෙන් අවංක එකම මිනිහා මැර්වින්ස් ද සිල්වා මහතා පමනයි. එතුමා පමණයි කුඩුවිකිනීම, බඩු පොට් පවත්වාගෙන යාම, කප්පම් ගැනීම, කුලියට මිනීමැරීම හා හොරබඩු විකිණීම වැනි ශම්මා කම්මන්ත එලිපිටම පවත්වාගෙන යන්නේ.

ආණ්ඩුවේ ඉන්නා අනෙක් හැම එකාම ඔය සියලු ශම්මා කම්මන්ද අඩු වැඩිවශයෙන් කලත් මැරවින්ස් ද සිල්වා වාගේ ඒවා එලිපිට කිරීමට හැකියාවක් හෝ නිර්භීතකමක් උන්ට නෑ.

මැරවින්ස් ද සිල්වා වාගේ ඔය පාපතර කර්මාන්ත කිරීම ගැන ආඩම්බරවීම හැකියාවක් ඇති, කොඳු ඇට පේලියක් ඇති එකෙක්වත් ඔය කැබිනැට් එකේ නෑ. අනිත් උන් ඔක්කෝම සියලු දස බලු වැඩ සිදුකරන්නේ හොරෙන්.

ඒ අතින් මැර්වින්ස් ද සිල්වා වීරයෙක්. එවන් වීරයෙක් නිදහස් කිරීම ගැන අපි රජතුමාට තුති පුදකල යුතුයි.

Tuesday, May 29, 2012

Mervin's War, Kabraal's War & Vimal's War : ජාතියේ පහන් සංවේගය වෙනුවෙන් ලියැවිය යුතු තවත් "WAR" පොත් තුනක්


Gota's War ලියැවී ඇත. එය මා කියවා නැත. කියවුවේ නැත්තේ අකමැත්ත නිසා නොව පොත තවමත් නොලැබුණු නිසාය. ගොඨාභය රාජපක්ශ මහතා ගැන මට ඇත්තේ ගෞරවයකි. ඔහු කල සේවය ඉමහත්ය. එය ජෙනරාල් ෆොන්සේකා හට මා තුල ඇති ගෞරවයට සමානය. දේශපාලනය පැත්තකට දමා රට වෙනුවෙන් ඔවුන් දෙදෙනාම කල සේවය සිහිපත් කරමි. පොත ලැබුණු වහාම පොත කියවීමට පුල පුලා බලා සිටිමි.

එසේම හුදීජන පහන් සංවේගය වෙනුවෙන් ලියවිය යුතු තවත් WAR පොත් තුනක් මට අදහසක් පහලවී ඇත.  මේ පොත් ලියැවිය යුත්තේ ගෝඨා හා ෆොනියා කලාටත් වඩා මහා දැවැන්ත යුද්ධ මේ කස්ටිය කල බැවින් හා කරමින් සිටින බැවිනි.  මේ යුද්ධ කාරයින් කරනා යුද්ධයෙන් ගෝඨාගේ යුද්ධයට වඩා මහත් වූ සේවයක් රටටත් ජාතියටත් සිදුවෙයි. එය ලියා තැබීම අනාගත පරම්පරාවේ සුභසිද්ධිය සඳහාද අනාගත මහාවංශ ලේඛකයින්හට රෙෆරන්ස් කිරීම සඳහාද වැද්ගත්වේ....

පොත් අංක 1

මැර්වින්ස් වෝර්: දුටුගැමුණුගේ වැසිකිලි සෝදන්නාගෙන් පැවත එන මහා සෙන්-පටියා, සතොස සුලු සේවක තනතුරින් පටන් ගෙන සතලිස් වසරක් තිස්සේ පෝසත්වීම සඳහාත් පෝසත්වුනු පසු බලවත්වී තවත් පෝසත්වීම සඳහාත් සිදුකරමින් සිටිනා සංග්‍රාමය. මෙය ලිවීම සඳහා පහත්පෙලේ ලියන්නෙකු උවමනා කොට තිබේ. කැලෑ පත්තර හෝ කුණුහරුප පත්තර ලියා පලපුරුද්ද තිබීම එකම සුදුසුකමයි.




පොත් අංක 2

කබරාල්ස් වෝර්: 2006 ජූලි මාසේ ගවනර් පදවියට කඩාවැටුනු මොහොතේ පටන් රටේ ආර්ථිකය කම්බස් කිරීමේ මහා සංග්‍රාමය මෙහෙයවූ, කොමන්වෙල්ත් ගේම්ස් හම්බන්තොටට ගෙන්නා ගන්නට ලස්සන කෙල්ලන් සමග සෙන්ට් කිට්ස් වලට ගොස් කොමන්වෙල්ත් මහා සංග්‍රාමය මෙහෙයවූ, ඉකොනොමික්ස් නොදත් එකවුන්ට්ස් පමණක් දත් සෙන්ට්‍රල් බෑන්ක් හි මහපුටු සෙනෙවියා. මෙය ලියා තැබීම සඳහා AAT බාගෙට සමත් එකවුන්ස්ට් ක්ලාක් කෙනෙක් උවමනා කොට තිබේ. ඉස්කෝලේ යන කාලේ රචනා ලියා තිබේනම් එය අමතර සුදුසු කමකි.




පොත් අංක 3

විමල්ස් වෝර්: උපන්දා සිටි සටන්කාමියෙකු වූ මෙයා අනුන්ගේ ගෑනු සොරා ගැනීම හැරෙන්නට වෙන දිනූ සටනක් නැතත් රජතුමා කරට දෙන ඕනෑම කුණුගොඩක් කරේ තියාගෙන ජීවිතේට හමුවී නැති සුද්දන්ට, කොරියන් කාරයින්ට (බැංකිමූනා) හා ඉන්දියං කාරයින්ට විරුද්ධව අවි අමෝරාගෙන සටන්කරන්නට ගොස් රජතුමාටම කෙලවපු මෝඩ සෙනෙවියෙකි. මුගේ මෝඩකම් ලියා තබන්නට ගල් අච්චු ප්‍රින්ටින් ප්‍රෙස් එකක අකුරු අමුණන්නෙකු අවශ්‍යය. ගී ද මෝපසාන්ගේ මහල්ලා හා මුහුද කියවා තිබීම අනිවාර්‍ය සුදුසු කමකි.





Thursday, May 24, 2012

අපේ මුතුන්මිත්තන්ගේත් අපේත් ඇති වෙනස........


අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණ අදටත් ලොව මවිත කරවනවා - විමල් වීරවංශ - (මෙරට ප්‍රථමවරට ඉදිකෙරෙන ජාතික ඉදිකිරීම් තාක්ෂණ උද්‍යානයේ - National Construction & Technology Park- හි ඉදිකිරීම් කටයුතු සමාරම්භක උත්සවෙයිදී පැවැත්වූ කථාව )


සහතික ඇත්ත!

අපේ මුතුන් මිත්තන්ගේ වැඩ ලොව මවිත කරනවා....උදාහරණයක් ලෙස අපේ මුතුන් මිත්තන් තැනූ අභයගිරිය පෞරාණික ලෝකයේ විශාලතම ගොඩනැගිලිවලින් එකක් වනවා.

එහෙත්

වර්තමානයේ අපේ නායකයන් යයි කියාගන්නා මිනිසුන්ගේත් ඔවුන්ගේ සට කපට මුසා බස් වලට සැමදා රැවටෙන ජහමනතාවගේත් ගොන් පාට් දැක මුලු ලොවම නවත්වාගනු නොහැකිව අධෝ භාගයෙන් හිනා වෙනවා.


අපේ මුතුන්මිත්තන්ගේත් අපේත් ඇති වෙනස එයයි.......

අපේ මුතුන්මිත්තන් ලොව මවිත කලා, අපි ලොවම හිනස්සනවා

විමල් ඔබ කොයිද? සිටිනා තැනකින් එලියට පැන සිංහනාද කරනු!


විමල් ඔබ කොයිද? 
නිදිද? බුදිද? 
නිවාඩුවට ඇමරිකාවේවත් ගියාද? 
සීගිරි නගින්නට ගොස් බඹරු ඇන්නාවත්ද?

කාලෙකින් ඔබගේ ශ්‍රී මුඛයෙන් ගොන් කතාවක් අසාගන්නට නොලැබීම නිසා දෙකන් පුස්කා ඇත.

එම්බල විමල සිටිනා සිරියහන් ගබඩාවකින් හොස්ස පොවා ලොව බලනු මැනවි. ෆොන්සේකයා නිදහස් වී ඇවිත් දින දෙකෙන් දේසද්‍රෝහී ප්‍රොකාසයක් කර ඇත. ඒවා නෑසෙන්නේ ඔබේ දෙකන් අගුල් වැටී නිසාද? 

නැතහොත් මිසිස් සලාකා හුටපටයට නිසා බිරින්දෑ දුම්මල වරම ගෙන ඇති බැවින් දෙකනේ පුලුන් ඔබාගෙන අතපය වකුටුකොරගෙන සිටිත්ද?

නැතහොත් හිරුණිකාගේ අනාගතය ගැන වොරි කරන නිසා (ගොසිප්ලා කියන විදියට) රට ජාතිය ගැන වොරි කරන්නට වෙලාවක් නැති තරමට බිසීද?

විමල ඔබ මොන හෙයියම්මාරුවක වැටී සිටියත් කමක් නැත, මේ ලකුණු ටිකක් දමාගන්නට කාලයයි. එලියට පැන කෑකෝ ගසන්න. ෆොන්සේකා යලිත් අත් අඩංගුවට ගත යුතුයයි රජයට බල කරමින් බිස්කට් උපවාසයක් වැනි සංදර්ශණයක් වහ වහා ඕගනයිස් කරන්න. රජයේ මාද්දිය ෆුල් ඩම් දමා ඔබගේ ගොන් පාට් වලට බකප් එක දෙනු ඇත.

දේසද්‍රෝහී ෆොන්සේකා හා අවි අමෝරාගෙන පලමුවෙන් සටනට පනින මිහින් සෙනෙවියා (බලු ගැත්තා) ඔබ විය යුතුය. හාමුදුරුපාටියේ එවුන් ෆොන්සේකා ගැන තප්පුලන්නට කලියෙන් ඔබ ෆොන්සේකා විරෝධී අරගලය කරට ගතයුතුය. අනෙක් හාල්මැස්සන්ට ෆොන්සේකා දේසද්‍රෝහී ප්‍රකාසවලින් ලකුණු දාගැනීමට ඉඩ නොදිය යුතුය. මේ සඳහා ෆොන්සේකා විරෝධී මහා අරගලයක් දියත් කරන්න.

ඔබගේ කුණු රෙදි සේදීමේ සේවාව යලිත් මවුබිමට ...සමාවන්න....මිහින්ලන්තයට අවශ්‍යවෙමින් ඇත. ෆොන්සේකාගේ බ්‍රේක් නැති කටට රිටර්න් එක දෙන්නට ඔබගේ කානු කට දැන් විවර කල යුතුය.

බඩු ගැන නොසිතා ...සමාවන්න....... බඩ ගැන නොසිතා රට ගැන සිතන්න. ජීවන බර නිසා ලේ නරක්වී සිටිනා මිහින්ලන්ත වැසියන්ට ලේ පිරිසිදු කරගැනීමට ටිකක් හිනාවෙන්නට කුමක් හෝ ගොන් පාට් එකක් ඉක්මණින් රඟදක්වන්න.

Wednesday, May 23, 2012

ෆොන්සේකාගේ යුධ අපරාධ පරීක්ශණ කතාව

ජෙනරාල් මහතා යුධ අපරාධ චෝදනාව පිලිබඳ පරීක්ශණ පැවැත්විය යුතු බවත් ඒ පිලිබඳව ඕනෑම මොහොතක පිලිතුරු දීමට සූදානම් බවත් ඔහු පවසා ඇත. තවදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටින්නේ රජයේ ඇතැමුන් ක්‍රියාකරන ආකාරයට යම් වරදක් සිදුවී ඇති බව හැඟෙන බවයි.

සී නිවුස් කොමෙන්ටුවලින් පිලිබිඹුවෙන ශ්‍රීලාංකේය අධෝමොල කාරයින්හටනම් මෙය දේශද්‍රෝහී කතාවකි. නැවතත් පාවාදීමේ නාඩගම එලිදැක්වෙමින් ඇත. රටේ ප්‍රශ්ණ සති දෙක තුනකට යටපත් කරන්නට මෙය වවාගෙන කෑහැකි හොඳ නාටකයකි.

ෆොන්සේකා මහතාගේ කථාව මම අනුමත කරමි;
d
1] ශ්‍රී ලංකාව මෙම යුධ අපරාද චෝදනා ගැන බිය වී වලගය හකුලුවාගෙන බුරා හැලිය යුතු නැත.
s
2] ෆොන්සේකා මහතා කියනා පරිද්දෙන් මේවාට නොබිය මුහුණ දී මේ ගැටලුව නිරාකරනය කර ගත යුතුය.
ss
3] එසේ නොමැතිව නැවතත් පුස්-දෙසමාමකත්වයේ සැඟවී කොළඹ සිට කුලී කරුවන් ලවා උද්ගෝසනය කිරීමෙන් සිදුවන්නේ ජිනීවා වලදී ඇණගත් හොම්බ ඊලඟ වටයේදී රිවට්වී යන්නට කටයුතු පෙල ගැස්වීමයි.

Monday, May 21, 2012

හිරුණිකා


හිරුණිකා පුවත් මවන්නියක් බවට පත්වුනේ ඊයේ පෙරේදා නොවේ. ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ වෙබ් අඩවියකද පලවී තිබුණි. එහි තිබූ විස්තර ඇත්තදැයි නොදනිමි. බොහෝවිය අතිශයොක්තියෙන් පුවත් පලකිරීම එම වෙබ් අඩවියේ ජානගත ලක්ශණයයි.

එහෙත් එකක් කිව යුතුව ඇත. ඔබ මේ යන්නට යන ගමන එතරම් දිගු එකක් නොවේ . දැනටමත් ඔබ විහිලුකාරියක් බවට පත්වී හමාරය. ඔබගේ උත්සහය සමහර විට ඔබගේ පියාගේ මරුවා වුනු දුමින්ද සිල්වාගේ පෙම්වතිය (තවත් අය කියනා ආකාරයට බිරිඳ)  පරදවා වඩාත්ම සරාගී දේශපාලන තාරකාවිය වීම වන්නට පුලුවන. ලැම හා නිතඹ පෙන්වා චන්ද දින්න්නට බැරි කමක් නැත. ඇනර්කෙලී ඒ බව සාක්කි සහිතව ඔප්පුකොට හමාරය.එහෙත් වෙසඟනකට ආලය ලැබෙන්නේ විනාඩි කිහිපයකට පමණක් ලෙසින් ඇනර්ටද.ඔබටද අනාගතයක් නැත. වෙසඟනුන්ට පෙම් බඳින්නේ අමන අතලොස්සකි. 

අඩුම ගනනේ ඇනර්ට වෙළඳ දැන්වීමක් හෝ ඉඳහිට චිත්‍රපටයක් ලැබේ. ඔබට එවැනි හැකියාවක් වත් ඇත්දැයි අප නොදනිමු. එබැවින් තව ටික දිනකින් ඔබ වියපත් දේශපාලන බඹරෙකුගේ සුරතලිය බවට පත්වන්නට ඉඩ ඇත. එවිට ඔබට පබා කුමාරීට වූවාට වඩා සන්තෑසියක් සිදුවනු ඇත. අවසානයේ ඔබ පබා කුමාරී හා ඇනර්කලියාමෙන් මුදලට විකිණෙන දේශපාලන වෙළඳභාණ්ඩයක් වනු නියතය.

ඔබගේ ගවුම වගේම ඔය යන ගමනත් කොට බව මතක තබාගන්න.

දුමින්දයා තරමටම දුදනෙක් මිනීමරුවෙක් හා බල අපරාධකරුවෙක් නොවුනත් ඔබගේ පියාද සුදනෙක් නොවේ. එහෙත් ඔහු පියෙකි. ඔබගේ ඔය කශඩ ඡායාරූප ඔබගේ පියා දුටුවානම් ඔබට ලැබෙන්නේ කම්මුල් පහරක් නොව දවස් දෙක තුනක් ඇවිදගන්නට බැරිවෙන තරමට තදින් පුක හරහා වදින දැවැන්ත පාපහරක් බව නිසැකය.

සිය පියාගේ නාමයට අගෞරව කරනා දියණියක් නොවී,ඔබගේ පෞද්ගලික ඡායාරූප හා පෞද්ගලික ජීවිතයේ තොරතුරු ආරක්ශාකරගෙන වැඩක් බලාගතහොත් ඔබගේ පවුලට සුගතියකි. ඔබ වැනි පඟර නැට්ටියන් දේශපාලනයට නොපැමිනීම රටටද මහත් සුගතියකි.

ෆොන්සේකාගේ නිදහස II - විෂදළ ගලවා එලියට දැමීම

තමා ෆොන්සේකා මහතාව නිදහස් කරන්නේ විෂදළ ගලවා දමා බවත්, හොඳ නයිනටවන්නෙකුට දළගැලවූ ෆොන්සේකා නයාව භාර දී ඇති බවත් බැරිවුනොත් යලි පෙට්ටියට දමන ආකාරය තමා දන්නා බව පැවසූ බවත් එක්තරා වෙබ් අඩවියක ප්‍රථම පුවත ලෙස දක්වා තිබුණි.

වෙබ් අඩවිය කියන ආකාරයටම ජනපති රාජපක්ශ එසේ කීවදැයි අපි නොදනිමු, උපකල්පණයක් සිදුකරන්නේනම් ඇත්තටම එවැනි කතාවක් කියන්නට නැතැයි සිතිය හැකිය.

එහෙත්.....

සැළස්ම එයම නොවේයයි සිතිය හැක්කේ හුදෙක් දේශපාලන මන්දබුද්ධිකයෙකුට පමණකි. ෆොන්සේකා මහතාට වසර ගණනාවක් හැරෙන්නටත් තහනම් ලෙස නීති රෙකුලාසි වලින් බැඳදැමූ නිදහසක් සමග එතුමා එලියට බසින බව සැබෑවකි. ත්ත්වය කෙතරම් දරුණුදැයි හෙට අනිද්දාට බලාගත හැකිය.

ටිරාන් අලස්ගේ භූමිකාව සැක නැතුවම බෲටස්ගේ භූමිකාව විය යුතුය. ටිරාන් අලස්ට ෆොන්සේකාගේ නිදහසට වඩා වැඩි ගැටලු ඇත. ෆොන්සේකා කුදලාගෙන ගොස් හිරේ දැමූ රෙජිමයට ටිරාන් අලස් කුදලාගෙන ගොස් හිරකිරීමට ඇවැසි සාක්කි ලෙස ඕනෑ තරම් ඇටසැකිලි  අලස්ලාගේ පෙට්ටගම් තුලින් සොයාගත හැකිය. ඔහුගේ ව්‍යාපාරද, තාත්තාගේ ජාත්‍යන්තර පාසැල් ව්‍යාපාරයද ෆොන්සේකාගේ නිදහසට වඩා වැදගත් බව නොකිව මනාය. ඒ අනුව ටිරාන් අලස් කැමැත්තෙන්හෝ නොකැමැත්තෙන් ෆොන්සේකා නටවන නයිනටවන්නා ලෙස රාජපක්ශ ජනපති විසින් පත් කොට ඇත. ඒ අනුව අලස් කරන්නේත් දැලි පිහියෙන් කිරි කන්නා වැනි වැඩකි. වැරදුන හොත් ෆොන්සේකාට වුනාට වඩා අන්ත යමක් අලස්ට සිදුවිය හැකිය. එනයින් ටිරාන් අලස් මහතාට බෲටස් භුමිකාව රැඟීම හැරෙන්නට වෙන මගක් නැත.

ෆොන්සේකා සිදුකල යුත්තේ කුමක්ද?

සැබැවින්ම විශේෂ යමක් නැත! ෆොන්සේකාගේ භූමිකාව වන්නේ සියලු විපක්ශ බලවේග එකමුතු කරනා සංකේතාත්මක නායක්ත්වයක භූමිකාවය. මෙම භූමිකාව රඟදැක්වීම සඳහා දැවැන්ත ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍යය. අවශ්‍යය වන්නේ පොදු හඬක් නැති, ජනතාවගේ විශ්වාසය බිඳගත් විපක්ශයේ නව ප්‍රතිරූපය වීම පමණකි.

රාජපක්ශට වැරදුන තැන

රාජපක්ශගේ සියලු ක්‍රියාන්විතයන්වල ඉලක්කය ෆොන්සේකා ක්‍රියාකාරී දේශපාලනයට ඒම වැලැක්වීමයි. රාජපක්ශලාට වරදින්නේ ෆොන්සේකා මහතාට විපක්ශයට නායකත්වය දීම සඳහා ක්‍රියාකාරි දේශපාලනයට බැසීම අනවශ්‍ය බව තේරුම් නොගැනීම නිසාය. ජන මනස තුල ෆොන්සේකා යනු යුධ වීරයෙකි. බඩ පැලී බඩවැල් එලියට එල්ලෙද්දී ඒවා අතින් අල්ලාගෙන වේදනාව දරාගෙන බෝම්බ පහරේ කම්පණයෙන් තෝන්තුවී සිටි සෙබලුන්ට අණදිය හැකි නායකයෙකි. එවැනි නායකයෙකුට තවත් ප්‍රදර්ශණය කරන්නට නායකත්වයක් අවශ්‍ය නැත.

නෙල්සන් මැන්ඩෙලාලා, අව්සාන් සූකී ලා නායකත්වය දුන්නේ මහපාරේ නොව සිර ගෙවල් වල දුක් විඳිමිනි.









Friday, May 18, 2012

ෆොන්සේකාගේ නිදහස

ෆොන්සේකාගේ නිදහස ගැන බොහෝ වෙබ් ලිපි ලියැවී ඇත. තවත් ලියවෙනු ඇත. ඒ අතරට මෙයද එක් කරමි.

ෆොන්සේකා නිදහස් කරන්නට කැබිනට් අනුමැතිය ලැබුනා යයි කියවේ. මොන නීතියට අනුව එහෙම කැමැත්ත විමසුවාදැයි දැනගන්නට නැත. ස්ත්‍රී දූශකයින්හට ජනපති සමාව දෙනවිටද මෙලෙස කැමැත්ත විමසුවාදැයි අසන්නට අප කැමැත්තෙමු. එලෙසම ජනාධිපති කැබිනට් එකට ඉදිරිපත් කරන දෙයක් ප්‍රතික්ශේප වන්නට අවකාශ ඇති සැබෑ ප්‍රජාතාන්ත්‍රවාදී රටකනම් මෙවැනි කැමැත්ත විමසීමක වැදගත් කමක් ඇත. ජනපති කැබිනට් එකෙන් කැමැත්ත අහන ගමන්ම මම නම් විරුද්ධයි කියලා ජනපති කිව්වානම් ඇමතිවරු සියල්ලම විරුද්ධවන බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය විරුද්ධ නිසා ෆොන්සේකා නිදහස් කිරීමට නොහැකි බවත් කියැවෙනු ඇත. එවිට එයද සාධාරණීකරණය කරනු ඇත.

කෙසේවෙතත් ෆොන්සේකා අතඩංගුවට ගැනීමේ තීන්දුව රාජපක්ශලා විසින් කරන ලද දේශපාලන ගණන්බැලීමක් වැරදුන විරල අවස්ථාවකි. මහින්ද රාජපක්ශ නම් දේශපාලන සත්වයා පුදුමාකාර දේශපාලන ඉවක් ඇත්තෙකි. දේශපාලන ගණන් බැලීම්වලදී ජේ ආර් ජයවර්ධනටත් වඩා මහින්ද රාජපක්ශ දක්ශයෙකු බව ඔප්පුවී හමාරය.

එහෙත් ගුරුන්ටත් අකුරු වරදිනවාසේ ෆොන්සේකා හිරකිරීම වැරදී ගියේය. නඩු පිට නඩු දැම්මත්, අසාධාරණ තීන්දුමත සිරකරගෙන සිටියත් ජන විඥ්ඥානය තුල සැබෑ වීරයා මහින්ද හෝ ගෝඨා නොව සරත් ෆොන්සේකා බව මහින්ද රාජපක්ශහට අවබෝධවන විට ආපසු හැරිය නොහැකි ලෙස ෆොන්සේකා පඹගාලේ ආණ්ඩුව පැටලී තිබුණි. ඉන් පසු සිදුකල හැමදෙයක්ම එක බොරුව වැසීමට සියක් බොරු කියන්නාම මෙන් හත්පොලේ ගා ගැනීමකට වඩා වැඩියම්ක් නොවුනි.

එමෙන්ම මහින්ද රාජක්ශ රට අභ්‍යන්තර දේශපාලනයේ මහා පතාකයෙකු වුවත් අන්තර්ජාතික දේශපාලනයේදී ළදරු මානසිකත්වයක් පෙන්වයි. කොළඹ හෝ ජීනීවා නගරයේ හෝ නිව්යෝර්ක් නුවරට සල්ලිදී ගෙන්නා ගන්නා කුලී උද්ඝෝශකයින් හරහා හෝ, කොළඹ පෝස්ටර් ගැසීමෙන් හෝ ලිබියාවේ, බුරුමයේ, ඉරානයේ ක්‍රමයට චන්දපවත්වා පෙන්වන (හොර)ජනබලය ලෝක දේශපාලනයේ පයිසයකවත් වටිනාකමක් නැති ලොව පහලවුනු සෑම ඒකාධිපති පාලකයාම භාවිතාකල යල් පැන ගිය උප්පරවැට්ටියක් බව රාජපක්ශ නොදැනීම පුදුමයක් නොවේ. දේශීයව මවාගෙන සිටිනා ප්‍රතිරූපය ජාත්‍යන්තර තලයේදී සතපහක වැදගැම්මක් නැතිබවද මහින්ද රාජපක්ශට පසක්වූයේ ජිනීවා නරිනාටකයෙන් හොම්බ ඇණගැනීමෙන් පසුවය.

රාජපක්ශ ජාත්‍යන්තර දේශපාලනය ගැන උපදෙස් ගන්නේ සීමාන්තික බටහිර විරෝධී උන්මත්තකයින්ගෙන් මිස ලෝක දේශපාලන යථාර්ථය දන්නා පොලොවේ පයගසා සිටින මිනිසුන්ගෙන් නොවේ. මේ මෝඩ උපදෙස් අනුව නැටූ රාජපක්ශ ජාත්‍යන්තර තීන්දු තීරණ වෙනස කල නොහැකිබවඅවබෝධ කරගත්තේ ජිනීවා අවමගුලෙන් පසුවය.

රාජපක්ශ සිය නැතිවීගිය ජාත්‍යන්තර ප්‍රතිරූපය බිඳකින් හෝ ගොඩනගා ගන්නට මෙන්ම වැරදී ගිය දේශපාලන උප්පරවැට්ටියක් නිසා පැටලී සිටින පඹගාලෙන් ගැලවීමට ෆොන්සේකා නිදහස් කිරීම යොදාගන්නට බලාපොරොත්තු වන බව පෙනේ. එනිසාම ෆොන්සේකා නිදහස් කිරීම ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය තිබෙන බව ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමකුත්, ෆොන්සේකා නිදහස් කිරීමෙන් තමන් මහා පුණ්‍යකර්මයක් කළබවට දේශීයව පෙන්වීම සඳහා දැවැන්ත මෙහෙයුමකුත් ක්‍රියාත්මක වනු ඇත.

ජාත්‍යන්තර මෙහෙයුම පෙර දියත්කල මෙහෙයුම් මෙන්ම නිවට, දියාරු මෙහෙයුමක් වනු ඇත. දේශීය මෙහෙයුම ෆොන්සේකා අත් අඩංගුවට ගත් මෙහෙයුමට වඩා වැඩියමක් නොවනු ඇත.

Monday, May 14, 2012

රජාගේ උණට පවු ගෙවන ශ්‍රී ලංකන් හා ශ්‍රී ලංකාව



ශ්‍රී ලංකන් ගුවන්සේවය එමිරේට්ස් කාරයින්ගෙන් ආපසු ලබාගන්නා විට ආණ්ඩුවේ පුස්සන් සියලු සිදුරු වලින් පෙරූ නරිවාදම් අපට මතකය. මේ සියලු සියලු නරිවාදම් මෙසේ සාරංශ ගතකල හැකිය
"....මෙතෙක් කල් විදේශිකයින්, අරාබිකාරයින්ට විකුණා දමා තිබූ මහානර්ඝ දේශීය සම්පතක් වන ජාතික ගුවන්සේවය යලිත් අපට ලබාදුන් මහින්ද රාජපක්ශ මහරජතුමාට ජයශ්‍රී!!!..."
ඇත්ත කතාවනම් මහරජාටත් හැත්ත බුරුත්තටත් ලෝකේ වටේ රෝන්දේ යන්නට, කලින් මුදල්ගෙවා ආසන වෙන්කරවා ගත් මගීන්ගේ නම් කපා, රජාගේ නඩයට අවශ්‍ය පලමු පංතියේ හා ව්‍යාපාරික පංතියේ ආසන ලබා නොදීමේ මහා පාපකර්මය නිසා එදා ශ්‍රී ලංකන් ගුවන්සේවය පරිපාලනය කල සුද්දාට ගෙදර යන්නට වුනු බව හා එමිරේට්ස් කාරයාට ගුවන්සේවය ආපසු දෙන්නට වූ බවයි. රජාට හා නඩයට ඉල්ලු ආසන ලැබුනානම් අදටත් ශ්‍රී ලංකන් ගුවන්සේවය ලාභ ලබන, එමිරේට්ස් මගින් පාලනය වන ආයතනයකි.


"Usually Late" යන විරුදාවලිය ලබාසිටි, පටන්ගත් දින සිටම; ප්‍රමාදය, අලාභය, පාරිභෝගිකයින්ට දක්වන අගෞරවය/නොසැලකිල්ල හා ඇති ලස්සනක් නැතත් ආඩම්බරකාර පඩ ෂෝ ගුවන් සේවිකාවන් ගැන ප්‍රසිද්ධියක් ඉසිලූ එයාර්-ලංකා නොහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවාව කලටවේලාවට පිටත්වෙන, පාරිභෝගිකයින් හට සලකන, වෘත්තීමය කළමණාකාරිත්වයක් මගින් පාලනය වන ආයතනයක් බවට පත් කලේ එමිරේට්ස් සමාගමයි.

එමිරේට්ස් සමාගමට විරුද්ධව විවිධ චෝදනා තිබුණි. ශ්‍රී ලංක ගුවන්සේවයේ සම්පත් විකුණාදමමින් ලාභ පෙන්වන බව එක් චෝදනාවකි.එහෙත් එමිරේට්ස් සමාගම මිලදීගන්නට පෙර ශ්‍රී ලන්කන් සමාගම (එවක එයාර් ලන්කා) පාලනය වූයේ රජයේ (සෑම රජයක් යටතේම) හෙන්චයියන් රැළක් මගින් මිස ගුවන් සේවාවක් කළමණාකරණය කිරීම ගැන වෘත්තීමය දැනුමක්, පුහුණුවක් ඇති අයවලුන් මගින් නොවේ. එවැනි වෘත්තීමය කළමණාකරුවන් ගුවන් සේවය තුල නොසිටියා නොවේ, එහෙත් පාලනය තිබුණේ ඔවුන් අත නොව පුස්සන් අතය.
ව්‍යාපාර කළමණාකරණයේ එක් මූලික සිද්ධාන්තයක් නම් ආයතනය සතු සෑම සම්පතකින්ම උපරිම ආදායමක් ලබා ගැනීමට කලයුතු උත්සාහයයි (maximize return on assets). මෙය කළමණාකාරිතවය සතුවන, මග නොහැරිය හැකි බරපතල වගකීමකි. ආයතනය සිය සම්පත් ලබාගෙන ඇත්තේ කොටස් හිමියන් (කොටස් හිමියන් පෞද්ගලික පුරවැසියන්ද, රජයද යන්න වැදගත් නැත) ලබාදී ඇති ප්‍රාග්ධනයෙනි. මෙම ප්‍රාග්ධනය භාවිතාකොට මිළදීගත් සම්පත් මගින් කොටස් හිමියන් වෙත උපරිම ලාභයක් ලබාදීම කළමණාකාරිත්වයේ වගකීමයි.
 ආයතනය සතු යම් සම්පතකින් කෙටිකාලීනව හෝ දිගුකාලීනව ආයතනයේ ලාභයට අඩු දායකත්වයක් ලබාදෙන්නේනම් හෝ අලාභයක් ලබාදෙන්නේ නම් එම සම්පත් විකුණාදමා එයින් ලැබෙන මුදල් වෙනත් වඩා ලාභදායි කටයුත්තක ආයෝජනය කිරීමේ අයිතිය කළමණාකාරිත්වය සතුවෙයි. මෙහිදී ආයතනයේ කොටස් හිමියන්හට (එනම් රජය හෝ පුද්ගලික ආයෝජකයින් හට) එම කටයුත්තට විරුද්ධ විය නොහැක. අවශ්‍යනම් කොටස් හිමියන් නියෝජනය කරන අධ්‍යක්ශකවරුන්හට අධ්‍යක්ශක මණ්ඩල රැස්වීමේදී ඒ පිලිබඳව ප්‍රශ්ණකල හැකි අතර සාමාන්‍ය කොටස් හිමියන්හට වාර්ශික මහා රැස්වීමේදී (annual general meeting) ඒ පිලිබඳව ප්‍රශ්ණකොට පැහැදිලිකිරීම ලබාගැනීමේ අයිතිය ඇත.
දැන් සිදුවී ඇත්තේ කුමක්ද?

එමිරේට්ස් කාරයා ලාභ පෙන්නුවේ කෑලි විකුණමින්, අපිට මේක මීට වඩා හොඳට ලාභ පෙන්න පුලුවන් යනුවෙන් කයිවාරු ගැසූ රජපසවාදී ගුවන් සමාගම් කළමණාකාර "විශේෂඥයින්" අද කියන්නේ කුමක්ද?
ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම ලබන ආදායමෙන් 70%ක පමණ ප‍්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කරන්නට සිදුවීමෙන් බරපතල ආර්ථික ගැටළු උද්ගත වී ඇත
 ආදායමෙන් ඉතිරිවන 30%ක මුදලෙන් සෙසු වියදම් පියවා ගැනීමට අසීරු බව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධානීන් රජයට වාර්තා කර ඇත.
විශේෂයෙන්ම යුරෝපයට යන ගුවන් ගමන්වලින් සමාගම විශාල ලෙස පාඩු ලබන බවත් ඇතැම් යුරෝපා ගමනානන්තයන් සඳහා වැයවන මුදලින් හරි අඩත්වත් නොලැබෙන බව
රජාගේ හීනමානය හා රජාගේ ගෝලයින්ගේ බකපන්ඩිත කයිවාරු නිසා ලාභ ලැබූ ආයතනයක් රටේ දුප්පත් මහජනයාට බරක්වී ඇත. දැන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගුවන් යානා ගුවනේ තබාගන්නටත් ගෙවන්නට සිදුවී ඇත්තේ මේ ජහමනයටය.

කරුමෙට උන්ටත් මේ ටික තවම තේරුම් ගොස් නැත.

Sunday, May 13, 2012

අධිරාජ්‍යවාදී හුබස් බිය වැලදුන ජාතිවාදී රෝගීන්


අමෙරිකාව ප‍‍්‍රමුඛ බටහිර රටවල් විසින් පනවනු ලබන ආර්ථික සම්බාධකවලට ශී‍‍්‍ර ලංකාව දැන් සිටම සූදානම් විය යුතු බව චින්තන පර්ෂදයේ සභාපති මහාචර්ය නලීන්ද සිල්වා මහතා අවධාරණය කරයි.


ජාතික සංවිධාන එකමුතුව විසින් ‘ජිනිවා යෝජනා පිළිගන්නවාද නැද්ද‘ යන මැයෙන් කොළඹ ඊයේ (08* පැවැති සම්මන්ත‍‍්‍රණයකට එක්වෙමින් නලීන්ද සිල්වා මහතා එබව සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී සම්මත වූ යෝජනා කි‍‍්‍රයාත්මක නොකිරීම නිසා අමෙරිකාව ප‍‍්‍රමුඛ බටහිර රටවල් විසින් අනිවාර්යෙන්ම ශ‍්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවනු ඇති බවත්, ඊට අප මුහුණ දුනහොත් යුධමය ලෙස අප ආක්‍‍්‍රමණය කරනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


මෙම සම්මන්ත‍‍්‍රණය ඇමතු දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේ, ආණ්ඩුව තුළත් කුමන්ත‍‍්‍රණකරුවන් සිටින බවයි. ආසන පටි නීතිය හරහාද ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමේ ක්‍‍්‍රියාවලියක් තිබිය හැකි බව ඔහු පැවසිය.


ජිනීවා යෝජනා සම්බන්ධයෙන් මෙන්ම උගත් පාඩම් සහ ප‍‍්‍රතිසන්දෘන කොම්සන් වාර්තාව සම්බන්ධයෙන් රට තුල විවෘත මහජන සංවාදයක් ආරම්භ කර ඒ සම්බන්ධයෙන් වන නිදහස් මහජන මතයට සවන් දිය යුතු බව වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය.


මෙහිදී, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසුවේ, ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට ජයගත හැකි වනු ඇති බවත් එම ජයග‍‍්‍රහණය පෙන්වා ජනපති වටේ ඉන්නා උපදේශකයන් විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍‍්‍රියාත්මක කිරීම සඳහා එය යොදාගන්නා ලෙස ජනාධිපතිවරයා පොළඹවනු ඇති බවයි. එම දුෂ්ඨ උපදෙස් පරිදි ජනාධිපතිවරයා විසින් බලය බෙදීමේ යෝජනා ක්‍‍්‍රියාත්මක කරන්නේ නම් එතැන් සිට ජාතික බලවේග ඔහු හැර යන බවද ඒ මහතා පැවසීය.


උපුටාගැනීම : 3mana.com/අධිරාජ්‍යවාදී-හුබස්-බිය/







Friday, May 11, 2012

NSB ගණුදෙනුව පිලිබඳව වහාම පරීක්සණ පවත්වන්නයි ජනපති නියෝග කරයි (හෙට අනිද්දා වෙනකොට වරද කරුවන් හට තරාතිරම නොබලා දඬුවම් දෙන බවද එතුමා කියනු ඇත)


NSB ගණුදෙනුව පිලිබඳව වහාම පරීක්සණ පවත්වන්නයි ජනපති නියෝග කරයි. දැන් ඉතින් මේ තක්කඩි රැළට බඩුම තමාය. ජනපතිතුමා නියෝග කරා කියන්නේ ඉවරෙටම ඉවරයි කියන එකය. එතුමා මීට කලින් ඔය වැනි  හොර වංචා දූසන ගැන හොයන්නට නහුතෙකුත් කාලක් කොමිසම් දමලා, ඒ හැම කොමිසම් වාර්තාවක්ම කියෝලා වැරදිකාරයින්ට දඬුවම් දුන්න ආකාරය අපි හොඳින්ම දන්නවාය.

ලංකාවේ හිරගෙවල් පුරෝලා ඉන්නේ ජනපති අණින් පත්වුනු කොමිසම් වලින් වරදකරුවන් වී තරාතිරම නොබලා දඬුවම් ලැබූ හොරු මිස කෙහෙල් කැන් හොරු නොවන බව අපි දනිමු.

ඒ නිසා මේ සටහන තබන්නේ ජනපති පත්කල ඇන්.ඇස්.බී ලොක්කෝ බොක්කෝ රැළම ජනපති අණින් පැවැත්වූ පරීක්සන වලින් වැරදිකරුවන් වී හිරේ යනවා බලන්නට පුලුවන් වන නිසා ඉතාමත්ම චිත්තප් ප්‍රීතියෙන් යුතුවය.

ඒ විතරක් නොවේය 

ජනපති අණින් සිදුවන මේ පරීක්ශණය නිසා අනිවාර්යයෙන්ම ජනපතිම කොටස් වෙළඳපොලේ ලොක්කා විදියට දාපු කයිවාරු තිලක් කරුණාරත්න පප්පාටද ගෙදර යන්නට වෙන්නේ මෙවැනි විශාල ගණුදෙනුවක් කිසිදු විපරමකින් තොරව සිදුවන්නට ඉඩදී පුටුව රත්කරමින් සිටි නිසාය. මිනිහා පත්වුනු දවසේ කයිවාරු ගැහුවේ කොටස් වෙලඳපොල සුද්ද කරන බවකි. හොඳටම සුද්දවෙලා ඇති නිසා දැන් මිනිහාව යැව්වානම් හරිය. 

කරුණු කාරනා ඒ ආදී වසයෙන් නිසා හුදීජන පහන් සංවේගය තකා ජනපති අණින් පරීක්ශණ සිදුවෙන ආකාරය ඉතා සැකෙවින් පහත දක්වා සිටිමු....

ජනපතිතුමා පරීකශණයකට අණදීම---->කොමිසම පත් කිරීම---->කොමිසමේ නිගමන වාර්තාවම වහාම දෙන්නැයි නියෝග කිරීම----->වැරදි කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බවට සිංහ නාද කිරීම------> සියලු බලු නකුටු පුවත්පත්වල ජනපතිගේ කයිවාරුව පොල් ගෙඩි අකුරින් පලවීම (හෙවත් ජනපතිගේ අභීත නායකත්වය පිලිබඳ මාද්දිය ගෝසාව)----->කොමිසම මාස දෙකතුනක් කල් මැරීම-----> තමන්ගේ වාර්තාව යයි කියා ෆයිල් මිටියක් ජනපති අතට දීම (මෙයද සමහර අවස්ථාවලදී මාද්දිය සංදර්ශණයකට නිමිත්තක් වේ)-----> ජනපති කොමිසම් වාර්තාව අකුරක් නෑර (නො)කියවිම-----> වාර්තාව ජනපතිගේ හමස් පෙට්ටියට (සමාවෙන්න කැටයම් කොට රන් පත් ඉරු අල්ලා ඇති බුරුත පෙට්ටගමට) යැවීම -------> හොරු නිවී සැනසිල්ලේ හොරකම් කරමින් ජනපති සමග ඡායාරූප වලට පවා පෙනී සිටීම---->ජනපතිතුමා ඊලඟ පරීක්ශණයට අණදීම-------> 





Sunday, May 6, 2012

සම්බුද්ධත්ව ජයන්ති වෙසඟේ බොරුව - කිරි ගොවියාට හොඳ මිලක්; පාසල් ළමයින්ට කිරි වීදුරුවක්

2012 මැයි 6 සිළුමිණ
අද ඉරිදා සිළුමිණ කෑගසනා ආකාරයට "සියලුම පාසල් ළමයින් සඳහා නොමිලේ කිරි වීදුරුව බැගින් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ". හොඳම කෑල්ල වන්නේ  "අවධානය යොමුවී තිබේ..." යන්නයි. 

කිරිපිටි ගෑස් පාන්පිටි වැඩිවීමෙන් ජනතාවට සම්බුද්ධත්ව ජයන්තියේදී කණට ගැසූ පාණ්ඩුව සැමදාම මෙන් මෙදාපාරද රැවටෙන මෝඩ ජහමනයාව අන්දවා ගැනීමට මේ විජ්ජාව අටවා ඇත. දැන් ඉතින් ළමාලපටි උදේට කිරි ඉල්ලනවිට "ඉස්කෝලේ ගිහින් බීපල්ලා..." යනුවෙන් කියන්නට අම්මලා අප්පලාට පුලුවන. නොමිලේ කිරි නිසා කවදාවක් ඉස්කෝලේ එන්නෙනැති එවුනුත් ඉස්කෝලේ එන්නට පටන් ගනු ඇත.

පල් බොරුව ගැන තවදුරත් විස්තර කරන, රජයේ බොරු නිළවශයෙන් ප්‍රකාස කිරීමට අවසර ඇති  වැඩබලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනාධිපතිතුමාගේ අදහසක් මත මෙසේ එම කිරි රජය මඟින් මිලට ගෙන පාසල් ළමයින්ට ලබාදීමට තීරණය කළ බවත් පැවැසීය.

ඒඅනුව මේ වෙසක් පොහෝදින කියු බොරුව උපාසක මහින්ද රාජපක්ශ ජනපතිගේ බොරුවකි. කිසිදා ඉටු නොවන ඔය බොරුවට මාද්දිය වැඩබලන ලක්ස්මන් යාපාට හෝ හරක් බලාගන්නා තොන්ඩාමාන් ඇමතියාට හෝ ඉස්කෝල බලාගන්නට දීඇති ටියුශන් සර්ට බැන වැඩක් නැත. 

ජනපති උපාසකතුමාට මීට කලියෙන් පහලවුනු දිණමිනේ, සිළුමිණේ බැනර් හෙඩින් පලවුනු "සංකළ්පණා" හෙවත් ඉටු නොවුනු බොරු තිස්තුන් කෝටියෙන් දෙකක් පමණක් සලකා බලමු.

-එක-

"ගැබිණි මවුවරුන්ට පෝශණ මල්ලකුත්, පාසැල් දරුවන්ට කිරිවීදුරුවකු දෙමි" - ඇහින්දා චින්තන Version 1.0

මේ ඉස් ඉස්සෙලාම ජනාදිපති වෙන්ටත් කලියෙන් ඇදපු බොරුවකි. මේ බොරු ලනුව කා බඩත් උස්සාගෙන මහින්ද අයියා ජනපති කොට බඩේ ඉන්නා එකා පෝෂණය කරගන්නට බඩු මල්ලකුත්, බඩේ ඉන්නා එකා එලියට ආවාම ඌට දෙන්න නොමිලේ කිරිත් ලබාගන්නට පෝලිමේ ගිහින් චන්දේ දැමූ ගැබ්බර අම්මලාගේ ළමයි දැන් ඒ ලෙවල් විබාගෙද කොරලා ප්‍රතිපලද නන්නතාර කරගෙන ඇති නමුත් තමත් පෝසන මල්ල නැත. 

මහින්ද අයියා දින්නට පස්සේ "දැන් ඉතින් තව එකෙක් හදමු අනේ උන ගමන් පෝසණ මල්ල ලැබෙනවනේ .." කියාගෙන උඩපැන ගෙන රටේ ජනගහනය වැඩි කරන්නට දායක වුනු අයගේ ළමයිනුත් ඕ ලැවල් වත් කොරලා ඇතැයි සිතිය හැකිය. පෝසන මල්ල නොමිලේ ගන්නට තව ලමයි හදපු එවුන් දැන් සිහිකරන්නේ කාගේ මෑණියන්දයි සිතාගත නොහැකිමුත් ඒ උපාසකතුමාගේ මෑණියන් වන්නට බැරිය. ඒ එදා උපාසක අයියාට රැවටුනු උන් තවමත් අතිගරු උපාසකතුමාට රැවටෙන බැවිනි.

-දෙක-

"ධීවර ප්‍රොජාවට භූමිතෙල් සහනාධාර "-  ඇහින්දා චින්තන Version 2012.0

සහනාධාරය ලැබෙනවාදැයි මීගොං වැල්ලට ගිහින් ධීවර ප්‍රොජාවෙන් අහලා දැන ගත හැකිය. නැතිනම් ධීවර ප්‍රොජාවට රජයේ ලනුව ගිල්ලන්නට සාධාරණ මිලකට කොන්තරත්තුවලබාගෙන ප්‍රොජාව රැවටූ පාදිලියන්ගෙන් අසාදැන ගත හැකිය.



Saturday, May 5, 2012

අයි.ටී.එන් කොටි කොඩියෙන් වසා දැමූ සම්බන්ධන්ගේ ජාතික කොඩිය එසවීම


සම්බන්ධන් ජාතික කොඩිය එසවීමේ කිසිම වටිනාකමක් නැත. සිංහ කොඩිය එසෙව්වාට උන් කොටිය.විස්වාස කලයුතු නැත. අයි.ටී.එන් කැමරා කාරයාට පෙන්නා හංගාගත් කොටි කොඩියෙන් රනිල්ද සම්බන්දන්ද, මනෝගනේසන්ද  අවසේස  යූ.ඇන්.පී කාරයින්ද කොටි බව සහසුද්දෙන් ඔප්පු විය.



අයිටීඑන් පල් හොරු සල්ලි දීලා කොටි කොඩිය එලියට අරගෙන කල සංදර්ශණය ඊට වඩා වැදගත්ය.රනිල්ද කොටියෙකු බව එයින් හෙලිවිය. වැඩියෙන්ම ප්‍රචාරය ලැබිය යුත්තේ සම්බන්ධන් වැනි දෙමළ නායකයෙකු මැයි දිනය වැනි වැදගත් දිනයක රටේ ජාතික කොඩිය පිලිගෙන මුලු ලොවටම පෙනෙන්නට එය ඔසවාගෙන සිටීම නොව අයි.ටී.එන් බල්ලන්ගේ හොර කොටි කොඩියයි. නියම දේශ ප්‍රේමය එයයි

ජාතිවාදී වනචාරීන්හට හා අයි.ටී.එන් සිංහල කොටින්ට වැදගත් වුනු පෙන්නා හංගාගත් කොටි කොඩිය



Friday, May 4, 2012

ගෑස් වලින් උයන්නේ, පිටි කිරි බොන්නේ, සිමෙන්ති ගෙවල් හදන්නේ දේශද්‍රෝහීන්ය.



ඈත අතීතයේ අපේ මුතුන්මිත්තෝ ගෑස් ඔලින් ඉව්වේ නැත, පිටි කිරි බිව්වේ නැත, සිමෙන්තියෙන් ගෙවල් හැදුවේ නැත. මේවා ඔක්කොම අධිරාජ්‍යවාදීන් අපිට බලෙන් පටවපු ඒවාය. ඊ නිවුස් මෝඩයින්ට මේවා තේරෙන්නේ නැත.

මහින්ද චින්තනයට අනුව කොළ අතු ඇඳගෙන, දර ලිපේ උයමින්, කහට උගුරක් බී මැට්ටෙන් ගෙවල් හදමු. එතකොට අපිට මීටත් වඩා ඉස්පීඩ් එකෙන් ආස්චර්යයට ගිය හැකිය.



Wednesday, May 2, 2012

පල් හොරාගෙන් ගැලවීමට Sinhala Nazi කණ්ඩුළට නම වෙනස් කරන්නට සිදුවිය...

කොහෙද යන පල් හොරෙක් මගේ නම අරගෙන ඕපාදූප කඩමාලුවල කොමෙන්ටු කොටමින් මාගේ බ්ලොගයට ලින්ක් හැලීම නිසා මා මෙතෙක් භාව්තා කල කණ්ඩුල නාමය "රංචාගොඩ මුදියන්සේ" ලෙස වෙනස් කල බව මගේ බ්ලොගය කියවන සහෘදයන් වෙද දැනුම් දෙමි. 


රංචාගොඩ මුදියන්සේ... (formerly known as කණ්ඩුළ)

Monday, April 30, 2012

ඇඩ්ඩ්‍රස් එක කොහෙද?




















Image Copyright Information : The original photo belongs to Jim Richardson, contributing editor, National Geographic.

හොඳ ෆොටෝ එකක් දැක්කා...කොමිටල් සිතුවිල්ලක් ආවා...








Thursday, April 26, 2012

ජනපතිගේ ගඳ බෝයිස්ලා අනාගත් දඹුළ්ල



කොන්තරාත්තුවලට කචල් අදින ජනපතිතුමාගේ ගඳ බෝයිස්ලා දඹුල්ලේ ඇද්ද කචල් එක දැන් මහා වාතයක් වී ඇති බව පෙනේ. ඇමති ජනක කියනාදෙය ඇත්ත නම් (අපි දන්නේ නැත) සාකච්ඡාවෙන් පන්නා ගන්නට තිබුණු පල්ලිය සාකච්ඡාවට කලින් ගඳ බෝයිස්ලාගේ ක්ෂණික මෝචන දේශප්‍රේමය නිසා දැන කොරගන්නට බැරිවෙන්නම වැඩ සිද්ද වෙලාය.

අඩුම ගණනේ සාකච්ඡාව අසාර්ථක වෙලා තම්බිටික පාට් දැම්මානම් ගඳබෝයිස්ලාගේ දෙසප්‍රේමය හා බොදුබැති පෙම උතුරායාම සාධාරණීකරන්නට තිබුණාය.

එව්වා කොයිද අෆිත් එක්ක ෆුහ්....සාකච්චා කරන්නේ බයියලාය. ගඳ බෝයිස්ලා කරන්නේ ඉස්සෙල්ලාම ගහලා රෙන එකය. පිහිද ගන්නේ කොහොම කියලා කල්පනා කරන්නේ රීගෙන ගාගත්තාට පස්සේය.

පිස්සු නටන්නට කලියෙන් පොඩ්ඩක් කතාබහ කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්දැයි බලන්න කිව්වොත් එහෙම කියන උන් පට්ට දේශද්‍රෝහීන්ය. රට කන්නට ඉන්නා ඩොලර් කාක්කන්ය. රටට ආදරේ නැත. 

රටට ආදරේ ජනපතිතුමාත් එතුමාගේ ගඳබෝයිස්ලාත් විතරමය.

ජනපතිට වැඩ කරන ගඳ බෝයිස්ලා කොහොමත් ඔහොමය. උතුරා පෙණ නගින (පෙණ නගින්නේ අරක්කු නිසාය) දේසප්‍රේමය හා බුද්ධ ප්‍රේමය නිසා ගොඩින් බේරාගන්න පුලුවන් ඕනෑම එකක් මත තරඟෙට පහරා ඊට පස්සේ පලාතම ගන්දස්සාර වෙනකොට බටහිර කුමණ්ත්‍රන හා බටහිට ඩොලර් වලින් යැපෙන දේසීය කුමණ්ත්‍රණ කරුවන්ගේ කුමණ්ත්‍රණ ගැන දොඩවමින් හිස් ලූලූ අත දුවනවාය. කෙස් කඩාගෙන කෑමොර දෙමින් පඹයෝ පුච්චනවාය, පෙලපාලි යනවාය.

වැඩේ ඉවරවෙනකොට රට මුලුලෝකෙටම ගඳවෙලාය. ඒත් ගඳ බෝයිස්ලා යහතින්ය.

කල්පනාවෙන් වැඩකොට ජාම බේරාගන්නට තිබූ ජිනීවා අනාගෙන නාඩගමක් කරගත්තේ වීරවංශ ගඳබෝයියාය. ඒවගේම සමාදානෙන් කාගේවත් හිත් නොරිදෙන්න බේරාගන්නට තිබුණු දඹුල්ල ඇනුවේ ඉනාමළුවේ ගඳබෝයියාය.

ඕනෑම ප්‍රශ්ණයකදී ඉස්සෙල්ලාම සරම උස්සාගෙන කෑගැසීම එතුමාගේ ස්ටයිල් එකය. ජනපතිතුමාට එතුමාගේ ශෛලියට ගැලපෙන ගඳ බෝයිස්ලා ඕනෑම වැඩක් සඳහා සොයාගත හැකිය. 

කිව්වම මොකද?-අතිශයින්ම බොළඳ සුදු වෑන් චෝදනා


ආණ්ඩුව රට හදන්නට සියලු සංවර්ධන කටයුතු අංක එකට දමා ඉදිරියට ගමන් කරමින් සිටී. මැයි දිනයේ තේමාව ද රට එකට යන්නය.
මේ තත්ත්වය තුළ ආණ්ඩුවට එරෙහිව එල්ල කරන සියලු චෝදනා පුස්සක් බින්දා සේ පළ රහිතය. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව අලුත් චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගැනීමේ පදනම් විරහිත චෝදනාවකි. එක් පුදගලයකු බිරිඳට නොකියා හොරගමනක් ගොස් අසුවූ විට බිරිඳට කීවේ තමන් සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් අතරමග දමා ගිය බවය. ඒ නිසා සුදුවෑන් චෝදනා ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අතිශයින්ම බොළඳ චෝදනාවක් වී තිබේ. ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අතිශයින්ම බොළඳ චෝදනාවක් වී තිබේ.
ආණ්ඩුවට මිනිසුන් පැහැර ගන්නට වේලාවක් නැත. කවුරුන් හෝ පැහැර ගැනීමේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් ඔහු සොයා ගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට ය. 
සුදු වෑන්වලින් මිනිසුන් ඔසවාගෙන ගිය වකවානුවක් අපි පසුකර සිටින්නෙමු. අද මේ ආණ්ඩුවට සුදු වෑන් චෝදනා එල්ල කරන අය කළ යුත්තේ එදා රටක් වටින මිනිසුන් සුදුවෑන්වලින් පමණක් නොව ජීප්රථවලින් ද ඇදගෙන ගොස් මහ මුහුදට බිළිඳුන් හැටි සිහිපත් කළ යුතු ය. මවගේ ඇකයේ සිටි රිචඩ් සොයිසා මහ රෑ ඇඳගෙන ගිය හැටි ද ඔහුගේ මළමිනිය කොරළවැල්ලෙන් මතුවූ සැටි ද සිහිපත් කළ යුතුය.
ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමාට ද පැහැර ගැනීමේ භීතිකාවක් වැළඳී තිබේ. පුතා පැහැරගත් විට ඒ ගැන පැමිණිලි කරන්නට අම්මා ;පාලිසියට ගියා ය. පුතා පැහැර ගත් පුද්ගලයා පොලිසියේ සිටි බව අම්මා කීවේයැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා කියා සිටී. පදනම් විරහිත බොරු පැමිණිලි කරන්නට එපා යැයි ආරක්ෂක ලේකම්වරයා මන්ත්‍රීවරයාට කියා තිබේ.
http://www.dinamina.lk/2012/04/26/_art.asp?fn=v120426

මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තය. ආණ්ඩුවට රට සංවර්ධනය කරනවා හැරෙන්නට වෙන කිසිදෙයක් කරන්නට වෙලාවක් නැත, ඉස්පාසුවක් නැත. උදේ ඉඳන් රෑවෙන තෙක් රට සංවර්ධනය කරන්නට වලිකන ආණ්ඩුවට සුදු වෑන් චෝදනා එල්ල කිරීම විදේසීය කුමණ්ත්‍රණ කරුවන්ගේ දේසීය කොන්ත්‍රාත් කරුවන්ගේ ඩොලර් චෝදනාවක් පමණකි.

ඔය බොරු වලට ජනතාව රැවටුනු කාලය වියරය. ජනතාව දැන් බුද්දිමත්ය. තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නේ එබැවිනි.

මීට කලින් පැහැරගෙන ගියා යයි කියන සාගර සේනාරත්නයාද කුමාර් කාරයා මෙන්ම හොරෙන් කොටු පනින්නට ගොස් ගෑනීට මාට්ටුවූවා වන්නට ඇත.

ලලිත් හා කූගන්ද, ප්‍රගීත් එක්නැලිගොඩද සිය හොර අඹුවන් සමග විදෙස් රටවල කම් සැප විඳිද්දී මෙහේ ඉන්න ඩොලර් කාළකණ්නි බොරුවට මේ හොඳ ආණ්ඩුවට චෝදනා කරයි

ආණ්ඩුව මැයි දිනය පවා යොදාගන්නේ සංවර්ධනය ප්‍රොමෝට් කරන්නටය. තේමාව රට පකට ... සමාවෙන්න රට එකට යන්නයි.

මේවා පොලොව නුහුලන අපරාද නොවේද?

Saturday, April 21, 2012

මීහරකාගේ කොමෙන්ටුව......


මිහරකා says:
දැන් අපේ දේශප්‍රේමී නෝනාවරුන් සහ මහත්තුරුන්ගෙන් අහන්නේ……
1.) අපි අතරේ සිංහලයෙකුට වලක් කපපු නැති එකෙක් ඉන්නවද ?
2.) අල්ලපු ගෙදර ඉන්න සිංහලය ඉහල යනවට ඉරිසියා නොකරපු එකෙක් ඉන්නවද?
3.) තමන් අතරේ එකට හිටපු සිංහලය ඉහල ගියාම ඒ ගැන හිතට දුකක් දැනුනු නැති එකෙක් ඉන්නවද?
4.) තමන් සිංහල දන්නවා උනත් ඉංගිරිසි බැරි එවුන් ඉස්සරහ (උන් අපහසුතාවයට පත් වෙනවා කියල දැන දැනත්) වැඩා වෙන්න ඉංගිරිසියෙන් ටෝක දාල නැති එකෙක් ඉන්නවද?
අනික් පැත්තෙන් ගත්තාම………..
5.) තමන් ඉහල ගියාම තමන් එක්ක එකට හිටිය සෙට් එකට බොරු සෝබනේ දාපු නැති එකෙක් ඉන්නවද?
(එසේ කල විට උන්ගේ හිත රිදෙනවා කියල දැන දැනත්) බොරු සෝබනේ දාල සතුටු උනේ නැති එකෙක් ඉන්නවද?
හ්ම්ම්…… මුස්ලිම් මිනිස්සු කෙසේ වුවත් අපිත් අපිටම කෙලවන්න හවුල් වෙලා නේද? හයියෝ………..

--------------------------------------------------------------------------------------------------------------
ලංකා සයිබර් නිවුස් අඩවියේ පලවූ "අන්‍යාගමිකරණයට එරෙහිව දඹුල්ලේ විරෝධතාවක්, මහනාහිමිවරුනුත් එයි - April 20, 2012 at 2:34 pm | Lanka C News." යන ලිපියට කොමෙන්ටු 70කට වැඩිය වැටී තිබුණි. ඉන් එක් කොමෙන්ටුවකි ඉහත පිටපත් කොට ඇත්තේ.

සයිබර් නිවුස් මඩවලේ ලගිමින් ජාතිවාදී උමතුව මෙන්ම උපතින් වුරුම වූ මෝඩකම හා බාලකම ප්‍රදර්ශණය කරන්නාවූද ඉඳ හිට අපගේ බ්ලොග් අඩවිවලටද පැන එවැනිම කොමෙන් කොටන්නාවූද සුවහසක් දේසීය දෙගාත් මීගවයින් අතර "මීහරකා" යන අන්වර්ත නාමයෙන් තමන්ව හඳුන්වාගත්, නම මීහරකා වුවත් දැනුම හා විචාර බුද්ධිය අතින් මුහුකුරා ගිය ඒ නම් ගම නොදන්නා මිනිසාට මාගේ ප්‍රණාමය...

බුදුදහමින් පෝෂණය වුනු සිංහල බෞද්ධ ජනතාව ඉතා අවිහිංසකයි... (දඹුල්ල මුස්ලිම් පල්ලිය කඩා බිඳ දමයි )


බෞද්ධකම උග්‍රවී අන්‍යාමික ස්ථාන විනාශකරන අවිහිංසක බෞද්ධයින්...


ජඩ පත්තරකාරයින් මේ ජාතිවාදි ක්‍රියා වලට සුදුහුණු ගාමින් ඒවා සාධාරණීකරනය කරන අයුරු



Friday, April 20, 2012

බොරු, පට්ටපල් බොරු සහ මහ බැංකු ස්ටැටිස්ටික්ස්


2010දී ඩොලර් 2400ක් වූ ඒකපුද්ගල ආදායම 2011දී ඩොලර් 2836ක් වීමේ ආස්චර්යය ගැන දිනමිණ කඩමාල්ල මහා පම්පෝරි ගැසුවේය. ආණ්ඩුවේ පඩිකන (නැතහොත් ජරාව කන) ඉකොමික් ඉස්පැසලිස්ට්ලා කියනා විධියට මෙය මහින්දා චින්තනය අනුව රට ලබන සීග්‍ර සංවර්ධනයේ ප්‍රතිපලයකි.

සැබැවින්ම ආස්චර්යයකි! එහෙත් ආස්චර්යය පුපුරා යන්නේ රුපියලෙන් ගණනය වන දල ජාතික නිශ්පාදිතය ඩොලර් බවට හැරවීමේදී සුදුකරන ලද හංගලා ගැහිල්ල හෙලිවීමෙන් පසුවයි.

සාමාන්‍යයෙන් දල ජාතික නිශ්පාදිතය, ඒක පුද්ගල ආදායම වැනි දෑ ගණනය කිරීමේදී මුලින් එය රුපියල් වලින් ගණනය කරන අතර (සියලු ගණුදෙනු සිදුවන්නේ රුපියල් වලින් බැවින් ) පසුව එය ඩොලර් අගයක් බවට පරිවර්තනය කරයි. සාමාන්‍ය සම්ප්‍රදාය නම් මෙසේ ඩොලර් බවට හැරවීමේදී එක්තරා ස්ථාවර විනිමය අනුපාතයක් (base exchange rate) වසර ගණනාවක් පුරා භාවිතා කරයි. උදාහරණයක් ලෙස  1USD = රු.100 ලෙස වසර 2005 සිට 2015 තෙක් යොදා ගත හැකිය, එවිට 2005 සිට 2015 දක්වා සෑම වසරකම දලජාතික නිශ්පාදිතය රුපියල් වලින් ඩොලර් වලට හරවන්නේ එකක් රුපියල් 100 යන අනුපාතයටයි.

මෙසේ කරන්නේ නිතර වෙනස්වන විනිමය අනුපාතය මගින් ගණනය කිරීම් හා සංසන්දනය කිරීම් වලදී සිදුවන වැරදි නිගමන වලක්වා ගැනීමටයි.

එහෙත් අපේ මහ බැංකු අයියලා 2010 හා 2011 දලජාතික නිශ්පාදිතයින් ඩොලර් බවට හරවා තිබෙන්නේ විනිමය අනුපාත දෙකකටය. 2010දී 1 USD = රුපියල් 113කට වන අතර 2011දී 1USD = රුපියල් 110.54ක් ලෙසය.

මේ අනුව දලජාතික නිශ්පාදිතය හා ඒකපුද්ගල ආදායම වැඩිවී තිබෙන්නේ රටේ නිශ්පාදන හා ආදායම වර්ධනය වූ නිසාම නොව සංචිත ටික පුච්චමින් ඩොලර් එක උඩ තියාගෙන සිටි නිසාය.

මෙය වෙන්නේ කොහොමදැයි සරල පැහැදිලි කිරීමක් කරනවා නම්;
2010 හා 2011 වසර දෙකේම ඒක පුද්ගල ආදායම රුපියල් 100,000ක් ලෙස ගනිමු. එනම් ඒක පුද්ගල ආදායම රුපියලෙන් ගණනය කිරීමේදී වැඩිවීමක් නැත.
දැන් අපේ මහ බැංකු ඩොලර් සූත්තරේට අනුව 2010 දී ඩොලරය රුපියල් 113 ලෙසද 2011 දී ඩොලරය රුපියල් 111.54 ලෙසද ගෙන 2010 හා 2011 ඒක පුද්ගල ආදායම් ඩොලර් වලට පරිවර්තනය කරමු.

2010 per capita income in USD = 100,000/113      = 884.95 
2011 per capita income in USD = 100,000/111.54 = 896.53
කොහොමද වැඩේ??? 2010 හා 2011 වසරවල දල ජාතක ආදායම සත පහකින් හෝ වැඩි නොවුනත් වෙනස් විනිමය අනුපාත නිසා ඩොලර් වලින් පෙන්වන විට වැඩිවීමක් පෙන්වා ඇත....
ඔන්න ඔහොම තමයි අපේ චාටර්ඩ් එකවුන්ටන්ට් කබ්සිතුමා අපටත්, රටටත්, රජටත්, ලෝකෙටත් ආස්චර්යමත් සංවර්ධනයක් මවා පාන්නේ.....

හි‍යැක් ෆුහ්....





Thursday, April 19, 2012

ඉන්දියන් කාරයෙක් හේමාස් බෝඩ් එකේ! දේශප්‍රේමීනි නිදිද? ඉන්දියන් ආක්‍රමණය නොපෙනේද?



කඩෙන් කඩේට බඩගාමින් ඇමරිකන් පිටි ගන්නේ ඇයිදැයි අසමින් චාටර් වෙමින් සිටි දේසප්‍රේමී පප්පලාට මහන්සියට නින්ද ගිය අතරේදී ඉන්දියන් කාරයෝ දේශීය තම්බි හේමාස් කොම්පැණියට ඉන්දියන් කාරයෙක් රිංගවා ලංකාවේ ව්‍යාපාරික ක්ශේස්ත්‍රය ආක්‍රමණය කිරීමේ කුමණ්ත්‍රණයක නිරතවී සිටී.

මෙසේ රිංගවා ඇත්තේ එසේ මෙසේ ඉන්දියන් කාරයෙකු නොව කසිකබල් ලොරි හදන ටාටා කොම්පැණියේ එකෙකි. ඒ මදිවාට ගෝපාල් ක්‍රිෂ්ණන් නම්වූ මේකා දෙමළෙකි.

මෙයින් පෙනෙන්නේ හේමාස් අයිතිකාර යුසුෆාලිලාගේ දේශද්‍රෝහී භාවය නොවේද? හොඳ ඩිරැක්ටර් කෙනෙක් ඕනෑනම්  හොඳ සිංහල බෞද්ධයෙකු තෝරාගන්නට ඉඩ නැතුවාද? 



Tuesday, April 17, 2012

මිතුදම් වඩයි ප්‍රතිලාභ ගොඩයි!!! [ශ්‍රී ලංකාව දැවැන්ත සංවර්ධිත රාජ්‍යයක් සමග...]


නොනාවරුනි, මහත්වරුනි අපිට දැන් ධනවත්, බලවත්, තෙදවත් හොඳ මිතුරෙක් සිටී - පලස්තීනයට ජයවේවා! [හියැක් පුහ්..]


Monday, April 16, 2012

කොටි සමූළඝාතන යුධමෙහෙයුමේදී ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දුන් ජවිපේ සිටි කුමාර් කොටියෙක්ද?

ඇත්තටම ඌ කොටීයෙක්ද?

ඌ කිටියා නෙමෙයි කොටියා කියලා දැනගත්තේ කවද්ද ? ජවිපෙ කඩාගෙන ගියදාද? ඊට කලින්දාද?

ඉන්දියන් හමුදාවට බෝම්බ ගහද්දීත් ඌ කොටීයෙක් ද? නැත්නම් කොටියා වුනේ ඊට පස්සේද?

ඊටත් ගොඩක් කලින් දැනගෙන හිටියනම් විමල් වීරවංශත් කොටීයෙක් වෙන්ඩ බැරිද? ඌත් කී සැරයක් නම වෙනස් කරලා තියෙනවද? ඌට ඔච්චර සල්ලි කොහෙන්ද?

ඌ කොටියා කියලා දැන දැනත් ඌට ඕස්ට්‍රේලියාවට පනින්න ඉඩ දුන්නේ ඔස්ට්‍රේලියාවට තියෙන බය නිසාද?

ඇමරිකාවට බය නැති, එන්ගලන්තෙන් ගේම ඉල්ලන, නෝර්වේට  කනට ගහපු, මන්මෝහන් සිංට මරුටියක් බස්සපු අපි ඕස්ට්‍රේලියාවට බයයි?

බයයිද? කැතයිද? ලැජ්ජයිද?

ඇහුවට තරහ වෙන්න එපා.....කොටි කුමාර් එක්ක ඔච්චර තරහ කට්ටිය කොටි කේපීට මුකුත් කියන්නේ නැත්තේ එයා දැන් බුදු බණ අදහන යහපත් ළමයෙක් වසයෙන් ඉන්න නිසාද?

අවසාන වසයෙන්.....

කවුරුහරි ජවිපේ පිංවතෙක් නිළවශයෙන් ප්‍රකාසයක් කරනවාද "කුමාර් මහත්තයා කියා කෙනෙක් කිසිදිනක ජවිපේ සිට නැත, එහෙම එකෙක් ගැන දන්නේද නැත, බොරුනම් විජේවීරගෙන් අහලා බලන්නකො...මේවා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ" යනාදී වසයෙන්??




ආණ්ඩුවේ හොට බිම ඇන්නවූ ඔපරේශන් "ප්‍රේමකුමාර්"


ගුණරත්නම්ගේ ඇත්ත නම ඔස්ට්‍රේලියාව දැන සිටියා
රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරන්න පියවර
අපරාධ කල්ලි කොටුකර ගැනීමේ ඉඩ ඇහිරිලා

අතුරුදන් වූ කොටින්ට පිටරටින් නව හැඳුනුම්පත්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කරයි


යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වී ඇතැයි ලයිස්තු ගත කර ඇති බොහෝ දෙනෙක් විදේශ අනුග්‍රහය යටතේ නව හැඳුනුම්පත් ලබාගෙන ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට යුරෝපය ඇතුළු රටවල නව හැඳුනුම්පත් ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ අනුව මෙරට අතුරුදන් ලැයිස්තුවල සිටින කොටි ක්‍රියාකාරිකයන්ට විදේශයන්හිදී රැකවරණය ලැබෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

දේශපාලන රැකවරණ පතමින් ඕස්ට්‍රේලියාව සහ වෙනත් රටවලට නීත්‍යනුකූල නොවන අයුරින් යන අය පවා ආරක්ෂා කරන බව පවසන ආරක්ෂක ලේකම්වරයා මේ නිසා මෙවැනි පුද්ගලයන් පිටරටවලට යැවීමට වගකිව යුතු සංවිධානාත්මක අපරාධ කල්ලි කොටුකර ගැනීමට ශ්‍රී ලංකාවට ඇති ඉඩ ඇහිරී ඇති බව කියයි. අලුතෙන් පිහිටුවන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වන ගුණරත්නම් නැමත්තාට එන් 1016123 යටතේ ඕස්ට්‍රේලියානු රජය වෙනත් නමකින් ගමන් බලපත්‍රයක් ලබාදී තිබුණේ ඔහුගේ සත්‍ය නම දැන සිටියදී බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

http://www.dinamina.lk/2012/04/16/
--------------------------------------------------------------------------------------------------------
ප්‍රේමකුමාර් මෙහෙයුම, හෙවත් රංගනය හෙවත් පැහැර ගැනීම ගැන බොහෝ ලිපි ලියැවී තිබේ. සමහර ලිපිවලට අනුව සුදුවෑන් කල්ලිය එනවිට කුමාර් මහත්තයා දිමුතු නංගී සමග එක සයනයේ සිට ඇත. ඒක උන් දෙන්නා ගේ වැඩක් මිසක් අපේ වැඩක් නොවේ. කසාද මිනිහෙක් තවත් ගැහැණියක් සමග සිටීමෙන් පැහැර ගැනීම හා වද හිංසා කිරීම සාධාරණ නම් මුලු මහත් ඇමතිමණ්ඩලයත් පැහැරගත යුතුය. කතාවේ හැටියට ජනාධිපතිටත් බේරෙන්නට හම්බුවෙන්නේ නැත.

මේ අතර කුමාර් කොටියෙකුද වී තිබේ. කුමාර්ගේ නම වෙනස්වීමද මහත් ගැටලුවක් ලෙස පෙන්වාදෙමින් ඇත. කුමාර්ගේ නම වෙනස්වීම ගැන දොඩවන ආරක්ශක ලේකම් ඒ මිනිහාව පැහැර ගැනීමෙන් රටට වී ඇත අපකීර්තිය ගැන වචනයක් නොකියයි. අඩුම ගනනේ පැහැරගත්තේ කවුදැයි හොයන බව හෝ නොකියයි. ඒ කිසිවක් නොකියමින් ඒ මිනිහගේ නම, රෑට නිදා ගත් ගෑනී හා ඔස්ට්‍රේලියානු රජයේ වැරදි ගැන දොඩවමින් මුසා බස් කියන්නේ කා රවටන්නට දැයි ආරක්ශක ලේකම් තුමා සිතා බැලිය යුතුය.

වැඩේ අනාගත්පසු බේරෙන්නට මොකක් හෝ ඇදබෑම, කාගේ හෝ චරිතඝාතනයක් සිදුකිරීම ආණ්ඩුවේ කටු ලෙවකන සුනඛයින්ගේ සුපුරුදු චාරිත්‍රයයි. එයින් තමන්ගේ ඇණ ගැනීම වසන් කරගෙන වෙන දෙයක් ඉහලට ඔසවා තැබීම බලාපොරොත්තුවේ. මෙවැනි අවධානය වෙනතක යොමුකිරීමේ ක්‍රියා ලංකාවේ හොඳින් ක්‍රියාත්මක වන්නේ ලංකාවේ බොහෝදෙනෙක් තමන් හරිම සුචරිතවාදීන් බව හිතාගෙන ඉන්නා නිසාය. තමන් හොඳ වුවත් අනුන් වැරදිය ඒ නිසා කුමාර මහත්තයා දිමුතුගේ බඩ උඩ සිටියා යයි දැක්කා වගේ කියන කතා මාර ආතල්ය. කුමාර් මහත්තයාට දිමුතුත් එක්ක ලැබුණු චාන්ස් එක ඔයිටත් වඩා කැත ගැහැණියක් එක්ක (දිමුතුගේ ඇති  ලස්සනක් නැත - මට පෙනෙනා විධියට) ලැබුණානම් මං සුදනා සුචරිතවාදී අයියලාගේ කෙරුවාව බලාගන්නට පුලුවන.

ඔය සියලු කතා අස්සේ පැහැර ගැනීම හා වදහිංසා කිරීමේ චෝදනාව යටපත්වෙයි. ආණ්ඩුවේ වධකයින්ට ඕනෑත් ඒ ටිකමය. කුමාර් පැහැර ගැනීමට වඩා ඔහු ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම නිසාත් ආණ්ඩුව වැටී ඇත්තේ බලවත් කසල ගොඩකටය.

ජිනීවාවලදී නරිනාඩගම් නටමින් ලංකාවේ මානවහිමිකම් උල්ලංඝනය වෙන්නේ නැතැයිද ඕනෑනම් ඇවිත් බලන්න යයිද තප්පුලෑ කට්ටියට කනේ පහරක් ආණ්ඩුවෙන්ම ලබාදී ඇත. ජිනීවා චෝදනා සත්‍යබව ආණ්ඩුව විසින්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඔප්පු කොට ඇත්තේ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වුනු ආණ්ඩු විරෝධී ක්‍රියාකාරිකයෙකු පැහැර ගැනීමෙනි. ලංකාවේ දේශපාලන විරුද්ධවාදීන් සැබැවින්ම පැහැරගෙන ගොස් වධහිංසා කරන බවත් ඔස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීම නොවන්නට කුමාර්ට (දිමුතුට කෙසේ වෙතත් ) අත්වන්නේත් එම ඉරණම බවත් අද ලංකාවේ අමන ජහමනයාට කෙසේ වෙතත් ලෝකයට පැහැදිලිය.

මේ ඇත්ත වසන් කරන්නට දැන් කුමාර්ගේ චරිතය මෙන්ම දිමුතු ආටිගල නැමති අවිවාහක කාන්තාවගේ චරිතය ඝාතනය කරන්නටද රජපස සුනඛ නඩය වැඩට බැස ඇත. නොඉතුරුනු කිරිකළය මෙන්ම බිම වැටුනු කිරිබත් කෑල්ල ෆොටෝශොප් පිහිටෙන් හදාගත්තා වාගේ මුන් හදන්නේ ලෝකයාට රටම කිචවීම රටේ එවුන්ගෙන් වසන් කරගන්නටය.

දැන් කුමාර් ඉන්දියන් හමුදාවට බෝම්බ අටවපු කතාවක් කියයි. ඔයවැනි කතාවත් ඉරිදා පුවත්පතක පලවී සී-නිවුස් පඩ්ංගුවට එක්කොට තිබෙන බව මමද දුටුවෙමි. කුමාර් ඉන්දියන් හමුදාවට බෝම්බ ඇටෙව්වානම් කුමාර් ජනාධිපතිගේ සුරතලෙකු විය යුතුය. ඉන්දියන් හමුදාවට නොව පාර්ලිමේතුවටම බෝම්බ අටවන්නට තරම් කේන්තියකින් රජතුමා මේදිනවල පසුවෙයි. එහෙව් එකෙක් මන්දිරයට වඩම්මවා හැලප නොකවා පැහැරගත්තේ ඇයිදැයි සිතෙයි. සමහර විට පැහැරගන්නට ඇත්තේ හැලප කවන්නට වන්නට පුලුවන.

හෙට අනිද්දාට තවත් එකෙක් පැහැර ගනු ඇත. ඉන්පසු ඒ මිනිහාගේ චරිතය ඝාතනය කොට පැහැරගැනීම සාධාරණීකරනය කිරීමට තවත් කතා ගොතනු ඇත.