Sunday, April 24, 2011

A picture is worth a thousand words.....New words for an old picture....

මැච් එක පැරදී පරිප්පු කා කොල්ලෝ  කට්ටිය ප්‍රින්සිපල් සෑර් ගේ ගෙදර ගිහින් ...........
නිදහසට කරුණු කියපල්ලා හෙමින්, උදහස් උනොත් ඇපත් නැත ඉතින්...........
බේරෙන්නට ඕනෑනම් කියාපල්ලා මෙහෙම.......
පින්බර උතුමාණෙනි, සූර්ය දිව්‍ය රාජයාණෙනි........
ඔබතුමාගේ උපදෙස් අරගෙන ලබන සැරේ දෙනවාමයි බැටේ...........

                                      ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ double-click කරන්න



ජෙන්ටල්මෑන්ස් නොවී ලෝකයට මෝස්ට් ඉන්ෆ්ලුවෙන්ශල් මෑන්ස් වෙන්නට යාම.

Gentleman යන වචනය සිංහල ඉංග්‍රීසි ශබ්දකෝශ වල අර්ථදක්වා ඇත්තේ කුළවතා, ගුණවතා, සත්පුරුශයා, නම්බුකාරයා යන පදවලිනි. ඊට අමතරව පිරිමියා හා මහතා යන තේරුම්ද ලබාදී තිබේ. Influential යන වචනයට බලගතු, බලපුළුවන්කම් ඇති,වැදගත් යන තේරුම් ලබාදී ඇත.

ටයිම්ස් මෝස්ට් ඉන්ෆ්ලුවෙන්ශල් මෑන්ස්/වුමන්ස් තෝරන්නට විහිලුවට වගේ තියපු සයිබර් චන්දය අපේ අයියලා සීරියස් ගත්තෝය. විපක්ස සපෝටර්ලාගේ අඬුපඬු කැඩීමේ සිට විපක්ශ අපේක්ශක ගේ කේන්දරේ, හා අවුරුදු විස්සකට පෙර ඔහුගේ ගේ අතුගාපු ගැහැණියගේ කන්‍යාභාවය හරහා චන්ද වියාපාර කරලා පුරුදු, එහෙමත් කරලා පරදින බව ශුවර් වුනු විට කොම්පියුටර් ජිල්මාට් හරහා ගේම ගොඩදාගත් එතුමන්ලා මේ සයිබර් වෝට් එක කජ්ජක්දැයි කියලා සිතන්නට විය. චයිනීස් හැකර්ලා හා ඕසෙට තිබුණු අයි.පී ස්ටැක් හරහා මෙහෙයුම දියත්විය. සයිබර් හා සයිබර් නොවන කසකාරයින්ගේ ආශ්‍රීර්වාද, හේවිසි හොරණා, කයිතාලම් කස පිපිරිලි අස්සේ ලංකාවේ මෝස්ට් ඉන්ෆ්ලුවෙන්ශල් අපේක්ශකතුමා ලේඩි ගාගා පසුකරමින් ඉදිරියට විත් දකුණු කොරියන් රේන් ගැටයාට ටිකක් පස්සෙන් නතර විය. රේන්ට පස්සෙන් හිටියේ අයි පී ඉවරවුනු නිසාද නැත්නම් වැඩිය කලොත් ගේම ලීක්වෙයි කියලා හිතිලාද දන්නේ නැත. කොහොම වුනත් එතුමා මෝස්ට් ඉන්ෆ්ලුවෙන්ශල් කිරුල ඔලුවේ දාගන්නට නිව්යෝර්ක් යන්නට ලෑස්තිවී සිටින්නට ඇත. ඉතුරුටික දැන් කියලා වැඩක් නැත.

හැබෑටම මොකද වුනේ?

ටයිම් 100 අවසන් ලයිස්තුව දෙස බැලූවිට එකක් පැහැදිලිය. එනම් ලයිස්තුවේ සිටින්නන් තමන්ගේ වපරිසයේ ප්‍රමාණිකයෝ බවයි. ඔවුන් සැබැවින්ම තම රට, කලාපය හෝ ලෝකයම යම් පමණකට භෞතිකව හෝ ආකල්පමය ලෙස වෙනස් කරන්නට දායකවූවෝ වෙති. ලයිස්තුවේ උඩම ඉන්න ඊජිත්තු ජාතික 30 හැවිදි වේයිල් ඝෝනිම්, හොස්නි මුභාරක් පන්නා දැමූ ජනතා විප්ලවය ඇරඹූ තරුණ විරුවායි. ඔහු නිසා අද මිලියන 12ක් ඊජිප්තු ජාතිකයින්ට දශක ගණනාවක් රට අරක්ගෙන එය තමුන්ගේ පෞද්ගලික දේපොල මෙන් පරිහරණය කල හොස්නි මුභාරක්ගෙන් ගැලවෙන්නට පුලුවන්විය. අද ලිබියාවේ ඇවිලෙන්නේත්, විහිලුවංශලා යලිත් ටයර් පුච්චන්න්ට පාරට ගෙනාවේත් මේ ඊජිප්තු තරුණයා ඇරබූ විප්ලවය නිසාය. එනිසා ඔහු මෝස්ට් ඉන්ෆ්ලුවෙන්ශල් කෙනෙකු බවට සැක නැත.

මුලු ලයිස්තුවම ගැන කොමෙන්ට් කර කාලය කා දැමීම අවශ්‍ය නැතිමුත් අතරින් පතර දෙතුන් දෙනෙකු ගැන කතානොකර බැරිය. ඒ නිසා දන්නා අය ගැන කතා නොකර නොදන්නා අය ගැන කතා කරමු.

එක් අයෙක් නම් ඇමී චුවා නම් චීන සම්භවයක් ඇති අමෙරිකන් ජාතික යුවතියයි. දෙදරුමවක් වන ඇය සුප්‍රකට යේල් සරසවියේ නීතිය පිළිබඳ ආචාර්යවරියකි. ඇය විසින් රචිත Battle Hymn of the Tiger Mother නම් දෙමව්පියන් දරුවන් දැඩි විනයකින් හදාවඩාගත යුත්තේ කෙසේදැයි කියවෙන, මවක් ලෙස සිය අත්දැකීම් හරහා ලියවුනු පොත අමෙරිකාව පුරාම දැඩි විවේචනයට මෙන්ම අගැයිමට භාජනය විය. දරුවන්ට නිදහසේ තමන් ආසාකරන දේවල් කරමින් නිදහස්ව ජීවිතය සකසා ගැනීමට ඉඩදිය යුතුය යන නූතන මතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන ඇමී සිය දියනියන් දෙදෙනා දැඩි විනයකින් හදාවඩාගත් ආකාරය මේ පොතේ විස්තර කරයි. ඇයගේ දියනියන්හට රූපවාහිණී බැලීම, පරිගණක ක්‍රීඩා මුලුමණින්ම තහනම් විය. කිසිදු විශයකට වාර විභාගවලදී A සාමාර්ථය හැරෙන්නට ඊට අඩු ප්‍රථිපලයක් ඇය රිස්සුවේ නැත. සාමාන්‍ය අමෙරිකන්/යුරෝපා ගැහැනු දරුවන් හට ලැබෙන කිසිදු නිදහසක් ඇය සිය දියනියන් හට නොදුන්නාය. මේ නිසාම ඇයගේ කෘතිය නිර්දය ලෙස විවේචනය වුවත් ඇයගේ කෘතිය ලොව පුරා දෙමව්පියන් හට සිය දරුවන් හැදෙන වැඩෙනා ආකාරය ගැන අලුතින් සිතන්නට යමක් ඉතුරු කර ඇත. මේ නිසා ඇයද ඉන්ෆ්ලුවෙන්ශල් ගැහැණියකි.

ලුතිනන් ජෙනරල් අහ්මඩ් පාශා ටයිම් 100 ලැයිස්තුවේ සිටිනා, ලංකාවේ අපි නොදන්නවා වුනාට සැබැවින්ම බලගතු මිනිසෙකි. කුප්‍රකට ISI හෙවත් පාකිස්තානු රහස් ඔත්තු සේවාවේ ප්‍රධානියා වන ඔහු ඒ නිසාම මුලුමත් ඉන්දියාවම සතුරෙකු ලෙස සලකයි. ඇෆ්ඝනිස්තානයේ නොනවතින යුද්ධයකට පැටලී සිටින අමෙරිකාවට ඔහු මිතුරෙකි. ඒ පාකිස්තානු මිලිටරිය හා අන්තවාදී කොටස්වල අමෙරිකානු හා ඉන්දියානු විරෝධය කළමණාකරණය කරගනිමින් අමෙරිකන් ත්‍රස්තවිරෝධී මෙහෙයුම්වලට දෙන සහය නිසාය. ලුතිනන් ජෙනරල් පාශාගේ බලය රැඳී ඇත්තේ ඔහුට ගන්නට සිදුවී ඇති තීන්දු තීරණ වල ඇති බරපතල භාවය නිසාය. ඔහුගේ එක් වැරදී තීන්දුවක් හෝ අතපසුවීමක් ඉන්දියාව හා පාකිස්තානය අතර ධරුණු යුද්ධයකට මුල පිරිය හැක, නැතහොත් පාකිස්තානය මූළධර්මවාදී අපායක් බවට පත්කල හැකිය. මේනිසාම පාශාද මුලුමහත්කලාපයටම ඉන්ෆ්ලුවෙන්ශල් මිනිසෙකි.

කිම් ජොන්ග් උන් තවත් ඉන්ෆ්ලුවෙන්ශල් තරුණයෙකි. ඒ උතුරුකොරියන් ආඥාදයක කිම් ජොන්ග් ඉල්ගේ පුත්‍රයාවීම නිසාය. 28 හැවිරිදි, ස්ව්ට්සර්ලන්තයේ අන්තර්ජාතික පාසැලකට ආරූඪ නාමයකින් ඇතුලත්වී අධ්‍යාපනය ලැබූබවට සැලකෙන මොහු කොම්පියුටර් කාරයෙකු මෙන්ම යුධහමුදාවේ සේවය නොකලත් තරු හතරේ ජෙනරාල් පදවියක් උසුලයි. කිම් ජොන්ග් ඉල්ගෙන් පසු උතුරු කොරියානු අවාසනාවන්ත රාජ්‍යයේ නායකයා බවට ප්‍රකාශයට පත්වී ඇති නිසා මොහු නුදුරු අනාගතයේම මිලියනයකට අධික කොරියානු යුධ හමුදාවේ (ලෝකයේ 4වැනියට විශාලතම පාබල හමුදාව) ආඥාදායකයා මෙන්ම උතුරු කොරියානු න්‍යශ්ඨික බෝම්බවල තනි අයිතිකරුවාද වෙයි. මේ නිසා මේ කුලෑටි කොලුවාද ඉන්ෆ්ලුවැන්ශල් වේ.

දැන් අපි අපේ තරඟකරුවා දෙස හැරී බලමු. එතුමා කලාපයට, ලෝකයට ඉන්ෆ්ලුවැන්ශල් වෙන්නේ කෙසේද? ඔහු කොටි නාශක යුද්ධයට දේශපාලන නායකත්වය දුන් බව සැබෑය. ඒ නිසා 30වසරක යුද්ධය නිමාවිය. එහෙත් යුධ ජයග්‍රහණයෙන් පසු ඔහු සිය ජයග්‍රාහී සෙනෙවියා දෙස සැකයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් බලමින් කෙසේ හෝ ඔහුව සිරගත කලේය. දැන් ඔහුගේ ජ්‍යාග්‍රාහී සෙනෙවියා ද්‍රෝහියෙකි, සොරෙකි.

එතුමාගේ ඇමති මණ්ඩලය දෙස බැලමු. එහි පිරී  ඇත්තේ සොරුන්, මංපහරන්නන්, ස්ත්‍රී දූශකයින් හා කප්පම්කාරයින්ගෙනි. තම මඩිය තරකරගන්නවා ඇරෙන්නට වෙන වැඩක් උන් එකෙකුටවත් නැත. එහෙව් කැබිනෙට්ටුවක් පත්කරගෙන එයට නායක්තව දෙන්නා රටට ඉන්ෆ්ලුවෙන්ශල් වුවත් කලාපයට හෝ ලෝකයට ඉන්ෆ්ලුවෙන්ශල් නැත. විහිලුවන්ශලා හා අනෙක් වෘශභ නඩය තප්පුලන ආකාරයට ලංකාව ගිලගන්නට ඉන්දියාව හෝ ලෝකය කට ඇරගෙන බලාගෙන සිටින්නේ නැත.  අපි හිතාගෙන හිටියාට  ලෝකයේ උන්ට ඩැහැගන්නට තරම් කජ්ජක් මේ රටේ නැත. ඒ නිසාම මේ හුන්ඩුවට මොනවාවුනත්, මේක ඇතුලේ මොන විකටයෙක් රජකම් කලත් උන්ට වැඩක් නැත.

එහෙනම් ඉතින් ඔය බැංකීමූන් හා යූඇන් නඩය ඇමරිකන්, යුරෝපියන් කාරයන්ගේ ආශීර්වාද ඇතුව දඟලන්නේ මොකද? මේ රටට අතපොවන්නට හදන්නේ මොකද?

මේ දැඟලිල්ලට හේතුවත් අපේ හා අප රජතුමාගේ ඉන්ෆ්ලුවෙන්ශල් නොමැතිවීම මිස වෙන මොන හේතුවක් වත් නොවේ. ලංකාවේ වගේම ඔය විධියේ යුධ අපරාධ ඉරාකයේ හා ඇෆ්ඝනිස්තානයේ දිනපතාවෙයි, ගඩාෆි ඉන්නකම් ලිබියාවේ සිදුවෙනු ඇත, ඊජිප්තුවේ සිදුවී තිබේ, තවත් මෙකී නොකී රටවල් මහත්වූ ගණනක මෙවැනි අපරාධ සිදුවී ඇත, සිදුවෙමින් පවතී. එහෙත් බැංකීමූන්ලාගේ අවධානය අපවෙත පමණක් යොමුවෙන්නේ ඇයි?

හේතුව අපේ රටට මොන බලපෑමක් ආවත් ඇමරිකාවට, එන්ගලන්තෙට, යුරෝපෙට පාඩුවක් නැති වීමය පාඩුවක් වෙනවානම් උන් මේවගේ දේවල් වෙන්නට ඉස්සෙල්ලා නවත්තලාය. ගඩාෆි බලයේ හිටියේ එහෙමය, හොස්නි මුබාරක් උන්නැහේත් එහෙමය, සෞදි අරාබිය, කුවේට වැනි රටවල් වල තත්වයත් එහෙමය. රුසියාව චෙච්නියාවේ මුස්ලිම් ජනයා සමූලඝාතනය කරමින් සිටී.  ජෝර්ජියාවට රුසියාවෙන් අහන්නේ නැතුව හුස්ම ගන්නටත් තහනම්ය. යුක්රේනයත් ගැලවී සිටින්නේ අපහසුවෙනි. චීනය ටිබෙට් රටේ බුදුදහම කොමියුනිස්ට් කරමින් ටිබෙට් රට හාන් චීන්නුන්ගෙන් පුරවමින් සිටී. ඒවා ගැන  බැන්කීමූන්ලාටත්, අමෙරිකාවටත්, යුරෝපෙටත් වගේ වගක් නැත. ඉඳලා හිටලා ඇපෙන් බේරෙන්නට ප්‍රකාශක් නිකුත් කරනවා හැරෙන්නට වෙන කරන කෙන්ගෙඩියක් නැත.

ඇයි ඒ?

මැදපෙරදිග තෙල් ඇත. චීනයේ ආර්ථික බලයට ඇමරිකාවට මුහුණදීම අමාරුය. චීනය තරහාකරගත්තොත් වැටෙන්නේ ඇමරිකාවය, යුරෝපයය. ඒ නිසා යාප්පුවෙන් ඉන්නවා මිස ටිබෙට් රටේ මානව හිමිකම් උල්ලන්ඝනය වීම ගැන කොමිසම් දාන්නට යූ ඇන් එකට උපදෙස් දෙන්නේ නැත. ඒවා කරන්නට ගියොත් බැන්කීමූන්ට ජොබ් එක පවා නැතිවෙනු ඇත.

රුසියාවද එහෙමය. න්‍යශ්ඨික බලවතෙකි. තෙල් ආකරවලින් සයිබීරියාව පිරී තිබේ. ඒ විතරක් නොවේය, 2011 ජූනි මාසයේ ස්පේශ් ශටල් යානා තුන විශාම ගැන්නීමෙන් පසු ඇමරිකාවට හදිස්සියකට අභ්‍යවකාශගාමියෙක් උඩුගුවනට යවාගන්න නම් රුසියාවේ සෝයුස් යානයකින් එය කරගත යුතුය. රුසියාවේ බලය එහෙමනම් ච්ච්නියාවේ මොනවාවුනම කාට අමාරුද?

කොමිටල් කට්ටිය හිතාගෙන හිටියාට අපේ රජතුමාට එහෙම බලයක් නැත. අඩුම ගණනේ ගෞරවයක් වත් නැත. ඉන්ෆ්ලුවෙන්ශල් කෙසේවෙතත් අඩුම ගණනේ නායකයා ජෙන්ට්ල්මෑන්ස් කෙනෙක් වගේ වැඩකරනවානම් රට පොඩි වුනත් යම් බලයක් ගෞරවයක් ලෝකයාතුල ඇතිවෙයි. තමුන්ගේ හොඳම සෙනෙවියා හිරේදාගෙන, ක්‍රීඩා තරඟයක් බලන්නට අල්ලපු රටට ගොහින් තරඟය බලලා වැදගත් විදියට ආපහු එන්නේ නැතුව සැලකුවේ නෑ කියලා කුනු කුනු ගාන, ඒකට පලිගන්නට තම රටේ ක්‍රීඩකයින් යොදාගන්නා හීනමානිකයින් කවදාක්වත් මෝස්ට් ඉන්ෆ්ලුවැන්ශල් ලීඩර් කෙසේවෙත් අඩුම ගණනේ ජෙන්ට්ලමන් ලීඩර්ස් (මහත්මා ගුණ ඇති නායකයින්) ලැයිස්තුවටවත් එන්නේ නැත.

Friday, April 22, 2011

ටයිම් සඟරාව සදහටම තහනම් කරනු! / අයි.පී.එල් ගැන කතා නොකරනු!

ටයිම් සඟරාවේ "මොස්ට් ඉන්ෆ්ලුවෙන්ශල් 100" දැන් නිකුත්වී ඇත... ලොක්කාගෙ නම නැත..99යෙත් නැත 100ත් නැත. 

මැවූ සිහින සියල්ල පුපුරා ගියේය. ලෝක කුසලානෙ කරේ තියාගෙන මාසයක් දෙකක් ඇද ගන්නට තිබුනු චාන්ස් එක හොරු අරන් ගියාවාගේ පෙනි පෙනී නොපෙනීගියේය දැන් ඊටත් වඩා ලෝකෙම පොරක් වෙන්නට තිබූ චෑන්ස් එක කටේ දාගන්නට පෙර වාශ්ප වී ගියේය. 

චයිනීස් හැකර්ලා ගෙන්නාගෙන, අවුරුදුකාලේ දරු මල්ලන් සමග ඉන්නේ නැතුව ඔපිස් වල හොරෙන් හැංගීගෙන,  රජයේ වියදමින් අතිකාල දීමණා ලබාගෙන, හෝටල් වලින් තුන් වේලට බුරියානි ගෙන්නාගෙන කමින්, දුක් විඳිමින් හොර අයි.පී ඇඩ්රස් දාස් ගාණකින් දාපු චන්දවලිනුත් වැඩක් වුනේ නැත.

වැඩක්ම නැත....අත ගහන කිසිදෙයක් හරියන්නේම නැත...

දැන් ඉතින් ගිය සති දෙකතුනේම රාජපක්ශ ගවගාලේ නේවාසිකයින්ගේ සුරතලා වුනු ටයිම් සඟරා ප්‍රසිද්දියේ පුලුස්සා ටයිම් වාර්තාකරුවන් ලන්කාවේ ඉන්නවානම් ගහලා පැන්නීම පටන් ගත යුතුය.

ටයිම් සඟරාව තියෙන්නේ ඇමරිකන්, යුරෝපා සුදු අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් ඉටු කිරීමට බවත් ඔවුන් දේස ද්‍රෝහී කොටි හිතවාදීන් බවත් ප්‍රකාශකල යුතුය. රටේ තියෙන ටයිම් සඟරා සියල්ලම එකතුකොට ගාලු මොවදොර පිට්ටනියේ ගොඩ ගසා ගිනිතැබිය යුතුය.

ටයිම් සඟරාවේ  දේශීය ග්‍රාහකයින් (සබ්ස්ක්‍රයිබර්ලා ) කොටි හිතවාදී විදෙස් ගැත්තන් බව විහිලුවංශ ලවා විශේෂ රූපවාහිනී සමබර සාකච්ඡාවකදී කියැවිය යුතුය. ඉන්පසු උන් පස්සේ රහස් පොලිසිය පැන්නවිය යුතුය. ටයිම් සඟරාවේ අනුබද්ධ ආයතනයක් වන සී.ඇන්.ඇන් රූපවාහිනි සේවාවද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල යුතුය.

ටයිම් සඟරාවේ ලොක්කන් අපේ රජතුමා ලෝකෙට ලොක්කෙක් වෙනවාට ඊරිසියාවට මේ කල නව නිංගිරා වැඩේට කෙසේහෝ පලි ගත යුතුමය. අපේ රජතුමා මැච් බලන්නට ඉන්දියාවට ගියවෙලාවේ කරපු  මදිපුංචිකම් වලට සාර්තකව පලිගත්තාවාගේ ටයිම් කාරයින්ගෙනුත් පලිගත යුතුමය.

උඩ පැන පැන පලි ගත යුතුය. ඔහොම පලි අරගෙන පලි අරගෙන හති  වැටිලා අමුත්තක් දැනෙන නිසා නිකමට වාගේ හැරිලා පස්ස අතගා බැලූවිට නකුට කැපී ඇතිබව අවබෝධ වනු ඇත. ඉන්පසුව නකුටක් නැතුව ජීවත් වීම ඉතා දේසප්‍රේමී බව රටටම කියන්නට කාට හරි බාරදිය හැක.

අයි.පී.ඇල් හා ගඩ්ඩා

සන් ග්ලාසස් දාගෙන ස්පෝර්ට්ස් ඩිවැලොප් කරන්නට වලිකන අපේ ගඩ්ඩා ඇමතිතුමාට සිදුවී ඇත්තේ කූඥ්ඥය ගැලවූ වඳුරාට සිදුවූ දෙයැම නොවේද?

ඉන්දියාවේදී ටිකට් අරගෙන මැච් බලන්නට සිදුවීමත්, ඉන්දියන් ක්‍රිකට් කමිටුකාරයින්ගේ නොසැලකිල්ල නිසා රාජකීය ට්‍රීට්මන්ට් නොලැබුනු එකට කෝපෙන් ඉන්නා රජතුමාව සනසන ගමන් ලකුණු ටිකක් දාගන්නටත් ගහපු ප්ලෑන අතේ පත්තුවිය.

තමුන් මහා කෙරුමෙක් යයි සිතාගෙන ඉන්නා ගඩ්ඩා ඇමතිතුමා හිතාගෙන ඉන්නට ඇත්තේ ක්‍රිකට් ලෝකයේ සල්ලි මවන යන්තරේ වෙන BCCI එකට පාට් එකක් දමා අපේ හැටි මෙහෙමයි කියලා ශ්‍රී ළංකන් පොලිටික්ස් ඉස්ටයිල් එකේ තගක් දමන්නටය.

ලංකාවේ කෙලි ඉන්දියාවේ බැරිබව ගඩ්ඩාට තේරුම් ගියේ පුක් බිම ඇනුනු විටදීය. කෙළවරක් නැති දූශණ නිසා දහ අතේ ණයවී සිටින ශ්‍රි ළංකා ක්‍රිකට් ආයතනයට BCCI සල්ලි නැතුවම බැරිය. ඒ විතරක් නොවේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැන් නටන්නේත් BCCI එක ගහන පදයටය. ක්‍රිකට් කියන්නේ සල්ලි ගහක් නම් එය හොලවන්නට පුලුවන් BCCI එකට විතරය. ඒ නිසා ඇමතියාට මොනතරම් තද වුනත් ශ්‍රි ළංකා ක්‍රිකට් එකට ඉදිරි වසර කීපය තුල කීයක් හරි හම්බු කරගන්නට පුලුවන් තරඟවාර ලබාගන්නට පුලුවන් වෙන්නේ ඉන්දියන් BCCI එක යාප්පුවෙන් තියාගත්තොත් විතරය.

මේ නිසා දැන් කොරන්නට තියෙන්නේ එකම එක දෙයකි. එනම් අයි පී ඇල් එක ගැන ලංකාවේ කථාකරන එක තහනම් කල යුතුය. සියලු අයි.පී.ඇල් ප්‍රවෘත්ති දේශද්‍රෝහී ප්‍රවෘත්ති ලෙස සලකා වාරණය කල යුතුය. වමෙන් හෝ දකුණින් බැරිනම් බුරියට පාතින් හෝ පලිගත යුතුය. බුරියට පාතින් සබ්ජෙක් එකට ගඩ්ඩා ඇමතිතුමා හපනෙක් බව ජනප්‍රවාදයේද සඳහන් වේ.

Saturday, April 16, 2011

US human right report on Sri Lanka හා සුචරිත සුද්දන් ඉරාකයේ හා ඇෆ්ඝණිස්ථානයේ හලන ලේ ගංගා.

කාලයක ඉඳන් බැංකී මූන් මහත්තයලා විලිලාපු රිපෝට් එක දැන් පිටවී ඇත. පිටපතක් ලංකාවේ වෙබ් අඩවියක පලවී තිබුණි. මා එය කියැවූයේ උඩින් පල්ලෙනි. හැම තැනම අතුරුදහන්වීම්, පැහැරගෙන යාම්, මරා දැමීම් ගැන විස්තර කොට තිබේ. මේවා ඇත්තවන්නටද පුලුවන, බොරු වන්නටද පුලුවන. මේ සටහනෙන් මා බලාපොරොත්තුවන්නේ යූ ඇන් රිපෝට් එක විශ්ලේෂණය කිරීම හෝ එයට සහයදීම නොවේ.

මගේ පෞද්ගලික අදහස විස්තර කිරීම මේ ලිපියේ අරමුණයි. බෝහෝ විපක්ශ ක්‍රියාකාරීන් මේ යූ ඇන් රිපෝට් එක කාන්තාරයට වැටුනු වැහි බිංදුවක් ලෙස ආශාවෙන් පිලිගන්නා බවක් පෙනේ. දයාසිරි ජයසේකර වැනි තරුණ විපක්ශ දේශපාලකයින් අතලොස්සක් මෙය ප්‍රතික්ශේප කර, එකසත් ජාතීන්ගේ සංවිධානයට විරෝධය දකවා ඇත. සමහරුන්ට දැන් දයාසිරිත් හතුරෙකි, යූ ඇන් රිපෝට් එක්ට විරුද්දව කතාකරන යූ ඇන් පී කාරයන්ට සල්ලි දෙන්න ජනපති ගෝඨාට අණදුන්නා යයි කතාවක් ගොතන්නේ එබැවිනි. වෙන කවුරුන් මොන කුට්ටිය ගත්තත් දයාසිරි සල්ලිවලට කට හොලවනවානම් දැන් බලවත් ඇමතියෙකු බව මගේ විස්වාසයයි. මා වැරදිවන්නට පුලුවන, එහෙත් දයාසිරි ජරාව නොකන්නෙකු බව මට විශ්වාසය.

එලෙසම බ්ලොග් කරුවෙකු ලෙස මාගේ රාජපක්ශ විරෝධය අමුතුවෙන් විස්තර කලයුතු නැත. මාගේ බ්ලොගය පිරී තිබෙන්නේ රාජපක්ශලාගේ දේශපාලනයට විරෝධය දක්වන ලිපිවලිනි. එහෙත් දයාසිරි මෙන්ම මේ මොහොතේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස පටු දේශපාලනය ගාවාගෙන යූ එන් කාරයන්හට උඩ ගෙඩි දී රට පාවා දෙන්නට මා තුල කිසිම බලාපොරොත්තුවක් නැත.

මේ නැති කරන්නට හදන්නේ අපේ රට හා එහි ආත්ම ගෞරවය මිස මහින්ද රාජපක්ශව නොවේ. මේ විනාශකරන්නට හදන්නේ 1983සිට රට බේරා ගැනීමේ සටනට දිවිදුන් දස දහස් තරුණ සෙබලුන්ගේ, හමුදා නායකයින්ගේ ආත්ම ගරුත්වයයි. මේ හදන්නේ මේ මිනිසුන් අහිංසකයින් මරාදැමූ නරුම හමුදාවක් බවට ලෝකය තුල මතයක් ගොඩනගා ඒ තුලින් රට වැට්ටවීමටයි. ශ්‍රී ලාංකිකයින් ලෙස අප මේ ටික අවබෝධකර ගත යුතුය.

1983සිට අපරට තුල තිබුනේ යුද්ධයකි. ගැබිනි මවුන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස යොදවන, කිරි දරුවන් මරා දමන, ගැබිනි මවුන් ගේ කුස පලා බිලිඳුන් එලිය ඇද තලා දමන අන්ත තුඡ්ඡ ලේ පිසාසිත මිනීමරුවන් රැලක් සමග වුනු සටනකි. ජේ ආර්ගේ සිට ප්‍රේමදාස හා චන්ද්‍රිකා/රනිල් හරහා රාජපක්ශ තෙක් සියලු නායකයින් මේ සටන තමන්ගේ අවබෝධයේ හැටියට, උපදෙස් දුන් උපදේශකයින්ගේ හැකියාවේ තරමට, තමන්ගේම ආත්ම ශක්තියේ මට්ටමට යුද්ධය මෙහෙයවූහ. රාජපක්ශ දක්ශයන් යොදවාගෙන, දැවැන්ත දේශපාලන පෞරුශත්වයක් පෙන්වමින් නිසි දේශපාලන නායකත්වය ඩී ලේ පිපාසිත අවි ගත්තන් අවියෙන්ම නසා අවසන් කර දැමුවේය.

මේ යූ ඇන් රිපෝට් කාරයින් කිසි දිනක මේ රටේ තිබූ සැබෑ තත්වය සොයා නොබැලූහ, කොටි මිනීමරුවන්ගේ තුඡ්ඡ ජන ඝාතන ගැන වැඩි මනත් නොකියන්නේ එබැවිනි. කොටි බුද්ධි ජාලය කොළඹ වසාගෙන තිබුණි. ජනපති, හමුදා නායකයින්, මැති ඇමතිවරු යන එන තැන් ඔවුන්ගේ බිරින්දෑවරුන්ටත් කලියෙන් කොටි නායකයින් අතට ගියේත්, ඝාතකයින් සියගණනක් චැක් පොයින්ට් පන්නාගෙන කොළඹ විත් නිරුපද්‍රිතව සැඟව සිටියේ මේ බුද්ධි ජාලය හා මුදලට සියල්ල පාවාදෙන සිංහල නරුමයින් රැළකගේ සහයෙනි. අතුරුදහන් වූවායැයි කියන වැඩි දෙනෙකු කොටි බුද්ධි ජාලයේ සාමාජිකයින්ය. උන්ව අල්ලගෙන හිරකරගෙන කන්න බොන්න දී, ලෝයර්ලා සපයාදී සාධාරණ නඩුවිභාග පවත්වන්නට ගියානම් කොළඹ අතවමත් බෝම්බ පුපුරණවා ඇත. ඇත්ත මෙයයි. මේ ඇත්ත යූ ඇන් රිපෝට් වල නැත. 

ඇත්තේ මැරුණු එකාගේ ගැහැණියගේ විලාපය පමණකි. කොටි බුද්ධි අංශයේ සාමාජිකයින් තමන්ගේ රාජකාරිය ගෑනිට කියා විස්තරකර දෙන්නේ නැත. උන් කසාද බඳින්නේත්, ළමයි හැදුවේත් තමුන් සාමාන්‍ය වැසියන් බව පෙන්වන්නට මිස ගෑනුන්ට, ළමයින්ට ඇති ආදරයට නොවේ. ඔය ගෑනුන්, ළමයින් හඬන්නේ තමුන්ගේ සැමියා, තාත්තා මිනීමරන්නට සහයදුන් බව, නැතහොත් අණ ලැබුණ විට කිරිදරුවන් පවා මරාදමන්නට නොපැකිලෙන මෘග ඝාතකයින් බව නොදැන වන්නට පුලුවන. ඒත් එයට මේ රට පලි නැත.

ඒ එක් පැත්තකි...

අනෙක් අතට යූ ඇන් රිපෝට් එකට අපට තර්ජනංගුලිය ඔසවන ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇෆ්ඝනිස්තානයේ, ඉරාකයේ කරන මහා ජන ඝාතන වෙනුවෙන් රිපෝට් ලියන්නට බැං කී මූන් හා ඔහුගේ සගයින්ට කිසි දිනක පුරුශ ශක්තිය පහලවන්නේ නැත. වතුර බහින්නේ පහත් තැනින් බැවින් තමන් යූ ඇන් මහ ලේකම් ලෙස අහවල් දේ කරාය කියා තමුන්ට පඩි ගෙවන්න සල්ලි දෙන ඇමරිකාවට යුරෝපයට පෙන්වන්නට නටන නාඩගමකි මේ රිපෝට් ලියවිල්ල. පඩි ගෙවනා එවුන්ට විරුද්දවි කිසිදිනකත් පඩි ගන්නා මහ ලේකම්ලා රිපෝට් ලියන්නේ නැත. ලියන්නේ අප වැනි පොඩියන්ලාට විරුද්ධව පමණකි.

මේ ලිපිය අවසන්කරන්නට පෙර අපට බණ කියන ඇමරිකාව, යුරෝපය ඉරාකයේ කර ඇති ජනඝාතන පිලිබඳව සටහනක් තබමි.

2010 ජනවාරි සිට 2011 මාර්තු වනතෙක් ඉරාකයේ සිවිල් පුර වැසියන් 2796 මියගොස් ඇත. ඉරාක යුද්ධය දරුණුව ඇවිලුණු 2006 ජූලි සිටි 2007 සැප්තැම්බර් දක්වා මියගිය සිවිල් වැසියන්ගේ ගණන් පහත වගුවේ දැක්වේ. මැරිල්ලේ තරම පුදුම හිතෙනවා නේද? (රතුපාටින් දැක්වෙන්නේ සිවිල් වැසියන්ය)

Sep-07 96752
Aug-07 761598
Jul-07 2321458
Jun-07 1971148
May-07 1981782
Apr-07 3001521
Mar-07 2152762
Feb-07 1502864
Jan-07 911711
Dec-06 1231629
Nov-06 1231741
Oct-06 2241315
Sep-06 1503389
Aug-06 2332733
Jul-06 2171063

 Source : http://icasualties.org/iraq/index.aspx

2006 ජූලි සිට 2006 දෙසැම්බර් තෙක් මාස හයට ඉරාකයේ මිය ගිය සිවිල් වැසියන් ගණන 11870කි. මේ මැරුණේත් මිනිසුන්නේද? මේ මරණවලට වගකිව යුත්තන් සොයා බලා දඬුවම් දෙන්නට බැංකී මූන්ට කවදා හැකිවේද? මේවාට නඩු නැත්තේ මේ මරණ ශුද්ධවූ ඇමරිකාණු  හා මහා බ්‍රිතාන්‍ය වෙඩි උණ්ඩවලින් සිදුවුනු ඒවා නිසාද?

ශ්‍රී ලාංකිකයිනි මෙය වටහා ගන්න. අපි රාජපක්ශාලාට විරුද්ධ වෙමු. එහෙත් රටට හා රට බේරාගත් වීරෝධාර හමුදාවන්ට ද්‍රෝහි නොවෙමු. යූ ඇන් මැදිහත්වීමට සහයවීම සතුටුවීම රටට කරන ද්‍රෝහී කමකි.


Thursday, April 14, 2011

TIME 100 most influential people in 2011 - මහින්ද ඉදිරියෙන්! හුරේ!

අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවකම "සිංහල බ්ලොග් කියවනය" අඩවියට පිවිසීම මගේ පුරුද්දක්. දැන් ටිකකට කලින් බ්ලොග් කියවනයේ අලුත්ම ලිපි සීර්ශ කියවනකොට මේ මෑතක ඉඳන් ස්පෑම් කරනවා කියලා හිතන්න පුලුවන් තරමටම දවසකට හතරක් පහක් ලිපි බ්ලොග්-රෝල් එකට එවන එක වෙබ් අඩවියක ලිපියක සීර්ශපාඨය දැක්ක මට අමුත්තක් හිතුනා.

"මහින්ද ඉදිරියෙන්!"
සීර්ශපාඨය මොරදෙනවා.

බොලේ ලංකාවෙ ආයෙත් ජනාධිපතිවරණයක්ද? මට හිතුනේ අද දවල් නැකැත් වෙලාවේ අලුත් අවුරුද්දට සුබපතන්න ගදරට කතා කරපුවෙලාවේත් චන්දයක් තියෙනවා කියලා ගෙදර උන් නොකීපු එකට කේන්තියකිනුත් එක්කයි.

ක්ලික් කරලා බැලුවා....

හ්ම්ම්ම්ම්.....අලුත් සංදර්ශණයකට මුලපිරීමක්...............අනුග්‍රහය ලෝක ප්‍රකට ටයිම් සඟරාවෙන්. ලෝකයේ බලපුළුවන්කම් ඇති පුද්ගලයින් 100ක් තේරීමේ ඔන්ලයින් මතවිමසුමක්. එතුමාගේ නමත් තියෙනවා, චන්දත් වැටිලා.....

නියම පල්ලම ජනාදිපති මාද්දිය සැට් එකට. ඉන්දියාවට ගිහිල්ලා සාටර් වෙලා ආපු එක අමතක වෙන්න සංදර්ශනයක් පටන් අරගන්න පුලුවන් දැන්.

එතුමා දැන් 19වැනි තැන. බොලේ බොත්තමක් ඔබලා න්‍යශ්ඨික මිසයිල දියත් කරලා ලෝකෙම අලුකරලා දාන්න බලයක් තියෙන  ඔබාමා 43නේ.....ගිය අවුරුද්දේ ටයිම් සඟරාව වසරේ මිනිසා ලෙස කිරුලු පැලඳූ ෆේස් බුක් නිර්මාතෘ, ප්‍රකෝටිපති මාර්ක් සකර්බර්ග් තරුණ උපාසක මහත්තයා පහල 26යේ ලතවෙනවා.

හිරිමල් ගැටයා සංදියේදී යාලු ස්ටීව් වොස්නියැක් එක්ක එකතුවෙලා ගෙදර ගරාජ් එකේ ඇපල් පරිගණකය නිර්මාණය කරලා, ඇපල් සමාගම හා එහි විප්ලවකාරි නිර්මාණ ලෝකයට එවපු, පසුගිය අවුරුදු 5ක-10ක කාලයක ඉඳලා හැම එකාගෙම සාක්කුවට අයිපොඩ් එකක් රිංගවන්න සමත්වුනු ස්ටීව් ජෝබ්ස් මහත්තය සකර්බර්ග් ගැටයාටත් පහලින් 35 අඬනවා. අපේ ලොක්කා 19යේ වැජබෙනවා.

ඒ විතරක්ද බොල, ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුනු සාර්ථකම ආයෝජකයා ලෙස අවිවාදයෙන් පිලිගන්න, මේ සාර්ථකත්වය නිසාම ප්‍රකෝටිපතියෙක් වුනා විතරක් නෙමෙයි ඒ ධනයෙන් 90%ක් ලෝකයේ දුප්පත්ම අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න දැනටම වෙන්කරලා තියෙන නූතන ලෝකයේ අනාතපින්ඩික කෙනෙක් කියලා හිතන්න පුලුවන් වොරන් බෆට් මහත්තයා ඉන්නේ 42වෙනි ස්ථානයේ. ලොක්කා 19යේ. පුදුම බලයක්නෙ අපේ ලොකු මහත්තයාට තියෙන්නේ...ඊරිසියාවේ බෑ නේද මචන්ලා?

ඒ ලැයිස්තුවේ වලිගය. ඒත් ඔලුව හරිය බැලුවාම පොඩි අප්සැට් එකක් වගේ පේනවා....

අපේ රජතුමාට ඉහල 18 පඩියේ ඉන්නේ සිංදුකියන රිහානා නංගී. මේ නැට්ටිච්චි අපේ රජතුමාට වඩා පොපියුලර්ද? පවර්ෆුල්ද? නැත්නම් චන්දෙදාපු එවුන්ට මොන්ගල්ද හැබෑට?

රජතුමාට පඩි දහයක්ම උඩින් ඉන්නේ බාගෙට හෙලුවෙන් නටන ලේඩි ගාගා කියන පිස්සු හු****. යකෝ මේ මොන මගුලක්ද බන්? මේකිත් ලොක්කාට වඩා පවර්ෆුල් බාගෙට හෙලුව පෙන්නන හින්දද?

5වැනි තැන ඉන්නේ තවත් සිංදුකියන නංගි කෙනෙක් වෙන බියෝන්සේ (මං හිතන්නේ මම නම හරියට කිව්වා)...මගුල් නම්නේ මේවා.....මහේන්ද්‍ර පර්සි රාජපක්ශ වගේ තේජස් නමක්වත් තියෙනවානම් බැරිය. මේ රිලවියෝ කොහොම උඩට නැග්ගද මන්දා?

අර මණ්ඩුක භවනේ ගෙම්බා දානවා වගේ ටෝක්ස් එකක් දානාවානම් මට මෙහෙම කියන්න පුලුවන්...

".....දැන් තමුන්නාන්සේලාට පේනවා ඇති මේ මතවිමසුමට වැඩියෙන් චන්දේ දිලා තියෙන්නේ ගෑනු පෙරේත, හෙලුව අගයන මැන්ටල් පොරවල් කියලා. නැත්නම් න්‍යශ්ඨික මිසයිල උලුක් කරගෙන, ස්ටෙල්ත් ෆයිටර් පිරිවරාගෙන ඉන්න ඔබාමාට වඩා..... හම්බ කරපු සේසතම පිනට ලියලාදාපු බෆට් මහත්තයාට වඩා.... ලේඩි ගාගා හෙලුවැල්ලී උඩට ආවේ කොහොමද?....අප ශ්‍රී ලංකාද්වීපයේ බෝහෝ චන්දත් ඔයවගේ කස්ටියටම තමයි වැටෙන්නේ...
මගේ කතාව මෙතනින් අවසානයි අසා සිටි ඔබ සැමට ඉස්තූතියි....."

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!.....අලුත් සංදර්ශණ මාලාවක් දකින්නට ලැබේවා!!!

සබැඳි පුවතක් - ඇත්තද බොරුද මම දන්නේ නෑ : Ctrl C + Ctrl V එකක් විතරයි ඔන්න..

Monies spent from the President's secret account to become a powerful leader through TIME magazine

President Mahninda Rajapaksa has spent millions of rupees from a secret account entitled to him through his office in order to come among the top 100 powerful persons selected through an e-mail vote by the TIME magazine, reliable sources told Lanka News Web.

The main work on the project had been assigned to the supervisory MP of the External Affairs Ministry Sajin Vass Gunawardena and the coordination work had been given to a head of the President's Media Unit.

Financial assistance had therefore been made available to foreign diplomatic missions and consulates to make the necessary arrangements.
The e-mail voting ended today (14) and according to the results, President Mahinda Rajapaksa has been placed at th 28th position while US President Barrack Obama is placed 41 in the list.

 Source : http://www.lankanewsweb.com/news/EN_2011_04_14_004.html

Wednesday, April 13, 2011

එතුමාට විදේසවලදී කෙරෙන මදිපුංචිකම්

එතුමා ඉන්දියාවේ ගිහිල්ලා ආවේ කේන්තියෙන්. හරිම මදිපුංචිකමක් තමයි වෙලා තියෙන්නේ. එතුමා ගොඩබහිනකොට පිලිගන්න ඉන්දියාවෙන් ලොක්කෝ කවුරුත් නෑ. ජනාධිපතිනි ප්‍රතිබා පටෙල් එයාව පිලිගන්න නාලා කරලා සැදී පැහැදී බලාගෙන ඉන්නවා කියලා තමයි ලංකාවේ මාද්දිය කොරවක්කෝ ටික ප්‍රචාරය දුන්නේ. ගිහිල්ලා බැලුවම, ලොක්කොත් නෑ, ටීවී කැමරාත් නෑ, සෙනගත් නෑ. හරිම ලැජ්ජාව. 

යන්න කලින් ටිකට් නෑ කියලත් කචල් එකක් දැම්මා. කට්ටිය අඩු කරන්න කිව්වා. එතුමා යන යන තැන ගෙනියන හැත්ත බුරුත්තටම ටිකට් මවලා හරි දෙන්න එපෑය. මෙහෙමත් මදිපුංචිකම්. 

වන්කඩේ ගියාට පස්සෙයි දන්නේ මන්මෝහන් අන්කල් මැච් එක බලන්න එන්නේ නෑ කියලා. එතුමා හිතාගෙන හිටියේ මන්මෝහන් එක්ක කයියක් දාගෙන මැච් එක බලකොට ඉන්දියාවේ ටී වී කැමරා, පත්තර කැමරා ඔක්කෝම එයාව ඉලක්ක කරගෙනම ඉඳී, එතකොට මාර පබ්ලිසිටියක් ඉන්දියාවෙ කෙසේවෙතත් ලංකාවේදී ගන්නට පුලුවන් කියලා. 

මදැයි කොලා. ආවේ නාකි පටෙල් නෝනා විතරයි. එයත් ලොක්කාට බයේ වගේ මීටර් 5ක් 10ක් ඈතින් පුටුව තියාගෙන ඔහේ කරබාගෙන මැච් එක බැලුවා. අනිත් එක ඉතින් ඉලන්දාරියා වගේ හැමදාම ට්‍රෙඩ්-මිල් එකේ ජොගින් කරන එතුමා මේ නාකි පඩංගුව එක්ක මොනවා කතාකරන්නද? මන්මෝහන් ආවානම් මැච් එක අස්සේ බරපතල ද්වීපාර්ශවීය සාඛච්චා කොලාය ඒවාට නාමල් කොලුවාත් හොඳහැටි සහභාගිවුනාය කියලා කියන්නට තිබුණානේ, සාක්කියට ඕනෑතරම් ෆොටෝ උනත් තියෙන්නේ නැතෑ, නැතිනම් ලංකාවේ ඉන්න සමහර ගඩ්ඩෝ විස්වාස කරන්නේම නෑනෙ සාක්කියට ෆොටෝ පෙන්නුවේ නැත්නම්. කෙළවරක් නැති මදිපුංචිකම්.

එන්ගලන්තෙ ගියා, ඒත් එච්චරයි. පර සුද්දෝ කරන්න තියෙන ඔක්කෝම කෙනෙහිලිකම් කලා. කොටි විරෝදතාවලට ඉඩ දුන්නා. උස්සවේ කැන්සල් කරලා කතාව නැවැත්තුවා. ආරක්සාව දෙන්න බෑ කිව්වා. 

ඇත්තටම ඇයි මේ තරම් මදිපුංචිකම්? මොකක්ද මේ වෙන්නේ? ඇයි අපේ ජනාධිපතිට සලකන්නේ නැත්තේ?

මගේ අදහස මෙන්න මේකයි;

1] අපේ ජනාධිපතිතුමා හිතාගෙන ඉන්න විදියට එයාට හිතුනු හිතුනු වෙලාවට රටකට යනකොට ඒ  රටේ අගමැතිවරුන්ට ජනාධිපතිවරුන්ට තමුන් කලින් යොදාගත් වැඩ කැන්සල් කරලා එයාපෝට් ගිහින් පිලිගන්නයි, තනියට ලඟ ඉඳගෙන මැච් බලන්නයි විධියක් නෑ. ඒ මිනිස්සුන්ට වැඩ තියෙනවා අපේ මහින්දට වැඩ නැතිවුනාට.

2] රටකට ජනාධිපති කෙනෙක් වගේ වැදගත් VVIP කෙනෙක් යන්නේ තමුන්ට ගැළපෙන විධියේ ආරාධනයක් ලැබුණාම, ඒ කියන්නේ රාජ්‍යතාන්ත්‍රික ආරාධනයක්, ඒ විධිය ගරු සරු ඇතුව කලාම, ඒ ආරාධනයට සැලකිල්ලක් විධියට තමයි ජනාධිපතිලා අගමැතිලා පිටරටකට යන්නේ. එහෙම නැතුව වෙන වෙන සංවිධාන වලින් ආරාධනා කරාම ජනපතිවරු අගමැතිවරු කාරුණිකව ඒ ආරාධනා ප්‍රතික්ශේප් කරන්නේ නොගැලපෙන ආරාධනා පිලි අරගෙන තමුනුත් තමුන්ගේ රටත් හෑල්ලුවට ලක්වෙන එක නවත්වන්න.

3] අපේ මහින්දගේ විදෙස් ආරාධනා පිලිගැනීමේ ප්‍රතිපත්තිය වන්නේ මොකෙක් ආරාධනා කලත්, ගැලපුනත් නැතත්, දුවගෙන ගිහිල්ලා ඊලඟට සැලකිලි ලැබුනේ නෑ කියලා ආඩපාලි කිවීම නොවේද? ලෝක කුසලානෙ බලන්න ආරාධනාකලේ ඉන්දීය රජයයි කියලා රටේ මිනිස්සුන්ට බොරු කිව්වාට ඇත්ත කතාව ආරාධනේ ලැබුනේ BCCI එක හරහා ICC එකෙන් කියන එක. ආරාධනා කරන එක ඒ මිනිස්සුන්ගේ යුතුකම වුනාට යන්න හොඳද නැද්ද කියන එක මහින්දගේ උපදේස්කයෝ දැන ගන්න ඕනෑ.

හොයන්නේ බලන්නේ නැතුව දුවගෙන ගිහිල්ලා ඊට පස්සේ නහයෙන් ඇඬීමයි, පලිගන්නට වගේ IPL එකට සෙල්ලන් කරන අපේ කොල්ලෝ ටික ආපහු ගෙන්නා ගැනීමයි රාජ්‍යතාන්ත්‍රික නපුන්සක කම් නොවේද? මේ ගොන් පාට් වලින් රටේ කීර්තිය වැඩිවෙනවා කියන්න පුලුවන් ආණ්ඩුවේ කොරවක්කන්ට විතරයි. 

ඔය වැඩෙන් වෙන්නේ ඊලඟ අවුරුද්දේ IPL ක්‍රීඩකයින් වෙන්දේසියට ලංකාවේ ක්‍රීඩකයින්ට ලංසු නොතිබීම විතරයි. ඊට පස්සේ ඉතින් මුක පූට් වෙලා අගනිදිග ආසියාවම කියවන දිනමිණ/සිළුමිණ පත්තරවලිනුයි දිවයින පත්තරෙනුයි බැනවදියි.


ශී‍්‍ර ලංකා ආර්ථිකයේ ස්වර්ණමය යුගයට අප ලංව සිටිනවා. - ජනපති

විදේශීය බලවේග හා ත‍්‍රස්තවාදයේ බලපෑම් නිසා මතුව තිබු අදුරු යුගය නිමා කරමින් ශී‍්‍ර ලාංකික ආර්ථිකයේ ස්වර්ණමය යුගයකට අප පැමිණ සිටින බවත් මෙම දැවැන්ත වැඩපිළිවෙල ජයග‍්‍රහණය කරවීමේදී සමස්ත ජනතාව ලබාදුන් සහය හා කැපවීම මහත් සේ අගය කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේ අද (11) පෙරවරුවේ ශී‍්‍ර ලංකා මහ බැංකු පරිශ‍්‍රයේ දී 2010 වසර සඳහා මහ බැංකු වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි. http://lankaelink.com/sinhala/news/4239/
ජනාදිපතිතුමා කියන කතාව ඇත්තකි. අපි දැන් ස්වර්ණමය යුගයට ඔන්න මෙන්න කියා ඇත. ඊලඟ වංගුවෙන් පස්සේ ස්වර්ණමය යුගය එළඹෙනු ඇත. ලිබියාවටත් මේ මෑතක් වන තුරු ස්වර්ණමය යුගයක් තිබුණේය. අල් කයිඩා කාරයෝ ඇමරිකන්, යුරෝපියන් කාරයෝ එක්ක එකතුවෙලා කුමණ්ට්‍රණයක් කරලා ඒක අප්සෙට් කරේ නැත්නම් ගඩාෆිගේ සෙක්සි රුසියන් බොඩිගාඩ් ගෑණු සෙට් එකදිහා බලාගෙන සුවසේ ස්වයංවින්දනය කරමින් ප්‍රීතියෙන් ඉන්නට ලිබියානු හුදීජනයාට පුලුවන්කම තිබුණි.

මෙහෙත් එහෙම නොවැ.

රුසියන් බඩු සෙට් එක වෙනුවට මෙහේ විරවංස, චම්පක, දත් ඩොස්තර, ඩේසබන්දු සාස්තර සුමනදාස, ජැක්සන්තුමා වැනි මෙකී නොකී දේසප්‍රේමී සෙට් එක සිටින්නේය. මේ කට්ටිය කියන කතා අහගෙන හිටියාම කලිසම පැත්තේවත් අත නොයවා ඉබේම වින්දනය ලැබෙන්නේය. 

ජනතාවට වින්දනය දෙන ගමන් උන්නැහේලා එතුමාව ආරක්සා කොරති, ගඩාෆිගේ රුසියන් කෙලිගාඩ්ලා කරනවා වගේ දේසීය සතුරන්ගෙන් නොව මෙම සෙට් එක එතුමාව ආරක්සාකරන්නේ විදේසීය බලවේග වලින්ය.

ඒ නිසා තමයි එතුමා එතුමාගේ "දේසනයේදී" කියලා තියෙන්නේ " විදේශීය බලවේග හා ත‍්‍රස්තවාදයේ බලපෑම් නිසා මතුව තිබු අදුරු යුගය නිමා කරමින්..........."   කියලා. විදේසීය බලවේග මට්ටු කරලා පඹයෝ පුච්චලා, මොලේ තියෙන හැම එකාම යන්න එපා කියද්දීත් රාජ්‍ය නායකයාව නොවැදගත් වැඩවලට රටපටවලා මුන්නැහේලා විදේසීය බලවේගවලට හොඳ චැලෙන්ජ් එකක් දෙනවාය. ඒනිසාම දැන් අපේ රට ස්වර්ණමය ලෙවල් එකකට කිට්ටුකරමින් ඇත.

ලිබියාවේ කචල් එක හා මැදපෙරදිග තෙල් රටවල්වල අස්ථාවරභාවය නිසා අමාරුවෙන් ගෙඩදාගෙන යන තමුන්ගේ ආර්ථිකයන් ආයෙත් කඩාවැටේයයි බියෙන් ඇමෙරිකාවේ, යුරෝපයේ හා සුනාමිය නිසා තවත් බිමට වැටුනු ජපානයේ මුදල් ඇමතිවරු, ආණ්ඩුවල ලොක්කෝ, මහ බැංකු අධිපතිලා රෑ නිදිවරාගෙන කල්පණාකරද්දී, නියපොතු කත්දී, රට ගොඩදාගැනීමේ ඉකොනොමික් ස්ට්‍රැටජි ගැන දිවා රෑ මොලේ වෙහෙසත්දී අපේ මහබැංකු අධිපතියා කියන්නේ 8% වර්ධනයක් ලැබූ බවය. භාණ්ඩාගාර ලේකම් තවත් ලුණු ඇඹුල් එක්කරමින් කියන්නේ මෙහෙමය.... 
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා අදහස් දක්වමින් ලොව ඉහළ ආර්ථික වර්ධනයක් අත් පත් කරගත් රටවල් අතරට ශී‍්‍ර ලංකාව ඇතුළත් වී ඇති බව පැවසීය.  1978 න් පසු මේ රට තුළ කි‍්‍රයාත්මක වූ ප‍්‍රතිපත්ති වෙනුවට විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් ලෙස 2005 සිට කි‍්‍රයාත්මක වන මහින්ද චින්තන අළුත් ශ‍්‍රි ලංකාවක් ප‍්‍රත්පත්තිය තුළ සෑම අංශයකම දියුණුවක් ඇති වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
මේ විධියට බලාගෙන යනකොට ඇමරිකාවේ, යුරෝපයේ ජපානයේ ආර්ථිකය්න් කඩාවැටෙද්දී, කොරියන් කාරයෝ අමාරුවෙන් යද්දී, චීනා ඇමෙරිකාවට වැටුනොත් අපි ඉවරයි කියලා පණබයේ ඇමරිකාව ණය දෙද්දී ආතල් සංවර්ධනයක් අත්කරගත් එකම රට ලංකාවය. ඒ මහින්ද චින්තනය නැමති සුපිරි ස්ට්‍රැටෙජියට පිංසිදුවෙන්නටය. ත්‍රස්තවාදයෙන් ජගන්නට, විදෙස් බලවේගවලට නස්පුක් වෙන්නට දෙන්නට, ආර්තිකේ ගොඩදාන්නට ඔය හැම එකටම අද්දුටු ස්ට්‍රැටෙජිය මහින්ද චින්තනයයි.

ඒ අනුව මුලු ලෝකෙම අපේ මුදල් ඇමති ජනාදිපතිතුමාගෙන්, ලේකම් පී.බී. ගෙන් හා බැංකු අධිපති කබ්බ්‍රාල් ගෙන් උපදෙස් ගත් යුතුය. එහෙම නොගන්නේ ඊරිසියාවට මිසක් වෙන මොන කෙහෙම්මලකටද?

ඒ විතරක් නෙමේය, ලෝකයට අපි තවත් වැදගත් ආදර්සයක් දී ඇත. එනම් මහබැංකු වාර්තාව එලිදක්වන විට උස්සවයක් පවත්වා මළ ගෙයක් මගුල් ගෙයක්, පොත් බෙදාදීමේ උස්සවයක් වගේ කතා පැවැත්වීමයි.

ලෝකයේ හැම මහබැංකුවක්ම වාර්තා එලිදක්වයි. ඇමරිකාවේ මහ බැංකු අධිපති එනම් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපතිගේ එක වචනයක් පවා ලෝකයේම කොටස් වෙලඳපොලවල් උඩ නග්ගවන්නට හෝ බිමවට්ටවන්නට පුලුවන් බව පිලිගත් සත්‍යයකි. එහෙව් බලසම්පන්න මහබැංකු පවා තම වාර්ශිකවාර්තා එලි දැක්වීමේදී විද්වත් සංවාද පවත්වනවා විනා මගුල්ගෙවල් වගේ උස්සව අරගෙන ජනාධිපතිලා ගෙන්වාගෙන කථා පවත්වන්නේ නැත. ඒ උන්ගේ මෝඩකම මිස වෙන මොකක්ද? හරිනම් සතියක් පුරා උස්සව මාලාවක් පවත්වා විදෙස් තානාපතියන්ට හෙම ආරාධනාකොට උන්ගේ බලපුලුවන්කාර කම් පෙන්විය යුතුය.

දැන්වත් මේ මෝඩ, අබල දුබල, ආථිකය කඩාවැටෙන ඇමරිකාව, එන්ගලන්තෙ වගේ රටවල් අපේ රටේ වැඩ කෙරෙන හැටි දිහා බලලා පාඩම් ඉගෙන ගෙන හැදිය යුතුය.

Friday, April 8, 2011

තමිල්නාඩු සුභසාදන ප්‍රාන්ත රාජ්‍යය හෙවත් අසරණ සරණ අනාථපින්ඩික කරුණානිධි සිටුතුමාගේ වැයික්කිය

තමිල්නාඩුව යන වචනය ඇසූ පමණින්ම බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිතට එන්නේ මහත් අප්‍රසන්න භාවයකි. එයට සාධාරණ හේතු ඇති අතර ඒවා සාධාරණ හේතු බව ලේඛකයාද අවිවාදයෙන් පිලිගන්නේය. එහෙත් මෙම ලිපියේ අරමුණ ඒ පිලිබඳව කතා කිරීම නොව තමිල්නාඩුව ගැන බොහෝ ශ්‍රී ලාංකිකයින් නොදන්නා කරුනක් හෙලි කිරීමයි. මෙම ලිපියට පාදක වන්නේ අප්‍රියෙල් මස 3වැනිදා ඉන්දියානු ව්‍යාපාරික සඟරාවක් වන බිස්නස් ටුඩේ සඟරාවේ පලවුනු ලිපියකි.

"Free lunches turn costly" යන සීර්ෂපාඨය යටතේ ලියවුනු මෙම ලිපියමගින් කරුණානිධිගේ ඩීඇම්කේ පක්ශය සිය චන්ද පදනම රැකගැනීමේ චේතනාවෙන් ගෙනයන දැවැන්ත සුභසාධන වැඩපිලිවෙල නිසා තමිල්නාඩුවේ අනාගතය අඳුරුවෙමින් පවතින අයුරු හෙලිකරයි. - මෙම ලිපිය බිස්නස් ටුඩේ සඟරාවේ වෙබ් සංස්කරනයේ අඩංගු නොවන බව කරුණාවෙන් සලකන්න

 ==================================================================

මුරුගන් හා ගෝවින්ද රාජ් මහාපරිමාණයෙන් කලු කවුපි වගාකරන ගොවීන් දෙදෙනෙකි. ඔවුන්ගේ අස්වැන්න හොඳින් පැසී ඇති අතර හෙට අනිද්දාම ඒවා නෙලාගත යුතුය. එහෙත් අක්කර විසිතිස් ගණනක අස්වනු නෙලීම මොවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ට පමනක් සිදුකල නොහැකිය. ඒ සඳහා කම්කරුවන් හත් අට දෙනෙකු අවශ්‍යය. මුරුගන් හා ගෝවින්ද රාජ්ගේ ගැටලුව ඔවුන්ගේ ගමේ හා ඒ අවට ගම්වල කිසිවෙක් අස්වනු නෙලීම සඳහා වැඩට පැමිණීමට අකමැති වීමයි. එයට හේතුව මහන්සිවී වැඩ කිරීමෙන් කීයක් හෝ උපයාගන්නවාට වඩා රැකියා විරහිතව සිටිමින් කරුණානිධිගේ ප්‍රාන්ත රජයෙන් ලබාදෙන අනේකවිධ සහනාධාර මත යැපෙමින් ජීවත්වීම වඩාත් වාසිදායක වීමයි.

මුරුගන් හා ගෝවින්ද රාජ් වැනි ගොවීන් පමණක් නොව තමිල්නාඩුවේ බොහෝ කර්මාණ්තකරුවන්ද උග්‍ර සේවක හිඟයකට මුහුණපා සිටියි. ඒ ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල දුප්පත් ජනයා කර්මාන්තශාලා, වැඩ්බිම් හා වෙනත් සේවාස්ථාන වල රැකියා සොයාගෙන දිනපතා දසදහස් ගනනින් මුම්බායි, කල්කටා, බැංගලෝර්, හයිඩ්‍රාබාද්, දිල්ලි වැනි නගරවලට සංක්‍රමණය වුවත් තමිල්නාඩුවේ ජනයා සිය ගම්‍ බිම් අතහැර චෙන්නායි වැනි නගර කරා සංක්‍රමණය වීමට දැන් දැඩි ලෙස අකමැති වීමයි. ගමටවී යහමින් ලැබෙන සහනාධාර මත   ජීවත්වීම නගරවල මහන්සිවී හරි හම්බකරනවාට වඩා තමිල්නාඩු ගම්බද ජනයාට වාසි සහගත වී ඇත.

උදාහරනයක් ලෙස තමිල්නාඩුවේ ආහාර මුද්දර ලාභියෙකුට සහල් කිලෝවක් ඉන්දියානු රුපියල් 1කට ලැබේ (ලංකා රුපියල් 2.40ක් පමන). මීට අමතරව පරිප්පු, කඩල, මුං ඇට වැනිධාන්‍ය වර්ග ඉතා සහන මිලට ලැබෙන අතර ඉවීම සඳහා භාවිතා කරන තෙල්ද ඉතා අඩුමුදලට සහනාධාර  ලෙස මුද්දර ලාබීන් හට කරුණානිධිගේ රජය ලබාදෙයි.

දුප්පතුන් සඳහා කරුණාදිධිගේ කරුණාබර සහනාධාර මින් නතරවී නැත. දුප්පතුන්ට ගෑස් ලිප් මෙන්ම ගෑස් සිලින්ඩර්ද නොමිලේ ලබාදෙන අතර පිරිමින්ට නොමිලේ සරම් කමිසද, ගැහැනුන්ට සාරිද මේ කරුණාව යටතේ නොමිලේ ලැබෙන බව බිස්නස් ටුඩේ ලිපිය හෙලිදරව් කරයි. මීට අමතරව අතු පැල් වල ජීවත් වන දුප්පත් වැසියන් හට එය උලුසෙවිලිකල නිවසක් බවට පරිවර්තනය කරගැනීමට ඉන්දියානු රුපියල් 75,000 ආධාර මුදලක් (ලංකා රුපියල් 180,000) ලබාදෙන බවද හෙලිවෙයි. මෙතරම් සහනාධාර ලැබීම නිසා තමිල්නාඩුවේ ජනයා කම්මැලියන් වෙමින් පවතින බවත් සියල්ල නොමිලේ බලාපොරොත්තුවෙනවා මිස මහන්සිවී රැකියාවක් කොට මුදල් ඉපයිම තමිල්නාඩු ජනයා දැන් ප්‍රතික්ශේක කරන බවත් සඟරාව පවසයි. පුදුමයට කරුණ නම් කරුණානිධිගේ සහනාධාර මෙයිනුත් නොනැවතීමයි. ඔහු දුප්පත් ජනයාට තමිල්නාඩු රජයේ මුදලින් නොමිලේ රූපවාහිනි යන්ත්‍ර ලබාදෙන අතර රෝගීන්හට නොමිලේ බොහෙත් ලබාදෙයි.

ලිපියේ සංඛයාලේඛන වලට අනුව කරුණානිධිගේ රජය පසුගිය පස්වසර තුල තමිල්නාඩු බදු මුදල් වලින් ඉන්දියානු රුපියල් කෝටි 14, 626 ආහාර සහනාධාර සඳහාද, කෝටි 1,219 නොමිලේ සාරි, සරම් හා කමිස සඳහාද, කෝටි 3,922ක් නොමිලේ දුන් රූපවාහිනි සඳහාද, කෝටි 660ක් ගෑස් ලිප් හා ගෑස් සිලින්ඩර් සඳහාද කෝටි 12,000 නිවාස ආධාර සඳහාද  වියදම් කොට ඇත.

"හැම දෙයක්ම නොමිලේ දෙන නිසා අපේ මිනිස්සු දැන් වැඩකරන්න අකමැතියි...." නම හෙලි කිරීමට අකමැතිවුනු ඉහල රජයේ නිළධාරියෙක් බිස්නස් ටුඩේ හා පවසා සිටියි. එපමණක් නොව හැම දෙයක්ම නොමිලේ ලැබෙන නිසා අතට ලැබෙන වෙනත් ඕනෑම මුදලකින් මත්පැන් බීමට ගම්බද බොහෝ තමිල්නාඩු ජනයා හුරුවී ඇති බව මත්පැන් අලෙවිය පිලිබඳ සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි. 2005/06 වසරේදී මත්පැන් බදු වලින් තමිල්නාඩු රජය ලැබූ ආදාය්ම ඉන්දියන් රුපියල් කෝටි 6087ක් වුනු අතර එය 2009/10 වසර වන විට කෝටි 11,606 දක්වා ඉහල ගොස් ඇති ඇතර 2010/11 වර්ශය තුල එය කෝටි 14,033ක් දක්වා ඉහල යනබවට ඇස්තමේන්තු කොට ඇත. 

අස්වනු නෙලන කාලය තුලදී කුලී ශ්‍රමය සපයා ගැනීම කොතරම් අපහසුවී ඇතිද යත් තමිල්නාඩුවේ බොහෝ මහාපරිමාණ වී ගොවීන් වී වගාව හා ධාන්‍ය වගාව අත්හැර ශ්‍රමය අවමයෙන් වුවමනාකරන උක්, ඔයිල්පාම්  හා තෘණ වගාවට යොමුවී ඇත. ස්මහර ගොවීන් ගොවිතැනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී සිය වගාබිම් පුරන්වීමට ඉඩහැර ඇත්තේ වගාකිරීමට අවශ්‍ය ශ්‍රමය සපුරාගැනීම ඉතාමත් අපහසු නිසායි.

 තමිල්නාඩු කර්මාන්ත ආර්ථිකය අණතුරේ වැටී හැටි අයුරු

Note :   ශ්‍රී ලාංකික අපි නොදන්නවා වුනාට තමිල්නාඩුව යනු මුම්බායි පිහිටි මහාරශ්ට්‍රයට හා දිල්ලියට පමණක් දෙවෙනි වන තරමට අතිශයින්ම කාර්මීකරනයවුනු ප්‍රාන්තයකි. ඉන්දියාවෙ රථවාහන කර්මාන්තයේ මූලස්ථානය බවටද දැන් තමිල්නාඩුව පත්වී ඇත. ලෝකයේ විශාලම රථවාහන නිශ්පාදකයින් දසදෙනාගෙන් සයදෙනෙකුම චෙන්නායි නුවර අවට සිය කර්මාන්තශාල පිහිටුවාගෙන ඇත අතර මේ කර්මාන්තශාලාවලින් වසරකට විවිධ වාහන මිලියන 1.7ක් නිපදවන බව කිවහොත් ඔබ පුදුම වනු ඇත. Source: Business Today

"පසුගිය වසර පහතුලදී තමිල් නාඩුව ඉන්දියානු රුපියල් කෝටි 80,000ක ආයෝජන ඇද ගත්තා තවත් කෝටි 30,000 පමණ ආයෝජන සඳහා සාක්ච්ඡා කරමින් පවතිනවා. ඒත් මේ යන විධියට මේ ආයෝජන් සියල්ල්ම අනතුරේ වැටෙන්නට පුලුවන්. ගම්වලින් ජනතාව නගරවලට රැකියා සඳහා එන්නට දක්වන මැලිකම නිසා ශ්‍රම හිඟය උග්‍රවෙලා... "තමිනාඩු ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා බිස්නස් ටුඩේ හා පවසා තිබෙනවා.

කරුණානිධිගේ සහනාධාර නිසා තමිල්නාඩු ජනයා මොනතරම් කම්මැලි වී ඇත්දැයි යන්න දැනගැනීමට පහත උදාහරණය ප්‍රමානවත්. ශ්‍රම හිඟයට පිලියමක් ලෙස තමිල්නාඩු කාර්මික නිශ්පාදකයින්ගේ සංගමය තමිල්නාඩු රජයේද සහය ඇතිව නුපුහුනු ශ්‍රමිකයින් 100,000ක් හඳුනාගෙන ඔවුන්හට නොමිලයේ කාර්මික පුහුණුව ලබාදී සිය සාමාජිකයින්ගේ කර්මාන්ත ශාලාවලට බඳවාගැනීමේ වැඩපිලිවෙලක් ලඟදී ක්‍රියාත්මක කලා. ඉන්දියානු රුපියල් 7000ක් මාසික වැටුපක් පොරොන්දු වුනත් ඉතා අපහසුවෙන් රැකියා විරහිතයින් 40,000ක් දෙනා පුහුණුව සඳහා කැමති කරවාගත් අතර ඉන් 11,000 දෙනා පුහුණුවට සහභාගී වී පුහුණුව අවසානයේ පත්වීම් ලිපි ලබාගත්තා. එහෙත් සේවයට වාර්තාකලේ ඉන් 800දෙනෙකු පමනයි. අන්සියලුදෙනාම රැකියා ප්‍රතික්ශේප කොට සිය ගම්බිම් බලා ආපසු ගියේ නොමිලේ ලැබෙන වාසි රැකියාවේ ආදායමට වඩා වැඩිවන හේතුවෙනුයි.

ශ්‍රමික හිඟය නිසාම තමිල්නාඩු කර්මාන්ත හිමියන් දැන් දැන් තමිල්නාඩුවේ සිය කර්මාන්තශාලා වසා දමමින් ඒවා  යාබද ප්‍රාන්ත කරා ගෙනයාම අරඹා තිබෙනවා. දැනටමත් තමිල්නාඩුව මූලස්ථානය කරගෙන පිහිටුවා ඇති දැවන්ත පේශකර්මාන්ත නිශ්පාද්කයින් සිය කර්මාන්තශාලා යාබද ආන්ද්‍රා ප්‍රදේශය වෙත ගෙනයාම් ආරම්භකොට තිබෙනවා.

මේ නිසා තමිල්නාදුවේ දල දේශීය නිශ්පාදිතය වේගයෙන් කඩාවැටෙමින් පවතිනවා. කරුණානිධිගේ පක්ශය බලයට පත්වෙනවිට තමිල්නාඩුවේ දල දේශීය නිශ්පාදිතයේ වර්ධනය 21% වුනු අතර 2010/11 වසර වලදී එය 11.76% දක්වා කඩාවැටී තිබෙනවා. 2007/08 වසරේදී ඉන්දියානු රුපියල් කෝටි 4,545ක අයවැය වාසියක් තිබුණු තමිල්නාඩුවට 2010/11 වසරේදී ඉන්දියානු රුපියල් කෝටි 3129ක් අයවැය හිඟයක් ඇතිවී තිබෙනවා. තමිල්නාඩු රජයේ ණයබර  2010/11 වසරේදී ඉන්දියානු රුපියල් කෝටි 100,000 පණිනු ඇතැයි අනාවැකි පල කෙරෙනවා.

එහෙත් කරුණානිදිගේ මුදල් ඇමති කේ අන්බාසගන්  පවසන්නේ තමිල්නාඩුවට කිසිදු මූල්‍යමය ගැටලුවක් නැති බවත් සියල්ල හොඳින් පවතින බවත්ය.

Sunday, April 3, 2011

රාහුල් ගාන්ධිගේ අවන්හල් බිල් ගෙවිල්ල හා මුම්බායි නගරයේ තරුණ ජීවිතය [ Rahul Gandhi's restaurent bill and life of young people in Mumbai]

ඉහත ලිපිය හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ වෙබ් සංස්කරණයෙනි. රාහුල් ගාන්ධි වන්කඩේ ලෝක කුසලාන තරඟය බලන්නට යන අතරමග වන්කඩේ ක්‍රීඩාංගණය අසල සුප්‍රසිද්ධ චව්පති මුහුදුවෙරල තීරය අභියස පිහිටා ඇති නිව්යෝකර් නම් අවන් හලට ගොඩ වැදුනු බවත් මිතුරන් කිහිපදෙනෙකු ආරක්ශකයින් කිහිප දෙනෙකු සමග එහි ගොඩවැදුනු රාහුල් පිසා හා තවත් ආහාර කිහිපයක් භුක්තිවිඳ ඉතා විනීතව බිල ඉල්ලාගෙන යහලුවන් සමග බිල බෙදාගෙන ( dutch - යනු බිල බෙදාගෙන ගෙවීමයි) ගෙවා පිටත්වූ බවයි.

රාහුල් ගාන්ධි යනු ඉන්දියාවෙ ඔටුන්න හිමි කුමාරයායි. මේ ලිපියේ අරමුන ඉන්දියාවේ ඔටුන්න හිමි කුමාරයා අපේ ඔටුන්න හිමි කුමාරයා හා සැසඳීම පමණක්ම නොවේ. මුම්බායි නගරයේ තරුණ ජීවිත ගෙවෙන ආකාරය ගැන යම් සඳහනක් කිරීම මෙහි වැදගත්ම අරමුණ වෙනවා. මාගේ කලින් ලිපියට කොමෙන්ටුවක් සැපයූ එක් සහෘදයෙකු ඉන්දියාවේ ජීවන අත්දැකීම් බ්ලොගය හරහා එලි දක්වන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන නිසාත් සැතපුම් විස්සක් තරම් මෑතින් තිබුනත් ලාංකිකයින් සතුව ඉන්දියාව පිලිබඳව නොදැනුවත්කම පමණකින් හෝ දුරු කිරීමට උත්සහයක් ගතයුතු නිසාත් මේ ලිපිය ලියන්නට සිතුනා.

රාහුල් ගාන්දි යහලුවන් කිහිපදෙනෙකු හා ආරක්ශකයින් කිහිපදෙනෙකු සමග පැමිණි බව සඳහන් වනවා. ලංකාවේ ඔටුන්න හිමි කුමාරයාට වඩා දැඩි ත්‍රස්තවාදී තර්ජන ඇති තරුණ නායකයෙකු වුනත් රාහුල් හතරවටින් බැකප් රථ වටකරගෙන කොමාන්ඩෝවන් පිරිවාගෙන ගමන් බිමන් යන්නේ නෑ. ඒවගේ අපේ කුමාරයා වගේ රාහුල් යන යන තැන ටීවී කැමරා අටවාගෙන ඉන්නා, පඩයක් ගියත් රැකෝඩ් කරගන්නා රජයේ මාධ්‍ය කවටයින් රාහුල් වටා නැතුවා මෙන්ම රාහුල් පස්සේ වැටි වැටී දුවන රජයේ උසස් නිළධාරීන්ද, පොලිස් ලොක්කන්ද ඇත්තේ නෑ. ඒ වගේම රාහුල් යනෙන තැනනක සාමාන්‍ය ජනජීවිතයද අඩාල වන්නේ නෑ. 

අපේ කුමාරයාට යාලුවොත් එක්ක පිසා කන්නට හිතුනානම් පීසා කඩේ පැය දෙක තුනකට කොමාන්ඩෝ අත් අඩංගුවට පත්වෙනවා විතරක් නෙමෙයි ඒ හතරමායිමක වැඩකට එන මිනිහෙකුට වාහනයක් නවත්වාගන්නට පාරේ පයින් යන්නටවත් බැරිවෙනවා  වගේම පීසා කඩේ ඉන්නා අනෙක් ගණුදෙනුකරුවන්ටත් නිදහසේ කෑමක් බීමක් ගෙන යන්නට ඇති අවස්ථාවත් අහිමිවන බව නිසැකයි.

රාහුල් බිල ගෙවපු විධිය කියනකොට අපේ සමහර ඇත්තන් හිනාවෙන්නටත් ඉඩ තියෙනවා. "හයියෝ රාහුල්ට ලැජ්ජා නැද්ද බිල බෙදාගෙන ගෙවන්න? මාර හිඟන්නෙක්නේ මූ....." අපේ කස්ටිය හිතන්නට ඉඩ තියෙනවා.

කළබල වෙන්න එපා රාහුල්ගේ හැසිරීම ඔහු ලෝබයෙකු නිසා නොව මුම්බායි නගරයේ තරුණතරුණියන්ගේ සාමාන්‍ය හැසිරීම පිලිබිඹු කරන්නක් පමනයි. රැකියාවෙන් පසු කොල්ලො ටික එකතුවී පෙලේන්ටි කඩයකට ගොස් වඩයක් කා ප්ලේන්ටියක් සිගරට් එකක් බීම ලංකාවේ කොල්ලන්ගේ සිරිතක්. මම ලංකාවේ ඉන්නකොටත් එහෙමයි. මෙහේ තියෙන වෙනස මෙහේ කොල්ලන් සමග කෙල්ලන්ද සෙට්වීමයි. ලංකාවේනම් ඔෆිස් එකේ කෙල්ලෝ ටිකක් එක්ක හවස්වරුවේ කෑමක් බීමක් ගන්නට ලැබෙන්නේ හරිම කලාතුරකින්නේ. අපේ ඔෆිස් කෙල්ලෝ වැඩ ඇරුනු ගමන් ඔෆිස් වෑන් එකට දිව්වත් මෙහේ ඔෆිස් වෑන් කියලා දෙයක් නෑ. හැමෝම යන්නේ බස් එකේ, කෝච්චියේ නැතිනම් ත්‍රීවීල් එකේ. ඒ නිසා වැඩ ඉවරවෙලා කොල්ලෝ කෙල්ලෝ කල්ලි ගැහිලා අතේ ඇති මුදලට කොහේ හෝ අවන්හලකට ගොස් පැය දෙකතුනක් අල්ලාප සල්ලාපයේ යෙදීම මෙහේ සුලබ දෙයක්.

ඉන්දියාවේ ලාබාල තරුණියන්ට ලංකාවේ තරුණියන්ට වඩා නිදහස තිබෙන බව කිව යුතුයි. ලංකාවේ නම්   ඉඳලා හිටලා හරි හවසට කොල්ලොත් එක්ක සෙට්වෙලා යන කෙල්ලන් දිහා වපර ඇහින් බැලුවත් මෙහේ එහෙම ලෙඩක් නෑ. ඒකෙන් කියවෙන්නේ නෑ මෙහෙ දෙමව්පියන් තමන්ගේ තරුණ දියණියන් පරිස්සම් කරන්නේ නෑ කියලා. හැම ගෑනු ළමයෙකුටම හවසට ගෙදර සිටිය යුතු වෙලාවක් (curfew time) තියෙනවා. ගොඩක් ගෑනු ලමයින්ට රාත්‍රී 8-9 වෙනකම් නිවසෙන් පිටව සිටින්නට නිදහස තියෙනවා. ඒ නිසා එයාලව අරගෙන යන අපේ යුතුකම වෙන්නේ කෙල්ලෝ ගෙදර ඉන්න ඕනෑ වෙලාවට පැයකට කලින් කලා බීලා ඉවරවෙලා පිටත් වෙන එක.

ඒ වගේම ලංකාවේ වගේ ගෑනු ළමයින් තනිවම යැවීමට නොහැකිවීමේ කරුමයක් මුම්බායි නගරයේ නෑ (ඉන්දියාවේ දිල්ලි, බැන්ගලෝර් වගේ නගර මුම්බයි නගරය තරම්ම තරුණ ගෑනු ළමයින්ට ආරක්ශිත නොවන බවත් කිවයුතුයි. ඒ අතින් මුම්බායි නගරය තියෙන්නේ ඉහලින්). 

මෙහේ ත්‍රීවීලර් රියදුරන් ලංකාවේ ත්‍රීවීල් අයියලා එක්ක බලනකොට ඉතාම විනීතයි. තීවීල් එකට තනිවම නගින ගෑනු ළමයින්ගෙන් අනවශ්‍ය ප්‍රශ්ණ ඇසීම් මෙහෙ ඇත්තේම නෑ. අහන්නේ යන්න ඕනෑ කොහාටද කියන එක විතරයි. ඉන් එහාට වචන හුවමාරුවක් වෙන්නේ කලාතුරකින්. නගින්න කලින් ගණන් කතාකරගැනීමේ අවශ්‍යතාවයකුත් මෙහේ නෑ. හැම ත්‍රීවීලරයකම මීටර් හයිකරලා තියෙන නිසා මීටරේට අනුව ගෙවන එක විතරයි තියෙන්නේ. (මීටර් වෙනස් කරලා ටිකක් හයීයෙන් දුවන්න සෙට් කරලා තියෙන ත්‍රීවීලරුත් තියෙනවා-ඉන්දියාවනෙ ඉතින්..) ඒ වගේම ගණන් සාධාරණයි. හවසට, වැස්ස වෙලාවට, තරුණ ජෝඩු නගිනකොට ගණන් උස්සන, නංගිලාට ගොඩාක් හිතවත් ත්‍රීවීල් අපතයින් මෙහෙ ඇත්තේම නෑ.

ඒ නිසා ගෑනු ළමයි කොහේ හරි එක්කගෙන ගියහම ගොඩාක් රෑවෙලා නැත්නම් (රෑ 8-9 කියන්නේ මෙහෙ රෑ නෙමෙයි- හවස ) ඒ ළයින්ව ගෙදර ලඟට ගිහින් ඇරලීමේ වගකීමක් පිරිමි අපිට පැවරෙන්නේ නෑ. ත්‍රීවීල් එකකින් ලඟම දුම්රිය පොලට යන ගෑනු ළමයෙකුට විනාඩි 5න් පහට වගේ එන නගරසේවා දුම්රියක නැගලා ඉක්මණින් නිවසට යන්නට පුලුවන්. ඒ වගේම හැම දුම්රියකම කාන්තාවන්ට පෙට්ටි දෙකක්ම වෙන් කරලා තියෙන නිසා නිදහ්සේ තරුණියකට, කාන්තාවකට සිය ගමනාන්තය දක්වා යන්නට පුලුවන්. ලංකාවේ වගේ ජැක් ඔස්තාර්ලා ඉන්දියාවේ නැති බව කිව යුතුයි. ඒ වගේම මෙහේ කෙල්ලෝ ලංකාවෙ අය වගේ නොපනත්කම් ඉවසන අය නම් නෙමෙයි. ජඩවැඩක් කරන්නට එනවානම් මහ හඬින් බැන වැදී අතුල් පහරක් ගසන්නට මැලිවෙන අය නොවෙයි ඉන්දියාවේ කෙල්ලෝ. නිහඬව දුක් විඳීම ලංකාවට කාන්තාවන්ට ආවේනික වුනත් මෙහේ එහෙම නෑ. ඕනෑම දෙයක් කෙල්ල කැමතිනම් විතරයි.

මේ නිසාම වැඩ අහවර වුනු හවස් වරුවට යහලු යෙහෙලින් එක්ව පැයක් දෙකක් දොඩමළුව ඉඳ කාපු බීපු දේවල් වලට නූලට බිල බෙදාගෙන (ගොඩක් වෙලාවට ගෑනු ළමයින්ට නොමිලේ) සතුටින් විසිර යාම මුම්බායි නගරයේ තරුණ ජීවිතවල අංගයක්. ඒ නිසාම ලංකාවේ රැකියා කරන තරුණ ජීවිත වලට වඩා ඉන්දියාවේ රැකියා කරන තරුණ ජීවිත වලට සතුටින් සිටීමේ නිදහස තිබෙන බව කිවයුතුයි.

මේ නිදහස රාහුල් ගාන්ධිට හා ඔහුගේ ධනවත් මිතුරන්ට වගේ දුප්පත් තරුණ තරුණියන්ටත් පොදුයි. එය උදුරා ගන්නට සත් ගුණවත් පොලිස් රාළහාමිලාට, බණ කියන සාදුලාට, පූසාරිලාට කිසිම අවස්ථාවක් නෑ. දැඩි ආගමික භක්තියකින් යුතු ජාතියක් වුනත් වැදගත් කිසිම අවස්ථාවකට ( පෞද්ගලික අවස්ථා හැරුණකොට ) ආගම් ගාවා ගැනීම, පූජකයින් ගෙන්වා දේශානා කරවීමේ සිරිතක් මෙහේ නෑ. ඒ නිසා ලංකාවේ භික්ශූන් වගේ පොදු ජනයාගේ හැම දෙයකට ඇඟිලි ගහන, ඒවාට උපදෙස් දීම තමුන්ගේ අයිතියක් බවට සලකන පූජක නඩයක් මෙහේ ඇත්තේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් දෙමව්පියන්ට සළකපන් යකුණේ කියමින් තරුණ පරපුරට ගරහන සාදුලා මෙහේ නැතත් ඉන්දියානු තරුණ තරුණියන් සිය දෙමව්පියන්ට දක්වන්නේ පුදුමාකාර භක්තියක්. හින්දු, සීක් ජෛන මෙකී නොකී මොන ආගමක් ඇදහුව්ත් මොන දෙවියන් වැන්දත් ඉන්දියාවේ තරුණ තරුණියන් දෙමව්පියන්ට දැඩිලෙස භක්තිමත්, දෙමව්පියන්ගෙන් වැඩ නොගන්නා, තමුන්ගේ වැඩ තමුන්ම කරගන්නා ඉතා නිදහස් තරුණ කැළක් බව කිවයුතුයි.

මේ නිසාම ඉන්ටර්විව් එකකට, විභාගෙට නැත්නම් වෙන මොකක් හරි එකකට (පාසැල් ළමුන් හැරුණු කොට ) දුවලා වගේම පුතාලාගේ වුනත් පස්සෙන් එන අම්මලා තාත්තලා මෙහේ බොහෝම හිඟයි. මෙය මගේ නිරීක්ශණයක් වගේම පෞද්ගලික අත්දැකීමක්. ඉන්දියාවේ අධ්‍යාපන ආයතනයක දේශකයෙකු වන මට මගේ දේශන සටහන් හා සකස් කරගැනීම සඳහා අර්ධකාලීනව සේවය කිරීමට තරුණියකගේ සේවය අවශ්‍ය වුනා. පුවත් පතක ලුහුඬු දැන්වීම් තීරයක දැන්වීමක් දැමූ මා විශ්වවිද්‍යාලයක කළමණාකරනය හදාරණ (මාගේ විෂය ) තරුණියන් හට සේවය සඳහා ආරාධනාකලා.  දැන්වීමේ සඳහන් මාගේ දුරකථන අංකයට ඇමතුම් ගණනාවක් ලැබුනු අතර ඊමේල් හරහා ඔවුන්ගේ ජීව දත්ත ගෙන්වාගත් මා සුදුසු යයි හැඟුනු කිහිපදෙනෙකුට සම්මුඛ පරීක්ශණයක් සඳහා පැමිණෙන්නට යයි දැන්වූවා. මොවුන් මගේ පෞද්ගලික සහයට සේවයට ගන්නා නිසා ආයතනයේදී ඔවුන් මුණ ගැසීමට අකමැති වුනු මා ඔවුන් හට මාගේ සේවාස්ථානයට නුදුරින් තිබූම් ජනාකීර්ණ අවන්හලකදී මා මුණ ගැසෙන ලෙස දැන්වූවා. 

ලංකාවේ සම්මුඛ පරීක්ශණ සිදුකොට අත්දැකීම් ඇති, එකල ඉන්දියාවට අලුත් වුනු මා සිතා සිටියේ පෞද්ගලිකව මොවුන් මාගේ සේවයට බඳවා ගන්නා නිසා ඔවුන් සමග එන දෙමව්පියන්ට හෝ ආරක්ශකයින්ට මා පිලිබඳ සියලු විස්තර ලබාදී ඔවුන්ගේ සම්මුඛ පරීක්ශණයකට මට මුහුණ දෙන්නට වේ යනුවෙනුයි. එහෙත් පුදුමයකට මෙන් වයස් 20-22 අතර වුනු මේ තරුණියන් සියලුදෙනාම සිය විශ්වවිද්‍යාල දේශණ අවසන්ව පොත් මල්ලද එල්ලාගෙන තනිවම පැමිණ සිටි අතර නොබියව සම්මුඛ පරීක්ශණය මුහුණ දුන් ඔවුන් (වෙනස් වෙලාවන් ලබාදී තිබුණු නිසා ඔවුන් සම්මුඛ පරීක්ශණයකට මුහුණ දුන්නේ තනිවමයි ) මා විසින් ඔවුන්ට ලබාදුන් සංග්‍රහත් නොපැකිල භුක්ති විඳ මාගෙන් ඔවුන්ට දැන ගන්නා වුවමනා වුනු කරුණු ද දැනගෙන පිටත්ව ගියා. මෙලෙස මා වැනි විදේශිකයෙකුට පෞද්ගලික සහයිකාවක් ලෙස සේවය කරනවාට දෙමව්පියන් කැමතිවේදැයි ඇසූ විට ඔවුන් සියලුදෙන කියා සිටියේ දෙමව්පියන් තමන් කැමැත්තෙන් කරන කිසි දෙයකට විරුද්ධ නොවන බවයි.

ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරක ස්ථානයක විධායක නිළධාරියෙකු ලෙස මා සේවය කරද්දී මාගේ අත්දැකීම නම් සම්මුඛ පරීක්ශණ සඳහා පැමිණෙන තරුණ තරුණියන් (විශේෂයෙන්ම පලමු රැකියාව - පලමු සම්මුඛ පරීක්ශණය සඳහා) සිය දෙමව්පියන් උගන්වා එවූ දේවල් කියන්නට ගොස් අමාරුවේ වැටුනු බවයි. මාගේ ඉන්දියානු සම්මුඛ පරීක්ශණයට පැමිණි බොහෝ තරුණියන්ට එය ඔවුන්ගේ ප්‍රථම රැකියා සම්මුඛ පරීක්ශණය වුවත් ඔවුන් එයට මුහුණ දුන් ආකාරය දෙස බලන විට ඔවුන් නිදහසේ සිතන, ජීවිතයට තමුන්ගේම කියා ඉලක්කයක් (දෙමව්පියන් ලබාදුන් ඉලක්කයක් නොව) ඇතියවුන් බව මට තහවුරු වුනා.

නූතන ඉන්දියාවේ දියුණුවත් අපගේ පසුගාමීත්වයේ රහසත් අප රටවල් දෙකෙහි තරුණ පරපුරුවලට තම ජීවිත සකසාගන්නට ඇති නිදහස බව මට හැඟෙනවා. මා වැරදිවන්නට පුලුවන්, ඒත් මගේ පෞද්ගලික අදහස එයයි.



රණතුංගගේ පාවාදීම, මහේලගේ තරඟ පාවාදීම හා වැරදුනු කුරුමාණම...

ඊයේ ලෝක කුසලාන අවසන් තරඟය බලලා තවමත් නිදිමත වුනත් ලිපියක් ලියන්නට සිත්වුනේ හුඟ කලකින් මොකුත් නොලීවාට වඩා ලියන්නට වැදගත් යයි සිතෙන දෙයක් ඔලුවට ආපු නිසයි. 

දැන් වසරකටත් වැඩිකාළයක් ඉන්දියාවේ මුම්බයි නගරයේ රැකියාව කරන මට ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදයේ තරම දැනගන්නට ලැබුනේ මේ ලෝක කුසලාන තරඟාවලියේදීයි. වසර 28පසු ලෝක කුසලානය තමන් අතට ගැනීමේ මහත්වූ බලාපොරොත්තුවෙන් සිටි ඉන්දියානුවන් සිය කණ්ඩායම  වෙනුවෙන් නිතිපතා ගණදෙවි පූජා පවා පවත්වමින්   ආශීර්වාද කරමින් ජය පැතුවේය. සචින් තෙන්දුල්කාර් ඔවුන්ට මිනිස් වෙසින් පෙනීසිටින දෙවියෙකි. ඒ තරමටට ඔවුන් සච්න්ට ගරු කරයි.

 පන්ජාබයේ මුහාලි නගරයේ පැවැත්වුනු ඉන්දියානු පකිස්තානු තරඟය ඉන්දු-පකිස්තාන් යුද්ධයක් ලෙස සියලු ඉන්දියානුවන් සැලකූවේ පකිස්තානය සමග ඔවුන්ගේ ඇති වෛරය කෙතරම්දැයි ප්‍රදර්ශණය කරමිනි.  ලංකාවට පැරදුනත් කමක් නෑ පකිස්තානෙටනම් පරදින්න බෑ...මාගේ ඉන්දියානු මිතුරු මිතුරියන් ඒ තරඟයට පෙර එකහඬින් කියා සිටි බව පවසන විට ඔබ පුදුම වෙන්නට පුලුවන්. ඒ ඇත්ත එයයි. ඉන්දියාවේදී ඉන්දියන් කණ්ඩායම පකිස්තානෙට පැරදීම ඔවුන්ට ලෝක විනාශයට වඩා විනාශයක් වුනා. මගේ ඉන්දියානු මිතුරු මිතුරියන් සියල්ලම මේ තරඟයේදී මගේ සහය ඉන්දියාවට බව තහවුරු කරගැනීමට මහත් උනන්දුවක් ගත්තෝය. ඔවුනට එය එතරම්ම වැදගත් වුනා. නුඹ අපේ මිතුරෙක්, අසල් වැසියෙක්, නුඹ සිටිය යුත්තේ ඉන්දියානු ධජය යට අප සමග සිටගෙනයි පැවසූ ඔවුන් තරඟය නැරඹීම සඳහා තනියෙන් ජීවත් වෙන මට ඔවුන්ගේ නිවෙස් වලට ආරාධනා කර සියලු පහසුකම් සලස්වා දුන්නේය.

තරඟයෙන් ඉන්දියාව ජයගත් විට සුබපතා මගේ සෑම ඉන්දියානු මිතුරෙකුට හා මිතුරියකටම SMS පණිවුඩයක් යවන්නට මට සිදුවුනේ එසේ නොකලානම් සැබැවින්ම ඔවුන් කණගාටු වන බව හොඳින්ම දැන සිටි නිසාය. මම යැවූ සෑම පණිවුඩයකටම ක්ශණිකවම ඔවුන්ගෙන් ප්‍රතිචාර ලැබුණි. "Thank you! See you in Wankhade on Saturday" ඔවුන් සැවොම පිලිතුරු එවා තිබුණි. ඒවන විට ලංකාව අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා තිබුණි. වන්කඩේ ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා හමුවෙමු යයි කියා තිබුනේ එබැවිනි.

අවසන් මහා තරඟය නරඹන්නට අපගේ ඉන්දියානු මිතුරියක් ඇයගේ නිවස සූදානම් කලාය. ඒ අනුව මමත් මගේ ඉන්දියානු මිතුරු කැලත් තරඟය නැරඹූවේ වන්කඩේ ක්‍රීඩාංගණයට සැතපුම 2-3 ඈතින් පිහිටා තිබුනු ඇයගේ නිවසේ සිටය. දැඩි හින්දු භක්තිකයින් නිසා මත්පැන්, මස් මාලු හා දුම්වැටි ඇයගේ නිවසට අකැප විය. ඒ නිසාම මත්පැන් දුම්වැටි බයිට් නොමැතිව මිතුරන් සමග නැරඹූ  එකම ක්‍රිකට තරඟය මෙය බවද කිව යුතුමය. 

ඉන්දියානු මිතුරු මිතුරියන් පොදිය ඉන්දියාවට වාසි වෙන හැම අවස්ථාවේම, අපේ විකට් කැඩෙන හැම අවස්ථාවේම ප්‍රීතිඝෝශා නගද්දී එකම ශ්‍රී ලාංකිකයා වුනු මට සිදුවුනේ වේදනාව නිහඬව දරාගන්නටය. එහෙත් මගේ සිත් තැවුල ගැන මගේ මිතුරු-මිතුරියන්ට අවබෝධයක් නොතිබුනා නොවේ. උඩ පනිමින් ප්‍රීති ඝෝශාකරන ඔවුන් මොහොතකින් මගේ පිටට තට්ටුවක් දමමින් "Are you OK?" අසන්නට වුනේ උන්ගේ හිතවත් කම නිසාමය. තරඟය යන කිසිම අවස්තාවක ලංකාවට හෝ  ක්‍රීඩකයින්ට අපහාස උපහාස වන එක වචනයක් හෝ ඔවුන් නොකීවේ ඔවුන්ගේ හැදිච්චකම නිසාම විය යුතුය.  එපමණක් නොව අපේ කොල්ලන් බැටකන බොහෝ අවස්ථාවල එය දරාගැනීමට අපහසු වූ මම දුම් වැටියක් අතට ගෙන "මේක බීලා එන්නම්" යයි  කියන විට මාගේ මානසික තත්වය හොඳින් දැනසිටි එක් ඉන්දියානු මිතුරියක් එවන් සෑම අවස්ථාවකම මා සමග අප සිටි තට්ටු නිවාසයෙන් පහල පැමින දුම්වැටිය බී අවසන්වන තෙක්ම සිගරට් දුමද ඉවසාගෙන මා සමග දොඩමලු වී සිටියාය. ඒ වෙන  රටක එකෙකු වුවත් මිතුරෙකු නිසා මා ගැන තිබුණු හිතවත් කමටය.

"I want some fresh air..." මා සමග එන්නේ ඇයිදැයි ඇසූවිට ඇය දුන් පිලිතුරයි. එහෙත් සැබැවින්ම "හිතේ අමාරුවෙන් ඉන්න මූව තනිකරන්නට හොඳ නෑ..." ඇයට  සිතෙන්නට ඇත.

උන් එහෙමය....අපි??? ලංකාවෙන් ආ මට ඉන්දියානුවන් සලකණ ආකාරයත් ලංකාවේ ආණ්ඩුවට කඩේ යන පත්තර ටීවී චැනල් ඉන්දියාවට සලකන ආකාරයත් අනුව අපේ හැදිච්චකමත් උන්ගේ හැදිච්චකමත් හිතාගන්නට පුලුවන.  මේ හැදිච්චකම ලංකාවේ අපි හා විශේෂයෙන්ම අපේ  ජනමාධ්‍ය අතින් ප්‍රදර්ශණය නොවූ බව දන්න මට ඇතිවෙන්නේ සැබැවින්ම  ලැජ්ජාවකි. ලංකාවේ පත්තර කියවන්නට ලැබෙන නිසා ලංකාව තුල මවාපා ඇති ඉන්දියානු විරෝධය මම හොඳින් දන්නේමි. ඒ සත්‍යය මගේ  ඉන්දියානු මිතුරු මිතුරියන් නොදැන සිටීම මගේ වාසනාවකි.

රණතුන්ගෙගේ බ්‍රේක් නැති මුඛය...

දැන් රණතුන්ගගේ මහා පාවාදීමේ ප්‍රකාශය ගෙන බලමු. රණතුන්ග කල ප්‍රකාශය මම කිසිසේත් අනුමත නොකරමි. එය නොකල යුතු දෙයකි. එහෙත් කටට බ්‍රේක් නැතිවීම රණතුන්ගගේ උපන් ගතියකි. ලෝක කුසලානය දිනාදුන් නායකයා වෙනුවට අද දේශපාලන රොඩ්ඩෙක් වී ඇත්තේ මේ කට වැඩ නැතිවීම හා තමන් මහා කෙරුමෙක් යයි සිතාගෙන සිටීම නිසාය.

රණතුන්ග කෙසේ සිතාගෙන සිටියත් රණතුන්ග ඉන්දියාවට මහ ලොක්කෙක් නොවේ. ඔහු කවුදැයි දන්නේද ඉන්දියානුවන් කිහිපදෙනෙකි. 1996 ලෝක කුසලානය ඉන්දියාවට මතක නැත. ඒ ඉන්දියාව අවසාන මහාතරඟයට පවා සුදුසුකම් නොලබපු නිසාය.

ආණ්ඩුවට කඩේයන අපේ නරිප්පඩයින්ට එයින් කම් නැත. ඉන්දියාවට සොක්කෙකු වුනු රණතුන්ග කල ප්‍රකාශය රටට මහත් අවමානයක් ගෙනදුන්නායයි කියන්නේ ඉන්දියව ගැන නොදන්නා අපේ පල් මෝඩයින්ය. NDTV ඔය ප්‍රකාශය නිරන්තරයෙන් ප්‍රති-විකාශකල බව ඇත්තකි.  එහෙම කලේ එය ක්‍රිකට් යෝධයෙකු කල මහා බරපතල ප්‍රකාශයක් නිසා නොව NDTV යනු ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තියට අදාල වන ලෙස කවුරුන් හෝ මොනයම් ප්‍රකාශයක් කලත් එය පුනපුනා ප්‍රචාරය කරන නාලිකාවක් නිසාය. එම ප්‍රවෘත්තියට වඩා උණුසුම් යමක් එනතෙක් එය එසේම සිදුවෙයි.

පැය 24පුරා දිවෙන CNN වැනි ප්‍රවෘත්ති නාලිකාවක් වන එහි ප්‍රචාරණ ශෛලිය මෙයයි. ප්‍රවෘත්ති අහේනියකින් පෙලෙන විට ඉස්කෝලේ යන බට්ටෙක් "අපේ ටීචර් හරි නපුරුයි මගේ කණ මිරිකුවා...තාමත් රිදෙනවා..." කියමින් හඬනවිට එහි වීඩියෝ ක්ලිපයක් ගෙන එයද පුන පුනා ප්‍රචාරය කිරීම NDTV වැනි නාලිකාවල සැමදා සිදුවන්නකි. මෙය ලංකාවට අපහාස කිරීමට, අපේ කොල්ලන්ගේ මානසික තත්වය බිඳදැමීමට කරන්නක් බව කියන්නේ රාජපක්ශ මේනියාකාරයින් පමණකි. ඉන්දියාවට එය තවත් ප්‍රවෘත්තියකි. ලෝක කුසලාන මාධ්‍ය ගිරග්ග සමජ්ජයේ තවත් එක පුංචි ජවනිකාවකි. රණතුන්ග යනු කවුදැයි වත් හරියට නොදන්නා, නැත්නම් අමතක වී ඇති රටකි ඉන්දියාව. ඇත්ත එයයි.

මහේලගේ පාවාදීම......

දැන් මහේලගේ තරඟ පාවාදීමේ චෝදනාව බලමු. රණතුන්ග සොක්කාගේ මෝඩ කතාව රටේ ක්‍රිකට් ක්‍රීඩාවට මහත් අවමානයක් වුනත් මහේල වැනි ප්‍රවීන, එමෙන්ම ධනවත් පවුලකින් (ධනවත් කතාව කිව්වේ මහේලට මුදලට තරඟපාවාදෙන්නට සල්ලි අහේනියක් නැතිබව ඒත්තු ගන්වන්නට පමණකි.) බිහිවුනු ක්‍රීඩකයෙක් තම රටවෙනුවෙන් ක්‍රීඩාකරමින් තරඟය පාවාදුන්නා යයි කල චෝදනාව එතරම් බරපතල නොවී ඇත. ඇයි ඒ?

එය ආණ්ඩුවේ අසූචි බුදින්නෙකු ජනපතිගේ ගමේ තිබූ මැච් එක දිනා ජනපතිව පිම්බීමට තිබුණු අවස්ථාව අහිමිවීමෙන් ඇතිවුනු මහත් කෝපයෙන් කල අමන චෝදනාවක් නිසාය. මේ චෝදනාවෙන් ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට අබමල් රේණුවකවත් හානියක් සිදුනොවීය. ගූ කන අමනයින් කියනා දේවල් මහේලලා ගණන් ගන්නේ නැත. උන් රටට ආදරේ කොල්ලන් නිසාය. බිලියන 1.2 ඉන්දියානු ක්‍රිකට ලෝලීන් (ඉන්දියාවේ ජනගහනය)  "මහේල අවුට් වෙයන්..." යනුවෙන් සජ්ජායනා කරද්දී මහේල සංයමයෙන් ඉනිම ගොඩනැගුවේ ඒ නිසාය. මහේලගේ ඉනිම නිසා ලංකාවෙ මටද ජාම බේරාගත හැකිවිය. "ලංකාවෙ කොල්ලෝ හොඳ තරඟයක් දුන්නා..." ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් මහේලගේ ඉනිම මා සමග අගයකලේ එහෙමය.

හැබැයි අවලංගු රණතුන්ගගේ ප්‍රකාශයනම් මහත් විපතකි. රණතුන්ග ලංකාව චාටර් කරණ ලදී. රණතුන්ග ඔය ප්‍රකාශය නොකලානම් සංගාට කප් එක උස්සන්නටත් අවස්ථාවක් තිබුණි. රණතුන්ගගේ ප්‍රකාශයෙන් මානසිකත්වය බිඳවැටුනු නිසා එහෙම නොවූබවට කතුවැකි හෙට අනිද්දාම ගූ කන්නන් අතින් ලියවෙනු ඇති.

අනේ ලංකාව................... 

මහේලට විරුද්ධ චෝදනාව අසූචි බුදින අමනයින් අතින් වුනේ ප්‍රමාද දෝශයකි, මහේලට හෝ රටේ කීර්තිනාමයට ඉන් අවැඩක් නොවුනි....අමනයාගේ ප්‍රකාශය මාධ්‍ය ක්ශණික මෝචනය යයිද කිව හැකිය. ඉන්දියාවේ දේශපාලන අමනයෙකු සචින් තෙන්දුල්කාර්ට ඔය වැනි අපහාසයක් කලානම් ඌගේ ඇටකටු කුඩුවී ඉස්පිරිතාලේ ලගිනවා පමණක් නොව ඌට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් පවා මැලිවෙන බව සහතිකය. වාසනාවට ලන්කාවේ එවැනි තත්වයක් නැත. මේ අමනයින් සියල්ලම යහතින් සිටින්නේ එබැවිනි.

වැරදුණු කුරුමානම....

අප රජතුමාද 40ක පිරිවරකින් තරඟය නරබන්නට එන බවත් මේ 40හේ නඩයට ටිකට් පත ලබාදීම අපහසුබවත් සෙනසුරාදා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ මුම්බායි සංස්කරණය වාර්තාකොට තිබුණි. ලංකාවේ ජනපතිට හා ඔහුගේ නඩයට ආරාධනාකලේ ඉන්දියාවේ ක්‍රිකට් පාලන මණ්ඩලය නිසා ඔවුනට ටිකට් ලබාදීම ඉන්දියන් BCCI එකේ යුතුකම හා වගකීම බවද එහි වාර්තා කොට තිබුණි. ජනපති නඩයේ විශාලත්වය නිසාත් ටිකට් හිඟකම නිසාත් ඉන්දියාවේ ජනපතිනිය වන පටිල් මැතිණියගේ 65ක පරිවාර සේනාව 35දක්වා අඩුකරන ලෙස ඉල්ලන්නට BCCI එකට සිදුවුනි. එහෙම කලායයි කියලා BCCI ලොක්කන් පටිල් නෝනාගෙ උදහසට ලක්වන්නේ නැත. පුටු පෙරලෙන්නේද නැත. එහෙම වෙන්නේ ලංකාවේ පමණකි. පටිල් නෝනා සිය පරිවාර සේනාව අඩකින් කපාදමා සිය ආරාධිත අමුත්තාගේ නඩයට ටිකට් ලබාදී තිබුණි. වගකිවයුතු නායකයෝ එහෙමය. එහෙම උන් ලංකාවේ නැතිකම අපේ අවාසනාව පමණකි.

නඩය සමග රජ සැපත්වුනේ මැච් එක බලන්නට පමණක් නොවන බව අපේ මාධ්‍ය වාර්තාකොට තිබුණි. සංගා ඇතුලු කොල්ලෝ ටික මොන ගැටයක් ගසාහෝ කප් එක ඉස්සුවානම් තමන් කප් එක දිනුවා යයි කියමින් එය කරතියාගෙන මාස ගණනාවක් යනතෙක් පිම්බෙන්නට අවශ්‍ය සියලු සැලසුම් සකස්කොට තිබුනු බව වාර්තාවේ. ලැජ්ජා නැතිකමට බෙහෙත් නැත. කුරුමාණම වැරදුනේ මහේන්ද්‍ර සිං දෝනිගේ නඩයේ දක්ශකම නිසා මිස අපේ උන්ගේ අදක්ශ කම නිසා නොවේ. එහෙත් ඉදිරි දින කිහිපයේදී ලියවෙන අසූචි බුදින්නන්ගේ විග්‍රහවල මහේලලා සංඝාලා පතුරුගහන බව මට විශ්වාසය. පොලොව නුහුලන එහෙව් අපරාධ කරන්නට අපේ ගැත්තන්ට කිසි අපහසුවක් නැත.

රජගේ කුරුමාණම වැරදීම ගැන මට කාළකන්නි සතුටක් නැත. ඒ අපේ ජාතිය පරාද වුනු නිසාය. ඉන්දියානුවන් මහ මග ප්‍රීතිඝෝශා කරමින් නටද්දී, මාගේ මිතුරු මිතුරියන් ඔවුන් සමග එක්වද්දී කරබාගෙන අප ආපසු පැමිණි වාහනේ කොනකටවී වේදනාවෙන් සිටින්නට මට සිදුවිය. 

එහෙත් ඊටත් වඩා මට ඇති වේදනාව නම් මොකෙක් හෝ සිය ශක්තියෙන් කැපැවීමෙන් රටට කීර්තියක් ගෙන එන්නට තැත්කරන විට මේ කාළකන්නි දේශපාලකයින් ඒ කීර්තිය ඩැහැගෙන තමන් සතුකරගන්නට දරන නිර්ලජ්ජී වෑයමයි. සංගක්කාරද මේ සත්‍යය නොදැන සිටියා නොවේ. තරඟය අවසානයේ නායකයින්ගේ ප්‍රකාශවලදී සංගා ජනපතිගේ මගපෙන්වීමට ස්තූතිකරන්නට අමතක නොකලේ එබැවිනි.  ක්‍රිකට් ආයතනයට පල් හොරුන් පත්කරමින් ක්‍රිකට් දේශපාලණීකරණය කරමින් විනාශකලත් සංගා ඒ ප්‍රකාශය කලේ එහෙම නොකලානම් අසූචි බුදින්නන්ගේ අසූචි ප්‍රහාරවලින් තමන් විනාශවී යන බව හොඳින් දන්නා නිසාය. මෙය රටේම අවාසනාවය. ඉන්දියානු ක්‍රිකට් නායකයින් තම පුහුණු කරුවන්ට, අනුග්‍රාහකයින්ට හා ක්‍රීඩාලෝලීන්ට උපහාර පුද කරද්දී, මේ කුසලානයේ අපේ නොව නුඹලාගේ යයි ඉන්දියානු ජනතාවට කියද්දී, දේශපාලකයින්ගේ නමක් වත් නොකියද්දී සංගාට ජනපති මතක්වූයේ ඔහු යතාර්තය දන්නා නුවනක්කාරයෙකු නිසාය.
අවසානයේ කිවයුත්තේ මෙයයි....සංගා, මහේල, මුරලි..උඹලා ක්‍රීඩාකරන්නේ වැරදි රටටයි. ගමේ තරඟය පැරදුනුවිට පාවාදීම් චෝදනා එන්නේත්, ජනපතිට කප් එක කරතියාගෙන රටවටේ යන්නට ඇටවූ කුරුමාණම වැරදුනු නිසා මින් ඉදිරි කාලයේ උඹලාට බලු බැනුම් අසන්නට සිදුවන්නේත් ඒ නිසයි......