Sunday, February 6, 2011

ශෝටක් ගසා අප මහරජ ඇවිදිනවා........



වේලක් කන්න නැති උන් තව වැඩි වෙනවා
සොබා දම කෝප වී කොඩි වින වැඩි වෙනවා
රට දිනු විරුවන් දඟ ගෙයි ලත වෙනවා

ශෝට නිසා එතුමා තිරිහන් වෙනවා //


 හොර මැර වංචා තව තව වැඩිවෙනවා
බොරුවෙන්ම රජවී බොරුවෙන් වැජ බෙනවා
ඔය අව් අස්සෙ මළ කෝළම් වැඩිවෙනවා
ශෝටක් ගසා අප මහරජ ඇවිදිනවා //




Thursday, February 3, 2011

අනපති අණින් ඇරඹුනු විමර්ශණයෙන් ඊ නිවුස් ගින්න ගැන ඇත්ත එලිවෙමින් තිබේ.....

ඊ නිවුස් ගිණිගත්ත වහාම කළබල වුනු අනපති ගින්න ගැන හොයන්න පොලෝසියට නියම කලේය. "උන් මගේ හතුරෝ තමයි, එහෙත් මාව විවේචනය කරන්නට උන්ට තියෙන අයිතිය වෙනුවෙන් මම මැරෙන්නට වුනත් ලෑස්තියි යකෝ!" එතුමා ගිගුරූ විට නිදාගෙන සිටි ෆොලිස්පති පුටුවත් පෙරලාගෙන බිම වැටුනු පරිද්දෙන්ම වැඳගෙන සිටියේය.

"යෙස් සර්...කෑන් සර්....ඉමීඩියට්ලි සර්...." ෆොලිස්පති වෙවුල වෙවුලා කියන්නට ගත්තේය. "මට සතියෙන් වාර්තාවක් ඕනෑ" වැටී සිටි තැනින් නැගිට සැලූට් එක ගසාගෙන සිටි ෆොලිස්පති දිහා රවා බලමින් එතුමා ආයෙත් සැරවිය.

"බලනවකො ඩලුස් වෙලා තියෙන අපරාදෙ....අර ඊනිවුස් සයිබර් කැෆේ එක ගිනි තියෙලනෙ කවුද වලත්තයෝ ටිකක්....බලනවා දැන් මාවනෙ අල්ලන්නේ..."

"ඔවු සර්, මුන් වැස්සත් බනිනේ සර්ටනෙ, ලා නිනාගේ බල පෑම ගැන මේ රටේ එවුන් දන්නෙ නෑනෙ..." ඩලුස් සිය පංඩිතකම ප්‍රදර්ශණ්ය කරමින් අණපති පස්සෙන් දුවගෙන ගියේය.

ජීප් එකට නගින ගමන් අනපතිතුමා කල්පණාකලේ ඩලුස් කියන මේ ලා නිනා මොනවගේ ගැටිස්සියෙක් ද දන්නේ නෑ කියන එකයි. කසාද බැඳපු ගැසිස්සියක් එක්ක ආලවන්තකම දුරදිග ගිහිල්ලා නෝනට හවුවෙලා අදිආරක්සිත කලාපෙක තිබුනු සියතක් ගිණිගත්තා වගේ මේ ඩලුස් කියන ලා නිනා ගැටිස්සි හින්දා ඊ නිවුස් ගිණිගත්තාද දන්නෙත් නෑ...අණපතිතුමාට හිතෙනකොට හීන් දාඩිය දාන්න වුනා. "ගෝට් අයියව හම්බුවෙලා මිලිටැරි ඉන්ටෙලිජන්ස් පාරක් දම්මලා බලන්න ඕනෑ..." අනපතිතුමා බුලට්-පූෆ් ජීප් එකේ ඉඳගන්න ගමන් හිතුවා.

"යනව හාරක්සක ලේනා කාරියාලෙට, මට ගෝ-අභය හම්බු වෙලා ඉන්ටෙලිජන්ස් රෙපොර්ට් එකක් ඉල්ලා ගන්න ඕනෙ.." අණපති ඩ්‍රයිවර්ට අණදුන්නේය.

"ෆොලිස් වාර්තාව එනකන් හිටියොත් නරකද?" ඩලුස් ඊ නුවුස් කාරයින් එක්ක ඇති කෝන්තර නොපෙන්වා කිව්වේ බැරිවෙලා හරි, වැරදීමකින් හරි ගිණි තිබ්බ එවුන් අල්ලාගත්තොත් තවත් විජ්ජුම්බරයක් වෙනබව දන්න නිසයි.

"ලොක්කත් බොරුවට දඟලනවා..." ඩලුස් මිමිනුවේය.

"ෆොලිස් වාර්තාව?  තමුශෙට පිස්සුද ඩලුස්, ඕකා දැන් ආයෙත් ඔෆිස් එකට ගිහිල්ලා ඒ.සී එක දාගෙන නිදි ඇති, ඒ තරම්ම එෆිසියන්ට් මනුස්සයා..."

"සර් අර ඔබතුමා ෆොලිස්පතිට කියපු, අර විවේචනය කරන්න තියෙන අයිතිය වෙනුවෙන් මැරෙන්න ලෑස්තියි කියපු කතාව ඇත්තටමද කිව්වේ?" ඩලුස් ටිකක් බයෙන් ඇහුවේ ලොක්කට තරහා යයිද දන්නේ නෑ කියන බයෙනුයි. දැන් හරියට තද වෙනවා, සතියකට දෙතුන් සැරයක් මොකෙකුට හරි ෆයිල් වලින් දමලා ගහනවා. දවසක් ඩලුස් ඉස්කෝලෙ යන කාල ලබපු ක්‍රීඩා පුහුණුව නිසාම ෆයිල් ප්‍රහාරයකින් බේරුණා. ගැහුවෙ ඩලුස්ට නෙමෙයි, ජී ඇල් පිනාට, ඒත් ඉලක්කෙ වැරදිලා ආවේ ඩලුස් දිහාට.

"ඔවු අයිසෙ ඇත්තටම තමා කිව්වෙ. දැන් බලනවා මාව විවේචනය කරන්න තියෙන අයිතිය වෙනුවෙන් කීදෙනෙක් මලාද? කීදෙනෙක් අඬුපඬු කඩාගත්තාද? උන්ට මැරෙන්න තියෙන අයිතිය වෙනුවෙන් මම මැරෙන්න වුනත් ලෑස්තියි තමා..."

'ඒ කතා බතා අස්සෙන්, හමුදා රැකවල් මැද ගෝට් මල්ලිගේ කාරියාලෙට ආපු අණපතිතුමාට, වෙනදා මුරුස් මූඩ් එකකින්ම ඉන්න ගෝට් මලයා බොහොම ප්‍රවුඩ් විදියට මූණ පුම්බාගෙන ඉන්නවා දැක්කා.

"ආරංචි අර නිකමට ඊ නිවුස් ෆයර් එක ගැන වාර්තාවක් ඉල්ලලා ඕඩර් එකක් දුන්නා කියලා..." ගෝට් අයියා කෝචොක් හිනාවක් දාගෙන අණපති අයියාගෙන් ඇහුවා.

"මූ ඕනෑවට වඩා පිම්බෙනවා..." ඩලුස් මිමිණුවා

"මම දෙන වැඩක්වත් නොකරන ඔය නිකමා, ඔයා දෙන ඕඩර් ක්‍රියාත්මක කරයිද?"

"ඒ ඕඩර් කැන්සල් කරන්න මෙන්න මම හොයාගත්තා ෆයර් එකට හේතුව.....මේ තියෙන්නේ සාක්කි...." ගෝට් මල්ලී ලඟ තිබුන මේසයක් උඩ තියලා තිබුණු රෝස පාට, ලා නිල් පාට ලේස් පෑන්ටි දෙකතුනකුත්, හිස් විස්කි බෝතල් තුන හතරකුත්, පාවිච්චි කොරපු, තාමත් සෙවල පෙරෙන කොන්ඩොම් දෙකතුනකුත් පෙන්නුවා. සී.ඩී ගොඩකුත් තිබුණා.

"ඩලුස්! මේ ලා නිනාගේ ජන්ගිද දන්නේ නෑ නේද? මම හිතුවා හරි සියතක් ෆයර් එකවගේම ඊ නිවුස් ෆයරි එකත් ජංගියක් නිසා තමයි වෙලා තියෙන්නේ. අණපති ජන්ගි දෙස ආසාවෙන් බලමින් කෑ ගැසුවා.

"අයියට පිස්සුද? මොන ලා නිනෙක්ද? මේ ඊ නිවුස් ඔෆිස් එක ඇතුලේ තිබිලා හොයාගත්ත දේවල්.....මේ ජංගි ඊ නිවුස් එකේ බ්ලූ ෆිල්ම් ඇට් කරන්න ආපු වේස නිලියන්ගේ ජංගි, ගිණිගන්නකොට උන් ජංගිත් දාලා දුවලා තියෙනවා. කොන්ඩොම් උන් එක්ක ඇට් කරපු කොල්ලොන්ගේ. විස්කි බෝතල්, උන් ෆිල්ම් එක ඇට් කරන්න කලින් බීපු විස්කි බෝතල්...." ගෝට් මල්ලී ආඩම්බරෙන් කිව්වා.

"එතකොට සී ඩී?" ඩලුස් නළල රැළි කරගෙන ඇහුවා.

"ගොනෝ ඒ බ්ලූ ෆිල්ම් සී ඩී..." ගෝට් සැරෙන් කියද්දී ඩලුස් ඇකිලුනා.

"හප්පට හුඩු ඊ නිවුස් කියන්නේ බ්ලූ ෆිල්ම් ප්‍රොඩක්ශන් හවුස් එකක්ද? හොඳවෙලාවට ගිණිතිබ්බේ නැත්නම් අපේ නාමාලා ඕකට රිංගන්න ඉඩ තිබුණා..."

"ඉතින් කවුද ගිණිතියලා තියෙන්නේ? හෙළ උරුමේ උන්නාන්සෙලාද? වීරවංශ බලකායද? නැතිනම් දත් දොස්තරගේ කොල්ලො ටිකද?"

"පිස්සුද අයියෙ, උන් මෙතන්ට ආවානම් සෙට් වෙලා බ්ලූ ෆිල්ම් බලයි, උන් නෙමෙයි ගිනිතියලා තියෙන්නේ..."

"කවුද එහෙනම්?" අණපතිතුමා පුදුමෙන් ඇහුවා. ඩලුස් හොරෙන් සී ඩී දෙකතුනක් ජාතික ඇඳුමේ සාක්කුවට දා ගත්තා.

"පාතාලෙ!"

"හෑ!! පාතාලෙ?" ඩලුස්ට කෙල ඉස්මෝලෙ යන්න ආවා.

"මේ ඊ නිවුස්ලා හදලා බෙදා හරින බ්ලූෆිල්ම් වලින් තරුණ පරම්පරාවට වෙන හානිය ගැන කුපිත වෙලා බෙලෙක් කඩේ බාල්දි රත්නපාලගේ ගැන්සිය තමයි වැඩේ කරලා තියෙන්නේ.

"හැබෑට, එහෙනම් දැන් පාතාලෙත් දේශප්‍රේමී වෙලා!!" අණපතිතුමා සැනසුම් සුසුමක් හෙලුවා.

සමරමු!! සමරමු!! නැති නිදහස සමරමු! නැති දියුණුව රැකගමු!

හෙට තවත් නිදහස් දිනයක් උදාවෙයි. නිදහස ලැබී හැට පැනලාය. දැන් කොටියාගෙනුත් නිදහස ලැබිලාය. හෙට උදේට රජපස, නරි රැළ වටකරගෙන මේ පම්පෝරිය නැවතත් ගසනු ඇත. සජීවී වැඩසටන් නිදහසේ උදානය උජාරුව වමාරනු ඇත. හැම රූප රාමුවකම, හරහට උසයන, බලාගෙන ඉන්දැද්දී ජරාජීර්ණ වෙමින් යන රජපස රුව පෙන්වනු ඇත.

‘ගොඩනැඟු දේශය සුරකිමු’මෙවර නිදහස් උසසවෙයි තේමාව බව කියැවේ. තේමාවේ විධියට දැන් දේසය ගොඩනැගිලා ඉවරය. ඒ කියන්නේ රජපසලා දැන් රට හදලා ඉවරය. දැන් තියන්නේ ඒක පරිස්සම් කරගන්න එක විතරය. 

උත්සවය කතරගම පුදබිමේ, කඳ කුමරුන්ගේ අඩවියේ තබන්නේ ගොඩනැගූ රට පරිස්සම් කරගන්නට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නටත් වන්නට පුලුවන. රන් රුවන් ඉල්ලම් පෑදී ඇති මේ රට පරිස්සම් කරන්නට එළවලු වවන්නට තිබෙන නිසා හමුදාවටත්, පෙම්වතුන්, කොට ගවුන්, ලංකට් නැති සරම් කරයින් පස්සේ පන්නන්ට තිබෙන නිසා පොලෝසියටත් ඉස්පාසුවක් නැතුවා වන්නට පුලුවන. එකම පිහිට කඳ කුමර පිහිට පමණය.

තමන්ගේ පව්වලින් දිවා රෑ විඳවන, බිරිඳගේ, නා-මල් පුතාගේ හා මල්ලිලාගේ සිරකාරයෙකු වී ඇති රජ කැමරාවට අමාරුවෙන් හිනාවෙමින්, "කිසි ප්‍රස්නයක් නෑ බොල රට වැසියනි..." යනුවෙන් පෙන්නන්නට තටමන වෑයම පෙනෙනු ඇත. උස්සවයට කලින් කතරගම දෙවොලට ගොස් "මගේ පව් වලට සමා වෙන්න දෙවියනේ" කියා හොරෙන් යදිනු ඇත.

ඔය මොන නාඩගම් නැටුවත්, හෙට උදාවෙන නිදහස් දිනය යනු, රජපස ඇත්තන් කෙලවරක් නැතිව ගන්නා ගිණිපොලි ණයෙන් කා බී උත්සව තබා, ඒවා ලයිව් දීගෙන තම පම්පෝරිය කියවාගන්නා තවත් එක්දිනයක් පමණක්ම වනු ඇත. හෙට දිනයේ රජපස ප්‍රතිරූපය පිම්බීමට ඇවැසි කෝටි දෙක තුන මේ වන විටත් ගිණිපොලියට සුද්දාගේ බැංකුවකින් ලබාගෙන ඇති බවට සහතික අවශ්‍ය නැත. කබ්රාල් තුමාත්, පී බී ජයසුන්දර තුමාත් මාස හත අටකට කලින්ම ණය පෝරම පුරවා, රට ඇපයට තබා හිඟා කා ගත් සල්ලි මලුටික සූජානම් කර තබන්නට ඇත. ඝාම්බීර් ඉස්ටේජ් එකට, පෙලපාලියට, සංදර්ශණයට, නැට්ටුවන්ට, ඩියුටි එන පොලෝසියේ, හමුදාවල ඇත්තන්ට ගෙවන්නට ඒ මුදල් නියම ගෝලයන් අතර බෙදාදී අවසන් වී ඇතුවා වන්නට පුලුවන.

එහෙත්, රටවැසියා එක පවුලක වහලුන් වී අවසානය.

ඊ නිවුස් ගිණිගෙන ඇත. ගෑනු යට ඇඳුම් හා නිල් චිත්‍රපට පොලෝසියෙන් සොයාගෙන ඇත. ආරක්ශක ලේකම් කියන්නේ පාතාලයේ වැඩක් කියාය. ඒ අනුව ඊ නිවුස් එකේ ගෑණු යට ඇඳුම් අඳින එකට, නැත්නම් බ්ලූෆිල්ම් නිස්පාදනය කරන එකට තදවී අපේ ආදර්ශමත් පාතාලය රටවනසන ඊ නිවුස් පුච්චා දමා ඇත.

ගංවතුරෙන් අනාතවුනු එවුන් තවමත් අනාතය. සුනාමි අනාතයින් තවමත් ඉන්නා රටක ඊ යේ පෙරේදා ගංවතුර අනාතයින් සිටීම සංදර්ශණ දැමීමට, කෝටි ගණන් පිච්චීමට බාදාවක් වන්නේ නැත.

ගෑණියෙකුට හිතෙන පරිදි ඇඳුමක් අඳින්නට නැත, තමුන්ගේම ගෑණුන්ට එපා වුනු රජපස බලුගැති හපුටු පිරිමින් රටේ ගෑනුන් ඇඳිය යුත්තේ මොනවාදැයි තීරණය කරති. එය සාධාරණීකරනය කරති. ගෑනුන්ට වත්, ගෑණුන්ගේ සැමියන්ට, තරුණියන්ගේ පෙම්වතුන්ට, වැඩිමල් සොයුරන්ට හෝ දියණියන්ගේ මව්පියන්ටවත් ඒ අයිතිය නැත. ඒ අයිතිය රජපස ලෙවන නාකිපුකාලා සන්තක වී ඇත. 63 නිදහස ඉහලින්ම සමරන්ට මෙයත් කාරණයක් නොවේද?

ආදරවන්තයින්ට නිදහසේ පෙම්බස් දොඩන්නට, පෙම් සුව විඳින්නට, කාටත් නොපෙනෙන්නට මුවා වී සිප වැළඳගන්නට අවසර නැත. රෑට ගණිකා මඩම්වල පිනට සුකන, බාර් වලින් පිනට බොන  පොලිස්තුමාලා උන්ව අල්ලාගෙන පෙලපාලියේ දක්කාගෙන ගොස් යහපත් හැසිරීම් බලෙන් උගන්වයි.

කැළණියේ වෙනම රාජ්‍යයකි. කුඩු විකුණන යුවරජෙකු, එපලාත දැහැමින් සෙමින්, සිය ධාර්මික පාතාලයින්ගේ ආධාරයෙන් පාලනය කරයි. එළවලු විකුණන්නේත් එතුමාගේ අණසකට යටත්වය. රජපස රජයට ටැක්ස් ගෙවට එපලාතේ ව්‍යාපාරිකයෝ යුවරජට කප්පම් ටැක්ස්ද ගෙවිය යුතුය. උතුර මුදාගත්තා යයි කියන මහරජට කැළණිගං මිටියාවත අහිමිවෙමින් යනවා පෙනේ. කැළණියේ ඇති නිදහස රටේ වෙන කිසිම තැනක නැත.

හමුදාව එලවලු වවයි, විකුණයි. යුද්ධය අවසන් බැවින් හමුදාව පලදායි කාර්‍යයන්වල නිරතකරවීම අපරාධයක් නොවේ. එහෙත් එයින් හමුදාවේ ගෞරවයට හානි නොවිය යුතුය. මහා සංවර්ධන කටයුතුවල ශ්‍රමය සඳහා හමුදා ජවය යොදවාගත්තාට කම් නැත. එහෙත් රට නිදහස ලබාදුන් හමුදාවේ මේජර්ලා එළවලු කිරන විට, ලුතිනන්ලා, කෝප්රල්ලා එක්ක බිං කොටන විට හමුදාවේ අභිමානයට මොනවා වෙයිද?

රජපස නරිප්පඩයින්ට ඒවායින් කම් නැත. එළවලු ගණන් යයි මිනිසුන් නගන මැසිවිල්ලට තාවකාලික පැලැස්තරයක් ලෙස හමුදාව ලවා එළවලු වැවීම, ඒ ගැන කෙළවරක් නොමැතිව පම්පෝරි ගැසීම රජපස රජය යටතේ නිදහස් ලංකාවේ සංවර්ධනය හා සමුර්ධිය මොනවට කියාපායි.

63 සමරන්නට දැයට කිරුළක් බුත්තලදී පවත්වයි. ලොකුම එක, හොඳම එක, ප්‍රදර්ශන කුටි 300යේ, පාසැල් දරුවන් 6000ක් නටන එක ආදී වශයෙන් පම්පෝරිය පටන්ගත්තේ කලක සිටමය. හොඳ වෙලාවට ඔය මගුල තියෙන්නේ බුත්තලය. බැරිවෙලාවත් බන්ඩාරනායක හෝල් එකේ තිබ්බානම් බොරැල්ල කනත්තට එන මිනියටවත් ඒ පැත්තට කිට්ටු කරන්න බැරිවෙනු ඇත. සති දෙක තුනක් යනකම් කොළඹ 7 පැත්තේ වැඩට යන, පහු කරගෙන යන මිනිස්සුන්ට නිදහස් සුව මොනවට දැනෙන්නට ඉඩ තිබුණාය. කොළඹ මිනිස්සුන්ගේ වාසනාවට කවුරු හරි එකෙක් "බුත්තලට ගෙනියමු සෑර්..ප්‍රේමදාසත් එහෙ තිබ්බනෙ" කියලා මසුරං උපදේසයක් දීලා ඇත. රජ උපදේසය පිලිගත් නිසා වානිජ අගනුවර සති දෙක තුණකට කාළකන්නි වෙන එක නැවතී පැට්රල්, ඩීසල් ලීටර් ලක්ශ ගණනක් රටට ඉතුරු වන්නේය. නැති නම් වාහන තදබදය නිසා පිච්චෙන තෙල් වලින් මේ රට තවත් කෝටි දෙතුන් සීයකින් දුප්පත් වන්නට ඉඩ තිබුණේය.

රජපසලාගේ සැමරුම් කොහොමත් ඔය විධිහය. සමරලා ඉවර වෙලා බලන කොට රටට කෙළවෙලාය.  නැව් එන්නැති වරායක් හදා දෙපාරක් විවෘත කර, ලැජ්ජා නැතුව මැරෙන්නත් ඉස්සෙල්ලා තමුන්ගේ නම දාගත් හීනමානික නායකයෙකුගෙන් මේ රටට මොන සංවර්ධයක් හෝ නිදහසක් ලැබෙන්නේ නැත. නිදහස ඇත්තේ, හීනමානික රජගේ හීනමානය වසා ගැනීම දිවා රෑ හුලං ගසන, ඒ වෙනුවෙන් කොන්තරාත් හා වෙනත් සල්ලි උල්පත් සින්නක්කරව හිමිකරගෙන ඉන්නා බැලයින්ට පමණකි.