Sunday, September 26, 2010

තුන්කල් දැක්ම ප්‍රදර්ශණය, "ලස්සන නගරයක සිහිනය" ළමා චිත‍්‍ර නිර්මාණ තරඟය : විමල් වීරවංශ ඇමතිතුමාගේ "වේපර්වෙයාර්" සංවර්ධනය

"Vaporware" යන අලුත් ඉංග්‍රීසි පදයෙන් හඳුන්වන්නේ, ලොකු කතාකියලා, මාධ්‍යවලින් විශාල ප්‍රචාරණයන් සිදුකරලා, පාරිභෝගිකයින්ට විශාල බලාපොරොත්තු දිලා, ඊටපස්සේ වෙළඳපොලට නිකුත් නොවෙන පරිගණක, තාක්ශණික මෙවලම්, මෘදුකාංග වගේ වෙළඳ භාණ්ඩවලටයි.

මහරජ දෙටු පුරෝහිත වීරවංශ ඇමතිතුමා අධිතාක්ශණික මෙවලම් වලට සීමාවෙලා තිබුණු වේපර්වෙයා සංකල්පය දැන් මහජන ව්‍යාපෘති වලටත් ගෙනල්ල.එතුමාගේ අලුත්ම වේපර්වෙයාර් ව්‍යාපෘතිය පිලිබඳව එතුමාගේම සයිබර්-නිවුස් "වෙබ්ශයිඩ්" එකේ පලවුනේ මෙහෙමයි...
මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව ”ලස්සන නගරයක් අපි හැමෝටම” යන්නයි. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් අඩු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘති වල පොදු පහසුකම් ඉහළ නැංවීම ”නගමු පුරවර” වැඩසටහනේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතියයි. කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතීන් 100 කට අධික ප‍්‍රමාණයක පහසුකම් නැංවීමේ ප‍්‍රජා ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කෙරෙමින් පවතී. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම අඩු පහසුකම් නිවාස ව්‍යාපෘති වල ජීවත් වන ළමුන් සඳහා ළමා චිත‍්‍ර තරඟයක් අද දින සංවිධානය කෙරුනේ මේ සියළු කටයුතු අතරතුරදීය.
ඉල්ලපු මුදල් වෙනුවට කොළඹ කානු හදන්න විතරක් සල්ලි හම්බුනු "නගමු පුරවර" ව්‍යාපෘතිය "වේපර්වෙයාර්" බවට පත්කලේ රජතුමාමයි. එතුමා ඒ වික්‍රමය කලේ විමල්ගේ කැබිනට් පේපර් එක කුණුබක්කියට දාලා, කුණුකානු ප්‍රොජෙක්ට් එකට විතරක් ඇපෲවල් දීමෙනුයි. ඒ අනුව "නගමු පුරවර" කොළඹ දුප්පත් අහිංසකයින්ගේ චන්ද බිලිබාගන්න විතරක් දුවවන එකක් බවට පත්කලේ මානව හිතවාදී, සංවේදී නායකයාමයි.

ලෝක ජනාවාස දිනයේ තේමාව වෙන ”ලස්සන නගරයක් අපි හැමෝටම” කියන ආදර්ශ පාඨය මූර්තිමත් කරන්න විමල් ඇමතිට ඇත්තටම  හැකියාවක් (වුවමනාව තිබේ යයි උපකල්පනය කලහොත්) තිබුණානම් කල යුතුව තිබුණේ කොළඹ දුප්පත් ලමයි බත්තරමුල්ලට ගෙන්නාගෙන චිත්‍ර අන්දවමින් රස්තියාදු කරවීම නොව, ඒ දුප්පත් දරුවනෙගේ පැල්පත් ටිකක් හරි ස්ථාවරකරගන්නට, ඒ ගෙවල් වැඩිදියුණු කරගන්නට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම නෙමෙයිද?

"කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතීන් 100 කට අධික ප‍්‍රමාණයක පහසුකම් නැංවීමේ ප‍්‍රජා ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කෙරෙමින් පවතී"   කියන බොරුවට මුවාවෙමින් මේ කරන්නේ තවත් දේශපාලන වාශ්ප සෙල්ලමක් නොවේද?

තර්කයට අනුව ඔය කියන විධියටම "පහසුකම් නැංවීමේ ප‍්‍රජා ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කෙරෙමින් පවතී.." නම්, චිත්‍ර අන්දවනවාට වඩා ඔය එක ව්‍යාපෘතියක් හරි වැඩ ඉවරකරලා විවෘත කෙරුවානම් විමල් ඇමතිතුමාට මීට වඩා ජනප්‍රසාදයක් නොළැබෙන්නේද?

ඇයි එහෙම නොකරන්නේ? ලෝක ජනාවාස දිනය මේ මාසේ බව දැන ගත්තේ ගිය සතියෙද? ඇයි අඩුම ගණනේ බාගෙට වැඩ කෙරීගෙන යන එකක වැඩ ඉවරවෙලා ජනතා අයිතිය පවරනවා වගේ විජ්ජාවක් වත් බැරි වුනේ? කරදියවර වගේ හොඳ උදාහරණ තියෙද්දිත් විමල් එහෙම වැඩක් නොකලේ එතුමා "honesty, integrity" වගේ බර සංකල්ප හදිසියේ ඔලුවටම අරගෙන ඉන්න නිසාවත්ද?

කණගාටුදායක සත්‍යය වන්නේ නියම ව්‍යාපෘති වලට මුදල් නැති නිසා ලැබුන සොච්චමෙන් "වාශ්ප ව්‍යාපෘති" සෙල්ලම් දමමින් කල්මරමින්, නොවැම්බරයේදී ඒරාශ්ඨකය අවසන්වේවා යයි දෙවියන් යදිමින් කොහොම හරි පත්තරවල මූන දමාගෙන දේශපාලන දිවි ගැටගසාගැනීමක නිරතවනවා කියන එක නොවේද? අසරණ වීරවංශ වෙන මොනවා කරන්න?

විකුණන්නට බඩු නැති තාක්ශණික සමාගම්, ඩ්‍රොයින්-බෝඩ් එකේවත් නැති, ඉන්ජිනේරුවන්ගේ ඔලුගෙඩි ඇතුලේ විතරක් තියෙන වේපර්වෙයාර්, හෙට අනිද්දා දොරට වැඩැම්මෙන විශ්වකර්ම මෙවලම් බව පෙන්වමින් බොරු වපුරනවා වගේ වගේ විමල්ටත් වෙලා තියෙන්නේ වැඩ කරන්න සල්ලි නැති නිසා වැඩ කරනවා වගේ පෙන්න පෙන්න සංදර්ශණ කරන එක විතරයි.

සෝයා ගිනි දෙවියාට : මේ දේශද්‍රෝහී ගොයියන් ගස් බඳිනු.



සැප්තැම්බර් 26 ඉරිදා ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට ලිපියක් ලියපු දඹුල්ල වාර්තාකරුවා දඹුල්ලේ සොයා ගොයිමහත්තුරු සෝයා වී විකුණා ගැනීමට බැරුව ගිනිතියන බවට වාර්තාවක් ලියලා, පිංතූරත් දාලා තිබුණා.

බලන්න මේ රජය ගොයියන් රජකරවන්න, අපි වවා රට නගන්න කොච්චර ධාරාණිපාත වැඩපිලිවෙලවල් ගෙනල්ලා පත්තර පිටුවල ෆුල් පේජ් දන්වීම දාලා ප්‍රචාරය කරමින් ජහමනතාව දැනුවත් කරමින් හිටියත් මේ හඩු ගොයියෝ හදන්නේම රජය අපහසුතාවයට පත්කරන්නනේද? මොන තරම් අපරාධයක්ද?

"අපි වවමු, රට නගමු" බලන්න කොච්චර සුන්දර වචන පේලියක්ද කියලා. ඒත් මේ දඹුලු හඩ්ඩන්ට තේරෙන්නේම නෑනෙ මේ වටිනා වැඩපිලිවෙලවල්. අලි යෙක් ආවොත් කෑගහනවා අලි පන්නපල්ලා කියලා, පොඩ්ඩ්ක පෑව්වොත් කියන්වා වස්සපියව් කියලා, මොනතරම් අසාධාරණද? මේ රජය තමුන් සංවර්ධනය වෙන්න මෙච්චර වැඩ පිලිවෙලවල් ප්‍රබන්ධකරලා, කොපි රයිටර්ලා ලව්වා ලස්සන පද ගලපලා බොක්කටම දැනෙන "ටැග් ලයින්" හදවලා, පත්තරවල දාලා, ටී වී එකේ ඩිබේට් කරවද්දි මේ ගොයියෝ හදන්නේම කකුල්මාට්ටු දාන්නනෙ මේ වටිනා දේශප්‍රේමී, මානව හිතවාදී ඒකාධිපති පාලනයට. කොච්චර වැරදිද?

වී වවන්න සහනාධාර මෙච්චර දෙද්දී, සහතික මිලටත් වැඩියෙන් කුඹුරටම ඇවිල්ලා වී ගනිද්දී මුන් විකුණගන්න බැරි සෝයා වවන්ඩ ඇත්තේම මොකක් හරි කුමණ්ත්‍රණයකට වෙන්න ඇති මම කියන්නේ...

විකුණ ගන්න බැරි ජරාව වවලා, දැන් පාරවල් ගානෙ පුච්චනවා. විකුණන්න බැරිනම් කාපල්ලකො සෝයා. සෝයා වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද? ගොයියන්ට ගෙදරදීම සොයන් රැකියාවක් විදියට සෝයා මීට්, සෝයා තෙල්, සෝයා පිටි, සෝයා අයිස් කිරිම් හදලා විකුණන්න පුලුවන්නේ.කම්මැලි කමට මුකුත්ම නොකර, අස්වැන්න කපලා ගෙට අරගෙන රජය අපහසුතාවයට පතකරන මුන්ව අල්ලලා ගස් බැඳලා දිමිගොටු දාන්න ඕනෑ.

ඒවිතරක් නෙමෙයි, මේවා ෆොටෝ ගහගහ රටවටේම ප්‍රසිද්ද කරන ඔය වාර්තාකාරයටත් සම්බු දුන්නොත් හොඳයි, නැත්නම් මේක බේරගන්න බැරිවෙනවා හැම නාටු කෝටු ජර්නලිස්ට් ගඩ්ඩාම කැමරා ෆෝන් උලුක්කරගෙන රටවටේ වෙන දහදුරා වැඩ පොටෝ ගහගහ කොළඹට එවන්න ගත්තොත්.

කුමණ්ත්‍රණකාරයෝ!!!

Saturday, September 25, 2010

මහින්ද මූන් හමුව : ලැජ්ජා නැතිකම රජකමටත් වඩා ලොකුවීම.


මෑතක් වෙනම් මහින්ද මහත්තයාගේ දේශප්‍රේමී රාජ්‍යයට වැඩියෙම්ම අකුල් හෙලපු අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයා වුනේ බැන්කීමූන් කියන කොරියන් කාරයා. මූන් කොච්චර ධරුණු සතුරෙකු වුනාද කිව්වොත් වීරවංසතුමා සිය රටක් වටිනා (හික් හික්) ජීවිතය පවා නැතිකරගන්නට හැදුවා මූන් ගේ අන්තර්ජාතික කුමණ්ත්‍රණය පරද්දන්න. රජතුමාත් සුපුරුදු විධියටම පපුවට ගහගෙන හාමුදුරුවරු ඉස්සරහත්, මහින්දලාගේ ඕනෑම පචයක් විස්වාසකරන හුදී ජනයා ඉදිරියෙත් නියම වීරයෙක් වුනා. මූන් තමට උපදෙස් දෙන්න දාගත්තට කමිටුව, මූන් ලංකාව ආක්‍රමණය කරන මෙහෙයුම සැලසුම් කරන්න දාපු කමිටුවක් වගේ රටට පෙන්න පෙන්නා රාජපක්සලාගේ නැට්ටුවෝ, කසකාරයෝ, බෙර කාරයෝ හති වැටෙනකම් නැටුවා. කෑගැහුවා, බැන්නා, පඹයෝ පිච්චුවා, ජෙනරාල් පිට වැරැද්ද පටවමින් සමබර රූපවාහිනී සංවාද දුසිම් ගණන් කලා මූන්ගේ කමිටුවට වගකියන්න ඕනෑත් ජෙනරාල් කියලා.

18 මගඩිය එලියට පනිනකොට, මූන්ව රාජපක්ස නැට්ටුවන්ට, බොරුකකුල් කාරයින්ට, කස කාරයින්ට අමතක වුනා. උන් ඊට පස්සෙ රෙදි නැතුව නටන්න ගත්තේ 18 සම්මත කරගන්න.

ඔය අස්සේ මූන් සද්ද නැතුව වැඩේ ඉස්සරහට ගෙනිච්චා.

දැන් මොකද වෙලා තියෙන්නේ? මහරජා මූන් එක්ක අතට අත දීලා, ශ්‍රී ලංකාවේ අංක එකේ අන්තර්ජාතික ද්‍රෝහියා වෙලා හිටපු  මූන් මහත්තයා එක මොහොතෙන් සිරි ලංකාවේ හිතවතෙකු වෙලා. මූන් වෙනුවෙන් ජීවිතේ දන් දෙන්න හදපු වීරවංශයාගේ "සයිබර් නිවුස්" වෙබ් අඩ්වියේ දැන් දානවා හෙඩ් ලයිමක්...." මූන්-මහින්ද පැයක හමුවක්, මූන්ගේ ප‍්‍රසාදය"   අප්පට බොල!! මුන්ට දැන් මූන්ගේ ප්‍රසාදයත් ලොකු නිවුස් එකක්!!

කොහොමද වැඩේ?

මේවගේ විලි ලැජ්ජා නැති එවුන් මොනවා කියන්නද කියලා හිතාගන්නවත් බෑ. මුන් මහින්දගෙ වසුරු වුනත් කයි මගේ හිතේ සෝස් එහෙම දාගෙන. දුකට හේතුව මේ මන්ද බුද්ධිකයින්ගේ වැඩ නෙමෙයි. මුන්ගේ මන්ද බුද්ධික වැඩ හිස් මුදුනින් පිලිගන්න මිනිස්සු මෙච්චර ගොඩක් මේ රටේ ඉන්න එකයි.

Saturday, September 18, 2010

~ රාජපක්සලාගේ ජයග්‍රහණ ~

රාජපක්ශලා අත ගහන හැම වැඩක්ම හොඳින් හෝ නරකින් දිනන බව පේනවා. ඒත් ඒ ජයග්‍රහණ තනිකරම හිස් මන්දබුද්ධික වැඩ විතරයි. අන්තිමට නටපු 18 සන්නියත් ඒ වගේමයි. තදියම වැඩිකමට ආණ්ඩුව අමාරුවේ වැටෙන විධියට වගන්ති ලියැවිලා තියනවා කියන්නෙ ඇත්තද මන්දා.

Monday, September 13, 2010

පීඩකයින්ගේ තර්කය හෙවත් වහලුන්ගේ ඇදහිල්ල.

"Necessity is the plea for every infringement of human freedom. It is the argument of tyrants; it is the creed of slaves.” — William Pitt the Younger (Speech in the House of Commons – 18.11.1783)

[මිනිස්වර්ගයාගේ සෑම නිදහසක්ම අහෝසි කිරීමට යොදාගත් අවසරය වනාහී "අවශ්‍යතාවයක් ඇති බව පෙන්වීමයි". මෙය පීඩකයින් උපයෝගීකරගන්නා තර්කය වන අතර එය වහලුන්ගේ ඇදහීම වෙයි : කණිෂ්ඨ විලියම් පිට්, 1783දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කල කතාවකින් උපුටාගත්තකි]

අවසානයේ රජතෙමේ සිය දේශප්‍රේමී සළුපිලි උනා, රාජවංශයක් ඇතිකරගැනීමේ බලලෝභී උමතුවෙන්, උපන් හැඳුමෙන් සිටී. මේ වනාහී රාපක්ශයින්ගේ නියම ස්වභාවයයි. 18 සම්මතවී අතථ්‍ය රාජාණ්ඩුවක් (virtual monarchy) අටවාගත්තද රජවීමේ උමතුව, රාජ්‍යයේ පරම බලය සියතට ගන්නාතෙක්ම සංසිදේවියයි සිතිය නොහැකිය. වීරවංශ බැලයා ඉදිරියේ එන තවත් ව්‍යවස්ථා සංශෝධන ගැන දොඩවමින් සිටියේ එබැවින් වන්නට ඇත. රජ බොජුන් වලඳන කල දෙපතුල ලෙවකමින් වැටෙනා කටු ලෙවකන වීරවංශට රාජකීය කෑම මේසයේදී රජගෙදර ඇත්තන් කරනා කතාබහ කනට වැටෙනවා නොඅනුමානය. කටුකන බැලයෙකු බව ලෝකයා දන්නා බව දන්නා නිසා තමනුත් පොරක් බවත් වාසලේ විත්ති දන්න බවත් ඇඟවීමට ආශාකරන හීනමානයකින් පෙලෙන බැවින් මෙවැනි "රහස්" ඉඳහිට වීරවංශගේ කටින් හැලේ.

වීරවංශයා අඟවන ආකාරයට මෙය ආරම්භය පමණකි. හොඳ හොඳ සංශෝධන ඉදිරියට විය යුතුය. ඉදිරියට මොනතරම් උමතු, භින්නෝන්මාද (schizophrenic) ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කෙරුනද ඒ සියල්ල සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි අප දැනගත යුතුය. "මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අහවල් කාරිය - එනම් මහජනයාගේ හිතසුව පිනිස, රටේ සංවර්ධනය පිනිස, රටේ ආරක්ශාව පිණිස - අත්‍යාවශ්‍ය නිසාය. එනිසා අත්‍යාවශ්‍ය මේ සංශෝධනයට විරුද්ධවන්නන් ජනතාද්‍රෝහීන් වේ"

18 සඳහාත් අනාගතයේ එන 19,20,21,22,23,......n ව්‍යවස්ථා සංශෝධන සඳහාත් පීඩකයින් වන රාපක්ශලා ගෙන එන එකම තර්කය "මෙය රටේ යහපතට, ප්‍රජාතන්ත්‍රවාදයට, ආර්ථික දියුණුවට, විදේශ කුමණ්ත්‍රණ පැරදවීමට, සංකෘතික සෝදාපාලුව වැලැක්වීමට අත්‍යාවශ්‍ය සංශෝධනයකි" යන්නයි. පීඩකයින්ගේ මේ තර්කය රාපක්ශ වන්දනාකරන 161ක් මන්ත්‍රී වහලුන්ගේ හා අවශේෂ බත් බැලයින්ගේ ඇදහිල්ල වේ. මේ ඇදහිල්ල සාධරනීකරනය කරන්නට පත්තරවලට පිටු ගණන් ලියන්නට, රෙදි උනාතබා රූපවාහිනී විවාදවලට සහභාගීවන්නට, මහපාරේ කිළුටු රෙදි සෝදමින් පෙලපාලි යන්නට මේ වහලුන් හා බත්බැලයින් සැදීපැහැදී සිටින්නේ උන්ගේ ආගම වෙනුවෙනි. ඒ අසරණයින්ට වෙන දැක්මක් නැත. ලෝකය දකින්නේ සිය දෙවියන්වන රාපක්ශලාගේ ඇස්දෙකෙන්ය. අසන්නේ රජපස කණින්ය. අතපය වැඩකරන්නේ රජපස මොළයෙන් දෙන විධාන අනුව මිස තමන්ගේ කපාලය තුල ඇති මස්තිෂ්කයෙන් ලැබෙනා විධානයන් අනුව නොවේ. උන්ගේ මස්තිශ්කය මියගොස් ඇත, නැතිනම් නිර්වින්දනය කොට ඇත. ඒ නිසා රාපක්ශලාගේ මන්තරවලින් පණ ගැන්වූ මළ මිනීමෙන් ලැබෙන විධාන අනුව ක්‍රියාත්මක වෙයි. රජගේ මනදොල සපුරන්නට කැපවීම හැර වෙන සිතුම්පැතුම් නැත.

ප්‍රජාතන්ත්‍රවාදයේ වලකපා තමනුත් දේශපාලන අනාතයින්, රාපක්ශ රෙජිමයේ කුඩා දැතිරෝද බවට හැරවෙන ව්‍යවස්ථා සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදියුණුකරන එකක් ලෙස හඳුන්වමින් සන්සුන් ගාම්භීර පෙනුමක් ආරූඪකරගෙන ජනතාවට මුහුනදිය හැක්කේ රාපක්ස තර්කය සිය පරම ඇදහිල්ල ලෙස ගත් සප්‍රාණික මලමිනීවලට පමණකි. එවන් මළමිනී අප පසුගිය සතියේ කොතරම් දුටුවේද? සාමාන්‍ය මිනිසුන්ට මෙලෙස හැසිරීම කිසිසේත් කළනොහැකිය. කේන්තිය, නුරුස්නා ස්වභාවය, ව්‍යාජත්වය කෙසේ හෝ ඉදිරිපත් වේ. එහෙත් ජනතාව ඉදිරියට පැමිණි මෛත්‍රීපාල සිරිසේනගේ මුහුණින් හෝ රෙජිමයේ වෙනත්   වැදගත් දැතිරෝදයකින් එවැනි හැඟීමක් (මොනයම්ම හැඟිමක්) දක්නට තිබුණේද? නැත. හැඟීම රහිත, රජපස දෙවිය ආවේසවී පරලවූවන් මෙන් ඔවුන් මැතිරුවේ රජපස දෙවියන් විසින්ම මතුකරන තර්කය පමණකි.

"18 සංශෝධනයට බයවෙන්න එපා" පීඩකයා පක්ශ සමුලුවේදී සිය වහල් ප්‍රජාවට එසේ කියනවිට, වහලුන් එයම ඊටත් වඩා හොඳට ජනතාවට දේශනාකරයි. පීඩකයා පත්තර කතෘන්ට 18 සංශෝධනයේ බොහෝ කරුණු එජාපයේ ඉල්ලීම් කියනවිට, බත්ගොටු පත්තර අප්පුලා පීඩකයාගේ තර්කය වඩාත් අලංකාර කරමින් දිව්‍ය ස්තෝත්‍ර බවට හරවා සිය පත්තරකඩමාලුවල පිටු පුරවයි. තර්කය ඇදහිල්ල බවට හරවා ජනතාවට ඉදිරිපත්කරයි. ජනතාව එය හිස් මුදුනින් පිළිගත යුතුමය. නැතහොත් ආගම් විරෝධී ත්‍රිර්ථකයෙකු ලෙස හංවඩු ගැසෙයි.

පීඩකයා පරපීඩක මැරවින් විනය කමිටුවට ඉදිරිපත්කරන විට ප්‍රණාම පෝස්ටර් අල්ලාගෙන පැය ගණන් පාරේ සිටි සමෘධි නියාමක වහලුන්, පීඩකයා මැරවින් නිදහස්වෙන අන්දමට විනය කමිටුව නැටවූ විට ඇටිකෙහෙල් ගිලූ උගුඩුවන් මෙන් අහකබලාගෙන සිටින්නේ ඇදහිල්ලට අනුව රජුන් හෙවත් දෙවියන් කරන කියන දෑ ගැන ප්‍රශ්ණකරන්නට වහලුන්හට අවසර නැතිබව දන්න නිසාය. "දෙවියන් එහෙමය, තේරුම් ගන්නට අමාරුය" මහලු සමෘධිනියාමක වහලුන් ගැටවර වහලුන්හට ඔවදන් දෙන්නට ඇත. "ගස් බැඳලා තියෙන්නේ එයාගේම ඉල්ලීමට....." අද සමෘධි නියාමක වහල් රැල හිස්මුදුනින් පිලිගන්නා ඇදහිල්ල එයයි. ඒ ඇදහිල්ල පීඩකයා සිය අලුගෝසුවා ගලවාගැනීමට ඉදිරිපත්කල මෝඩ තර්කයයි. මිනිස්කමට මොනතරම් නිගාදෙන කතාවක් වුවද නියාමක බැලයින්ට එහි වගක් නැත. උහු පෙනුමෙන් මිනිසුන් වුවත් මිනිස්කම යටපත්කරගත් අර්ධමානව වහලුන්බවට නොදැනීම පත්වී ඇත. දැන් ඉතින් මියෙනතෙක් වහල්කම මිස වෙන අතක් නැත. මෝඩ තර්කය අද ඇදහිල්ල වී ඇත. මෝඩ වුවත් රජපස දෙවියන්ගේ නම් ඒගැන තවත් සිතන්නට මස්තිශ්ක මියගිය වහලුන්හට නොහැකිය.

Sunday, September 12, 2010

මහින්දට විරුද්ධ වෙන ජ.වි.පෙ. කස්‌ත්‍රොට විරුද්ධ නොවන්නේ ඇයි?

මහින්දට විරුද්ධ වෙන ජ.වි.පෙ.කස්‌ත්‍රොට විරුද්ධ නොවන්නේ ඇයි? යෞවන කටයුතු ඇමැති ඩලස්‌ අලහප්පෙරුම
 
ප්‍රශ්නය - රාජපක්‍ෂ පවුලට දිගටම බලයේ සිටීම සඳහා දාරක සෙනෙහසින් ගෙන ආ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ බවටත් චෝදනාවක්‌ තියෙනවා. මේ පිළිබඳව මොකද කියන්නේ?

පිළිතුර - ජනතා විමුක්‌ති පෙරමුණනෙ ඔය කතාව කියන්නේ. එහෙම කරන්න පුළුවන් මැතිවරණ පවත්වන්නේ නැත්නම්. ජනතා විමුක්‌ති පෙරමුණේ පරමාදර්ශී රාජ්‍යන් ඒ කියන්නේ, මැතිවරණ නැතිව අවුරුදු 50 ක්‌ 55 ක්‌ බලය තියෙන එකම පක්‍ෂය, එකම පවුල (උදාහරණයක්‌ කියබාවේ "59 සිට 2005 දක්‌වා පිදෙල් කැස්‌ත්‍රො බලයේ සිටියා, දැන් ඔහුගේ මල්ලී රාහුල් කැස්‌ත්‍රො රට පාලනය කරනවා. මැතිවරණ ක්‍රමයක්‌, බහු පක්‍ෂ ක්‍රමයක්‌ නැහැ.) නම් ඔය තර්කය පිළිගන්න පුළුවන්.
මහින්ද රාජපක්ශ ආණ්ඩුවේ න්‍යායාචාර්‍යවරයා ලෙස පෙනීසිටීමට කාලයක් බොහෝ උත්සහ දැරූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ භාණ්‌ඩාගාරික හා යෞවන කටයුතු ඇමැති ඩලස් මහත්තයා ඉහත ප්‍රකාශය කරලා තිබුණේ ඉරිදා දිවයින පත්තරේට.

උන්නැහේ කියන විධියට ජනතා විමුක්ති පෙරමුණ (හා අන් සියලු විපක්ශ ) නගන ඔය චෝදනාව වැරදි වෙන්නේ චන්ද තියෙන නිසා. හරිම අපූරු තර්කයක්. චන්ද තියෙන නිසා මහින්ද හා ඔහුගේ පවුලට සදාකල් බලයේ ඉන්න මේ සංශෝධනය කලා කියන තර්කය වැරදියි. හැබැයි උන්නැහේ ඔය චන්ද තියෙන්නේ කොහොමද, ගිය ජනාධිපති වරණයේදී වුනේ මොකක්ද කිය එක ගැන වචනයක් කියන්නේ නෑ. 17වැනි සංශෝධනයේ සියලු සාධනීය වගන්ති අහෝසිකරපු එක ගැන න්‍යායාචාර්‍යතුමා උත්තරයක් දෙන්නෙත් නෑ. දිවයිනේ සම්මුඛ සාකච්ඡාකාරයා ඩලස් අමාරුවෙ වැටෙන ඒ ප්‍රස්ණය අහන්නෙත් නෑ.

බහු පක්ශ ක්‍රමයක් තියෙන නිසා, තියරියක් විධියට ගත් විට රාජපක්ශ පරද්දා ඕනෑම එකෙකුට දින්නට පුලුවන් වියයුතු නිසා මේ තර්කය සියවසේ තර්කය විධියට සලකන්න පුලුවන්. කියුබාවේ බහුපක්ශ ක්‍රමයක් නෑ කියනවා ඇත්ත තමයි. ලංකාවේ බහුපක්ශ ක්‍රමයට රාජපක්ශලා ශරීරකෘත්‍යය කරලා තියෙන විධිය දැක්කම කියුබාව හොඳයි කියලා හිතෙනවා. මෙහෙ ඉන්න බහුපක්ශ කාරයෝ ඔක්කොම රාජපක්ශලාගේ බත්ගොටුවලට කෙළ හළහලා ඒ පැත්තට දුවනවා. චන්දෙ දීපු මිනිස්සු ආයෙ ජීවිතේට චන්දෙ දෙන්න යන්නේ නෑ කියලා තීරණය කරනවා. එතකොට බහුපක්ශ ක්‍රමයක් තිබුණත් වැඩක් නෑ. වැඩි දෙනෙක් විපකශවලට චන්දෙ නොදා නිකන් ඉන්නවා. අකමැත්තෙන් හරි චන්දෙ දෙන මිනිස්සුන්ගේ චන්දෙ ගනිනකොට හොරකම් කරනවා නැත්නම් චන්දෙන් පස්සේ බත්ගොටු පෙන්නලා හොරකම් කරණවා. ඒ විධියට බලනකොට ෆෙඩෙල් අන්කල් අපේ මාමාට වඩා හොඳයි.

මේවගේ තර්ක බිහිකරන්නට පුලුවන් අනෙක් එකම විද්වතා වීරවංශ මහත්තයා විතරයි. මින් මතුවට චන්ද තියෙන්නේ රාජපක්ශලාට විතරක් දිනන්න පුලුවන්වෙන විධියට කියන එක ඩලස්ට වගේම මහා ලොකු ජාතික පත්තරයක් යයි කියාගන්නා දිවයින පත්තරේට වැදගත් නෑ. ඒ කියන්නේ 17වැනි සංශෝධනය අවලංගුවීම කිසිම ගැටළුවක් නෑ, මොකද මොකාට දිනන්න බැරිවුනත් චන්ද තියෙනවනේ. චන්ද පවත්වනවා, ඒ අයම දිනනවා, පරදින අය හිරේ යනවා, නැත්නම් ආණ්ඩුවට එකතුවෙලා ණය තුරුස්, නඩුහබ වලින් ගැලවෙනවා.

කොතරම් රමණීය ප්‍රජාත(ච)න්ත්‍රවාදයක්ද? අපි කියුබාවට වඩා කොච්චර දියුණුද?

ඒ අතරෙම ඩලස් මහත්තයාට තවත් උභතෝකෝටිකයක් පැන නැගිලා තියෙනව. මේ මහා ගැටලුව තමයි කියුබාවෙ ඒකාධිපති පවුල් පලනයට ලංකාවෙ දේශපාලන පක්ශ විරුද්ධ නොවී ලංකාවෙ ඒකාධිපති පවුල් පලනයට විරුද්ධ වෙන්නේ ඇයි කියන එක.

"ඇත්තටම ඇයි ලංකාවේ විපක්ශ දේශපාලන පක්ශ අපේ රටේ ප්‍රශ්ණ ගැන කතා කෙරුවට කියුබාවේ ප්‍රශ්ණ ගැන කතා නොකරන්නේ?" මොනතරම් අසාධාරණද? විරුද්ධවෙනවානම් ඉස්සෙල්ලා විරුද්ධ වෙන්න ඕනෙ කැස්ත්‍රෝලට මිස අහිංසක රාජපක්ශලාටද?

අපිට පෙනෙන විදියට ඩලස් මහත්තයාට පිස්සු නැති බව විස්වාස කලයුතු නිසා (ශුවර් නිසා නෙමෙයි) එයා කියනවා වෙන්න ඕනෙ කියුබාවේ මෝඩ ජනතාව කැස්ත්‍රෝට කියලා පිටිපස්සෙන් ඇරවාගෙන අඩසියවසක්ම හිඟන ජීවන මට්ටමකින් ජීවත්වෙමින්, හැතැප්ම විස්සක් ඈතින් තියෙන ඇමරිකාවට පනින එක ජීවිතයේ එකම අරමුණකරගත්ත මිනිසුන් වූවාසේම අපිත් රාජපක්ශලාට කියා ඇරවාගෙන ඒ අසරණභාවයට ඇදවැටිය යුතුයි යන්නයි.

දැනටමත් ලංකාවෙ වැඩිය ඉගෙනගත්තේ නැති තරුණයින් ඉතාලියට, කොරියාවට නැත්නම් ජපානෙට පනින එක ජීවිතේ එකම අරමුණ කරගෙන ඉන්න බව රහසක් නෙමෙයි. ඉගෙනගත්ත එවුන් හිතන්නේ ඔස්ට්‍රේලියාවට, කැනඩාවට එන්ගලන්තෙට හරි ඇමරිකාවට හරි පැනගන්න. තවම මයිග්‍රේශන් ගැන වැඩිය හිතන්නේ නැත්තේ ගොයි කම්කරු හා වෙද මහත්තුරු විතරයි. කියුබාවෙනම් ගොයියොත් ට්‍රයිකරන්නේ ඇමරිකාවට පනින්න. ඒවිධියට බලනකොට අපි කියුබාවට වඩා ඉහලින් ඉන්නේ. ප්‍රශ්ණෙ තියෙන්නේ අපි කියුබාවට වඩා අන්තවෙන්න තව අවුරුදු කීයක් යයිද කියන එක විතරයි.

ඩලස්ලා වගේ අමන අර්ධමානවයින්ට දේශපාලකයෝ කියන්නේත්, ඒවගේ අර්ධමානවයෝ ගැලවිජ්ජාවට ඉදිරිපත් කරන පුහුතර්ක වලට අභියෝග නොකරණ, ඉන් එහාට මුකුත් හාරා අවුස්සන්නේ නැතුව කියනදේ ලියලා නිකන් ඉන්න ලියන අප්පුලාටයි එයාලගෙ එඩිටර් මහත්හොරුන්ටයි මාධ්‍යවේදීන් කියන්නේ ආස්චර්යමත් ලංකාවේම විතරයි.

Friday, September 10, 2010

අතිගරු බොකාසා තුමනි, ඉතා හදිසියෙන් සම්මතකරගත යුතු තවත් ව්‍යවස්ථා සංශෝධන තුනක් මෙන්න.

1/ "තුනෙන් දෙකකින් සම්මතවිය යුතුය" යන කරදරකාරි වගන්ති ඉවත්කර ගැනීම

පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සෙල්ලම ඉතා අවිනිශ්චිත එකකි. පැනපු යූ ඇන් පී කාරයන්ට වඩා ශ්‍රී ලංකාකාරයෝ ගැන විස්වාසය තැබිය නොහැකිය. ඒ නිසා ඉතා හදිසි කර්තව්‍යයක් ලෙස කලයුතුව ඇත්තේ ව්‍යවස්ථාවේ වෙනස්කම් කිරීමට 2/3 චන්දයකින් සම්මත විය යුතුයැයි යන වගන්ති සියල්ලම "සාමාන්‍ය බහුතරයකින් සම්මත විය යුතුය" යනුවෙන් වෙනස් කරගැනීමයි. දැන් ඔලුගෙඩි 161ක්ම තිබෙන එකේ ඉතා ඉක්මණින් මෙය කල යුතුය. කවුරුහරි ලව්වා ඉක්මණින් ලියවා කක්කා බරක් තරම් හදිසියෙන් පරීක්ශාකොට බලා එවන ලෙස ශ්‍රේශ්ඨාධිකරණයට යැවිය යුතුය. අසමජ්ජාති මන්තිරිගොල්ලන්ට වඩා ශ්‍රේශ්ඨාධිකරණය හීලෑ නිසා 18වගේම හැරෙන තැපෑලෙන් කියන විදියකට තීන්දුව ලියා එවනු ඇත.

ඒ අනුව දැන් මේ එකතුවෙලා තියෙන ඔලුගෙඩි 161 ලව්වා "2/3ක් ඕනෑ නැත බහුතරය තිබුනාම ඇතිය" සම්මත කරගත හැක. ඔය සංශෝධනය සම්මත වීමෙන් ඉස්සෙල්ලාම කෙලවෙන්නේ මැති-ඇමති-මන්තිරිගොල්ලන්ට වුනත්, එහෙම එකක් තේරුම්ගන්නට උන්ට මොල නැති නිසා බයවෙන්ට කාරියක් නැත. "නාමල් හා බැසිල් හැරෙන්නට අනෙක් සියලුම පාර්ලිමේන්තු මන්තිරිවරු සිය දිවි නසාගත යුතුයි" යනුවෙන් යෝජනාවක් ගෙනාවත් මුන් ඒකටත් ඔහේ අත උස්සනවා සිකුරුය. 2/3කේ කරදරය නැතිවුනු විට යූ.ඩී.ඒ එක ගොඨාට දුන්නා වගේය. අපූරුවට පේමන්ට්කාරයින්ව පැන්නුවා වගේ පාර්ලිමේන්තුව ඇතුලේ ඕනෑ නැටුමක් නටා ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මතකර ගත හැකිය.

2/ පාර්ලිමේන්තුව කැන්සල්කොට ලේසියෙන් පාලනය කරගත හැකි කොන්ග්‍රස් මණ්ඩලයක් හා සේනේට් මන්ඩලයක් පත්කරගැනීම.

පාර්ලිමේන්තුව යනු මළ වදයකි. මේ රට සංවර්ධන මාවතට ගැනීමට ඇති ලොකුම භාදකය ඔය පාර්ලිමේන්තුවයි. මොනවා කරන්නට ගියත් කෑ කෝ ගසයි. හැම අවුරුද්දකට අය වැය කියලා බොරුවක් ලියාගෙන ගොස් කියවිය යුතුය. ලස්සන තැනක හෝටලයක් හදාගන්නට, මාලිගාවක් අටවාගන්නට ඉඩක් නැත, හිතවත් අහිංසකයෙකුට වැලි ටිකක් ගොඩදාගන්නටවත් බැරිය, ඒකත් ඇවිත් පාර්ලිමේන්තුවේ කියවනවාය, විදේශීය කුමණ්ත්‍රණවලින් රට ආරක්ශාකරගන්නා හදිසි නීතිය හැම මාසෙම පාර්ලිමේන්තුවේ දික් කරගත යුතුය. මෙය කරදරයක් නොවේද?

මේ කරදරයෙන් ගැලවීම හිතනවාට වඩා ලෙහෙසියෙන් කරගත හැකිය. කල යුත්තේ පුවත්පත් කතුවරුන් වෙනුවෙන් කෑමක් දී මන්ත්‍රීවරුන් 225ක් නඩත්තුකරන්නට යන පඩි නඩි, ඉන්ධන වියදම්, ආරක්ශා වියදම්, දුරකථන බිල්පත්, තීරුබදු රහිත වාහනවලට යන මහජන මුදල් පත්තර කඩමාලු හරහා ප්‍රසිද්ධ කොට කතිකාවතක් ඇරඹීමයි.

ඒ අතරම නිදහස් පක්ශයේ ක්‍රියාකාරීන් පිරිසකට එළවලු බෑග් අතට දී පාරේ හිටුවා, පාරේ යන්නට ආ මිනිසුන් මෙන් පෙන්වා පාර්ලිමේන්තුව අනවශ්‍ය බවත්, තමන්ගේ බඩගින්නට, ප්‍රශ්ණවලට පාර්ලිමේන්තුවෙන් විසඳුම් නොලැබෙන බවටත්, පාර්ලිමේන්තුව වසාදැමිය යුතුබවට මහජන මතයක් ඇතිබව පජාතිකවාහිණිය හා පරාදීනවාහිනිය හරහා පෙන්විය යුතුය. ඊටපස්සේ හාමුදුරුවරු දෙතුන්දෙනෙක් ලවා "ජනපතිතුමනි සුද්දා අපටදුන්, රටට නොගැලපෙන, නාස්තිකාර, ජනතාවට කිසිදු වැඩක් නොකරන මන්ත්‍රී රොත්තක් තේරීපත්වෙන පාර්ලිමේන්තුව කැන්සල් කොට සිම්පල් දේශීය ක්‍රමයක් හඳුන්වා දෙන්න.." යනුවෙන් කියවාගෙන,ඒ වොයිස්කට් පජාතිකවාහිණිය හා පරාදීනවාහිනිය හරහා පැය විසිහතර පුරාම විකාශය කරමින් රටපුරා ඉන්නා සාගත නකුටන්, බත්ගොට්ටන්, ඩෝබි බැලයින් ගෙන්වා සමබර සාකඡ්චා පැවැත්විය යුතුය.

ඉන්පසු ඉතාමත් දේශීය වන අමරිකන් ඉස්ටයිල් එකේ කොන්ග්‍රස් මණ්ඩලයක් හා සෙනේට් මණ්ඩලයක් යෝජනා කරන්නට පුලුවන. මන්ත්‍රීලා 225 වෙනුවට දිස්ත්‍රික්ක 25ට කොන්ග්‍රස් සභිකයින් 25 පත්කරගත්තාම ඇතිය. එතකොට දියවන්නාවට යන්නේ නැතුව අරලිය මන්දිරේම කොන්ග්‍රස් මණ්ඩලේට රැස්වෙන්නට පුලුවන. කොන්ග්‍රස් සභිකයින් තෝරන්නට වියදම් අධික මහජන චන්ද අවශ්‍ය නැත. ඒ වෙනුවට දේවාලවලට බස්නායක නිළමේලා නැත්නම් දියවඩන නිළමේලා පත්කරගන්නා විදියට කරගන්න පුලුවන. එතකොට චන්ද අයිතිය තියෙන්නේ පංසලේ හාමුදුරුවන්ට, දිසාපතිට වගේ ආණ්ඩුවට හිතවත් අයටය. එතකොට කොන්ග්‍රස් සභික 25ට ඉතාම සුදුස්සන් තේරී පත්වෙනු ඇත. හිතවත් නැති හාමුදුරුවරුන්ට චන්ද බලය ලැබෙන්ට යනවානම් ඉතා ඉක්මණින් ඒ පන්සල් වතුවලින් බෝම්බ, හොර සල්ලි, ගන්ජා පාත්ති හෝ කෙසෙල් පඳුරු යට වලලා තිබූ අභිරහස් ලෙස මියගිය අයෙකුගේ ඇටසැකිලි සොයාගත යුතුය.

සෙනේට් මණ්ඩලේට ගත යුත්තේ වඩා ඊටත් හිතවත් අයවලුන්ය. මල්ලිලා දෙන්නා, පුතාලා, නෝනා, ජොනී, මර්වින් සිල්වා, බිරිඳ මරා ජීවිතේට හිරේ ගොස් නිදහස්වුනු බස්නායක නිළමේ, අරලිය මන්දිරේ බල්ලා, පූසා හා ගිරවා වගේ හිතවතුන් ගෙන් සෙනේට් මණ්ඩලේ සකස්කරගත හැකිය. පාර්ලිමේන්තුව කැන්සල් කිරීම ඉතා ඉක්මණින් කරගත යුතුය. ඔලුගෙඩි 161ම සෙට්වෙලා ඉන්නකොට කරගත්තාම සාධාරනව සම්මතවුනු බවට ලෝකෙට පෙන්විය හැකිය.

3/ ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවට, එහි වගකීම් මර්වින්ට එරෙහි විනය පරීක්ශණය පැවැත්වූ ශ්‍රී.ල.නි.ප විනය පරීක්ශක මණ්ඩලය වෙත පැවරීම.

ශ්‍රේෂ්ඨාධිකරණය දැන් හොඳටම හීලෑ බව ඇත්තය. ඒත් දැන් හීලෑ වගේ ඉඳලා පස්සේ සරත් නන්ද පාට් එක ඇට් කරන්නට ගියොත් පවුලටම කෙලවේ. ඒ නිසා ඔලුගෙඩි 161ට අනවශ්‍යය අදහස් ඇවිත් කුරුවල් වන්ට ඉස්සෙල්ලා මේ වැඩේ කරගතයුතුය.

ව්‍යවස්ථා සංශෝධනයක් මගින්, "ව්‍යවස්ථාව අර්ථදැක්වීම, මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම ආදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම රාජකාරි ජනපති නම්කරන ශ්‍රී.ල.නි.ප විනය කමිටුවකට පැවරිය හැකිය..." යන ලෙස ව්‍යවස්ථාව වෙනස්කරගත යුතුව ඇත. රට ආසියාවේ ආශ්චර්යය කිරීමටනම් මෙයද ඉතා හදිසි කටයුත්තක් ලෙස සලකා සම්මතකර ගත යුතුය. ප්‍රමාද නොවිය යුතුය.

Thursday, September 9, 2010

මර්වින් යලි නි. ඇමති මර්වින් බවට : සමෘධි නිළධාරී මහත්වරුනි, කොහොමද කෑම?

ජනපතිතුමා මැර්වින්ට දඬුවම් කිරීමට ගත් තීරණය අගය කරන්නට, ප්‍රණාමය පලකරන්නට, ගිණි අව්වේ බෝඩ් අල්ලාගෙන හිටි සමෘධි නිළධාරී රැලට හොඳ කනේ පාරක් වැදිලා. මහරජ අණින් පත් කොරපු හොර විනය කමිටුව මගින් නිදොස්කොට නිදහස් කරපු මැරවින්ට දැන් ආයෙත් මොකෙක්ව හරි ගස් බඳින්න බලය ඇවිල්ලා.

මහින්ද හැමදාමත් තමුන්ට උඩට නගින්නට උදව් කරපු එවුන්ට කෙලියා වගේ, මේ සැරේත් තමුන්ව දිනවන්න පාරක් පාරක් ගානේ කොල බෙදපු, ස්ටේජ් ගහපු, සැරසිලි එල්ලපු සමෘධි නිළධාරීන්ට සුපුරුදු විධියටම කළගුණ සලකලා.
 
මහින්දට චන්දේ දුන්නේ නැත්නම් සමෘධිය කපනවා කියලා සමෘධිලාභීන්ව බයකරලා ඒ දුප්පත් මිනිස්සුන්ගේ චන්ද අයිතිය කොල්ල කන්නට ආණ්ඩුවේ නරුමයින්ට උදව් වුනේ නුඹලා බව මතක් කරගනිල්ලා.

තමුන්ගේ බල ප්‍රදේශයේ ඉන්න දුප්පත් යූ ඇන් පී එකට ජේ වී පී එකට හිතවත් මිනිස්සු ගැන ඔත්තු දීලා ඒ මිනිස්සුන්ගේ සමෘධි ආධාරය කපා හැරලා ඒ මිනිස්සුන්ට කරපු අපරාධ තමයි නුඹලාට මේ පඩිසන් දෙන්නේ.

සමෘධි නිළධාරීවරුනි, මීට පස්සේ ආචාර්‍ය මර්වින් ඇමතිතුමා දැක්කාම දෙකට තුනට නැමිලා, යටහත් වෙලා "..සමාවෙන්න සෑර් සෑර්ට විරුද්ධව උද්ගෝසනය කලාට, අපිව ජේ වී පී කාරයෝ බය කරපු නිසයි අපි එහෙම කලේ, කැමැත්තකින් නෙමෙයි බුදු සර්..."   කියලා පසඟ පිහිටුවලා වැඳපල්ලා.

පාරවල් ගානේ බඩගගා, කට්ට අව්වේ පවු ගෙව ගෙවා මහින්ද රජකරන්න චන්දෙ කාලේ රිස්ස යනකන් කඹුරපු නුඹලාට මේ සිදුවුනු අවමානය කල සේවයට ගැලපෙන අවමානයකි.

Wednesday, September 8, 2010

ඒකාධිපතියෙක් නම් පාර්මේන්තු යයිද? - විමල් වීරවංශ

"පාර්ලිමේන්තුවට මාස 3 කට වතාවක් යන්න ඕන කියන්නෙ ඒකාධිපති වෙන්නද? ඒකාධිපති කෙනෙක් වෙන්න ඕන නම් පාර්ලිමේන්තුවට යන්න ඕන කියන්නෙ නෑනෙ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේකෙන් හදන්නෙ ඒකාධිපති වෙන්න නම් මාස 3 කට සැරයක් පාර්ලිමේන්තු යන්නම ඕන කියල වගන්තියක් මේකට දාන්න එතුමාට පිස්සුද? පාර්ලිමේන්තුවට ගියාම විපක්‍ෂයේ අය ප්‍රශ්නත් අහනවා. ඒවාට උත්තරත් දෙනවා." - විමල් වීරවංශ  (Lanka Cyber News)
17වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙන එක වලක්වලා ව්‍යවස්ථාව කඩ කරලා යහතින් ඉන්න මහින්ද රජ, 18ටේ තියන ඔය "පාර්ලිමේන්තුවට යා යුතුය" යන වගන්තිය කඩ කරලා පාර්ලිමේන්තු යන්නේ නැතුව හිටියොත් වීරවංශ ගොයියා උපවාස කරන්නද හැබෑට?

ගී ද මෝපසාන්ගේ මහල්ලා හා මුහුද වගේ ප්‍රබන්ධ කියවලා ආශ්වාදයක් ගන්න තරම් එඩියුකේටඩ්, සොෆිස්ටිකේටඩ්, සෙන්සිටිව් පොරක් වුනු වීරවංශ ගොයියා, හිට්ලර් උන්නැහෙත් පාර්ලිමේන්තු ඇවිල්ලා, පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ඒකාධිපති බලතල වලින් ජර්මනිය පාලනය කරපු බව දන්නේ නැතුවද මන්දා?

යුදෙව්වෝ ලක්ශ ගණනක් ගෑස් කාමරවල මරන්නත්, ජිප්සියෝ දස දහස් ගණනක් වහල් කඳවුරු වල මැරිලා වැටෙනකම් වැඩගන්නත් පාවිච්චිකලේ, පාර්ලිමේන්තු ගිය හිට්ලර් පාර්ලිමේන්තුවේ හිටපු නරුම ජාතිවාදී, බලලෝභී මන්ත්‍රීවරු බහුතරයකගේ චන්දයෙන් නීත්‍යානුකූලව සම්මතකරගත් ඒකාධිපති බලතල මිසක් වෙන බලතල නෙමෙයි ඔන්න.

(කළබලේට අමතක වෙන්න ඇති මයෙ හිතේ - මොලේට ඉස්සෙල්ලා කට ඉස්සරවෙනවනේ , කියලා හිතනවා මිසක්, කියන්න ඉස්සෙල්ලා හිතන්න පුරුද්දක් නැහැ උන්නැහැට)

Monday, September 6, 2010

කුම්ඹලා කරවල කෑ බළලුන්ගේ විලාපය නොහොත් හෙළ උරුමයේ 18 සාධාරණීකරනය.

ධර්ම රාජ්‍යයකට යන්නට කාපට් එළන ජාතික හෙළ උරුමයේ උපාසක මහත්තුරු ටික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ 18වැනි පැච් එක නොහොත් ඒකාධිපති පැච් එක ගැන අමාරුවෙන් එකඟතාවයකට ඇවිල්ලා.

ගම්මන්පිල මහත්තයා කියන විධියට රට ජාත්‍යන්තරයේ බබුලුවන්නට පුලුවන් ප්‍රතාපවත් නායකයෙකුට, ජනතාව කැමතිනම්, ව්‍යවස්ථාවේ වගන්තිවලින් ඔහුගේ එම අවස්ථාව අහිමි කරන එක අසාධාරණය.

ජාත්‍යන්තරය බබුළුවන නායකයින් ගැන අපි අසා ඇත්තෙමු. අපේ අසල්වැසි ඉන්දියාවේ මන් මෝහන් සිං එවැන්නෙකි. ලයිසන් රාජ් ලෙස හැඳින්වුනු, දුඹුටු ගැහුනු, අකාර්‍යක්ශමතාවයේ කිරුල හිමිකරගෙන සිටි පසුගාමී ඉන්දියාව චීනයට පවා දැවැන්ත තරඟයක් දෙන, මෘදුකාංග, පරිගණක සේවා හා outsourcing ක්‍රියාවලි සැපයිම් අතින් හිනිපෙත්තට පැමිණි රටක් බවට පත්කරන්නට පිඹුරුපත් සකස්කර, කප්පරක් බැනුම් අසමින් ඒවා ක්‍රියාත්මක කලේ මෙතුමායි. 1990 ගණන්වල නරසිම්හ රාඕගේ ආණ්ඩුවේ මුදල් ඇමතිලෙස, ඉන්දියාව කණෙන් ඇදගෙන නූතන ලෝකය වෙත ගෙනා ආචාර්ය මන්මෝහන් සිං අද අගමැති ලෙස  ඉන්දියාවේ ගමන තවත් වේගවත් කර ඇත. මන් මෝහන් සිං දුරදක්නා නුවනින්, සිය දේශපාලන අනාගතය ගැන කිසිත් නොසිතා ඉන්දියාවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කල නිසා අද ලෝකයයේ වේගයෙන්ම දියුණුවන රටවල් තුනෙන් (චීනය,බ්‍රසීලය, ඉන්දියාව ) එකක් බවට එරට පත්වී ඇත.

අන්න ලොව බබුලුවන, ලොවෙන්ම ප්‍රණාම ලබන නායකයෙක්.

ගම්මන්පිල මහත්තයා කියන බබුලුවන නායකයා එවැන්නෙක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් තමුන්ට උපදෙස් දෙන්න කණ්ඩායමක් පත්කරගත්තාම කටු ලෙවකන කුක්කෙක් ලවා නාගමක් නටවාගෙන බෙරත් පලාගත් නායකයා මොහුනේද? අද මහලේකම් හා ඔහුගේ උපදේශක කමිටුව එලෙසම ක්‍රියාත්මකයි නේද? තමාගේ රටවැසියන් සිය ගණනක් වැලැක්විය හැකි රෝගයකින් මාසයකට මිය යද්දී තවත් අවුරුදු 6ක බලය එලෙසම තිබියදී විපක්ශ මන්ත්‍රීන් පගාව දී බිලිබාගෙන හදිසි පනත් ලෙස ව්‍යවස්තා වෙනස්කම් සම්මත කරගන්නට යන නායකයාට ලෝකයේ පිලිගැනීමක් තිබෙනවාද?

ගැබිණියන් ගස් බඳින සිංහල තලේබාන් රටේ නායකයා මොහු නොවේද? ඕනෑම සමාජයක ගෞරවයට, අනුකම්පාවට පාත්‍රවන ගැබිණි මවුන් ගස්බඳින වනචාරි කෲර තිරිසනුන්ගේ රටක නායකයා පල් හොරු රැළක නායකයා ලෙස ලොව නොසලකයිද?

රටේ විදෙස් ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් මැදපෙරදිග බැලමෙහෙවර කරන්නට ගැහැණුන් යවා උපයාගන්නා රටක, එසේ දුකසේ උපයාගන්නා විනිමය තමන්ගේ හා තම බත් බැලයන්ගේ පෞද්ගලික සුඛ විහරණයට සුපිරි වාහන දුසිම් ගණනින් මිලදීගන්නට වියදම් කරන නායකයා ප්‍රතාපවත් නායකයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ නිවට ජනමාධ්‍යවලට පමණක් බව හෙල උරුම නායක ඇත්තෝ නොදනිත්ද?

හෙළ උරුම නායකාරකාදින් මේ කරුණු හොඳින් දනිති. එහෙත් ඔවුන් ඒ කරුණු නොදන්නා මෙන් හැසිරෙති කරුණු දක්වති. ඒකාධිපති සංශෝධනය අමාරුවෙන් කොලේවසා සාධාරණීකරන්නට වෑයම් කරති. 

ඩෙංගු මරණ, ගැබිණි ගස් බැඳීම්, රජයේ සේවක ගස්බැඳීම්, නායකාගේ රථ ගාය, වී විකුණා ගන්නට නොහැකියාවේ අර්බුදය, බඩුමිල, වැහෙන කම්හල්, පාරට වැටෙන සේවකයින්, මැද පෙරදිග වහල්කමින් දුක් විඳන ගැහැනු, උන්ව ගණිකා සේවයේ යොදවන තානාපති බලවතුන් අමතක කරති.,කොරියා පනින්නට බලා සිටින දස දහස් ගණන් තරුණකැලෙහි ඉඡ්ඡාභංගත්වය අමතක කරති. රටම ගිලගන්නා ණය බර, උතුර ඉන්දියාවටදී දකුණ චීනාට දීම නොදැක්කා සේ ඉන්නට සිදුවී ඇත.

රට තුල ඇති වහා විසඳිය යුතු එකම දැවෙන ප්‍රශ්ණය රජතුමාට 2016දී තරඟ කරන්නට චෑන්ස් එකක් ලබාදීම බවට වමාරන්නට සිදුවී ඇත. 

රජු දුන් සැප සම්පත් බළලුන්ට කුම්බලා කරවල වැනිය. කන්ට කන්ට ආසාව වැඩිවේ. කන්නට ගත්කල නවත්වන්නට නොසිතේ. හෙළ උරුමයේ බිළාල ඇත්තෝ රජුගේ දෝතින් කුම්බලා කරවල ගෝනි පිටින් ගිල්ලෝය. දැන් තම බඩ ගැන, තම සැප ගැන, ඇමති පට්ටම, සභාපතිකම්, කොන්ත්‍රාත්තු ගැන පමණක් සිතන්නට සිදුවී ඇත. මින් මත්තට ප්‍රතිපත්ති අනුව, දශරාජ ධර්මය අනුව මුත්‍රා කිරීම අමාරුය. එහෙත් මොනවා කරන්නද? සැපෙන් ජීවත්වෙන්නට එතුමා වෙනුවෙන් ප්‍රතිපත්ති රෝල්කර අහවල් තැන ඔබාගෙන, බුදුබණ පවා මොඩිෆයි කරගෙන මුත්‍රා කල යුතුමය, නැත්නම් එතුමා වැඩිකල් නොයවාම අකීකරු බළලුන් පන්නන්නට දඩෝරියන් මුදා හරිනු ඇත.

අනාතයෙකුගේ වහසි බස් [ Rhetoric of a lost soul ]

Lakbima 06/09/2010
ව්‍යවස්ථා සංශෝධනයෙන් විපක්ශය මහින්දගේ දේශපාලන ගල් රෝලට තැලිලා පොඩිවෙලා යන බව ඇත්තයි. දැන් විපක්ශයට වෙලා තියෙන්නේ 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ශයට වෙච්චි දේමයි. තව ටික දවසක් යනකොට මහින්ද තව දේශපාලන පක්ශයක් හදවලා, විපක්ශයෙන් මන්ත්‍රීලා ටිකක් ඒකට අද්දවාගෙන එයාට කැමති විපක්ශයකුත් හදාගන්න පුලුවන්. එත්කොට ආණ්ඩුවේ නායකයා විතරක් නෙමෙයි විපක්ශයේ නිල නොවන නායකයාත් මහින්දමයි.

ඒත් මේ කතාකරන්න යන්නේ විපක්ශය ගැන නෙමෙයි. ආණ්ඩුපක්ශයේ, පාර්ලිමේන්තුවේ පලමුවෙනි පේලියේ ඉන්නා පුද්ගලයින් ගැනයි. ඉදිරියෙන්ම ඉන්න මහ ලේකම් මෛත්‍රී, නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න, ඩලස්, බැසිල් වගේ අය ගැනයි.(දිමු ජයරත්න වයසක නිසා අමතක කරමු )

මෙයාලට මොකද වෙන්නේ?

අපි මෛත්‍රී ගැන හොයල බලමු. පහුගිය චන්දයේදී මෛත්‍රී යුගයක් අරඹමු කියලා මෛත්‍රී එයාගෙ සටන පටන් ගත්තේ අගමැති කමට සිහින මවමින්. සිහින බොඳවෙලා ගියත් මෛත්‍රීලා වගේ අයට හිතේ තිබුණ එකම සැනසිල්ල 2016දී මහින්දට ඉල්ලන්න බැහැ කියන ව්‍යවස්ථා වගන්තිය. දැන් ඉතින් ඒ සැනසිල්ලත් ඉවරයි නේද? ඒ කියන්නේ 2016 / 2022/ 2028 අවුරුදු වල පවත්වන්න ඕනෑ ජනාධිපතිවරණ වලටත් මහින්දට ඉල්ලන්න පුලුවන් කියන එකනෙ.

එතකොට බැසිල්?

බැසිල් කියන්නෙත් මහත්වූ දේශපාලන අභිලාශයන් තියෙන, දැන් මම අගමැති කමට ඉව අල්ලන කෙනෙක් කියලා නොදන්නේ කවුද? මහින්දගේ ව්‍යවස්තා ජිල්මාට් එකෙන් බැසිල්ගේ අභිලාශයන්ටත් වදින්නේ මරු පහරක්. මොකද බැසිල්ගේ ජීවිතේ හොඳම කාලේ මහින්දට ඉඩදීලා බලාගෙන ඉන්නවා ඇරෙන්නට එයාටත් කරන්න දෙයක් නෑ. ඒත් මහින්දට අනිවාර්‍යයෙන් බැසිල්ව කළමණාකරනය කරගන්න වෙනවා. ඒ කියන්නේ බැසිල්ට බලසම්පන්න ඇමතිකම් ගොඩකුත් එක්ක අගමැතිකම දෙන්න වෙනවාමයි.

ඒ කියන්නේ දැන්ටමත් මෛත්‍රීගේ අගමැති අභිලාශයන් වලට පහර වැදිලා ඉවරයි. අගමැති සිහිනය පමණක් නෙමෙයි, ඊලඟ මහ චන්දේ හරි ජනපතිවරනේ හරි පවත්වන්න ඉස්සෙල්ලා මෛත්‍රීට එයාගේ මහලේකම් පට්ටමටත් තට්ටුවෙන්න පුලුවන්. බැසිල් මහින්දට බල කරලා එයාව මහලේකම් කරන්න කිව්වොත් ඒක කරන්න වෙනවා. මහින්ද එහෙම නොකලත්, දැන්ටමත් ආණ්ඩුවේ මොලකාරයා වෙන බැසිල් කොහොම හරි ඒ තනතුර ලබාගන්නත් ඉඩ තියෙනවා. මොකද මහලේකම් පත්කරන්න චන්දෙකට ගියත් වතාවක් එස්.බී චන්දෙන් මහලේකම් වුනා වගේ බැසිල්ටත් පුලුවන් නූල් සූත්තරයක් අටවලා බලෙන් හරි මහලේකම් වෙන්න.මහින්දත් ඒක දන්නවා. ඒ නිසා බැසිල්ට මහලේකම් කම දීලා කරදරයක් අඩුකරගන්න එක මහින්දට ලේසියි.

එතකොට මෛත්‍රීගේ ඉරණම?

මෛත්‍රීට වෙන්නේ දැන් ජෝන් සෙනෙවිරත්න වගේ ජ්‍යේශ්ඨයෝ ඉන්න විධියට පැත්තකට වෙලා දෙන ඇමතිකමක් කරගෙන කිසිම ගැටලුවක් නෑ වගේ පේන්න හැසිරෙන එක විතරයි. මෛත්‍රීට වෙන කරන්න දෙයක් ඇත්තේම නෑ. එහෙම නැතිනම් 2005-2009 කාලේ ඩලස් මහත්තයා කරපු මුට්ටි අල්ලන්නාගේ චරිතය කරන්නත් පුලුවන්. ඩලස් මහත්තයා දැන් හොට බාගෙන ඉන්න නිසා ඒ පට්ටමට නම් වේකන්සියක් තියෙනවා.

කොහොම වුනත් මෛත්‍රී දැන් දේශපාලන අනාතයෙක්. තමුන්ගේ පපුවට පිහියෙන් අනින සංශෝධනයට දැන් 160ක් පක්ශයි වගේ බයිලා කියන්නේ හදවතින් නෙමෙයි. වෙන කරන්න දෙයක් නැති නිසා. හරියට දෙනෝදාහක් ඉස්සරහා දුවන්න ගිහිල්ල ඇදවැටුනු මිනිහෙක් කකුල උලුක් වුනත්, කොච්චර රිදුනත් "නෑ නෑ මට කිසිම අමාරුවක් නෑ.." කියලා අමාරුවෙන් හිනාවෙවී කොරගහන්නේ නැතුව ඇවිදින්න හදනවා වගේ තමයි මෛත්‍රීත් දැන් රඟපාන්නේ.

මොනවාකරන්නද මෛත්‍රී? ඔයාගේ යුගය මේ කපේදේ එන්නේ නෑ. වී බිස්නස් එක කරගෙන පාඩුවේ පොලොන්නරුවට වෙලා ඉන්න. ඔයා දැන් අනාතයි.

Sunday, September 5, 2010

සංවේදී, මානව හිතවාදී, තරඟ පාවාදෙන්නන්ට පගා දෙන බුකි මාමා [Sensitive, humane, match-fixing bookie uncle]

මේ දිනවල අන්තර්ජාතික ක්‍රීඩා ක්ශේස්ත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරඟ පාවාදීමේ චෝදනාවයි. දුම් දමමින් ඇවිලෙන්නට සූදානම් වෙමින් තිබුණු මේ ගින්නට පෙට් රෝල් වැටුනේ පකිස්තානු පිතිකරුවෙකු වන වසීඩ් හමිඩ් සැඟවුනු කැමරාවක් ඉදිරියේ සිදුකල ප්‍රකාශයයි.CNN-IBNඉන්දියානු රූපවාහිනී නාළිකාවේ අද උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී විකාශනය කල මේ වීඩියෝ පටයෙන් හමීඩ් මුලු පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමම බුකියන්ගේ ග්‍රහණයේ සිටින බවත, ඒ සඳහා ලක්ශ ගණනින් මුදල් ගෙන ඇති බවත් හෙලිකලා. ඔහුට අනුව වසර මුලදී පැවැත්වුනු වුනු කිස්තාන් ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟය පාවාදීමෙන් පකිස්තානු ක්‍රීඩකයින් බුකියන්ගෙන් උපයාගත් මුදල බ්‍රිතාන්‍ය පවුම් ලක්ශ 18කට අධිකයි. ලැබෙන වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුත්  ICCයේ විමර්ශණයට ලක්වී තිබෙනවා.

පකිස් ක්‍රීඩකයින් ක්‍රිකට් තරඟ පාවාදීමෙන් ලෝක වාර්තා තියද්දී, ලංකාවේ අපේ සංවේදී ඒකා-අධිපතිතුමා චන්ද හා දේශපාලන පක්ශ පාවාදෙන මහා බුකි ව්‍යාපාරයේ අසම-සම නායකයා බවට ලෝක වාර්තාවක් තබා තිබෙනවා. තමන් මුහුණ දුන් පලමුවෙනි තරඟයම කොටියා සමග හොර ගිවිසුම් ගසා ෆික්ස් කරගත් එතුමා, ඉන් පසු පැවැත්වූ හැම තරඟයක්ම පහසුවෙන් ෆික්ස් කරගත්තේ ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයින් චන්දේ ඉල්ලන්නට පෙර හෝ ඉල්ලා දින්නාට පසු පගාව දී තම පිලට එක්කර ගැනීමෙනි. අන්තිමට ගැසූ මැච් එකේදීද බුකි මාමා තරඟ තීරක නොහොත් මැතිවරණ කොමා පැහැරගෙන ගොස් සඟවා තබාගෙන, ඉමහත් ආතතියකට පත්කොට මැච් එක දිනා ගත්තේ පුදුම එළවන සුලු විදියටය.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන, තම චන්දයේ වටිනාකම හා තම අයිතීන් ගැන දැනුවත් ජනතාවන් වෙසෙන රටවල් වල ඉතා පිළිකුලෙන් හෙලා දැක්කත්, අට පාස් බස් කොන්දොස්තරලාගෙන් අවලම් කතා අසාගෙන, ගාස්තුවේ ඉතුරු ලෙස ලැබිය යුතු රුපියලට පවා තමන්ට අයිතිය නැතැයි සිතාගෙන කරබාගෙන ඉන්නා තරමට නිවට ජනතාවක් වෙසෙන මේ රටේ මෙවැනි තුඡ්ඡ පාවාදීම් දේශපාලන වීරකම් ලෙස ගණන් ගන්නේ හෙලයන්ගේ උපන් නියාලු ගතිය නිසාම වන්නට ඇති. අපේ ජනතාව සටන් වදින්නේ අනවශ්‍යය දේවල් වලටම පමණි. පැල ඉණි වැටට, ගෑණු පරාණයකට, නැතිනම් පිරිමියෙක් බෙදාගන්නට බැරුව මිනීමරාගන්නට, කෙහෙවලු පටලවා ගන්නට සූදානම් වුවත්, තම අනාගතය අඳුරු කරනට මුදලට විකිණෙන ජනතා නියෝජිතයන්ට විරුද්ධව වචනයක් නොකියන්නේත්, කරබාගෙන ඔහෙ ඕන දෙයක්, කටට වැටෙන දෙයක් කාලා ඉන්නවා යනුවෙන් සිතාගෙන ඉන්නේ මේ රටේ කරුමට නිසාම වන්නට ඇති.

මේ  කරුමය නිසාම බොරු සෝබන කාරයින්හට, කාඩ් බෝඩ් වීරයින්හට මහා ජාතික විරුවන් මෙන් පෙනී සිටින්නට හැකිවී ඇති අතර මේ බොරු වීරයින් හට සැබෑ වීරයන් සිරගත කොට හෙමින් මරාදැමී හැකියාව ඇත. සමහර බ්ලොග් ලියන්නන්ට අනුව යුධ වීරයාගේ පරාජය නියතවී තිබුණි. නුහුරු දේශපාලන සටනට බට ඔහුද, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කලහැකි සියල්ල කල, ඔහුට දැන් අත්වී ඇති ඉරණම ගැන කතාකරන, දුක් වෙන අපද මෝඩයයින්ය. ජාතියක් හැටියට අපි ජෙනරාල් ෆොන්සේකාට සිදුවී ඇති අසාධාරණයට පවා මුකුත් නොකර, "හිටිය විධියට හිටියානම් ඉවරනේ" කියන එක ගැන ලැජ්ජා විය යුතුය.

"හිටිය විධියට හිටියානම් ඉවරනේ" කියන එක අපේ ජාතියේ දීනකම මිස වෙන මොකක්ද? හිටිය විදියට හිටියානම් රජසැප බව ඇත්තය. එහෙත් නොහිටිය එක වරදක්ද? පරදින්නට හෝ සටනකට යාම වරදක් වන්නේ කෙසේද? මේ රටේ මිනිසුන් තේරුම් නොගන්නා යථාර්තය මෙයයි. අයිතිය ඇත්තේ බලවතුන්ටය අනිත් එවුන්ට මුකුත් නැත යන සිතුවිල්ල දීන කම නොවේද? මිනිසුන් ලෙස ඉපදුනා නම් අයිතිය එකමය. එකෙකුට විතරක් රජවෙන්නත්, නඩු තීන්දු හරියන්නත්, අම්මා අප්පා පවා පාවාදී දෙපාමුල වැටෙන්නටත් , මෙවාට විරුද්ධ වන උන්ට උරුම බොරු නඩු හා හිර ගෙවල් බවත් පිලිගන්නවානම් ශ්‍රේ ලාංකේය සමාජය මිනිස් සමාජයක්ද සත්ව සමාජයක්ද යන්න මුලින්ම සොය බැලිය යුතුය.

SF තරඟ කලේත්, අපි ඔහුට උපකාර කලේත් ඔහුත් අපිත් උපතින්ම උරුමකම් කියන මූලික මිනිස් අයිතිවාසිකම් වලට අනුකූලව බවය. අපි කැමති එකෙකුට චන්දය දෙන්නේත්, අපේ චන්දය අරගෙන කවුසලයට රිංගාගෙන මුදලට විකිනෙන එවුන්ට අපි විරුද්ධ වන්නේත් අපේ අයිතිවාසිකම් ගැන අපට හොඳ අවබෝධයක් ඇති නිසාය. සමහරුන්හට මේ අයිතිවාසිකම වැදගත් නොවූවත් අපට ඒවා වැදගත්ය. අප ඉපදී සිටින්නේ පුලුවේ ඉඳ ගන්නා, බලය පෙන්වන ඕනෑම එකෙකුට වැඳ වැටෙමින් ඕහේ ඉන්නට නොවේ. පක්ශයකට ආදරය කරන මිනිසුන්ගේ චන්දයෙන් බලයට පත්වී, ජනතා මුදලින් වාහන පර්මිට්, විශ්‍රාම වැටුප් හා මෙකී නොකී සියලු වාසි ලබාගෙන, තම ජනතාව පාවාදී, සල්ලිවලට, වරප්‍රසාද වලට බුකි මාමාගේ පගාවට විකිණෙන ජරාපාලුවන් ගැන අපට කේන්තියක් ඇත්තේ මොවුන් මේ කරන්නේ තමන්ගේ වාසිය බැලීම පමණක් නොව රටම අඳුරේ දැමීමක් බැවිනි. වාසිය උන්ටනම්, රටට හෙනයක් නැත්නම් අපිට කේන්තියන්නට ඇති කෙන්ගෙඩියක් නැත. මුන්ගේ චන්ද අරගෙන ඊලඟ සංශෝධනය රාජාන්ඩුවක් ඇතිකොට ව්‍යවස්ථාව බල රහිත කර කිරුළු පලදින්නට විය හැකිය. දැනටමත් බල ලොභී සඟුන්ගෙන් විවරණද ලැබී තිබේ. අපට ඇති අමාරුව එයයි. 

මුන් මේ මුදලට විකුණන්නේ අපේ අයිතියයි, අපේ නිදහසයි.

ජනයාගේ බයාදුකම නිසාත්, මුදලට විකිණෙන්නට රුසියන් නිසාත් ලඟදීම මේ බුකි මාස්ටර්ලා අපි බුදියා ගත යුත්තේ මොන ගෑනි සමගද යන්නත් තීරණය කරනු ඇත. දැනටමත් අපේ ලමයි ඉරිදාට ක්‍රීඩා නොකර, වෙන අමතර වැඩ නොකර දහම් පාසැල් යායුතු බවට බුකි මාස්ටර්ලා තීරණය කොට ඇත. එසේ කරන්නේ අපේ ළමයින්ට ඇති ආදරේටද? ළමයින්ට දෙමව්පියන්ට වඩා දේශපාලකයින් ආදරෙයි කියන්නේ මොන පිස්සාද? නිවට බෞද්ධයන් වන අප මේ බලහත් කාරකමටත් කටවහගෙන ඉන්නේ මහා ලොකු බෞද්ධයින් බව පෙන්නන්නට මිස වෙන දෙයකටද? ළමයින් කුමක් නිවාඩු දිනවල කුමක් කල යුතුද යන්නට නූගත් දේශලාලුවන්ට තීරණය කරන්නට ඉඩතී තිබෙන අපව හෙට අනිද්දාම මේ බුකි කාරයින් චීනාට හෝ ඉන්දියන් කාරයින්ට වහල් කමට විකුනන්නටද ඉඩ ඇත. එවිටද අප කට පියාගෙන, හැකිලී චීන හාම්පුතාට කැඹිරිය යුතුද?
ඇඟ පුරාවටම මොලේ තිබුණත් නිවට කමේ සීමාවක් නැති, රැවටීමේ සීමවක් නැති, විපක්ශ නායකයෙකු යයි කියාගත්තත් වැඩක් කරන්නට බැරි, සිය කණ්ඩායම එකට තියාගන්නට බැරි මිනිහෙකුත් මේ රටේ දේශපාලනයේ ප්‍රතිමල්ලව කණ්ඩායම නියෝජනය කරන නිසා, සංවේදී බුකි මාමාට කිසිම අපහසුවකින් තොරව සිය ගොඩ ලොකුකර ගැනීමේ හැකියාව ලැබී ඇත. නිවට විපක්ශනායකයෙකු හා ඔහේ කරබාගෙන ඉන්නා ජනතාවක් සිටින මේ රටට දැන් ඉතින් දෙවියන්ගේ පිහිටවත් නොලැබේ. මන්දයත් දෙවියන් වුවත් පිහිටවන්නේ උත්සහයෙන් වීරිය වඩන ධෛර්‍යවන්තයන්ට මිස ඔහේ ඇණ තියාගෙන ඉන්නා උකටලී ජාතියකට නොවේ.

Friday, September 3, 2010

ලක්ශ්මන්, අර්ල්, රංගේ, මනූශ : ඔබට සුබ අනාගතයක්

පෘතග්ජනයින් වන ඔබට සදාකාලිකව පරාජය වන නායකත්වයක් සමග සැමදා අතින් කයිට් කරගනිමින් දේශපාලනය කිරීමට බැරි බව අපි දනිමු. අනෙක් අතට "If you can't beat em', join em' - ඔවුන් පරද්දන්න බැරිනම් ඔවුන්ට එකතුවෙන්න" යනුවෙන් වටිනා උපදේශයක්ද ඇති බව ඔබ සැමට මතක් වන්නට ඇත.

දැන් ඔබ මේ තනන්නේ ලක්මව හා ඇයගේ දරුවන් කාළකණ්නි ඒකාධිපතිත්වයක් කරා ගෙනියන්නටය. මේ ඔබ කඹුරන්නට, ඔසවා තබන්නට, රජකරවන්නට යන පාලකයින්හට මේ කපේදී ලී ක්වාන් යූලා, මහතීර්ලා වන්නට බැරි බව පරාජයෙන් හෙම්බත්වී, ධනයට, බලයට ඇති සාපිපාසාව නිසා නුඹලාට අමතක වී ඇත.

යන්න, ගිහින් 8වැනිදාට අත් ඔසවා 18ට චන්දය දෙන්න. ඒ දෙන චන්දයත් සමග නුඹලාගේ ඒරාශ්ඨකය අවසන්වී රන් රුවන් ඉල්ලම් පෑදෙනු ඇත. එහෙත් මතක තබාගන්න, ඔය පෑදෙන රන් රුවන් ඉල්ලම් මේ රටේ අහිංසකයින්ගේ ධනය බවට. අන්සතු ධනය කොල්ලකන්නන්හට කිසිදා සැනසීමක් නැත. එමෙන්ම නුඹලාට චන්දය දුන් පාක්ශිකයින්ද නුඹලාට සාපකරනු ඇත.ගත් තීරණය සාධාරණීකරනය කරන්නට නුඹලා දහසක් හේතු පවසනු ඇත. එහෙත් ඒ හේතු කිසිවකින් ඔබ ඒ කල අපරාධය සාධාරණීකරණය කල නොහැකිය.කවදා හෝ නුඹලාට සපාකන්නේද නුඹලා ඔය දෑත් ඔසවා රජකරවන්නා විසින්මය. එවිට ප්‍රමාද වැඩිය.

තාවකාලිකව වැජඹෙන්න.ඔබට සුබ අනාගතයක්

Thursday, September 2, 2010

දළ කාරයින් ප්‍රාණ ඇපයට ගත් පොඩි මිනිහාගේ පක්ශය.

Lakbima - 02/09/2010

ශ්‍රී.ල.නි.ප යේ 59වැනි සංවස්තර සමුලුව අදට යෙදී ඇත. මේ පිළිබඳව අද (02/09) ලක්බිම සමග සංවාදයකට එක්වන දී.මූ ජයරත්න මැතිතුමා, ශ්‍රී.ල.නි.පය පොඩි මිනිහාගේ පක්ශය ලෙස හඳූන්වයි. මේ කතාව අදට කෙසේවෙතත් මෑත අතීතය දක්වා සත්‍යය. ආරම්භයේ සිටම බණ්ඩාරනායක පවුලේ බූදලයක් මෙන් තිබුණත්, බණ්ඩාරනායක පවුලේ තිදෙනෙකුටම රටේ නායකත්වය කරා පැමිණීමට වෙර සැපයූවේ ශ්‍රී.ල.නි.පයේ කොඳු නාරටිය වුනු සාමාන්‍ය පවුල්වලින් පැමිණ පක්ශයේ ඉහලටම නැගගත් පොඩි මිනිසුන්ය. බණ්ඩාරනායකලා චිරාත්කාලයක් ශ්‍රී.ල.නි.පයේ බලය දරා සිටියත් එසේ කළේ සටකපට කම්වලින්, දොළපිදේනි දීමෙන් හෝ තර්ජනය කිරීම වලින් නොවේ. බණ්ඩාරනායකලා හට සැබැවින්ම පක්ශයේ පොඩි මිනිහාගේ මෙන්ම පොඩි තැනින් උඩට ආ, එහෙත් මුල අමතක නොවුනු පතාක යෝධයින්ගේත් සහය නොඅඩුව තිබුණි. චන්ද්‍රිකාගේ අවසාන කාළය දක්වාම මෙය එසේ තිබුණේය. චන්ද්‍රිකාව ආරක්ශාකිරීමට හා බලයට ගෙන ඒමටත්, බලයේ රඳවා ගැනීමටත් මංගලලා, එස්.බී.ලා කියූ කතා, කෙරූ කෙරුම් බණ්ඩාරනායකලා වෙනුවෙන් තිබුණු මේ පාක්ශික කැපවීමට හොඳම උදාහරණයන්වේ. මංගල, එස්.බී යනු මහා ව්‍යාපාරික පවුල් කාරයින් හෝ දේශපාලන නුග රුක් නොව නොව සාමාන්‍ය මිනිසුන් ලෙස ඉහලට නැගුනවුන්ය.

එහෙත් මහින්දගේ ආගමනයත් සමග මේ සියල්ල වෙනස් වන්නට පටත්ගත් බව පෙනේ. මහින්ද පක්ශයේ බලය අල්ලන්ට පටන්ගත්තේම පොඩි මිනිහාගේ සහය තිබූ නායකත්වයට කෙනෙහිලි කරමිනි. මුලින් මැතිනියට විරුද්ධව විවිධ සටකපටකම් වල යෙදුනු මහින්ද චන්ද්‍රිකා බලයට පත්වූකල ඇයගේ කැබිනට්ටුව තුල සිටිමින්ම ඇය විනාශ කිරීම ඇරඹුවාය. කැබිනට් රහස් පත්තරවලට දෙමින්, විපක්ශය සමග රහස් ගනුදෙනුවල යෙදෙමින් චන්ද්‍රිකා වැට්ටවීමට කල හැකි සියල්ලම මහින්ද කල අතර මෙය ඔහු සාධාරණීකරණය කළේ බණ්ඩාරනායකලාගේ බුත්තියට සවිවුන පක්ශය බේරා ගතයුතුය යන වේදිකාව මත හිඳගෙනය. මේ සඳහා නොයෙකුත් ප්‍රයෝග, බොරු චෝදනා මෙන්ම ශ්‍රි.ල.නි.පයේ මහත් බලයක් හෙබවූ භික්ශූන්වහන්සේලා සතුටුකිරීම සඳහාම කල ප්‍රකාශ හා ගත් ක්‍රියාමාර්ගද විය. මේ ප්‍රයෝග හරහා මහින්ද විකල්ප නායකයා වූ අතර, මංගලගේ බලකිරීම මත නොකැමති එකඟත්වයෙන් අගමැති හා ජනාදිපති පුටුවුල ඉඳගැනීමට වරම් ලද්දේය.

මේ සියලු දේ කරන අතර මහින්ද පෙනීසිටියේ පොඩි මිනිහෙක් ලෙසය, සිටියේ පොඩි මිනිසුන් අතරය, ආරක්ශාව ලැබුවේද ශ්‍රි.ල.නි.ප.යේ පොඩි මිනිසුන් අතරින්ය. මේ කාළයේදී කාල්ටන් වලව්ව ගැන වැඩිමනත් දේවල් ප්‍රසිද්ධ නොකිරීමට මහින්ද වගබලාගෙන සිටියේය. ඒ අනුව මහින්ද බෙලිඅත්තේ මහින්ද වුනා මිස කාල්ටන් වලව්වේ මහින්ද ලෙස පෙනී නොසිටියේය. අද අති මහත් බලයක් හොබවන මහින්දගේ සොයුරු කැළද පැත්ත පලාතක නොවීය. දෙන්නෙක් ඇමරිකාවේ සිටි අතර අනෙකා තමාගේ පාඩුවේ දේශපාලනය කරමින් සිටියා මිස කිසි විටකත් මහින්ද ලඟින් හෝ පෙනී සිටි බවක් අපිට මතක නැත.

පොඩි මිනිහාගේ මහින්ද, ලොකු වලව්වක මහින්ද, පහතරට වලව්කාරයන් පුම්බන මහින්ද, මහා පවුල් වෘක්ශයක් ලොකුකරන මහින්ද මෙන් පෙනී සිටින්නට වූයේ 2005න් පසුවය. ශ්‍රි.ල.නි.පයේ 59වැනි සංවස්තරය සමරන අද වන විට මේ පොඩි මිනිහාගේ පක්ශය, මහා පවුලකට බැල මෙහෙ කරන, කිසිදු අකටයුත්තකට නැගී නොසිටින, අඩුම ගණනේ මර්වින් සිල්වා වැනි අවලමෙකු ආරක්ශාකල බොරු විනය පරීක්ශණයට එරෙහිව වචනයක් නොකියන නපුංසක දෙවෙනි පෙල නායකයින්ගෙන් යුතු පක්ශයක් බවට පත් වී සීටීම අවාසනාවකි. පොඩි මිනිහාට පක්ශයේ තැනක් දෙන්නට පක්ශයේ නායකත්වය උදුරාගත් මහින්ද පොඩි මිනිහාට තැනක් නැත්තටම නැති කලේය. අද ශ්‍රි.ල.නි.පයේ බලය දරා සිටින්නේ මහා ව්‍යාපාරික පවුල් මිස ප්‍රතිපත්තිගරුක දේශපාලකයින් නොවේ. ඔවුන්ගේ එකම අරමුණ සිය ව්‍යාපාර සඳහා රජයෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම මිස පක්ශය ආරක්ශා කර ගැනීම නොවේ.

මේ ව්‍යාපාරික මානසිකත්වය මහලේකම් මෛත්‍රීපාලගෙන් පවා දිස්වේ. මෛත්‍රී යුගයක් අරඹමු යනුවෙන් චන්ද පසුගිය ව්‍යාපාරය පටන්ගත් මහලේකම් කටේ පීට්ටු පුරවාගෙන, දිවුරුම් පෙත්සම් නිසා කොරන්ට දෙයක් නැති බවට අපහසුවෙන් කෙඳිරිගාන්නේ වෙන කිසිවක් නිසා නොව, වචනයක් හෝ කතාකලහොත් රටේ වී ගොවියාගේ වී තුට්ටු දෙකට කොල්ලකන හාල් ජාවාරමට තිත වැටී, පොලොන්නරුවේ මහා චන්ඩිකම් කල ඩඩ්ලි මලයා හිරේ විලංගුවේ වැටෙන්නට පවා ඉඩ ඇති බව දන්නා නිසාය. ව්‍යාපාරය පක්ශයට වඩා වැදගත්ය. බෙල්ලට වෙනකන් බඩ මහත්වී ඇති නිමල් සිරිපාල රනිල්ට කෝචොක් දැම්මාට රාජපක්සලාගේ දෙපා ලෙවකන්නේ සෞඛ්‍යයේ අමර ගැහිලි ප්‍රකෝටිපතියෙක් වුන නිසා විතරක් නොව අමාත්‍යාංශයේ නිළ කාමරයේ තහනම් ගෙඩි කා අතටම අසුවන්නට ගොස් ජනෙල්ලෙන් පලාගිය කතාවස්තුව පත්තරේ යන එක නවත්වාගෙන ඉන්ට ඕනෑ නිසාය. අනිත් හැම දෙනාමත් එසේමය. ප්‍රතිපත්ති ගැටුමක් නිසා එ.ජා.පෙ හැරගිය අමුණුගමලා පවා කටේ ප්ලාස්ටර් අලවාගෙන ඉන්නේ දුවගේ දෙරණට, සංගීතාගේ සියතට වුනු ඇබැද්දිය නොවී තිබිය යුතු නිසා වන්නට ඇත. නැතිවෙන්නට දේවල් වැඩිවෙන විට ප්‍රතිපත්ති බල්ලට ගොස් තිබේ. ඒ අනුව අද ශ්‍රි.ල.නී.පයේ සිටින්නේ ප්‍රතිපත්ති ගරුක පොඩි මිනිසුන් නොව, මහා ව්‍යාපාර, මාධ්‍ය ජාල, දැවැන්ත ආයෝජන ඇති ලොකු මිනිසුන්ය. පොඩි මිනිසුන් ඉන්නේ අවශ්‍ය වෙලාවට පාරට දක්කාගෙන විත් පෝස්ටරයක් අලවාගන්නට, බැංකී මූන්ට, ඇමරිකාවට, නෝර්වේට විරෝධතාවයක් පාන්නට, නැත්තම් ප්‍රණාම පෝස්ටරයක්, බැනරයක් එල්ලා ගන්නට විතරය.

ශ්‍රී.ල.නි.ප.ය පොඩි මිනිහාගේ බව කියන දී.මු.ජයරත්න පවා මහින්ද දුන් අගමැතිකම බාර ගත්තේ ඔබතුමාට පින් සිද්ධවෙනවා කියලාය. අවුරුදු ගණනාවක් අගමැතිකමට සූට් මහගෙන සිටි දී.මූට දෑස් පියවෙන්නට පෙර පට්ටම දුන් මහින්ද පෙනෙන්නේ දෙවියෙක්, බෝධි සත්වයෙක් විධියටය. ඒ නිසා මහින්ද 18 වියවස්තාව නොව, ලබන නොවැම්බරයේ උපන්දිනය දා මහ බැංකුවෙන් ගෙන්නා ගත් රත්තරන් වලින් හදා ගත් රන් සිහසුනක හිඳගෙන මානව හිතවාදී ඒකාධිපතියෙකු වන්නට විවරන දුන් ඉනාමළුවේ සුමංගල හාමුදුරුවෝ ලව්වා රන් ඔටුන්නක් පලඳවාගෙන රජ්ජුරුවන් ලෙස අභිශේක උත්සවයක් ගෙන පත්තිරිප්පුවේ සිට ජනතාව ඇමතුවත් දී.මූ. කටක් හොලවන්නේ නැතුව අලුත්ම සූට් එකක් ඇඳගෙන ඒ උත්සවයට සහභාගීවෙනු ඇත. ඒ පොඩි මිනිහාගේ දී.මූ ද අද නැතිවෙන්නට ගොඩක් දේවල් තියෙන ලොකුම ලොකු මිනිහෙකු බැවිනි.

මේ නාඩගම කෙසේ අවසන්වේ දැයි කියන්නට දැන්ම කල් වැඩි බව පෙනේ. එහෙත් මෙය ලියාගෙන යන විට මා මතකයට පැමිණි එක් ඉංග්‍රීසි කියමනක් සටහන් කරමින් අවසන් කරන්නට සිතේ. ඒ කියමන නම් "bigger they are, harder they fall (විශාල ඇත්තෝ පොඩ්ඩන් වැටෙනවාට වඩා දැඩි ලෙස කඩා වැටේ)". පොඩ්ඩන්ගෙන් පක්ශය උදුරාගත් ලොක්කන්ට මේ කියමන ගැලපෙන්නට ගොඩාක් ඉඩ තිබේ.

Wednesday, September 1, 2010

[අපි නොදන්න තීන්දුව හෙවත්] 18වැනි ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට බාරදීම

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ නීත්‍යානුකූලභාවය තීරණය කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ රහසිගත තීන්දුව කතානායකවරයාට භාර දී ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම රහසිගත තීරණය කතානායකවරයාට භාරදී ඇති බව එහි සඳහන්ය.  [ප්‍රවෘත්තියක්..]

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුග්ගල විනිස්චකාරයෝ දීපු තීන්දුව රහසේ දුන්නට, ඒකේ තියෙන්නේ මොනවාද කියලා අපි නොදන්නවයෑ නේද ආයුබොවං?

"දැනට බලයේ සිටින ජනාධිපතිවරයා තව නහුතවාරයක් ජනාධිපති වෙන එක මහින්ද චින්තනයට එකඟ බැවින්, එය මගින් ආණ්ඩුක්‍රම වියවස්තාවෙන් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යයට අබමල් රේණුවකවත් හානියක් සිදු නොවන බව ප්‍රකාශ කොට සිටිමු...."

එබැවින්,

1] මේ සංසෝදනය, පගාවදී හෝ ජෙනරාල්ට වුනු නස්පැත්තිය පෙන්වා බයකොට ගත් 2/3න් සම්මත වුනාම හොඳටම ඇතිය.

2] ගිය සැරේ සම්මත කරගත් ජනතා හිතවාදී 17වැනි සංශෝදනය මහින්ද චින්තනයට අහිතකර බැවින එය බල රහිත කිරීමේ 18වැනි සංශෝධන වලින් ජනතා පරමාධිත්වය තහවුරුවේ, එබැවින් එම සංසෝදනද වි‍යවස්තානුකූලය



3] නිතරම ආතතියෙන් සිටිනා, දැනටමත් "මට කිසි බලයක් නෑ, මං දෙන නියෝග පිලිපදින්නේ නෑ.." කියමින් හොටු පෙරන මැතිවරණ කොමසාරිස්ගේ ඉතුරු බලතලත් කප්පාදුකොට දැමීමේ සංසෝදනද වියවස්තාවට එකඟය.

4] මාසෙකට දෙකකට සැරයක් ජනපති පාර්ලිමේන්තුවට ඇවිත් මුලු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේම 
පැය 18කට 20කට කොමාන්ඩෝ බලකායේ හා ජනදිපති ආරක්ශක බලකායේ අත් අඩංගුවට පත්වී ජන ජීවිතය මුලුමනින්ම අඩාල කිරීම ඉමහත් ආස්වාදජනක ප්‍රගතිසීලී යෝජනාවක් බැවින් එයද වියවස්තාවට එකඟ බැව් කියමු.

5] වැඩිය වැඩගැම්මකට නැති, කැපුනාට කිසිම පාඩුවක් නැති වගන්ති දෙක තුනක් විතරක් වියවස්තාවට අනුකූල නැති බැවින් ඒවා සම්මත වීමටනම් 2/3
අමතරව ජනමත විචාරණයකින්ද සම්මතවීම අත්‍යාවශ්‍යය.

[.... ඕනෑ කරන ඔක්කොම පාස් කලා ඔන්න, රනිල්ට ලැබුණා වගේ වගේ පංච පුග්ගල අපිටත් අලුත්ම අලුත් වෙඩිනොවදින BMW පහක් ලැබුනොත් පිං .....] 

ඩිමොක්-කොරොසි නං ගොයියෝ වේරමණී!

රට කරවන්ට නම් සතුරන් නැතුව වටේ
හොඳ මුසලෝනියකු ආවොත් පිනකි රටේ
වතේ මෙතේ ඇති මුත් ගිනි බටේ කටේ
ලංකට් බුරුල් වී හැංගුනු කිනිසි වටේ



රචනය : ඩෝං පුතා - බූන්දි වෙබ් අඩවිය.

ගත්තේ මෙතනින් : :: SOURCE ::