Tuesday, June 19, 2012

ලන්ඩන් දුවඤ්ඤයි.............. බැන බැන ආපහු නොඑඤ්ඤයි

ශ්‍රී ලංකා ප්‍රජාචන්ත්‍රවාදී බනානා රිපබ්ලිකයේ මහ රජට මලපන්නවන්නේ නැතුව ලංඩොන් සංචාරයක් සංවිධානය කරන්නට සුද්දන්ට උපදෙස්.............


1) එතුමාගේ සංචාරය සිදුවන දින 14 (නැතහොත් දින 30) ලන්ඩොන් නුවර සියලු පාරවල් වසා නිවාඩුදින ලෙස ප්‍රසිද්ද කල යුතුය

2) ලන්ඩොන් වල හැම තරු 5හේ හෝටලයකම කාමර පනහ  ගානේ බදු ගෙවන බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ බදු මුදල් වලින් ගෙවා වෙන්කල යුතුය.

3) ලන්ඩොන් නුවර සියලුම පාසල් ලමෝ නිළ ඇඳුමෙන් පාරවල් දෙපස සිංහකොඩි හා කතිරකොඩි අතටදී උදේ සිට බඩගින්නේ පෙලගස්සවා තැබිය යුතුය

4) ලන්ඩන් බස් සේවයේ රතුපාට ඩබල් ඩෙකර් බස් සියල්ලම මුදල් නොගෙවා බලෙන් ගෙන එතුමාගේ සම්ප්‍රාප්ති උලෙල නැරඹීමට හා කොඩි වැනීමට සෙනග ඇද්දවිය යුතුය. 

5) බස්වලින් කොඩි වනන්නට එන සෙනගට නොමිලේ බත් පැකට් එක හා අරක්කු බාගයක් ......සොරි වැරදුනා......... ෆිශ් ඇන්ඩ් චිප්ස් පාර්සලයක් හා ස්කොච් විස්කි බාගයක් නොමිලේ දිය යුතුය. මේවා ඕගනයිස් කිරීම ලන්ඩන් මාෆියා බොස්ලාට පැවරිය යුතුය.

6) එතුමා ලන්ඩොන් ඉන්නා සතිදෙක හෝ මාසය තුල සියලුම් පොලිස්කාරයින්ගේ හා රජයේ නිළ්ධාරීන්ගේ නිවාඩු කැන්සල් කල යුතුය

7) එතුමාගේ ප්‍රයිවැට් ජෙට් එක නොහොත් රජයට පවරාගත් සිරි ලන්කන් ගුවන්සේවයේ අලුත්ම එයාර් බස් එක ගොඩ බස්සවන විට එන්ගලන්තේ රැජිනත්, එයාගේ හස්බන් ආදිපාදත්, ඔටුන්න හිමි කුරාත්, අගමැතිත්, ආරක්ශක ඇමතිත්, විදේශ ඇමතිත් එතුමා පිලිගන්නට පෝලිමේ සිටිය යුතුය.

8) එතුමා එනකොට කොටි කොඩි වනමින් විරෝදය දක්වන ටැමිල් ටයිගර් ඩයස්පෝරා බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් ලාගේ ඇටකටු කැඩීමට විසේස මැර හමුදාවක් ලෑස්තිකල යුතුය. මැරයෝ මදිනම් යුනිෆෝම් ගැලවූ ආමි කොල්ලෝ යෙදවිය හැකිය.

9) එතුමා සම්ප්‍රාප්තවන දින මුලු මහත් එක්සත් රාජධානියේම සියලුම රූපවාහිනී හා සැටලයිට් නාලිකා සාමාන්‍ය වැඩසටහන් කැන්සල් කොට එතුමාගේ සම්ප්‍රාප්තිය ලයිව් දිය යුතුය

10) බී.බී.සී ලෝක සේවය එතුමාගේ පැමිණීම ගැන විනාඩි 15න් 15ට මුලු ලෝකෙටම බ්‍රේකින් නිවුස් දිය යුතුය.

11) ලන්ඩන් වල හැම පන්සලකටම, පල්ලිකටම, කෞතුකාගාරයකටම හා ලන්ඩන් සත්තු වත්තට යන්නට එතුමාට සියලු පහසුකම් සැලැස්සවිය යුතුය.

12) එතුමාට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා පැය 2ක කථාවක කිරීමට අවස්ථාව සලසා දිය යුතුය.

13) එතුමා එක්ක එන සියලු බලු කපුටන්ට කෑම, බීම, ඉඳුම්හිටුම් හා ගෑනු නොමිලේ සපයා දිය යුතුය. උන් සුපර්මාකට් වලින් උස්සා සාක්කුවේ දාගන්න බඩු වලට ගෙවන්නට වෙනම කට්ටියක් රහසින් දමා සිටිය යුතුය. නැතිනම් උන් අසුවූවිට එතුමාට ලැජ්ජාවකි. මේ බලුකපුටන් නයිට් ක්ලබ් හා බඩු පොට් වලට යනවිට අතිරේක කලිසම් හා කමිස රැගත් කට්ටියක් එම ස්ථාන අසල රඳවා තැබිය යුතුය. උන් කලිසම් නැතිකරගත හොත් ලැජ්ජාවත් එතුමාටය

14) එන්ගලන්තේ රැජින එතුමා ඉන්න හෝටලේට පැමිණ එතුමාට "කමාන්ඩර් ඔෆ් බ්‍රිටිශ් එම්පයර් - CBE" නැමති නයිට් නාමය පිදිය යුතුය. එවිට එතුමා "සර් මහින්ද රාජපක්ශ වනු ඇත." එතුමා හරිම හැපී වනු ඇත.