Wednesday, September 28, 2011

මහින්ද ඔබාමා හමුව හෙවත් ලන්ච් එකේදී චුට්ටක් හිනාවී අතට අතදීම

SOURCE : http://www.lankadeepa.lk/index.php/articles/5406
අවසානයේ එතුමා ඔබාමා හමුවිය. සාමාන්‍යයෙන් හමුවක් ලෙස හඳුන්වන්නේ නායකයන් දෙදෙනෙකු අඩුම ගණනේ විනාඩි පහක්-දහයක් හෝ ඉඳගෙන ද්වීපර්ශවිය වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් වැදගත් වෙන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමයි.

එහෙත් මෙහිදී එවැනි සාකඡ්චාවක් අදහස් හුවමාරුවක් සිදුවී නොමැත. සිදුවුනේ මහින්ද රාජපක්ශගේ ශරීරය හා ඔබාමාගේ ශරීරය සුලු මොහොතකට එකිනෙකට සමීප වීම හා අතට අත දීම පමණකි.

බැංකි මූන් ගේ ලන්ච් එකේදී මෙවැනි "හමුවීම්" නම් සිය ගණනක් සිදුවන්න්ට ඇති. එජා සංවිධානයේ සාමාජිකයින් 192දෙකෙන් අඩුම ගණනේ රටවල් 100ක හෝ රාජ්‍ය නායකයින් බැංකී මූන් ගේ ලන්ච් එකට එන්නට ඇත. මේ ආ සියලු රාජ්‍ය නායකයින් සමග ලොව බලවත්ම රටේ නායකයා අතට අත දී සුබපතන්නට ඇත.

එවැනි අතට අත දී ආචාර කිරීම් වෙනත් රටවල මාධ්‍ය වලට සමහර විට වැදගත් ප්‍රවෘත්තියක් නොවන්නටත් ඇති. ප්‍රවෘත්තියක් වූවත් එවැනි ආචාර කරගැනීම් "රාජ්‍ය නායක හමුවක්" ලෙස පෙන්වන්නට උතසහ කලේදැයි යන්න සැක සහිතය.

ඒත් අපේ මාධ්‍ය වලටනම් මෙය "හමුවකි"

කතාවේ වැරැද්දක් කියන්නටත් බැරිය දෙන්නෙක් තත්පරයකට හරි හලෝ මචන් කිව්වානම් එයත් හමුවීමකි, නැතහොත් හමුවකි.

කෙසේවෙතත් අවුරුදු ගාණක් පෙරුම් පුරලා එතුමාට ඔබාමා මෙහෙමවත් හමුවුනු එක හොඳය. මීට කලින් දෙන්නා මෙමෙම "හමුවක්" වුනාදැයි ශුවර් නැත.