Sunday, November 28, 2010

"නෝ ප්‍රොබ්ලම් ශ්‍රී ලංකා" - නහුතෙට ණයවී ආතල් එකේ සිටීම

දිනේෂ් ගුණවර්ධන ඇමති පාර්ලිමේන්තුවේ සභාගත කල විධියට පසුවුනු මාස 7 තුල, එනම් 2010 මාර්තුවේ සිට මේ වන විට රාජපක්ශ රජය කෝටි 434,750 ණය ලබගෙන ඇත. කෝටියක් යනු ලක්ශ සීයකි. එනම් මුලු මාස හතේදී නටපු සියලු ඩෙඟාවලට ගිරග්ග සමජ්ජ උත්සව වලට පුච්චන්නට ණයට ගත් සල්ලි කන්දරාව කජු ඇට කොස් ඇට නොව ලක්ශ වලින් නම් 43,475,000,000. මිලියන වලින් නම් 43,475කි (බිලියන 43කි ). මේ මාස හතකට රජපස වියදමයි. මාසෙකට රජාගේ හා රජාගේ පම්පෝරි සඳහා කාබාසිනියා කල මුදල දළ වශයෙන් 6,210,714,286. මිලියන 6210ක් නැත්නම් බිලියන 6කි. මාසෙකට බිලියන හයක් ණය ගෙන රෝල ගෙනියන රජතුමා විපක්ශයේ සිටි කාලයේ මෙන්ම චන්ද්‍රිකාගේ කැබිනට් එකේ ඇමති පට්ටමේ සැප විඳන ගමනුත් කියා සිටියේ මේ රට විදේශීය ණය උගුලක හිරවී ඇති බවය. රටට ආදරක් නැති පාලකයින් දරුවන්ගේ අනාගතය උකස් කොට සුද්දන්ගේ ණය ගෙන රට විකුණන බව කියමින් පාරවල් ගානේ රස්තියාදු වෙමින් කෑ ගැසුවා අපට මතකය (එතුමාට අමතක එතුමා මැරී ඉපදී ඇති නිසාය - රජවරු එහෙමය)

මේ ණය කන්දරාවෙන් ලක්ශ 18,033,000,000 එනම් බිලියන 18ක් ම විදේශ ණය බව රාජපක්ශලාට රෙදි නැතුව කඹුරන දිනේශ් කියා සිටියේ මුහුනේ කිසිදු ලැජ්ජාවක් නැතුවමය. පපුවට ගහගෙන සුද්දන්ට පලු යන්නට බනින රජතුමා සුද්දාගේ බැංකුවලින් ගිණි පොලිය ණයගෙන රටම නරාවලක ඇද දමමින් සිටියි. ආසියාවේ යෝධයෙකු බවට රට පත්කරන බවට වහසිබස් දොඩන්නේත් මාසෙකට බිලියන 6ක් ගිණි පොලියට ණය ගනිමින් ඩෙඟා නටන මේ උන්නැහේමය.

මේ වැනි රජුන් වෙන කිදිනකවත් මෙරට පහලවී නැත. මිහිං රජතුමා සත් බැලුම් බලා මේ කාලයේම කඩාපාත්වෙන්නට ඇත්තේ අපේ දරුවන්ගේ කරුමයට වන්නට ඇත. සාමාන්‍යයෙන් මෙවැනි කාබාසිනියා රජවරු බිහිවන්නේ අප්‍රිකාවේ නැත්නම් ලතින් ඇමරිකාවේය. එහෙත් අපේ පවු උන්ගේ පව් වලට වඩා වැඩි නිසාදෝ උන්නැහේ මෙහේ ඉපැදී ඇත.