මර්වින් සමෘද්ධි නිළධාරියෙකු ගස් බඳිනු දුටුවෙක් සිටීද?
හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබූ සියලූ චෝදනාවලින් ඔහු නිදහස් කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසයි.
එහි මහ ලේකම් අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ සාක්ෂි නොමැති වීම නිසා චෝදනාවලින් ඔහු නිදහස් කළ බවයි.
ගස් බැදීමේ සිද්ධිය රඟපෑමක් බවට අදාල සමෘද්ධි නිලධාරියා විසින් පිළිගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කැලණියේ දී සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයෙකු ගස් බැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වාට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ පිළිබඳ විමර්ශනයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනය කමිටුවක් පත් කළේය. එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඊයේ පස්වරුවේයි භාර දෙනු ලැබීය.
වාර්තාවට අනුව මර්වින් සිල්වා මහතා අදාළ චෝදනාවලින් නිදහස් කෙරුනු බව අමාත්‍යවරයා පැවසුවේය.
මේවගේ නෝන්ජල්, නිවට නියාලු, කොන්ද පණනැති පක්ශ සාමාජිකයෝ යූ.ඇන්.පී එකේවත් නෑ. ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනාට පස්සේ මුන් ඔක්කෝටම පර්සිගේ සෙරප්පු ලෙවකන්න වෙනවා අනිවාර්‍යයයි.