හිතවත් හිරුණිකා නැගෙණියනි, ඔබගේ දයාබර පියා ස්ත්‍රී දූශක කුඩු මාෆියා කාරයෙකු අතින් ඝාතනය වීමත්, එම ඝාතකයාට විධායකයේ සිට පහලට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ශාව ලැබීමත්, ඔබගේ පියා වැරදිකරුවා බව ඔප්පු කිරීමට ගෙනයන කුමණ්ත්‍රණයත් නිසා ඔබ දැඩි කම්පාවට පත්වී ඇති බව අපි දනිමු.
එහෙත් නැගණියනි ඔබ මේ සිත්වේදනාවෙන් වුවද අහියෝග කරන්නේ බිහිසුණු, සිත්පිත් නැති, ඕනෑම කුජීත නසරානි වැඩක් කොට එය සාධාරණීකරණය කරන්නට හැකියාවක් ඇති, ඒ සඳහා කඩේයවන්නට සිය ගණන් මාධ්‍ය බැලයන්, පුවත් පත්, රූපවාහිණී නාලිකා ඇති, මානව මූළධර්ම කිසිවකටත් අබැටක ගෞරවයක් නැති රෙජිමයකටයි.
මහපාරේ ඇවිද යන විට ඔබගේ සුකොමල මුහුණට ඇසිඩ් කෝප්පයක් වුවද විසිවන්නට ඉඩ ඇතැයි අපට බියක් පවතී. නැගෙණියනි, එනිසා කල්පණාකාරී වන්න.
ඔබට මෙවැනි අකරතැබ්බයක් වුවහොත් ඔබගේ පියාට සාධාරණය ඉශ්ඨ කරන්නට නොහැකිවූ පක්ශයට, ජනතාවට, පොලීසියට, අධිකරණයට ඔබ වෙනුවෙන් කලහැක්කේ කුමක්ද? කිසිවක් නැත. ඔබ මෝඩකමක් කරගත් බව ඔවුන් සැවොම කියනු ඇත. ඇඟ බේරාගනු ඇත.
ඔබ ප්ලෑන් B ගැන කියනවිට රෙජිමය ඔබව විනාශ කිරීමට ප්ලැන් A B C D ද ගසා මුදල්ද වෙන්කොට ඇති බව සිතට ගන්න.
පියා වෙනුවන් සටන් කරන්න, ඒත් ඊට පෙර ඔබ කළ්පණාකාරීවන්න. ඔබට යම් අණතුරක්, විනාශයක් වීම එය ඔබගේ මියගිය පියා කිසිවිටකත් ඉවසන දෙයක් නොවනු ඇත. එමෙන්ම ඔබගේ දයාබර පියා අහිමිවූ පවුලට ඔබද අහිමිවිය යුතු නැත.
- කණ්ඩුළ
