මෙන්න බලන්න ඇමරිකාවේ හිටපු නායකයෝ දෙන්නෙක් හා යුරෝපයේ නායකයෝ (හිටපු හා දැනට බලයේ ඉන්නා ) බොරුවට, චන්දදායක ජනතාවට තමන් නිරෝගී බව පෙන්වන්නට ජොගින් යන හැටි.
හොඳට බලන්න මුහුණේ මහන්සියක් ගෑවිලාවත් තියෙනවාද කියලා මේ අයගේ? නෑ නේද? දාඩිය බින්දුවක් දාලා තියෙනවද? නෑ නේද?
අනිත් එක මේ අය ඇඳගෙන ඉන්නේ දුවන්න පනින්න පුලුවන් ඇඳුම්ද? කොට කලිසමක් ඇඳගෙන කොහොමද මෙයා හරියට ජොගින් යන්නේ?
ඒකට කිරිපාට හොඳට දිග කලිසමක් හා මැච් වෙන්නට නයිකි කුට්ටමක් හරි අඩිඩාස් කුට්ටමක් හරි දාගෙන එන්න එපෑ...
මුන් දන්න ජොගින්...අනේ අම්මප මෙහෙමත් බොරුකාරයෝනේ මේ සුද්දෝ...
මෙන්න බලන්න තව හොරෙක්.....බොරුවට බාස්කට් බෝල් ගහනවා වගේ පෙන්න මූන උලුක්කු කරගෙන, කකුල් නවාගෙන ඇක්ටින් පාරක් දාන හැටි.....
ෆොටෝශොප් කරපු එකක්ද මන්දා.... නාකි ඔබාමාට මොන බාස්කට බෝල්ද ආයුබෝවං?
මෙන්න ඒකට නියම ඉස්පෝට්ස්මෑන් නායකතුමා.....
බලන්නකො පැයට හැතැම්ම 60කට වඩා වේගෙන් දුවනකොටත් අමාරුවක් මහන්සියක් ගෑවිලාවත් නැති හැටි.....
මූනේ චූට්ටං හිනාවකුත් තියෙනවා......සූකිරි ටොයියා...කොච්චර ෆොටෝජෙනික්ද නේද?
ගෝල්ෆීස් එකෙකේ හැමතැනම මේ යක්කු කුණු දාලනේ, නැත්නම් තව හයියෙන් දුවන්න තිබ්බා.....
මෙයා හොෆ් පොෆ් හොෆ් පොෆ් ගගා ගෝල් ෆීස් එකේ දුවන විදියට මටත් හිතනවා මුම්බායි වල තියෙන මැරයින් ඩ්‍රයිව් එකේ ටිකක් හවසට හවසට හොෆ් පොෆ් ගගා දුවන්න.......මටත් හිතෙන්නේම බැරි වැඩ තමයි...
ගෙවල් ලඟ පාර දිගේවත් දුවලා බලන්න ඕනේ.....අඩුම ගානේ ගණපති කෝවිලට ගිහිල්ලා එන හින්දු කෙල්ලෙක්වත් හිනා වෙන්නෙ නැතෑ මම දුවන හැටි බලලා.....හොෆ් පොෆ් හොෆ් පොෆ්
ෆිට්නස් ෆීවර් තියෙන, අප මහ රජතුමා වෙනුවෙන් වරුසාව පවා නැවැත්වූ හිටපු කේ.ජී.බී ඒජන්ත ව්ලැඩිමිර් පුටින් රුසියාවේ මහරජතුමා....



