Tuesday, September 20, 2011

අපේ මැරවින් වීරයාට එරෙහි වන මවුලානා අරාබියට යවමු

අපේ මැරවින් වීරයා බුදු හාමුදුරුවන්ගෙන් පසු බිලිපූජාවකට සිටි සතුන් මුදා හැරි වීරයායි. බලාගෙන යනකොට අප මේ ජීවත්වන්නේ පුදුමාකාර වාසනාවන්ත යුගයකය. බුදුන් වහන්සේගේ ලේ ඥාතියෙක් අප රට පාලනය කරයි. බුදුන්වහන්සේගෙන් පසු උන්වහන්සේ මහා කරුණාවෙන් කළකී දෑ කොපි කරන්නට පුලුවන් එකම උන්නැහේ අපේ බුදු නෑයාගේ ඇමති මණ්ඩලයේ සාමාජිකයෙකි. ඉදින් අප වාසනාවන්තයින් නොවෙමුද?

මේ විරුවාට දැන් බස්නාහිර පලාතේ ගවනර් වන තම්බි මවුලානා චැලෙන්ජ් කොට ඇත. හජ් උත්සව සමයේදී මරණ්නට ප්ලෑන් කරගෙන ඉන්නා සත්තු ටිකට කෙලින්නට ආවොත් පාරක් ගානේ උද්ගෝසන කරන බවට එතුමා තර්ජනය කොට ඇත.

මේක මේ සිංහල අපගේ රට බව මුන්ට අමතකද? ඉස්කෝලයක් ඇතුලේ ගැහැණු දරුපැටියෙක් දූශණය වුනාට,  අම්මලාට ආච්චිලාට සල්ලි දීලා කෙලි පැටික්කියන් පන්සලටම ගෙන්නාගෙන මාසගණන් අතවර කරන බුදුපුතුන් වැඩ සිටියා වුනාට මේක හරකුන් මරන්නට තහනම් ගෞතම බුදුන්ගේ දේසය බවට ත්‍රීවීල් වල ලියා තිබෙනවා මවුලානා දැක නැද්ද?

අපි මොනතරම් පිරිසිදු පූජනීය ජාතියක්ද යත් දොරවල් වහගෙන හෙලුවෙන් බ්ලූෆිල්ම් බලන්නට පවා තහනම් රටකි මෙය. පොලෝසිය රටේ සියලු වැරදි දූසන වංචා අල්ලා ඉවර නිසා දැන් අල්ලන්නට කෙනෙක් නැතුව වසා ඇති දොරවල් කඩා බලමින් ඒවා අස්සේ හෙලුවෙන් ඉන්නා අසමජ්ජාතීන් පොලිසියට කුදලාගෙන ගොස් සිංහල බෞද්ධ ක්‍රමයට ජීවත් වෙන හැටි, සෙක්ස් ලයිෆ් එක හැඩ ගසා ගන්නා හැටි කියාදෙයි. බැඳපු ගෑනු මිනිස්සු වුනත් හෙලුවෙන් සිය අවයව සම්බන්ධ කර නොගනිමින් ලංකට් පෑන්ටි ඇඳගෙනම ලමයි උපද්දවන්නට වෑයම් කරන පිං ඇති රටකි මේ සිංහල අපගෙ රට. 

බලු සුද්දන් හෙලුවෙන් නැටුවාට අපි එහෙම නැත. අපි හරිම සිවිලයිස්ඩ් ජාතියකි. ලෝකයේ සිවිලයිස්ඩ්ම පොලීසිය ඉන්නේත් අපේ රටේය. සිවිලයිස්ඩ්ම ඇමති මණ්ඩලය ඉන්නේත් අපිටමය. රජ පවුල සුද්දෝදන රජ්ජුරුවන්ගේ හරි මහමායා දේවිගේ හරි ඒ දෙන්නාගේම නෑයෝය. සුද්දෝධන/මහමායා ෆැමිලි එකත් හරිම සිවිලයිස්ඩ්ය. මහමායා දේවිය පිලිසිඳ ගත්තේ සුද්දෝදන එක්ක නිදාගත්ත නිසා නොව ඇත් පැටියා නෙළුම් මල අරගෙන බඩ ඇතුලට ගිය නිසාය. මේවා කොන නැති මවුලානාලාට නොතේරුනාට අපිට ටිං ටිං ද?

අපි කන්නේත් බ්‍රොයිලර් චිකන් කියන ගස්වල හැදෙන පිරිසිදු සෝයා මීට් වගේ කෑවාට පවු නැති මස් වගේ ජාතියක් බව මේ ජඩ තම්බියා දන්නේම නැද්ද? චිකන් කාලා අප්‍රියා වුනාම අපි කන්නේ මූදේ හැදෙන මාලු කියන ගස් ජාතිය විතරය. ඒවා වේලලා කනකොට කරවල, හාල් මැස්සන් වසයෙන් නම්කරපු වියළි ආහාරයක් ලෙස වලඳයි. දානෙකට ආරාධනා කලත් සමහර බුදුපුතුන්  චිකන් එපා මාලු ඇඹුල්තියල් තිබ්බාම ඇති කියන්නේ පණ නැති බ්‍රොයිලර් කුකුලාට වුනත් රිදෙන්නට පුලුවන් නිසාය.

කන්නට දෙයක් නැති අරාබිකරයේ එළුවන් ඔටුවන් මරාගෙන කෑවාට දැන් මුන් ජීවත්වෙන්නේ සිංහලයාගේ අනුකම්පාව හා අවසරය මත මේ සශ්‍රීක දිවයිනේ බව මවුලානා ඇතුලු තම්බි රැළ මතක තියාගත යුතුය. අරාබිකරයේ සෙල්ලම් මෙහෙ බැරිය. මෙහෙ ඉන්නවානම් ඉන්නට ඕනෑ අපි කියන විධියටය. මරන්න ඕනෑ අපි කියන සත්තු විතරය. හජ්ජි සමරන්න මස් ඕනෑම නම් බයිරහා තම්බි මුදලාලිට කියලා බ්‍රොයිලර් කුකුල්ලු ටිකක් ෆැක්ටරියේදීම මරලා හමගහලා සුද්ද කරලා ගෙනාවට කම් නැත. හැබැයි හරකුන්, එළුවන් මරන්නට හිතනවානම් ඒ ඉතින් හජ්ජියේද අවසානය බව සිතාගත යුතුය.

දැනටමත් ගම්පහ හරක් මස් තහනම්ය. බ්‍රොයිලර්, පෝක්, මාලු තහනම් නැත්තේ උන් සතුන් නිසා නොවේ, උන්ගෙන් කිරි නොගන්නා නිසාය. හරක් මස් වුනත් හරකා බව නොතේරෙන්නට සොසේජස් කරලා පිරිසිදුවට පැකට් කරලා අයිස් පෙට්ටියේ තියලානම් කමක් නැත. හැබැයි පාරවල් අයිනේ යකඩ කොකුවල හරක් ගාත එල්ලගෙන හිටියොත් අපේ මර්වින් නරක මිනිහා කියලා කියන්ට එපා යයි අපි මස් ලෝලී ජහමනතාවට මතක් කරන්නට සතුටුය.

මවුලානාට කියන්නට තියෙන්නේ මැරවින්ට චැලෙන්ජ් කරන්නට ඇවිල්ලා පොල්ල නැතුව යන්නට තනන්ට එපා කියලාය. වරක් මැරවින් චූ නෑවාට හැමදෑම එහෙම නාන්නේ නැත....


8 comments:

Anonymous said...

සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය කියන එකේ තේරුම,

හොරෙක් මිනීමරුවෙක් දූෂකයෙක් හරි එක හොඳ වැඩක් හරි කලොත් ඒකත් වැරදී කියන එකද?

“තැනක කියවෙනවා බිලී පූජාව වෙනත් තැනක සංවිධානය කරන්නත් වෙනත් වෙලාවක කරන්නත් හිටිය කියල“

එතකොට ඔය නට්වාදී රසිකයාද ඒක නවත්වන්නෙ,

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න නොදී ඉන්න ඕන නෙ.

මන්ද මානසික බුද්ධික කුරේරා කියන්නෙ මේකට යන්නෙ ගොඩක් සිංහල කියල... ඒකෙන් ගොඩක් මිත්‍යාද්‍රෂ්ටික ක්‍රිස්තියානි කාරයො වෙන්නඇති.

ඉතින් ඒ වගේ මන්ද මානසිකයන් කියනවනම් තව තවත් සිංහලයො ඒකට ඇබ්බැහි නොකිරීමට හැරීම ගැනවත් ක්‍රෙඩිට් එකක් මර්වියාට ලැබෙන්න සුදුසු නැද්ද?

ජයශ්‍රී said...

මේ ලිපි‍යේ අධිසාමාන්‍යකරනය රචකයා ගේ අඥාන බව පෙන්නුම් කරයි.

රංචාගොඩ මුදියන්සේ said...

ජයශ්‍රී said...
මේ ලිපි‍යේ අධිසාමාන්‍යකරනය රචකයා ගේ අඥාන බව පෙන්නුම් කරයි.
=====================

ලිපියක හාස්‍ය රසය තේරුම් නොගැනීම කියවන්නාගේ බුද්ධිය කියාපායි.

මැරවින් ඔය කොලා යයි කියන හොඳ වැඩය උගේ පව් හෝදා හැරීමට භාවිතා කරන්නේනම්, මස් වැද්දා විරුදාවලිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන්ම ලැබූ අරන්තලාවේ භික්ශූන් ඝාතනය කල කරුණා දැන් රෙජිමයට කඩේ යන නිසා හොඳ උපාසකයෙකු ලෙසද ගත හැකිය.

ලිවීම මගෙනි, මා ලියන දෙය කියවන්නන් සිය බුද්ධි මට්ටමින් තේරුම්ගෙන කොමෙන්ටු දමනු ඇත.

මේ බ්ලොගයේ කොමෙන්ටු එඩිට් නොකරන්නේත්, ඇනෝනිමස් ලෙස දමන්නට ඉඩ දී ඇත්තේත් ඒ නිසාය.

ඔබට ජයශ්‍රී!

Anonymous said...

ෂෝක් ලියමන. මම නම් මර්වින් කාරයගෙ බලුවැඩ වලටයි, හම්බයින්ගෙ වනචර යුගයේ ඇදහිලි වලටයි, අපේ සිංහල බෞද්ධයින්ගේ කුහක වැඩ වලටයි සේරටම විරුද්ධයි. මේ බලු පොරේ බලල පොඩි ආතල් එකක් ගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද නේද?

-AK47

Anonymous said...

මන්ද මානසික බුද්ධික කුරේරා කියන්නෙ මේකට යන්නෙ ගොඩක් සිංහල කියල... ඒකෙන් ගොඩක් මිත්‍යාද්‍රෂ්ටික ක්‍රිස්තියානි කාරයො වෙන්නඇති.
===================================
මේ දේවාලයට ගොඩක් සිංහල මිනිස්සු යනවා කියලා මම කිව්වේ ඉතාමත් වගකීමෙන්, ඒ වගේම ඒකෙන් කියන්නේ කතෝලික වගේම බෞද්ධ පිරිස් දෙකම යනවා කියන එක තමා.

බෞද්ධ පන්සල් ඇතුලේ දේවාල තියෙනවා ඉතින් ඒක නිසා මේක ඒ ගොල්ලන්ගේ ඇදැහීමේ කොටසක් ද කියන්න මම දන්නේ නෑ.

මොනාවුනත් මිනිහෙක් වුනාම මුලින්ම කොන්ද පණ තියෙන්න ඕනෑ තමන් කියන දේ තමන්ගේ නමින් කියන්න. විවිධ මානසික රෝග අතරේ තවත් එක් මානසික රෝගයක් තමා ආගම් වලට ගරහන තමන්ගේ ආගම ලෝකේ තියෙන හොදම ආගම කියලා හිතාගෙන අනිත් ඒවට ගරහන එක. ඉතින් මේ තලේබාන් මානසිකත් වය තියෙන අනෝට පුලුවන්නම් මයිත්ත්‍රී භාවනාව ටිකක් කරන්න කියලා නොමිලේ උපදෙසක් දෙන්න කැමතියි.

මොනා වුනත් සැබැ බෞද්ධයෙක් වෙන්න මේ මනුස්සයට(ඇනෝ) ගොඩක් කල් යයි කියලා තමා මටනම් කියන්න තියෙන්නේ.

බූඩි

රංචාගොඩ මුදියන්සේ said...

\\\\ සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය කියන එකේ තේරුම,

හොරෙක් මිනීමරුවෙක් දූෂකයෙක් හරි එක හොඳ වැඩක් හරි කලොත් ඒකත් වැරදී කියන එකද? \\\\
==========================

පිලිතුරු දෙන්න පරක්කු වුනේ හොඳ පිලිතුරක් ලියන්න ඔෆිස් එකේ බැරි නිසා. දැන් ගෙදර. එනිසා අහගන්න.......

නට්සිවාදය කියන්නේ විද්‍යාව, ජාතිවාදය වගේම අවිද්‍යාව හා මිත්‍යා මතත් ඉතා භයානක ලෙස සංකළණය වුනු අන්තගාමී දර්ශණයක්.

සිංහල නට්සි රයිකය කියන්නේ රාජපක්ශ රජ, මැරවින්ලා, හෙල උරුමෙලා, නලීන් සිල්වලා, වීරවංශලා කියන ඔය මෙකී නොකී නානාප්‍රකාර මානසික රෝගීන් වටකරගෙන අටවාගත් අන්ත ජාතිවාදී, බුදුදහම විකෘතිකරමින් එය නිවැරදි බුද්ධදේශනාව බව පෙන්වමින්, ජාතිවාදය හා ස්වෝත්තම වාදය වපරමින් නිර්මාණය කරන අවාසනාවන්ත රාජ්‍යයක්.

මාගේ සිංහල නට්සිවාදී බ්ලොගයේ අරමුණ මේ අඥාන පාලනය විවේචන කිරීමයි.
=============================

\\\\ “තැනක කියවෙනවා බිලී පූජාව වෙනත් තැනක සංවිධානය කරන්නත් වෙනත් වෙලාවක කරන්නත් හිටිය කියල“

එතකොට ඔය නට්වාදී රසිකයාද ඒක නවත්වන්නෙ,

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න නොදී ඉන්න ඕන නෙ.\\\\

============================

මුන්නේස්වරමේ ඔය බිලිපූජා නියපොත්තෙන් කඩන්නේ ඒවා පටන් ගත්තේ ඊයේ පෙරේදා කියලා හිතාගෙනද ඉන්නේ?

ඔය මැරවියා පසුගිය දශකය තුලම හිටියේ රජයක ඇමැති/මංත්‍රී වෙලා නේද? දැන් හදිසියේ තියෙන පුකේ අමාරුව මොකක්ද?

ගම්පහ හරක් මස් විකුණන්නේ ගිය මාසේ ඉඳලාද? කොහෙද ඕකා හිටියේ?

මුන්ගේ පට්ට දේශපාලන සංදර්ශණ නුඹලා වාගේ අඥාන අසරණයින්ට මැජික් වන්නට පුලුවන. මැජික් අමතක කොට නුවණ මෙහෙයවන්න.

Anonymous said...

මචං කණ්ඩුල

මම ඇනෝ1 ලිව්ව එකා,


විවේචන තියන නිසා තමා ඔය මැරවින් බල්ල ඔහොම හරි කට වහන් ඉන්නෙ!!! නැත්තම් ඌටම ගිය රටනෙ?
-------------------------------

ඔය දේවාලේ ගැන රහසින් කටින් කටට ගියොත් තමා හාස්කම්!!! කිය කිය යන්නෙ? දැන් රටම දන්නවානේ.

දැන් මැරවියාට කරපු යාගයේ අනුහස් හැමෝටම බලාගන්න පුලුවන්නේ...

මේ වගේ බලු ප්‍රසිද්ධියකින් හරි ඔය මෝඩ දේවාල හාස්කම් වල පල විපාක දැනගෙන 1ක් 2නෙක් හරි ගොඩයන්නැතෑ?

අරූ කියන විදියට බෞද්දයොයි කතොලිකයොයි එලුවො අරන් ඉන්න එක අඩුවෙන්නෙවත් නැතෑ?

මම කිව්වෙ මේක... මේක නාට්‍යයක් වෙන්න පුලුවන්,

තව එකෙක් දෙන්නෙක්ගෙ හරි මොලේ පෑදේනනැතෑ!

Anonymous said...

දකින හැම දේම හාස්‍ය රසයෙන් දකින අය ඉන්නේ බොහොම ටිකයි. ඇත්තටම මේක කියවනකොට හිතෙන්නෙ මර්වින් කරපු හොඳ වැඩ ඔක්කොම හෙලා දැකල වගේ. හැබැයි ඉතින් කුඩු කාරයෝ රකින ජනාධිපති මල්ලිලා ආරක්ෂක ලේකම් අයියල ගැනත් ලිව්වනන් සුපිරි.