![]() |
ලෝකල් චන්ඩියෙකුගේ නරිවාදම් රෙද්දපල්ලෙන් බේරීම.. |
මහින්දානන්ද ඇතුලු ක්‍රිකට් මාෆියාව ඉන්දියානු අයි.පී.එල් තරඟාවලියේ සල්ලි කන්ද දැක අපටත් එවන් ඉල්ලමක් තනාගත්තොත් කොච්චර සෝක්දැයි සිතා වහ වහා සිරිලන්කන් ප්‍රෙමියර්ලීග් තරඟාවලියක් අටවාගත්තේය. ක්‍රිකට් ලෝකයේ සල්ලි මවන යන්තරේ තියෙන්නේ ඉන්දියාව අතයි. බ්ලියන ගණනක ක්‍රිකට් ලෝලීන් හා ප්‍රචාරණ අවස්ථා පිපාසයෙන් සිටින දැවැන්ත ඉන්දියන් සමාගම් ක්‍රිකට් ලෝකය සල්ලිවලින් උතුරා යවයි. මේ සල්ලි කන්දෙන් කොටහක් හෝ කඩාගන්නට නම් ජනප්‍රිය ඉන්දියානු ක්‍රීඩකයි කිහිපදෙනෙකු හෝ තරඟාවලියට අද්දාගත යුතුය. එහෙත් ඉන්දියාවේදි මදිපුංචිකම් වුනා යයි පවසමින් ඉන්දියාවට පාඩමක් උගන්වන්නට ඉන්දීය ප්‍රෙමියර් ලීග් තරඟාවලිය කඩාකප්පල් කිරීමේ ජඩ චේතනාවෙන් ක්‍රීඩකයින් ගිවිසුම් කාලයට පිටින් ආපසු ගෙන්වීමේ වෑයමක් ක්‍රියාත්මක කලේ දේශීය චන්ඩියෙකු වුනු මහින්දානන්දගේ මෝඩ උපදෙස් මතයි. ලංකාවේ ව්‍යාපාරිකයින් හා ආයතන බියගැන්වීමට යොදාගන්නා චන්ඩිපාට් ඉන්දියාවේද ක්‍රියාත්මක කලහැකියයි යන මෝඩ උපකළ්පණය මත ක්‍රියාත්මක ඒ වෑයම පරාජය වූයේ ලෝක ක්‍රිකට් කවුසිලය අනුමතකල තරඟාවලියක ගිවිසුම් කැඩීමෙන් ලංකාවේ ක්‍රිකට් අනාගතය විනාශවනු ඇතැයි ඉන්දියානුවන් හා අයි.සී.සී කල අනතුරු අඟවීම් වලින් පසුවය.
මහින්දානන්දලාගේ අනුවනකම් කොතරම්ද යන්න ඉන්දියාවේ ක්‍රීඩකයින් යොදාගෙන ශ්‍රි ලාන්කික ප්‍රෙමියර්ලීග් තරඟාවලියක් දියත්කරන්නට පිඹුරුපත් සකසමින් සිටිද්දීම රජතුමා සැනසීමට හා ඉන්දියාවට ගියවිට නිතරම රිදෙන එතුමාගේ සිත හැදීමට ඉන්දියන් ක්‍රිකට් ආයතනය කෝපගන්වන ක්‍රියාවක් සිදුකිරීමෙන් පෙනීයයි. දැන් මහින්දානන්දලාගේ නිවට ක්‍රියාවල ප්‍රතිපල ලැබී තිබේ. සිරිලංකා ප්‍රෙමියර්ලීග් තරඟයට ඉන්දියන් ක්‍රීඩකයින් නොලැබෙන අතර ඉන්දියන් ක්‍රීඩකයින් නොමැතිව ඉන්දියන් අනුග්‍රහයකයින් මෙන්ම ඉන්දියන් කේබල් නාලිකාවලට විකාශණ අයිතීන් විකිණීමේ හැකියාවද අහිමිවී ඇත. හිමාල කන්ද මෙන් සල්ලි කඳු මහින්දානන්දලාට පෙනි පෙනී ගිලීගොස් ඇත.
නිතරම ගේම ඉල්ලන ගමේ චන්ඩින් හට ගේම ලැබී තිබේ. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවුලේ බූදලයක් වූවාට ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය අගමැතිගේ හෝ ක්‍රීඩා ඇමතිගේ බූදලයක් නොවේ. මේ නිසා මහින්දානන්ද ගේ ටැලිෆෝන් කෝල්වලින් වැඩක් නැත. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ හැටි එහෙමය. ඔවුනට අවනත නොවන්නවුන්හට පාඩම් ඉගැන්වීමේ සාර්ථක ක්‍රියාදාමයක් බී.සී.සී.අයි ආයතනය සතුව පවතී. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ආශීර්වාදය නොමැතිව ඉන්දීය ක්‍රිකට් ලීගය (Indian Cricket League) නැමති ආයතනය ආරම්භ කිරීමට දායක වුනු අසහාය ඉන්දීය ක්‍රිකට් තරුව වන කපිල් දේව්, බී.සී.සී.අයි ආයතනය කුණු මුල්ලට විසි කර දැමුවේ වගේ වගක් නැති ගානටය. කපිල් දේව් යනු 1983දී ඉන්දියාවට ලෝක කුසලානය ලබාදුන් නායකයායි. එහෙත් මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී පවා කපිල් දේව් හට තරඟ නැරඹීමට නිළ ආරාධනාපතක් හෝ යැවීමට බී.සී.සී.අයි එක කාරුණික නොවූයේ කපිල් ඔවුන් හට පිටුපෑම නිසාය. එහෙව් එකේ රජපස ඉඳුල් ලෙවන මහින්දානන්ද බී.සී.සී අයි එකට වැදගැම්මකට නැති කණ්නාඩි දාගත් කළු කබ්බෙක් පමණකි.
මහින්දානන්දලාගේ මෝඩ කම් එතකින් නිමා නොවෙයි. ආරංචීයේ හැටියට ශ්‍රී ලන්කන් ප්‍රෙමියර් ලීග් ඇටවුම තුල ඉන්දීය අයි.පී.එල් හි නිර්මාතෲ ලලිත් මෝඩි මහතා සිටී. ලලිත් මෝඩි දැන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට වහ කදුරුවී ඇති අතර ඔහුම ආරම්භ කොට ප්‍රචලිත කල අයි.පී.එල් අධ්යකශක මණ්ඩලයෙන්ද පන්නා දමා තිබේ. ලලිත් මෝඩි බ්‍රිතාන්‍යයේ සැඟවී සිටිමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිර්දය ලෙස විවේචනය කරයි, එහි කුණු කන්දල් අවුස්සමින් බී.සී.සී.අයි ලොක්කන් ලැජ්ජාවට පත්කරයි. තමන්ගේ පරම හතුරෙකු වී සිටින ලලිත් මෝඩි ගෑවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලීගයට පයිසයක උදව්වක් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කැමතිවේ යයි සිතන්නේ මහින්දානන්ද වැනි දෙගාත් වෘශභයින් පමනකි. වැඩේ ගල් වී ඇති බව තේරුම්ගෙන ඇති මහින්දානන්ද නරිතෙමේට දැන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් හා ඉන්දීය අනුග්‍රාහකයින් ඕනෑ නැත. උන් දැන් තිත්ත මිදි වන අතර ඉන්දියන් කාරයින් නැතුව ක්‍රිකට් ලීග් තරඟාවලි පවත්වන හැටි අයි.සී.සී යට හා බී.සී.සී.අයි එකට උගන්වන්නට මහින්දානන්ද දැන් සරම කැහැපොට ගහගෙන දඟලයි. එහෙන් මෙහෙන් ඇහිඳගත්, market එකක් නැති දෙවන පෙල හා තුන්වන පෙල විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමහ මේ ක්‍රිකට් ගිරග්ග සමජ්ජය පැවැත්වෙනු ඇත. කිහිප දෙනෙකු පෝසත් වී ක්‍රිකට් ආයතනය තවත් දුප්පත් වෙනු ඇති අතර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙනු ඇත.