Wednesday, April 13, 2011

ශී‍්‍ර ලංකා ආර්ථිකයේ ස්වර්ණමය යුගයට අප ලංව සිටිනවා. - ජනපති

විදේශීය බලවේග හා ත‍්‍රස්තවාදයේ බලපෑම් නිසා මතුව තිබු අදුරු යුගය නිමා කරමින් ශී‍්‍ර ලාංකික ආර්ථිකයේ ස්වර්ණමය යුගයකට අප පැමිණ සිටින බවත් මෙම දැවැන්ත වැඩපිළිවෙල ජයග‍්‍රහණය කරවීමේදී සමස්ත ජනතාව ලබාදුන් සහය හා කැපවීම මහත් සේ අගය කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේ අද (11) පෙරවරුවේ ශී‍්‍ර ලංකා මහ බැංකු පරිශ‍්‍රයේ දී 2010 වසර සඳහා මහ බැංකු වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි. http://lankaelink.com/sinhala/news/4239/
ජනාදිපතිතුමා කියන කතාව ඇත්තකි. අපි දැන් ස්වර්ණමය යුගයට ඔන්න මෙන්න කියා ඇත. ඊලඟ වංගුවෙන් පස්සේ ස්වර්ණමය යුගය එළඹෙනු ඇත. ලිබියාවටත් මේ මෑතක් වන තුරු ස්වර්ණමය යුගයක් තිබුණේය. අල් කයිඩා කාරයෝ ඇමරිකන්, යුරෝපියන් කාරයෝ එක්ක එකතුවෙලා කුමණ්ට්‍රණයක් කරලා ඒක අප්සෙට් කරේ නැත්නම් ගඩාෆිගේ සෙක්සි රුසියන් බොඩිගාඩ් ගෑණු සෙට් එකදිහා බලාගෙන සුවසේ ස්වයංවින්දනය කරමින් ප්‍රීතියෙන් ඉන්නට ලිබියානු හුදීජනයාට පුලුවන්කම තිබුණි.

මෙහෙත් එහෙම නොවැ.

රුසියන් බඩු සෙට් එක වෙනුවට මෙහේ විරවංස, චම්පක, දත් ඩොස්තර, ඩේසබන්දු සාස්තර සුමනදාස, ජැක්සන්තුමා වැනි මෙකී නොකී දේසප්‍රේමී සෙට් එක සිටින්නේය. මේ කට්ටිය කියන කතා අහගෙන හිටියාම කලිසම පැත්තේවත් අත නොයවා ඉබේම වින්දනය ලැබෙන්නේය. 

ජනතාවට වින්දනය දෙන ගමන් උන්නැහේලා එතුමාව ආරක්සා කොරති, ගඩාෆිගේ රුසියන් කෙලිගාඩ්ලා කරනවා වගේ දේසීය සතුරන්ගෙන් නොව මෙම සෙට් එක එතුමාව ආරක්සාකරන්නේ විදේසීය බලවේග වලින්ය.

ඒ නිසා තමයි එතුමා එතුමාගේ "දේසනයේදී" කියලා තියෙන්නේ " විදේශීය බලවේග හා ත‍්‍රස්තවාදයේ බලපෑම් නිසා මතුව තිබු අදුරු යුගය නිමා කරමින්..........."   කියලා. විදේසීය බලවේග මට්ටු කරලා පඹයෝ පුච්චලා, මොලේ තියෙන හැම එකාම යන්න එපා කියද්දීත් රාජ්‍ය නායකයාව නොවැදගත් වැඩවලට රටපටවලා මුන්නැහේලා විදේසීය බලවේගවලට හොඳ චැලෙන්ජ් එකක් දෙනවාය. ඒනිසාම දැන් අපේ රට ස්වර්ණමය ලෙවල් එකකට කිට්ටුකරමින් ඇත.

ලිබියාවේ කචල් එක හා මැදපෙරදිග තෙල් රටවල්වල අස්ථාවරභාවය නිසා අමාරුවෙන් ගෙඩදාගෙන යන තමුන්ගේ ආර්ථිකයන් ආයෙත් කඩාවැටේයයි බියෙන් ඇමෙරිකාවේ, යුරෝපයේ හා සුනාමිය නිසා තවත් බිමට වැටුනු ජපානයේ මුදල් ඇමතිවරු, ආණ්ඩුවල ලොක්කෝ, මහ බැංකු අධිපතිලා රෑ නිදිවරාගෙන කල්පණාකරද්දී, නියපොතු කත්දී, රට ගොඩදාගැනීමේ ඉකොනොමික් ස්ට්‍රැටජි ගැන දිවා රෑ මොලේ වෙහෙසත්දී අපේ මහබැංකු අධිපතියා කියන්නේ 8% වර්ධනයක් ලැබූ බවය. භාණ්ඩාගාර ලේකම් තවත් ලුණු ඇඹුල් එක්කරමින් කියන්නේ මෙහෙමය.... 
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා අදහස් දක්වමින් ලොව ඉහළ ආර්ථික වර්ධනයක් අත් පත් කරගත් රටවල් අතරට ශී‍්‍ර ලංකාව ඇතුළත් වී ඇති බව පැවසීය.  1978 න් පසු මේ රට තුළ කි‍්‍රයාත්මක වූ ප‍්‍රතිපත්ති වෙනුවට විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් ලෙස 2005 සිට කි‍්‍රයාත්මක වන මහින්ද චින්තන අළුත් ශ‍්‍රි ලංකාවක් ප‍්‍රත්පත්තිය තුළ සෑම අංශයකම දියුණුවක් ඇති වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
මේ විධියට බලාගෙන යනකොට ඇමරිකාවේ, යුරෝපයේ ජපානයේ ආර්ථිකය්න් කඩාවැටෙද්දී, කොරියන් කාරයෝ අමාරුවෙන් යද්දී, චීනා ඇමෙරිකාවට වැටුනොත් අපි ඉවරයි කියලා පණබයේ ඇමරිකාව ණය දෙද්දී ආතල් සංවර්ධනයක් අත්කරගත් එකම රට ලංකාවය. ඒ මහින්ද චින්තනය නැමති සුපිරි ස්ට්‍රැටෙජියට පිංසිදුවෙන්නටය. ත්‍රස්තවාදයෙන් ජගන්නට, විදෙස් බලවේගවලට නස්පුක් වෙන්නට දෙන්නට, ආර්තිකේ ගොඩදාන්නට ඔය හැම එකටම අද්දුටු ස්ට්‍රැටෙජිය මහින්ද චින්තනයයි.

ඒ අනුව මුලු ලෝකෙම අපේ මුදල් ඇමති ජනාදිපතිතුමාගෙන්, ලේකම් පී.බී. ගෙන් හා බැංකු අධිපති කබ්බ්‍රාල් ගෙන් උපදෙස් ගත් යුතුය. එහෙම නොගන්නේ ඊරිසියාවට මිසක් වෙන මොන කෙහෙම්මලකටද?

ඒ විතරක් නෙමේය, ලෝකයට අපි තවත් වැදගත් ආදර්සයක් දී ඇත. එනම් මහබැංකු වාර්තාව එලිදක්වන විට උස්සවයක් පවත්වා මළ ගෙයක් මගුල් ගෙයක්, පොත් බෙදාදීමේ උස්සවයක් වගේ කතා පැවැත්වීමයි.

ලෝකයේ හැම මහබැංකුවක්ම වාර්තා එලිදක්වයි. ඇමරිකාවේ මහ බැංකු අධිපති එනම් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපතිගේ එක වචනයක් පවා ලෝකයේම කොටස් වෙලඳපොලවල් උඩ නග්ගවන්නට හෝ බිමවට්ටවන්නට පුලුවන් බව පිලිගත් සත්‍යයකි. එහෙව් බලසම්පන්න මහබැංකු පවා තම වාර්ශිකවාර්තා එලි දැක්වීමේදී විද්වත් සංවාද පවත්වනවා විනා මගුල්ගෙවල් වගේ උස්සව අරගෙන ජනාධිපතිලා ගෙන්වාගෙන කථා පවත්වන්නේ නැත. ඒ උන්ගේ මෝඩකම මිස වෙන මොකක්ද? හරිනම් සතියක් පුරා උස්සව මාලාවක් පවත්වා විදෙස් තානාපතියන්ට හෙම ආරාධනාකොට උන්ගේ බලපුලුවන්කාර කම් පෙන්විය යුතුය.

දැන්වත් මේ මෝඩ, අබල දුබල, ආථිකය කඩාවැටෙන ඇමරිකාව, එන්ගලන්තෙ වගේ රටවල් අපේ රටේ වැඩ කෙරෙන හැටි දිහා බලලා පාඩම් ඉගෙන ගෙන හැදිය යුතුය.

2 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

"සුද්දන්ට එන්න කියමු , අපේ රට බලන්න කියමු , බලාල ඉගෙන ගන්න කියමු අපි .."

බැලුවාම සුනිල් අංකල්ට අනාගත්ය දැකීමේ හැකියාවකුත් තියනව ,:D

කතන්දර Kathandara said...

@buwa,
මේ මොනා කීනවද?

මං සුනිල් පෙරේරාව ජනාධිපතිකමට යෝජනා කලෙත් ඒකයි.

මං පටන් ගත්තු ෆේස් බුක් පේජ් එකට සෑහෙන්න ඡන්ද ආවා.

http://www.facebook.com/topic.php?uid=219679882151&topic=14189#!/group.php?gid=219679882151